සුරතල් සතුන් සහ සතුන්

ඔබේ පළමු මින්මැඳුර සාදා ගන්න

ගැලපෙන ටැංකියක් සහ උපකරණ මිලදී ගැනීම

නිවර්තන කලාපීය මත්සයින් විසින් ඕනෑම ගෙදරක අලංකාරය වැඩි කරන අතරම ඔවුන් ආතතිය අවම කිරිම සඳහා හොඳ පියවරක් ලෙසඳ භාවිතා කරයි. නිවසක තබා ගත හැකි වර්ගන් තුනක් වේ. සිසිල් ජලය, නිවර්තන සහ මුහුදු ජලය වේ. මත්සයින් ඇති කිරිම සඳහා නිවර්තන ජල ටැංකි ආධුකිනයන් හට පහසුම සහ ලෙහෙසිම ක‍්‍රමයක් වේ.

මින් මැඳුරක් සහ මත්සයින් යන දෙවර්ගයම එක් වර තේරිම තරමක් ගැටළු සහගත විය හැකි නමුදු පළමුව ජලජ මත්සයින් දැමිමට පෙර ඔබ විසින් අවශ්‍ය වන ටැංකියක පිහිටිම සළකුණු කර ගත යුතු වේ. එහි වර්ණය සහ ඔබ ඇති කිරිමට සිතන මත්්‍යස වර්ගය අනුව ඔබට අළුත් ටැංකියක් මිලදී ගැනිම සිදු කළ හැකිය.

ටැංකිය තැබිය යුතු සුදුසු ස්ථානය

මෙය ඉතා වැදගත් පියවරක් වන අතර එහි දිග පළල ඔබ එතුලට දමන මත්සයින්ගේ ප‍්‍රමාණය අනුව තිරණය කළ යුතු වේ. එය කළින්ම හිරු එළිය වැටෙන ස්ථානයක නොතිබ්ය යුතු අතර එම මත්‍යසයින්ගේ වර්ධනයට බලපානු ඇත. තවද ටැංකිය හීටරයක් හෝ වායු සමීකරණයක් වැනි උෂ්ණත්වයෙන් බලලෑමක් සිදුවන ස්ථානයන් අසල නොතිබිය යුතුය. පිටත ඇති අතිශ්‍ය උෂ්ණත්වය ටැංකියේ ඇතුලත සිටින ජිවින්ගේ ජිවිත වලට අනතුරුදායක බලපෑමක් සිදු කළ හැකි වේ.
ඔබ ටැංකිය පිහිටවිය යුතු ස්ථානය නිර්ණය කළ පසු ප‍්‍රදේශය මිනුම් කර එමගින් මින්මැඳුර නියමාකාරයෙන් සවි කළ හැකිවේ.

ටැංකිය සහ උපකරණ
නිවර්තණ කලාපීය මත්සයින් තබා ගැනීම යනු උෂණත්ව උපකරණ සහ අනෙකුත් උපාංග සහිත මින්මැඳුරක් ඔබ සතුව තිබිය යුතු බවයි. ඔබ කලින් ගන්නා ලද මිනුම් වලට ටැංකියක් සවි කිරිම පළමු පියවර වේ. නිවර්තණ කලාපීය ටැංකියක සිටින මත්සයින් හට පිහිනිම සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වේ. එමනිසා ඔබේ සතුව ඇති මුදල් ප‍්‍රමාණයට සහ නිවසේ ඇති ඉඩකඩ අනුව හැකි තරම් විශාල ටැංකියක් මිලදී ගැනිම ණුවනැති ක‍්‍රියාවකි. ඔබට හැකි උපරිම ඉඩකඩ ඔවුනට ලබා දීම මගින් ඔවුන් දිගු කළක් ජිවත් වන අතරම ඔවුන්ගේ නව නිවහානේ විනෝදයෙන් සිටිති.

