ikmanවෙනත්

කොරෝනා සමයෙහි අත්‍යාවශ්‍යය භාණ්ඩ සුරක්ෂිතව ගෙන්වා ගැනීමට “ikman Essentials”

මේ වනවිට ලොව පුරාම පැතිරී ඇති කොරෝනා වෛරසය හෙවත් Covid-19 වසංගත තත්ත්වය නිසා අප සියලුම දෙනාට අපගේ අවශ්‍යතා සම්බන්ධයෙන් අලුතෙන් සිතීමට සිදුවී තිබෙනවා. දැනට ජනතාව අන්තර්ජාලය පීරමින් සොයන භාණ්ඩ අතරින් ආහාරපාන, සිල්ලර භාණ්ඩ, සෞඛ්‍ය නිෂ්පාදන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට ප්‍රමුඛස්ථානයක් හිමිවී තිබෙන අතර, ලොව පුරා මිලියන ගණනක් ජනතාව ගමනාගමන සීමාවන් මැද මෙම භාණ්ඩ සොයාගැනීමට වෙහෙසෙමින් සිටිනු දකින්නට පුළුවන්.

ශ්‍රී ලංකාවේ තත්ත්වයද මීට වඩා වෙනස් නැහැ. ශ්‍රී ලාංකිකයන් අතර අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදීගැනීමේ පුරුද්ද එතරම් දුරට පැතිරී ගොස් නොමැති නිසා, ඔවුන් මුහුණ දී සිටින්නේ දැඩි අර්බුදයකටයි. ඔවුන්ට නිවෙස් තුළම රැඳෙන්නට සිදුව ඇති බැවින්  නිවෙස් වල රැස් කරගත් බඩුභාණ්ඩ තොග අවසන් වෙමින් පවතින නිසා ඔවුන් සිටින්නේ දැඩි ආතතියකින්. අවශ්‍ය භාණ්ඩ මිලදීගත හැක්කේ කෙසේදැයි යන්න ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ. මෙම තත්ත්වයට පිළියමක් ලෙස, ගැණුම්කරුවන්ගේත් විකුණුම්කරුවන්ගේත් දුෂ්කරතා අවම කිරීම සඳහා ikman.lk වෙතින් දැන් නවතම ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. එය නම්කර ඇත්තේ, “අත්‍යාවශ්‍ය භාණ්ඩ” නැතහොත් “ikman Essentials” ලෙසයි.

මෙම ක්‍රමවේදය ඔස්සේ විකුණුම්කරුවන්ට එළවලු, පලතුරු, වියළි ආහාර, වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) සහ සෞඛ්‍ය නිෂ්පාදන වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීම සඳහා ඉතාම හොඳ අවස්ථාවක් හිමිවෙනවා. මේ යටතේ විකුණුම්කරුවන් සඳහා වන විශේෂ මුල් පිටුවක් දැනටමත් ක්‍රියාත්මකයි. මෙම ක්‍රමයේදී ප්‍රදේශය අනුව අලෙවිකරුවන් තෝරාගෙන (Filter) කර පරීක්ෂා කළ හැකි නිසා, රටේ දැනට ක්‍රියාත්මක වන අනෙකුත් මෙවැනි ක්‍රමවේද වලට වඩා පහසුවෙන් තමන්ගේ ප්‍රදේශයෙන්ම අලෙවිකරුවන් සොයාගැනීමට පාරිභෝගිකයන්ට හැකි වෙනවා.

රට තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදහැරීම සඳහා ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන හා ආහාරපාන සේවාවන් රැසක් මේ වනවිට මහා පරිමාණ සමාගම් හා සුපිරි වෙළඳසැල් සමග අත්වැල් බැඳගෙන සිටිනු දකින්නට පුළුවන්. එහෙත් ikman.lk හි ප්‍රධාන අවධානය යොමුවී තිබෙන්නේ රටේ පවතින ඇඳිරි නීතිය නිසා වැඩිපුර අපහසුතාවට පත්වී සිටින කුඩා පරිමාණ අලෙවිකරුවන් වෙතයි. ඇත්ත වශයෙන්ම පවතින තත්ත්වය නිසා වැඩියෙන්ම දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින්නේ එවැනි කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. එම නිසා ප්‍රාදේශීය භාණ්ඩ අලෙවිසැල් සහ ඖෂධ ශාලා මෙන්ම මස්, මාළු, එළවලු සහ පලතුරු ආදිය අලෙවි කරන ව්‍යාපාර වලට තම අලෙවි කටයුතු දිගටම කරගෙන යාම සඳහා එක සමාන අවස්ථාවන් ලබාදීම අපේ ඉලක්කයයි. මෙම ක්‍රමයේදී විකිණුම්කරුවන් විසින්ම බෙදාහැරීම් සේවාවන් සපයනු ලබන අතර, ඔවුන් බහුතරයක් බෙදාහැරීම් සේවා සපයන්නේ අමතර ගාස්තුවකින් තොරව වීම විශේෂත්වයක්.

මේ දුෂ්කර සමයේ ව්‍යාපාර වලට ඇතිවන මූල්‍ය බලපෑම කොතෙක්ද යත් අප ඉතා හොඳින් දන්නවා. එම නිසා, මෙම නව ක්‍රමවේදය තුළින් විකිණුම්කරුවන්ට මාස දෙකක කාලයක් දක්වා තම දැන්වීම් නොමිලයේ පළ කර ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මෙය ඔවුන්ට වඩාත් පහසුවෙන් ජනතාවට සේවය සලසමින් තම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට හොඳ අත්වැලක් වේවි.  

මෙම ක්‍රමය හරහා හරහා භාණ්ඩ අලෙවි කිරීමට බලාපොරොත්තු වන විකිණුම්කරුවන්ට 0112 350350 අංකයට ඇමතීමෙන් හෝ support@ikman.lk “යන ඊමේල් ලිපිනය ඔස්සේ විමසීමෙන් ‘Ikman Essentials’ සේවාව සමග එක්වීමට පුළුවන්. ඒ සඳහා ගතවන්නේ පැය 4 කටත් වඩා අඩු කාලයක්!

ikman.lk යනු කවදත් පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනාගෙන එම අවශ්‍යතාවන් සපුරාලීම සඳහා නිර්මාණශීලී විසඳුම් හඳුන්වා දෙන සමාගමක් බව ඔබ දන්නවා. ඔබේ කැමැත්තෙන් අප, දිවයිනේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය බවට පත්වී ඇත්තේ ඒ නිසාමයි. මේ නව සේවාවත් ඔබේ යහපත වෙනුවෙන් අප දක්වන කැපවීමේ තවත් ඉදිරි පියවරක් ලෙස හඳුන්වන්නට පුළුවන්.‘ikman Essentials’ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා essentials.ikman.lk වෙත පිවිසෙන්න. ඒ වගේම රට වෙනුවෙන් සේවයක් කිරීමට අපගේ ඉදිරි පියවරයන් ගැන වැඩිදුර දැන ගැනීමට, ikman හි නිළ ෆේස්බුක් පිටුව ඔස්සේ අපගේ නවතම තොරතුරු ගැන අවධානයෙන් සිටින්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close