ලෙඩ රෝගයන්ගෙන් හා වසංගතයන්ගෙන් ගොවිපළ සතුන් හා පශු සම්පත නිදහස්ව තබාගන්න.

ශ‍්‍රි ලංකාවේ ගොවිපළ සතුන් ලෙස හරක්, මී හරක්, එළුවන්, ඌරන් සහ කුකුල් ගණයේ සතුන් වැඩි ප‍්‍රමාණයක් දැකීමට පිළිවන. සතුන් ඇති කරන සමාජය තුල පුර්ණ වශයෙන් පවතින ගැටළුන් අතුරින් පශු සම්පත් මගින් ඝණ බහිශ‍්‍රාවී දුව්‍ය හා ජල දුෂණ වැනි පාරිසරික උවඳුරු බොහොමයක් ඇති කරයි. නිසියාකාර කලමණාකාරිත්වයකින් තොරව සිටියහොත් එමගින් ඔබව ගැටළු බොහොමයකට මැදි කරනු ලබයි. විකිණිමට ඇති ගොවිපල සතුන් මිලදී ගැනීමට පෙර ගොවියන් විසින් ඉතා සුපරික්ෂාකාරිව ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ විපරම් කර බැලිය යුතුය.

ලෙප්ටොස්පයිරෝසියාව
හරකුන්, අශ්වයන්, ඌරන්, සුරතල් සතුන්ට සහ මිනිසුන්ට බැක්ටිරියා ආසාදනයන් ඇතිවිය හැකිය. මෙම රෝග ව්‍යාධිය කෙළින්ම රෝග ධාරකයකින් හෝ පරිසරය මගින්ද වැළදීමට පළිවන. උණුසුම්, තෙත් කාළගුණයකදී වර්ධනය වන අතර කන්නකයා වාහකයා වේ, ලෙප්ටොස්පයිරෝසියාව බැක්ටිරියාව තුවාලයකින්, අධිග‍්‍රහක සංකලන ආහාර වලින් සහ ජල ප‍්‍රභව මගින් ශරීර ගත වීමට පුළුවන. අධිත උණ සහ රත්පැහැව මුත‍්‍ර පිටවිම මෙහි මුලිඛ ලක්ෂණ ලෙස පෙන්නුම් කරයි. මිනිසුන් හට මෙම ආසාදනයේදී හිසේ රුදාව, මස්පිඩු වේදනාව සහ උණ ගතියක් පෙන්නුම් කරයි. ප‍්‍රතිකර්ම නොකර සිටිම මගින් මෙම ව්‍යාදිය අවෘතිදාහය සහ පෙනහළු වලට කාන්දු විය හැකිය. රෝග විනිශ්චය සඳහා පරියේෂණාගාරිකව ලේ සහ මුත‍්‍රා සාම්පල් පරික්ෂා කළ යුතු වනවා. කන්නකය පාලනය කිරිම මගින් රෝග විෂබිජය සිදුවීම නිවාරණය කළ හැකිය. රෝගය බෝ වු පිරිස් වෙන් කර තැබිය යුතු අතර සහ ප‍්‍රතිජිවක අවශ්‍ය ප‍්‍රමාණයෙන් ලබා දෙමින් සාත්තු සප්පායම් කළ යුතු වනවා. නිවාරක එන්නත් විදීමේ වැඩසටහන්ද ඇත.

බෝවයින් බේබිසියෝසිස්
මෙම ආසාදනය ඇතිවන්නේ පරපෝෂිතයා – පීඩිත කිණිතුල්ලා ගවයන්ගේ ආහාරයන වෙත එක් වු විටය. පසුව මෙම පරපෝෂිතයා ලේ වලට එක් වන අතර එමගින් ඉහළ උණ, අඳුරු පැහැයට මුත‍්‍රා පිටවීම, ආහාර අරුචිය සහ විවිධ වර්ගයේ ස්නසාෙවිදි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. එමගින් සමායෝජකයන් අඩුකරන අතර දත් මුවහත් කිරිම සහ ගැස්මක් සහිත මස්පිඩු සංචලනය ද අඩුකරයි. තුවාලයද වර්ධනය වෙනු ඇත. 2013දී ගවයන් 2945 ආසාදිත තත්වයේ පසු වු අතර එයින් 155 මිය ගියහ. එන්නත් කිරිම ඉතා හොඳින් ආසාදිතයේ අවදානමත්, රෝග ලක්ෂණයන් සහ මරණ අවම කරන ලදී.