ප‍්‍රමුඛ උපකරණ
ජල උෂණත්ව මානයක් සහ ජල ෆිල්ටරයක් පරිසරයේ උෂ්ණත්වය පාලනය කිරිම සඳහා ඔබට අවශ්‍ය වේ. මින්මැඳුරක් සඳහා ජල හීටරයක් අවශ්‍ය වීම වැදගත් වේ. තවද ජලයට ප‍්‍රතිකාර කිරිම සඳහා ඔබට රසායනික ද්‍රව්‍යන් ද අවශ්‍ය වේ. ටැංකිය තුල රඳවන සැරසිලි ඔබ විසින් ම`ගහැර සිටියද ජල හීටරයක් එබට ම`ගහැරි සිටිමට නොහැකි වේ. ඔබට ටැංකියේ පතුලට දැමීම සඳහා බොරළු සහ වැස්මක් අවශ්‍ය වන අතරම ආලෝකය සැපයීම සඳහා විදුලි බුබලක්ද මින්මැªරේ මුදුනේ රැුදවිය යුතු වේ. බොහෝ විට වැස්මේහිම විදුලි බුබුලක් පවතින අතර එය කාළ මාපකයක් සම`ග ස්වයංක‍්‍රියවම නිවි යෑම සිදු වේ.

සැරසිලි උපාංග
මින්මැඳුර සඳහා සුවිශේෂි සැරසිලි තේරිම අතිශ්‍ය විනෝදජනක අත්දැකිමකි. ගල්, කොට කැබලි, කුඩා කිමිදුම්කරුවන් සහ නිධන් අල්මාරි වැනි සැරසිලි ඔබේ ටැංකිය වෙත තේරිම විනෝදයක් ගෙන දෙන්නකි. නමුදු නිවර්තණ මත්‍යසයන් සැරසිලි පිළිබඳ සැළිකීමක් නොදැක්වුවද ඔවුන් ලැජ්ජාශිලි නම හැං`ගීමට ස්ථාන ලබා දිම පිළිබඳ ස්තුති පුර්වක වනු ඇත.

පිරිසිදු කිරිමේ උපකරණ
බොහෝ විට ඔබට ටැංකිය සම්පුර්ණයෙන් හිස් කළ නොහැකි වන අතර නමුදු ඔබ එසේ කළ හොත් ඔබට ස්පොන්ජ් කැබැල්ලක්, බකට් එකක් සහ මසුන් මාරු කිරිමට දැළක් අවශ්‍ය වනු ඇත. මත්්‍යසයින් මිදී ගැනීමට පෙර ඔබට ටැංකිය පිරිසිදු කිරිම සඳහා මෙම උපාංග අව්‍යශ වේ. ටැංකිය මුලින් අපිරිසිදු හෝ දුහුවිලි වලින් පිරි තිබිමට හැකි අතර බොරළු දැමිමට පෙර එය හොඳින් පිරිසිදු කිරිම ඔබේ වගකීමකි.

මින්මැඳුර සිවි කිරිම
මුළුමනින්ම ටැංකිය සබන් යොදා පිරිසිදු කළ පසු එහි අවසාන ස්ථානයේ එය නිසියාකාරව සවි කළ යුතු වේ. බොරළුද ටැංකිය තුලට දැමීමට පෙර හොඳින් සොදා ගන්න, එය කලින් සොදා තිබු බොරළු වුවද ඔබ විසින් නැවත සේදිමක් සිදුකළ යුතුවේ. සොදා ගත් බොරළු ටැංකියෙ පතුල පුරා විසුරවා හරින්න. එය පිටුපසින් උස වැඩිව ඉදිරියට ඒමේදී උස අඩුවන සේ තැම්පත් කළ යුතුය.

