ශි‍්‍ර ලංකාවේ ජනප‍්‍රිය සංගීත උපකරණයන්

මුල් කාළයේදී සිලෝන් ලෙසත් ප‍්‍රසිද්ධව තිබු ශ‍්‍රි ලංකාව නිවර්තන කලාපීය ඉන්දියන් සාගරයේ දකුණු දෙසට වන්නට පිහිටි රටක් වන අතරම බොහෝ කාළයක් සිට වෙළදාමේ සහ සංචාරකයින්ගේ පරාදිසියක් ලෙසද ශ‍්‍රි ලංකාව ප‍්‍රචලිතය. මෙය විශාලත්වයෙන් තරමක් කුඩා වුවද අනාදිමත් කාළයක සිට විවිධ නාමයන් මේ හා සබැඳිව තිබිණ. එනම් ඉන්දියන් සාගරයේ මුතු ඇටය, බුදුන්ගේ දේශය ලෙස එයින් ප‍්‍රචලිතම නාමයන් වේ. ඊට අමතර වශයෙන් ශ‍්‍රි ලංකාවේ ඇති සුන්දරත්වය නිසාම බොහෝ පිරිස්ගේ ආකර්ශණය ඊට නොමඳව ඇත. මෙහි ඇති සංස්කෘතික විවිධත්වය මවිත කරවන සුළුය. ශ‍්‍රි ලංකාව තුල වු විවිධ සංස්කෘතික පුජාවන් එහි ආකර්ශණය ත්ව්ර කරන අතර බොහෝ සංස්කෘතික ලක්ෂණයන් සඳහා විවිධ සංගිතයන් සහ සංගිත භාණ්ඩයන් උපයෝගී වි ඇත.

ශ‍්‍රි ලංකාව තුල වාදනය වන විවිධ වර්ගයේ සංගීත උපකරණ
විවිධ වර්ගයේ සංගිත උපකරණයන් අතින් වාදනය කිරිම සිදු කරන අතර ඒයින් බෙරය, දවුල සහ ගණ්ඨාව ප‍්‍රධාන වේ. තවද කෝටුවක් මගින් වයන සංගිත උපකරයන් වන තම්මැට්ටම, එසේම බට නලාව වැනි උපකරණයන් ශ‍්‍රි ලංකා සංගිතයන් අතර තවමත් ඉහළින් වැජබේ. මෙම එක් එක් උපකරණයේ අවශ්‍යතා හා අර්ථයන් වෙනස් වන අතර එය ඉන්දියානු සංගීත මෙවලම්වලට සාපේක්ෂව වෙනස් අරථයන් ගෙන ඒම සිදුවන සේම කාළාන්තරයක් පුරාම පරපුරෙන් පරපුරට උරුමය ලෙස රැගෙන එන්නකි.

ශ‍්‍රි ලංකාවේ සංස්කෘතිය හා සබැඳිව පවතින් මෙකී සංගීත උපකරණයන් ශ‍්‍රි ලංකාව තුල පදිංචිය සිටියද නොසිටියද ඔබ සතු වීම අපුර්ව ක‍්‍රියාවකි. මේවා වාදනය කිරිම සඳහා ඉගෙන ගැනීම ඉතාමත්ම පහසුය. එකිනෙක මෙවලම මගින් මවන සුවිශේෂි නාදරටාවන් තේරුම් ගැනිම පමණක් ඇති අතර එවැනි සෑම මෙවලමක් මගින්ම එයටම සුවිශේෂි වු නාදයක් සහිත වේ.