කූචදාහය
ශ‍්‍රි ලංකාව තුල කිරි නිෂ්පාදන කර්මාන්ත ක‍්‍රමයෙන් ඉහළ යනවාත් සම`ගම කූචදාහය ව්‍යාප්තවීම එය පසුපසට ඇඳ දෑමන ලදී. මෙම ආසාදිත තත්වය ඇතිවන්නේ විවිධ වර්ගයේ බැක්ටිරියා තනපුඩු වලට ඇතුල් වීම මගිනි. එවිට හරක් තඩිස්සිවීම, උෂ්නාධිකවීම, රත්පැහවීම, දැඩිබව සහ අපහසුතාවය තනපුඩු වල පෙන්නුම් කරයි. සකලංක කිරි විකිණිමට හෝ භාවිතාව සඳහා සුදුසු නොවේ. ආසාදනය මැඩපැවැත්වීම සඳහා සනිපාරක්ෂණ ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක කළ යුතු වනවා. අත් හොඳින් සේදීම සහ කිරි දොවන උපකරණ හොඳින් පිරිසිදු කර තබා ගැනිම අත්‍යාවශ්‍ය වේ. තනපුඩු අයඩින් වල ගිල්විම මගින් හෝ ඉසිම මගින් නිරිදේශක විසඳුම වන අතර කිරි දෙවිමට ප‍්‍රථම පිසදෑමීම මගින්ද බැක්ටිරියා ඉවත් කළ හැකිය. තනපුඩු, උපකරණ සහ අත් කිරිදෙවිමට ප‍්‍රථම පිරිසිදුව තිබිම අත්‍යාවශ්‍ය වෙනවා. 2013 වර්ෂයේදී ගොව්යන් විසින් 12,904 ආසාදනයක් රට පුරාම පෙන්නුම් කර තිබේ. රජයේ පශූ වෛද්‍යවරුන් විසින් මුදල් අයකිරිමකින් තොරව ප‍්‍රතිකාර්මය ලෙස තනපුඩු අභ්‍යන්තර ආසේවනය ලබා දෙයි.

ස්පර්ෂයෙන් බෝ වන බිබිලි වැනි චර්මරෝග
මුුලිකවම මෙම ආසාදන තත්වය එළුවන් සහ බැටළුවන්, බල්ලන්, ගවයන්, අශ්වයන් සහ අනෙකුත් ගොවිපළ සතුන් සඳාහා ආසාදනය විය හැකිය. පැරාපොක්ස්වෛරසය මෙම ආසාදන තත්වයට හේතුව වන අතර කෙළින්ම තුවාලයක් මගින් ව්‍යාප්ත විය හැකිය. මෙම වෛරසය සමේ විවෘත ඇති කුහරයකින් හෝ මුඛය තුලින්ද පැතිරීම සිදු විය හැකිය. කළාතුරකින් තුවාල කකුලෙහිද ඇති විය හැකිය. සතියක් හෝ සති හතරක කාළයක ශරිරයේ මොනයම් ස්ථානයක හෝ ඇති තුවාලයක් බොෝවිට බෙහෙත් රහිතව සුව විය යුතුය. කෙසේවෙතත් පශුවෛද්‍යවරුන් දෙවැනි ආසාදිත තත්වයන් වෙනුවෙන් ප‍්‍රතිජිවක ඖෂධ ලබා දෙනු ඇත. හුදකලා ක‍්‍රියාමර්ගයක් මගින් හොඳීන් රැුක බලා ගැනිම සිදු කළ හැකි අතර අත් සේදීම මගින් රෝගය පැතිර යාම වළක්වා ගැනිමට හැකිවේ. 2013දී අවස්ථාවන් 2061 වර්ථා වී ඇති අතර ඉන් 38 මිය යන ලදී. රෝග නිවාරණ එන්නත් ක‍්‍රමද ඇත.

