උපදෙස් සහ මාර්ගෝපදේශ

ඔබේ පළමු මෝටර් රථය මිලදී ගැනීම සඳහා උපදෙස්

ඔබටත් බව් රිය කරදරය, දුම්රිය ප්‍රමාදදය වශ ත්‍රිරෝර ද ර ලැනි රෝේලල් අලදදනමා එඳදලටමා එඳද වී ඇත්නම්, ඔබත් දැන් ඔරෝේමා කියද රෝමා ටර් ර යක් මි඼දී ගන්නට සිහින බ඼මින් සිටිනද බලට වැකයක් නැශැ. තමාන්රෝේමා කියද ලදශනයක, හිරෝත් වැශැල්ලුරෝලන්, ලදයු වමීකරණරෝේ සුලඳශසුල මාැද, කැමාතිමා ගීතයකට වලන් රෝදමින් ගමානක් යන්නට තිරෝේ නම් එය රෝකතරම් ලදවනදලක්ද!

රෝකරෝනකු තමාන්රෝේමා කියද ලදශනයක් මි඼දීගන්නට රෝඳෂරෝෙන රෝශේතු රෝවොයද බ඼න්නට අපි ඳසුගිය දලවක කල්ඳනද කෂද. ඔබටත් රෝම් රෝශේතු අතරින් එකක් රෝශ අදදෂ රෝලන්නට පුළුලන්.

1. විකුණුම් හා අලෙවි ක්ෂේත්‍රයේ අලුත් රැකියාවකට යන්නට ඔබට අවස්ථාව ලැබී තිබෙනවා. එහෙත් ඒ රැකියාව හිමිවීමට නම් ඔබට වාහනයක් තිබීම අනිවාර්යයි. 

2. විවාහය තීරණය කරගත් දා පටන්ම කතාබහ තිබුණේ කාර් එකක් මිලදී ගැනීම ගැනයි. ඒ කතාබහ ඇතිවුණේ ඔබ දෙදෙනා අතර වෙන්නට පුළුවන්. නැතිනම් ඔබේ බිරිඳගේ මව/පියා ඒ ගැන ඉඟි කළා වන්නටත් බැරි නැහැ. 

3. ඔබට උසස් වීමක් සමග පඩි වැඩිවීමකුත් ලැබුණා. දැන් ඉතින් මෙතෙක් කල් දැරූ වෙහෙස මහන්සිය වෙනුවෙන්ම තමන්ටම සාධාරණයක් ඉෂ්ට කරගැනීමේ වරදක් නැහැ. වාහනයක් මිලදී ගන්නට මේ හොඳම අවස්ථාවයි. අනෙක් අතට, වාහනයක වැඩට යන විට එය ඔබේ මවුපියන්ටත් ආඩම්බරයක්!

4. ලංකාවේ පාරවල් වාහන තදබදය, ගිනි රස්නය සහ අකාල වැහි නිසා, මෝටර් සයිකලයක ගමන් බිමන් යාම ඔබට එපා වෙලා. වාහනයක් තිබෙනවා නම් අඩු තරමින් නොතෙමී, සුවපහසුවට යන්නට පුළුවන්. 

5. දැන් ඔබ ‘ලොකු මිනිහෙක්’ නිසා ඔබව ‘එක්කගෙන යාම’ තවදුරටත් කරන්නට බැරි බව ඔබේ පියා කියනවා. එයා ඔබට අලුත් වාහනයක් අරගෙන දෙන්නට තීරණය කරනවා. 

මේ හේතු වලට අමතරව දේවල් ඔබට මතක් වෙනවද? එසේනම් ඒ හේතු ප්‍රතිචාර කොටසේ සඳහන් කරන්නට අමතක කරන්නට එපා. 

එක අතකින් බලන විට, වාහනයක් මිලදී ගැනීමට බලපාන හේතු මොනවාද යන්න එතරම් වැදගත් නැති බව අප දන්නවා. ඇත්තටම ඔබට අවශ්‍ය වන්නේ වාහනයක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හොඳ මගපෙන්වීමක්. එහෙම නේද? 

සැලකිලිමත් විය යුතු දේවල් 

මෝටර් රථයක් මිලදීගත් විට හිතේ බරක් නැතිව හිතේ හැටියට හිතෙන තැනක යන්නට ඔබ කැමතියි. ඒ සියල්ල හිතේ හැටියට ඉෂ්ට වෙනවාද යන්න ඇත්ත වශයෙන්ම තීරණය වන්නේ ඔබ වාහනය මිලදී ගන්නා ආකාරය මතයි. 

අලුත්ම මෝටර් රථයක් මිලදී ගන්නට ඔබ අතේ මුදල් තිබෙනවා නම් ඔබට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න තරමක් දුරට අඩු වන්නට පුළුවන්. එහෙත් පාවිච්චි කළ වාහනයක් ගන්නට සිතනවා නම් ඔබ දැනගත යුතු දේවල් බොහෝ තිබෙනවා. වාහනය බලන්නට හෝ ගන්නට යන්නට පෙර, අවශ්‍ය සියලු දේ මැනැවින් සොයා බලන්න. ඔබ මිලදී ගැනීමට සිතන මෝටර් රථයේ වර්ගය ගැන තොරතුරු සොයන්න. ඔබට වඩා වාහන ගැන දන්නා අයගෙන් තොරතුරු විමසන්න. වාහන ගැන හොඳින් දන්නා කෙනෙකු වාහනය බැලීමට කැඳවාගෙන යන්න. එසේ කිරීම මගින් දෝෂ සහිත හෝ වෙනත් ගැටලු සහිත වාහනයකට රැවටී ඔබේ මුදල් නාස්ති වීමට ඇති ඉඩකඩ අවම වෙනවා. 