ශ‍්‍රි ලංකිය සංගිතයේ ඉතිහාසය
ශ‍්‍රි ලකාවේ සංගිතයේ අඩිතාලම වනුයේ ස්භාව ධර්මයේ වන නාද රටාවන්ය. ශ‍්‍රි ලංකාවේ ඒකතාන නාද රටාවන්ගේ ඇරඹුම වනුයේ කුරුල්ලන්ගේ සහ අනෙකුත් වන සතුන්ගේ හඩවල් අනුකරණය කිරිමෙනි. නිදසුනක් ලෙෂ උතුරු ඉන්දියානු සංගිතයේ ස්වරයන් වන නි-ධ-ප-ම-ග-රි සහ ෂ යන ස්වරයන් නිර්මිතව ඇත්තේ පිළිවෙලින් අලීන්-අශ්වන්-කොවුලන්-ටරන්-එළුවා-ගවයා සහ මොණරා ගෙන්ය. සංගිතය යනු විනෝදාස්වාදය සඳහාම නිර්මිත දෙයක් පමණක් නොවේ. එය එදිනෙදා ජිවිතයේ අංගයක් බවටද පත්ව තිබේ. නිදසුනක් ලෙස වගා බෝගයන් ආරක්ෂාකිරිමේ ක‍්‍රියාවලියේදී ගොවීන් විසින් තම කාන්සිය හා මහන්සිය ම`ගහරවා ගැනීම සඳහා ගායනා කරන පැල් කවි සැළකිය හැකිය.

ශ‍්‍රි ලංකාව තුල වඩා ප‍්‍රචලිත සංගිත භාණ්ඩයන්

ගැට බෙරය
මෙම බෙරයේ වම් පැත්ත ගව හමකින් සදා ඇති අතර එහි දකුණු පස වඳුරු හමකින් සදා නිමකර ඇත. එම නිසා එයින් වෙනස් වු ශබ්ද ආකාරයන් බිහිවන අතර ගැට බෙරය බොහෝ විට යොදා ගනුයේ උත්සව අවස්ථාවයන් සඳහාය. මෙය උත්සව අවස්ථාවන් වලදී අතින් වාදනය කිරිම සිදු කරයි.

හොරණෑව
ශ‍්‍රි ලංකාවේ තූර්්‍යා වාදන අතර මුලීක තැනක් ගන්නා හොරණෑව බොහෝ අය ඉතා හොඳන් දන්නා සංගිත භාණ්ඩයකි. මෙ ඇතුන්ගේ දළ වලින් නිර්මිත ඇති අතර එහි අ`ග පිත්තල අංගයක් සවිකර තිබේ. මෙහි ඇති කුඩා සිදුර මගින් විවිධ නාද රටාවන් මැවීම සිදු කරයි.

තම්මැට්ටම
මුහුණත් දෙකකින් සමන්විත මෙම වාද භාණ්ඩය කිතුල් හෝ ඒ හා ගැලපෙන ඕනෑම ලීයකින් සැදුම්ලත්ය. මෙහි මුහුණත් මත කෝටුවක් ආධාරයෙන් වාදනය කිරිම සිදු කරන අතර සාම්ප‍්‍රදායික බෙරයට සාපේක්ෂව වෙනස් හඩක් මුහුණත් මගින් ජනනය කරයි.

ශ‍්‍රි ලාංකීය බෙර
ආගමික වශයෙන් බෙර මුලික ස්ථානයක් ගනියි. සංගීතය මිනිසුන්ගේ විනෝදාස්වාදය සඳහා උපයෝගී කර ගන්නා ලෙසම දෙවියන් යැදීමට එම සංගිතයම වෙනස් ආකාරයෙන් භාවිතා කිරිම සිදු කරයි. ශ‍්‍රි ලංකාවේ සුවිශේෂි උත්සවයන් වන පෙරහැර වැනි උත්සවයන් හිදී බෙරය මුලීක තැනක් ගනියි. අස්වැනු නෙළන කාළයේදී ගොවියන් විසින් උඩැක්කිය, බුම්මාදි වැනි විවිධ බෙරයන් භාවිතා කරයි. ශි ලංකාවේ බොහෝ ජනශ‍්‍රැතීන් අතරද බෙරය ඉතා ප‍්‍රචලිත භාණ්ඩයකි.

එමෙන්ම ශ‍්‍රි ලංකාව තුල තවත් ජනප‍්‍රිය බෙරයකි උඩැක්කිය. මෙම මෙවලම ආසන්න වශයෙන් අඩියක් පමණ දිග වන අතර වැලි ඔරලෝසුවක හැඩය ගනියි. මෙය වලයන් යනුවෙන් හඳුන්වනු ලබන කෝටුවක් මගින් වාදකය කිරිම සිදු කරයි. මෙහි හඩ එහි මුහුණත සවිවී ඇති නුල් තද කිරිම මගින් වෙනස් කතර ගැනීමද හැකිය.