මුඛ සහ දෙපා ආසාදනස
විශේෂ ස්තුතියක් එන්නත් වැඩසටහනට පිරිනමන අතර එයින් මෙම ආසාදනය මැඩලීමට සමත්ව තිබේ. ඇප්තෝස් වෛරසය මෙම ආසාදනයට හේතු සාදක වන අතර කුරය බේදි ඇති සියලූ සත්ව කොට්ඨාශයන් සඳහා මෙම ආසාදිත තත්වය බලපායි. සංස්පර්ෂක රෝගි තත්වය ආශ්වාස කිරිම මගින්, කෙළ සොටු මගින්, කිරි මගින් පැතිරීම සිදුවේ. මිනිසුන් අතර මේ ආසාදිත තත්වය පැතිර යා හැකිය. මෙම මුඛ හා දෙපා ලක්ෂණයක් සම්බන්ධයෙන් නහසයේ, තොල් වල සහ දිවෙහි, තනපුඩු වල හෝ ඇ`ගිලි වල කුඩා බිබිලි වැනි තුවාල පෙන්නුම් කළ හැකිය. මෙම බිබිලි පැලී මහත් වේදනාත්මක් ඇරුණු තුවාලයක් හට ගැනිමට පිළිවන. මෙම තත්වය ආසාදිත වු සතුන් අධික ලෙස කෙළ පිට කරන අතර හෝ එක් කකුලකින් අනික් කකුලට බර වෙමින් සිටියි. හිරිහැරයට ආසාදිතයන් විනාශ කිරිම සහ පලූස්සා දමන ලබනවා. 2013 දී අවස්ථාවන් 347 වාර්ථා වී තිබේ.

පක්ෂි වසංගතය
මෙම ආසාදිත තත්වයට බලපානු ලබන වෛරසය ඇරුණු තුවාලයක් මගින් හෝ කෘමියෙකු සපා කෑම මගින් ශරීර ගත වීමට හැකිය. ආසාදනය වු ස්ථානය ඉදිමි, කබොලක් සහිත තුවාලයක් ඇති වන අතර එය මුඛයට හා උගුරටද පැතිරි යා හැකිය. මෙහි බහුතර අවස්ථාවන්හිදි ඖෂද නොමැතිවම උණ ගතිය පහව යයි. පක්ෂින් තුල බැක්ටිරියා ආසාදනය වර්ධනය විය හැකි අතර ඒ සඳහා ප‍්‍රතිකාර කළ යුතු වේ. මෙම සිදුවිම පාලනය කර ගැනිම සඳහා පක්ෂින් අවුරුදු දෙකකට තුනකට වරක් එන්නත් කළ යුතු වේ. 2013 වර්ෂයේදී පක්ෂි ගොවින් විසින් අවස්ථාවන් 16,745 වර්ථා කර ඇති අතර ඉන් 681 මිය ගොස් ඇත.

ගම්බ්‍රෝ ආසාදිතය
මෙම ආසාදන වෛරසය සාමාන්‍යයෙන් සති තුනකට හෝ ඊට වැඩි කුකුල් පැටවුන් සඳහා වැළදේ. ආසාදිත පක්ෂින් සුලභව අතීසාරය ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම ආසාදිත තත්වය වර්ධනය වීමත් සම`ග පක්ෂින්ගේ ආහාර අරුචිය වර්ධනය වන අතර සහ ඔළුවේ සහ බෙල්ල අශ‍්‍රිත ප‍්‍රදේශයේ පිහාටු අවුල් ස්භාවයක් ගෙන දෙයි. ඇතුලතින් ලේ වහනය සහ ප‍්‍රතිශක්ති නිර්වාණය සිදුවෙනවා. පක්ෂින් සඳහා මෙම ආසාදිත තත්වය දුෂීත අපද්‍රව්‍ය, ආහාර සහ ජල මගින් සිදු විය හැකිය. 2013දී මෙම වෛරසය පක්ෂින් 165,699 ආසාදිතව ඇති අතර ඉන් අවස්ථාවන් 4639ක මරණ වර්ථා වී ඇත. එමෙන්ම එන්නත් කිරිම මගින් ආසාදිත තත්වය වළක්වා ගත හැකි වෙනවා. ගොව්න් විසින් ගෘහස්ථ සුන්බුන් සංක‍්‍රමික ව්ශේෂක සම`ග එක්විම නිෂේධනය කර තැබිය යුතු වනවා. ආසාදිත පක්ෂින් සාමාන්‍ය පක්ෂින්ගෙන් ඉවත් කර තැබිය යුතුය.