සැකකටයුතු දේවල් පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. වාහනයේ ‘පොත’ හෙවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන ලියාපදිංචි සහතිකය ඉල්ලා සිටින්න. මෙමගින් ඔබට වාහනයේ පෙර අයිතිකරුවන් ගණන දැනගැනීමට හැකියාව ලැබෙනවා. වාහනය අලෙවි කරන්නේ පොතේ නම සඳහන් අයිතිකරු නොවේ නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. වාහනය හොඳින් පරීක්ෂා කිරීමත්, එය පරීක්ෂණය ධාවනයකට රැගෙන යාමත් වැදගත්. ඒ වගේම වාහනය සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලු සියල්ල අලෙවිකරු විමසන්න. මෙය ඔබ කරන විශාල ආයෝජනයක්. ඒ නිසා විකිණුම්කරු කියන දේවල් හමුවේ තැතිගන්නට එපා. ඒ වගේම දැන්වීම් පළකරන්නන් ඉල්ලා සිටි පලියට අත්තිකාරම් මුදල් බඳින්නට එපා. මේ ආකාරයට අත්තිකාරම් මුදල් ඉල්ලන ජාවාරම් කරුවන් මීට පෙර වාර්තා වී තිබෙනවා. ඔවුන් ඔබේ මුදල් රැගෙන පලා යාවි. ඒ නිසා කිසිදු අවස්ථාවක එසේ අත්තිකාරම් මුදල් යවන්නට එපා. 

වාහනයක් මිලදී ගැනීමට ක්‍රමවේදයක් ඇත්තේ ඔබට කරදර ඇතිවීම වළක්වාලීමටයි. නීතිමය ලිකියවිලි සම්බන්ධ කටයුතු නිවැරදිව සිදුකරන්නට වගබලාගන්න. ඒ වගේම වාහනයක් දෝෂයක් ඇතිවූ විට, එය නිල නියෝජිතයන් වෙත ගොස් අලුත්වැඩියා කරගැනීම ඉතාමත් වැදගත්. අතන මෙතන ඇති ‘ගරාජ්’ වලට වඩා නිල නියෝජිතයන් අදාළ වාහන වර්ගයට ආවේණික දෝෂ සහ ඒවා නිවැරදි කළ යුතු කාරය හොඳින් දන්නවා. ඒ සඳහා අවශ්‍ය උපකරණ ඔවුන් සතුව තිබෙනවා. ඒ වගේම ඔබ සිතන තරමට එම අලුත්වැඩියාවන් මිල අධික වන්නේත් නැහැ. ඒ නිසා නිවැරදි තීරණ මගින් අනාගත අවදානම් මගහරවා ගන්න. 

දැන් ඔබ මෝටර් රථයක් මිලදීගැනීමේදී අනුගමනය කළ යුතු මූලික දේවල් ගැන දැනුවත් වී අවසන්. හොඳ වාහනයක් සොයාගන්නේ කෙසේද කියා අපි දැන් බලමු.  

Ikman.lk ඔබට ඇති හොඳම ඇති විසඳුමක් වන්නේ ඇයි? 

ඔබ මේ ලිපිය කියවන්නේ Ikman.lk වෙබ් අඩවියෙන්ම නිසා, ඔබට මෙහි වැදගත්කම අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. වාහන මිලදී ගැනීමේදී ඉක්මන් හා පහසු මගක් ලෙස මෙය පවත්වාගෙන යන්නට අප කොතරම් උත්සාහ කරනවාද යන්න ඔබ දැනටමත් දන්නවා ඇති. වාහන මිලදී ගැනීමට වගේම වෙළඳපොළේ මිලගණන් දැනගැනීමටත් ගැනුම්කරුවන් අපගේ වෙබ් අඩවියට නිතර පිවිසෙනවා. 

අපගේ වෙබ් අඩවියේ වාහන දැන්වීම් රාශියක් පළවී තිබෙනවා. ඒ නිසා තීරණයක් ගැනීමට පෙර අවශ්‍ය සියලු කාණ්ඩ වල දැන්වීම් පරීක්ෂා කර, දැනුවත්ව තීරණයක් ගැනීමට මතක තබාගන්න. 

අනික් අතට, අවශ්‍ය හා අනවශ්‍ය හැම දැන්වීමක්ම එකින් එක පරීක්ෂා කරන්නට ඔබට වුවමනාවක් හෝ කාලයක් නැති බව අප දන්නවා. ඔබට අවශ්‍ය වාහන වර්ග හා මාදිලි වලට අදාළ දැන්වීම් පමණක් තෝරාගෙන පරීක්ෂා කිරීමේ පහසුකම සලසා දී ඇත්තේ ඒ නිසාමයි. 

ඉදිරියේදී මෝටර් රථයක් මිලදී ගැනීමේදී, මේ ලිපියේ දක්වා තිබෙන කරුණු ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි කියා අප සිතනවා. මේ ආකාරයට ඔබට බෙහෙවින් වැදගත් වන කරුණු ඔබ වෙතට සමීප කරවන්නට ලැබීම අපට සතුටක්.  

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close