රබාන ආසන්න වශයෙන් අඩියක පමණ විශ්කම්භයක් වේ. එහි ලී බඳට ඇණ මගින් ඇලූලූ හමකින් නිමවා ඇත. වවිධ නර්ථන අංගයන් සඳහා රබාන භාවිතා කරන අතර විවිධ උත්සව අවස්ථාවන් වලදීද යොදා ගනු ලබයි.
බුම්මාදිය හෙවත් කළබෙරය මැටි වලින් කළයක ආකාරයෙන් සැකසු භාණ්ඩයකි. මෙය ගොවියන් විසින් ගොවිතැන් සිදු කිරිමේදී භාවිතා කරයි. තවද මෙය කළ බෙරය හෝ කළහම් ලෙසද ප‍්‍රචලිතය.

ශ‍්‍රි ලංකාවේ පිඹීන සංගීත භාණ්ඩ
භට නළාව ඉන් ප‍්‍රමුඛ තැනක් ගන්නා අතර එය එක් අගක්වසා නිර්මාණය කර ඇත. එහි එක් පැත්තක ඇති සිදුරු හත මගින් විවිධ නාද මාලාවන් නිපදවයි. බට නළාව සමාන හොරණැව හෝ ක්ලැරිනෙට්ටුව ඇත් දළින් සහ හරක් අ`ගින් නිමවා ඇත. එහි අග කෙළවර තබ වලින් නිර්මිත වේ. මෙහි පිඹින අන්තය කුඩා වන අතර අනෙක් අන්තය විශාල සිදුරකින් සමන්විතය. මෙහි විද ඇති සිදුරු මත වාදනය කරන්නාගේ ඇ`ගිලි තබමින් එහා හඩ වෙනස් කිරිමේ හැකියාව තිබේ. ශ‍්‍රි ලංකාව තුල වන අනෙකුත් පිඹින සංගිත භාණ්ඩයන් වනුයේ කොම්බුව සහ හක්ගෙඩි යයි.

ශ‍්‍රි ලංකාව තුල ඇති තත් සංගිත භාණ්ඩ
රාවණාහත මුලික වයලිනයක් වන අතර එය එළු හමින්, උණ බට සහ පොල් කටු සහ ඔර්ගනික ෆයිබර් තත් වලින් නිර්මිතය. තවද බෝ එකක් මර්ගයෙන් වැයීමට ලක් කල පළමු තත් භාණඩය රාවණාහත බව පිළිගනියි. එමනිසාම එය ලෝකයේ පළමු වයලීනය ලෙසඳ හඳුන්වයි. මෙම සංගීත භාණ්ඩය හනුමාන් විසින් උතුරු ඉන්දියාවට රැුගෙන ගිය බව සඳහන් වන අතර අදත් එය එම ප‍්‍රදේශයන් හී වාදනය කරනු දක්නට ලැබේ. නමවන සියවසේදී ඉන්දියාවේ සිට මෙම භාණ්ඩය බටහිර යුරෝපයටත් මැදපෙර දිගටත් සංක‍්‍රමණය වු අතර එය රාවණාස්ට්‍රොන් ලෙස හඳුන්වයි. එකලොස්වන සියවසින් පසු රාවණාහත විශාල වෙනස්කම් රාශියකට ලක් වු අතර පසුව එය 16 වන සියවසේදී ඉතාලියේ වයලිනය ලෙස බිහිවිය.

ශ‍්‍රි ලංකාවේ සංගිතයේ වර්ධනය
1970 මුල් කාළයේදී ශ‍්‍රි ලංකාවේ සංගිතය විසින් රොක් සංගීතය ලාංකීය ජිවිත වලට ගෙන ආවෝය. එහි විශේෂ ගෞරවය පියානො වාදක නිමල් ගුණසේකර මහාතාට සහ තවත් අයට හිමි වෙති. රොක් සංගිතය ආභාසයෙන් අද දවසේදී ශ‍්‍රි ලංකා සංගිතය තුල පියානෝව, ගිටාරය සහ අනෙකුත් ජනප‍්‍රිය සංගිත භාණ්ඩයන් දැකීමට පිළිවන.