හීටරය, ෆිල්ටරය සහ උෂ්ණත්ව මාපකය ටැංකිය ඉහළින් තැම්පත් කරන්න. බටයක් ආධාරයෙන් බොරළු උසට යන්තම් එන සේ ජලය ඇතුලත් කරන්න. ජලය ඇතුලත් කිරමේදී බොරළු වලට හානි සිදු නොවිමට වග බලා ගන්නා අතර ඉන්පසුව සැරසලි නිසි පරිදි පිරිසිදු කර බොරළු මත අතුරන්න. සැරසිලි ඇතුලත් කළ පසු ටැංකියේ මුදුනේ සිට අ`ගල්ක් හෝ දෙකක් පහළට වන සේ ජලයෙන් පුරාවාලන්න. ඔබ විසින් මිලදී ගෙන ආ රසායනික ද්‍රව්‍ය ජලයට ප‍්‍රතිකාර කිරිම සඳහා යොදවන්න.
සියලූ උපකරණ සහ උපාංග ටැංකිය තුලට දැමු පසු ඔබ විසින් මත්්‍යසයින් ඇතුලත් කිරිමට සතියක් පමණ කාළයක් බලා සිටිය යුතු වේ. ජලය ටැංකිය තුල නිසි පරිදි සැකසිය යුතු අතරම එහි නයිෙටි‍්‍රටේ ජනනය කිරිම සිදු විය යුතුය. එමගින් නිවර්ථන පිහිණුම්කරුවන් අතුලත් කළ විට ජලය පිරිසිදුව තබා ගැනීමට එය උපකාරී වේ.
මෙම සවිකිරිමේ කාළය තුලදී මත්්‍යසයින් තෝරා ගැනීම සඳහාද ඔබ විසින් කාළයක් ගත යුතුය. ජලය සැකසීමේ කාළයේදී ඔබට ඔබේ අළුත් මිතුරන් මලදී ගැනිමේ ක‍්‍රියාවලිය සිදු කල හැකිය. ඔබ මත්්‍යසයින් මිලදී ගැනිමේදී දැඩි වර්ගයන් පිළිබඳ සිතන්න. ආධුනිකයෙකු වශයෙන් ඔබට නඩත්තු කිරිමට පහසු වර්ගයක් තෝරා ගත යුතුවේ.

මුලදී ටැංකිය තුලට කිහිපදෙනෙකු පමණක් ඇතුලත් කරන්න. සුරතලෙකු වශයෙන් මත්සයින් තෝරා ගැනිමේදී නාස්ති වු හෝ උදාසීන මත්්‍යසයින් තෝරා ගැනිමෙන් වැළකී සිටින්න. සෞඛය සම්පන්න බවින් යුතු මත්්‍යසයින් තෝරා ගැනිමට නිතරම උනන්දු වන්න. ඔබේ මත්්‍යසයින් හැකි ඉක්මණින් ගෙදර ගෙන විත් මත්සයින් සහිත බෑගය ටැංකියේ මුදුනෙහි පාවිමට තබන්න, එමගින් ටැංකියේ ජලයෙහි උෂ්ණත්වය සෙමෙන් බෑගය මත බලපැවත්මක් සිදු කරයි. ඒ සඳහා යම් පැය ගණනක් ගත වන අතර ඉන්පස ඔබට මත්්‍යසයින්ව අළුත් ටැංකිය වෙත යොමු කළ හැකිය. ඔවුන් තමන්ගේ අළුත් නිවහනට පුරුදු වන තෙක් ආලෝකය නිවා දමා තබන්න.

පොදු ගැටළුන්
ඔබේ නව ටැංකිය තුල ඇල්ගී වැනි ජලජ පැලෑටි ගැටළු සහගත විය හැකිය. බොහෝ ටැංකීන් වල ඇල්ගී ඇති අතර එය නිසි පරිදි වර්ධනය කළහොත් ගැටළුන් පැන නොනගියි. එය පොදු ගැටළුවක් නම් ඔබේ ටැංකියේ ස්ථානය පිළිබඳ සැළකිලිමත් වන්න. කෙළින්ම වැටෙන හිරු එළිය සහ විදුලි ආලොකය පැය දහයක් දැලිවිමට තැබීමෙන් අල්ගී වර්ධනයට උපකාර කල හැකිය. ඔබ විසින් ඇල්ගී භක්ෂකයින් ටැංකියේ සෑදීමට මිලදී ගත යුතු වනවා. අපැහැදිලි ජලය රසායනික වර්ගයන් අසමබර කරයි. රසායනික ද්‍රව්‍ය අත්හදා බලන උපකරණයක් මගින් මෙම රසායනික් ද්‍රව්‍ය ජලයට තුලිත කරවන්න. ජල පිරිපහදු පද්ධතියේ සුන්බුන් කැබලි සිරවී හෝ නිසිපරිදි ක‍්‍රියා නොකිරිම මගින් දෝස පැන නැගිය හැකිය.

නිවර්ථනීය මත්සයින් ඇති කිරිම විනෝදජනක මෙන්ම නිදහස්ජනක විනෝදාංශයක් වේ. හෙමෙන් පටන් ගෙන කෙමෙන් මුළු ටැංකියම පිරෙන සේ විසිතුරු මත්සයින් පිරවීම මගින් පැය ගණනක නිදහස් ආශ්වාදයක් ඔබට ලබා ගැනීමට හැකිවේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close