ikman

විකුණන්න Urgent නම් දාන්න ikman!

හදිසි මුදල් අවශ්‍යතාවක් හෝ වෙනත් හේතුවක් නිසා යමක් ඉක්මනින් විකුණාගැනීමට අවශ්‍ය වූ විට එය කෙනෙකුගේ සිතට විශාල පීඩනයක් හා ආතතියක් ඇතිකරන දෙයක් වීමට පුළුවන්. එවැනි අයට සිතේ සහනය උදාකර දෙන්නට ikman.lk මේ වනවිට Urgent promotion නම් විශේෂ ප්‍රවර්ධන ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

මෙය කෙනෙකුට ඉක්මනින් අලෙවි කරගැනීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන්ම හඳුන්වා දෙන ලද්දක්. එහිදී අදාළ දැන්වීම මත රතු පැහැ සලකුණක් සටහන් වෙන නිසා ගැනුම්කරුවන්ට එය පහසුවෙන් හඳුනාගැනීමට පුළුවන්.

බැනරය දිස්වන ආකාරය

Top Ad, Bump Up සහ Urgent ප්‍රවර්ධන ක්‍රම අතර වෙනස

Top Ad ප්‍රවර්ධන ක්‍රමය මගින් දැන්වීම නරඹනු ලබන වාර ගණන වැඩි කරනවා. Bump Up යනු දැන්වීමට ලැබෙන ප්‍රතිචාර වැඩි කරවීමට සමත් ක්‍රමයක්. Urgent ක්‍රමය ක්‍රියා කරන්නේ හදිසිය හඟවන සංඥාවක් ලෙසයි. එය ඉක්මන් ගනුදෙනුවක් සොයන අය ආකර්ෂණය කරගැනීමට උපකාරී වනවා.

දැන්වීම් පළකරන්නන්ට අවසන් අදියරේදී මෙම තෝරාගැනීම් හිමිවේවි

මෙමගින් භාණ්ඩ මිලදීගැනීමට සැබැවින්ම උනන්දුවක් දක්වන්නන්ගෙන් ඔබට ලැබෙන ඇමතුම් වැඩි වේවි. මෙය දැන්වීමේ කාර්යක්ෂමතාව වැඩි කරන පියවරක්. ඒ වගේම, අලෙවිය තවත් වේගවත් කරගැනීම සඳහා Urgent ප්‍රවර්ධන ක්‍රමය සමග Top Ad හෝ Bump Up ප්‍රවර්ධන ක්‍රමත් භාවිතා කිරීමට අවස්ථාව තිබෙනවා.


ඒ වගේම වෙනත් ප්‍රවර්ධන ක්‍රම නොමැතිව Urgent ක්‍රමය පමණක් වුවත් භාවිතා කිරීමට පුළුවන්. එහෙත් වෙනත් ක්‍රම සමග එක්ව භාවිතා කරන විට ඉන් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබීමට ඇති ඉඩකඩ ඉහළයි.

Urgent ප්‍රවර්ධන ක්‍රමය කා වෙනුවෙන්ද?

දේපළ, පාරිභෝගික භාණ්ඩ හා සේවා ඇතුළු ඕනෑම දෙයක් අලෙවි කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට Urgent ප්‍රවර්ධන ක්‍රමය භාවිතා කිරීමට පුළුවන්. මෙය සහනදායී ක්‍රමයක් නිසා සාමාන්‍යයෙන් මිලෙන් අඩු සහ වට්ටම් සහිත භාණ්ඩ වලට පවා මෙය භාවිතා කළ හැකියි. මෙහි මූලික ඉලක්කය වන්නේ ඉක්මන් ගනුදෙනුවක් සොයන ගැනුම්කරුවන් ආකර්ෂණය කරගැනීමයි.

දැනට, හඳුන්වා දීමේ දීමනාවක් ලෙස ඉතාම සහනදායී මිලකට Urgent ප්‍රවර්ධන ක්‍රමය ලබාගන්නට පුළුවන්. මේ යටතේ දින 3 ක් සඳහා රු. 300 තරම් අඩු මිලකට මෙය ලබාගත හැකියි. ඊට අමතරව දින 7 ක් සඳහා රු. 400 ක් සහ දින 15 ක් සඳහා රු. 500 ක් වශයෙන් ප්‍රවර්ධන ගාස්තු අයකෙරෙනවා.

දැන්වීම් පළකරන්නන්ට අවසන් අදියරේදී මෙම තෝරාගැනීම් හිමිවේවි

දැනට අන්තර්ජාලය ඔස්සේ පළකරනු ලබන දැන්වීම් සඳහා මෙම ක්‍රමය ක්ෂණිකව ලබාගැනීමට පුළුවන්. ඉක්මනින්ම ජංගම දුරකථන භාවිතා කරන්නන්ටත් මෙය ලබාදීමට සැලසුම් කර තිබෙනවා. පාරිභෝගිකයන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව අපගේ විශේෂාංග භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීම සඳහා අපගේ තාක්ෂණික කණ්ඩායම ඉමහත් කැපවීමෙන් කටයුතු කරමින් සිටිනවා.

Ikman.lk භාවිතා කරන්නන්ට මෙම ප්‍රවර්ධන ක්‍රමය භාවිතා කළ දැන්වීම් මෙලෙස දිස්වේවි


Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close