ikman

ඔබේ දැන්වීම් වලට දැන් ඉක්මනින් වැඩි ප්‍රතිචාරයක්!

2019 මාර්තු 22: ikman.lk යනු පාරිභෝගිකයන්ගේ රුචිඅරුචිකම් අනුව අර්ථවත් වෙනස්කම් සිදුකිරීම සඳහා නිරන්තරයෙන්ම උත්සාහ කරන වෙබ් අඩවියක්. මෙවර අප ගෙවීම් සම්බන්ධයෙන් එවැනි සුවිශේෂී වෙනසක් කිරීමට කටයුතු කර තිබෙනවා.

ikman.lk හි දැන්වීම් දහස් ගණනක් පළවෙන බවත්, එම දැන්වීම් සඳහා විකුණුම්කරුවන්ට සහ ව්යාපාර වලට ඉහළ ප්රතිචාර ලැබෙන බවත් ඔබ දන්නවා. මීට අමතරව, දැන්වීම් පළකරන්නන්ට අවශ්ය නම්, Top Ad සහ Bump Up වැනි ක්රම භාවිතයෙන් තම දැන්වීම්වලට වැඩි ප්රචාරයක් ලබාගන්නටත් පුළුවන්.

Top Ad සහ Bump Up යනු මොනවාද?

Top Ad යනු සෑම දැන්වීම් පිටුවකම ඉහළින්ම දිස්වෙන දැන්වීමක්. ඒවා වඩාත් විශාල නිසා, ජනප්රියම පිටුවල කැපීපෙනෙන ස්ථානයක දිස්වන නිසා සහ ආකර්ෂණීය කහ පැහැති පසුබිම නිසා එම දැන්වීම් 10 ගුණයක වැඩි අවධානයක් දිනාගන්නවා. මේ ආකාරයේ Top Ad 2 ක් සෑම අවස්ථාවකදීම පිටුවක ඉහළින්ම දැක්වෙන්නේ ඒවා පළකරන දැන්වීම්කරුවන්ට වැඩි ප්රතිඵල ලබාදීමටයි.

Bump Up යනු සෑම දිනකම ඔබේ දැන්වීම් ස්වයංක්රීයව අලුතින් පළකරනවා වැනි ක්රමයක්. මෙමගින් දින 15 ක් දක්වා සෑම දිනකම ඔබේ දැන්වීම අදාළ ලයිස්තුවේ ඉහළටම පැමිණෙනවා. මෙම ක්රමය මගින්, සාමාන්ය දැන්වීමකට වඩා 5 ගුණයක වැඩි අවධානයක් දිනාගැනීමට හැකියි.

දැන් එකවර ගෙවීම් කිරීමෙන් දැන්වීම පළකිරීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකිරීමට පුළුවන්

මෙම නව ක්‍රමය මගින් ඔබට දැන්වීමක් පළකරන අවස්ථාවේදීම Top Ad සහ Bump Up වැනි ක්‍රමයක් තෝරාගැනීමට හැකි වනවා. දැන්වීම නිර්මාණය කරන අවස්ථාවේදී ඔබව ගෙවීම් පිටුව වෙත යොමුවන අතර, එහිදී ඔබගේ දැන්වීම සඳහා භාවිතා කළ හැකි ප්‍රවර්ධන ක්‍රම දක්නට ලැබේවි. තම දැන්වීම් වලට ඉක්මන් ප්‍රතිචාර බලාපොරොත්තු වන කාටත් මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇති බවට සැකයක් නැහැ.

තමන්ගේ අතේ ඇති මුදලට අනුව Top Ads ක්‍රම 3 ක් අතරින් කැමති ක්‍රමයක් තෝරාගැනීමට පුළුවන්. ඒ අනුව දින 3 ක්, 7 ක් හෝ 15 ක් සඳහා දැන්වීම ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබෙනවා.

විකුණුම්කරුවන්ට දැන්වීම පළකිරීම සහ ප්‍රවර්ධන කිරීම සඳහා වෙනවෙනම ගෙවීම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. අන්තර්ජාලය මගින් ගෙවීම් කිරීමේදී ක්ෂණිකව දැන්වීම පළවන අතරම ප්‍රවර්ධන ක්‍රමයත් සක්‍රීය වනවා. වෙනත් ක්‍රමයකින් ගෙවීම් සිදුකිරීමේදී ගෙවීම තහවුරු කිරීමෙන් අනතුරුව දැන්වීම අනුමත වේවි. මේ ක්‍රම දෙකෙන් කුමක් වුවත්, විකිණුම්කරුවන්ට උපරිම ප්‍රතිඵල ලැබෙන බව නිසැකයි.

තවත් බලා ඉන්නේ ඇයි? දැන්ම ඔබට අවශ්‍ය ක්‍රමය තෝරාගන්න!

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close