සැල්මෝනිසිස්
සැල්මෝනියෙල්ලා පැතිර යාමේ ක‍්‍රියාවලියට පක්ෂින් අතර බැක්ටිරියා උපකාරි වන අතර එය මිනිසුන්ටද බලපානු ලැබේ. සත්ව පාලකයා පක්ෂියාව පරික්ෂා කළ යුතු අතර සහ ජෛව සුරක්ෂිත ක‍්‍රමයන් වර්ථමාන නිවාරණ ක‍්‍රියාමාර්ග සඳහා අවශ්‍ය කරයි. ගොවින්ද එන්නත් වැඩසටහන් සඳහා සහාභාගි විය යුතුය. සෞඛය සම්පන්න පක්ෂීන්ට පමණක් අළුත් එන්නත් ලැබේනු ඇත. ආසාදිත පක්ෂින් විගස ඉවත් කළ යුතු අතර විනාශ කළ යුතුද වෙනවා. 2013 වර්ෂයේදී 41,285 ආසාදිත තත්වයේ ඇති බව පරික්ෂණ වලින් තහවුරු වි ඇත.

නිව්කැසල් ආසාදිතය
මෙම ආසාදිත තත්වය සියලූම විශේෂයන්ගේ පක්ෂින් සඳහා බලපාන නමුදු මුලික අවධාන ගෘහස්ථ කුක-ලූ පැටවුන් ගහනය සඳහා යොමු වේ. පක්ෂින්ට මෙම ආසාදනය ශ්වසනය මගින් වැළදෙන අතර අධිග‍්‍රහන දුෂික ආහාර සහ ජලය මගින් හෝ මෙම ආසාදිත තත්වය ඇති උපකරණ, මිනිසුන් හෝ පක්ෂින් සම`ග සම්බන්ධ විමේන්ද රෝගි තත්වය ඇති වේ. අළුත බිහිවන පැටවුන් ආසිදිත බිත්තර කටු මගින් රෝගී තත්වය වැළදිය හැකිය. ආසාදිතයේ ලක්ෂණ සාමාන්‍යයෙන් ශ්වසන පද්ධතිය හා සම්බන්ධ අතර කැස්ස සහ අමාරුවෙන් හුස්ම ගැනිම වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. එමගින් සතුන්ගේ උනන්දුව අඩු කරන අතර ආහාර අරුචිය වැඩි වන නමුත් තිබහා වැඩි වන බවක් පෙන්නුම් කරයි. රෝග වර්ධනයත් සම`ග ස්නායු පද්ධතියත මේ සම`ග සම්බන්ධ වන අතර එමගින් ගැස්මක් ඇති කරන මොළයේ ආබාධ සංචලන්, කකුල් හෝ ඔළුවේ අංශබාග තත්වයන් ඇති විය හැකිය. හදිසි මරණයන්ද මෙයින් සිදුවිය හකිය. නිසියාකාර රෝග නිරිණායකයක් මගින් සියලූ රෝග විනිශ්චයන් සොයා ගැනිමට හැකි වේ. ඇගයීම සඳහා පශුවෛද්‍යවරුන් පක්ෂින්ගේ පශ්චාත් මරණ පරික්ෂණයන්ද සිදු කරයි. නිර්වාණය සඳහා ගෘහස්ථ පකෂින් කැළෑ පක්ෂින්ගෙන් වෙන්ව තැබිය යුතු අතර සෞඛ්‍යමත් පක්ෂින් සඳහා එන්නත් කිරිමද සිදු කළ යුතුය. පැතිරියාම වැළැක්වීම සඳහා ගොවියන් විසින් සනීපාරාක්ෂක ක‍්‍රමවේදයන් දැඩිව අනුගමනය කළ යුතුය. 2013 වර්ෂයේදී පක්ෂින් 6,700 ආසාදිතව ඇති බව වර්ථා වන ලදී.