සුරතල් සතුන් සහ සතුන්

ගොවිපළ සතුන් අභිජනනය කිරිම හා රැකබලා ගැනිමේ පහසු ක‍්‍රමයන්

ගොවිපළ සතුන් විකිණිම හා මිලදී ගැනිම වියදම් කළමණාකරනය හා රැුකබලා ගැනිමේ කරදරයට විසඳුමක් ගෙන එන්නේ නැත සහ කුඩා ප‍්‍රමාණයේ ගොවිපළක් ආරම්භ කිරිමට හොඳ මට්ටමේ මුල්‍ය ප‍්‍රතිපාදන හෝ ඉඩකඩක් අවශ්‍ය වන්නේ නැත. සාර්ථක අභිජනන ක‍්‍රියාවලියක් සඳහා විශේෂ හැකියා මට්ටම වලින් යුත් සතුන් තෝරා ගැනීම වැදගත් වේ. පශූ සම්පත් මිලදී ගැනීම මිල අධික නොව අතර හොඳාකාරව නඩත්තු කිරිමට ද පහසුවේ.

ඔබ පශු සම්පත් මිලදී ගැනීම සැළකිලිමත් වීමට පෙර ඔබ විසින් ලාභ ඉපැයීම සඳහා සතුන් ඇති කිරිමේදී සැළකිල්ල යොමු කළ යුතු මුලිකාංග තුනක් පවතියි. ඒවා නම් ආහාර, කෑම, සහ වාසස්ථානය යි. මුලිකවම ඔබේ ආර්ථකය සඳහා ආහාර බලපෑමක් ඇති කරයි. සමහර ගෘහස්ථ ෂතුන් සඳහා ම වෙන්වු නිශ්චිත ආහාර චක‍්‍රයන් පවතින අතර අභිජනනය සඳහා හෝ මස් පිණිස වර්ධනය කිරිමේදී නිසි පරිදි සමබර පෝෂ්‍ය පදාර්ථයන් ගෙන් හෙබි ආහාර චක‍්‍රයක් බර සහ සෞඛ්‍යමත් භාවය සඳහා අවශ්‍ය කරයි. ඌරන් වැනි සමහර සතුන් සඳහා අතිරේක වශයෙන් ඉතිරි වන ආහාර ද්‍රව්‍ය හෝ කෘෂිකාර්මික අපද්‍රව්‍ය ලබා දිය හැකි අතර මෙයින් අදහස් වනුයේ ගවයන් වැනි වෙනත් සතුන් වඩා ඌරන් නියමිත වශයෙන් බලා කියා ගැනිම සඳහා ඔබට විශේෂ ආහාර වර්ග අඩු වශයෙන් මිලදී ගැනිමට සිදු වන බවයි.

ගොවිපළ සඳහා සතුන් තෝරා ගැනීමේදී ඔබ විසින් සැළකිලිමත් විය යුතු දෙවැනි කාරණය නම් ජලයයි. මෙය ප‍්‍රත්‍යක්ෂ අංගයක් වන අතර සතුන්ගේ සෞඛ්‍ය සම්පන්නතාවය සඳහා පිරිසිදු අලූත් ජලය ලබා දිම අනිවාර්්‍යය අවශ්‍යතාවයකි. එසේ නියමාකාර ජලය ලබා දීම ප‍්‍රතිකේෂ කිරිම අකාරුණික ක‍්‍රියාවක් පමණක් නොව ජලජ රෝග හෝ පිපාසාව නිසා සතුන් මිය යෑමෙන් ඔබේ ආයෝජනයටද සැළකිය යුතු බලපෑමක් සිදු වෙයි. කෙසේ වෙතත් සජලනය කිරිමට වඩා සත්ව ගොවිපලකදී ඔබ විසින් වැඩි අවධානයකින් ජලය ගැන සිතිය යුතු වෙනවා. සමහර ගොවිපල සත්ව කොට්ඨාස සඳහා ජලය සහ මඩ හොඳ සෞඛ්‍යමත් භාවයක් පවත්වා ගැනීමටත් උෂ්ණ කාළයන් හි දී උෂ්ණත්වය සමනය කර ගැනීමටත් අවශ්‍ය වන අතර මඩ ගොහොරු නොමැති කමින් මෙම සතුන් මිය යාමටද හැකියාව පවතියි.

තෙවන වශයෙන් ඔබ සත්ව ගොවිපළක් සෙවීමේදී සැලකිලිමත් විය යුතු කරුණ නම් වාසස්ථාන යයි. ඔබේ ජිවන රිද්මයට අනුරූප ගොවිපළ සතුන් තෝරා ගැනීමේදී මෙය මුලිකවම වැදගත් අංගයක් වෙනවා. විවිධ ප‍්‍රභේයන්ගේ ගොවිපළ සතුන් අතිවිශේෂ වු වෙනස් ඉඩකඩක් ජිවත් වීම සඳහා යොදා ගනියි සහ ඔබ විසින් තෝරා ගන්නා ලද සතුන් ඔවුන්ගේ පුරුදු පුහුණු සඳහා පවතින ඉඩකඩ සුදුසු ලෙස සකස් කළ යුතු වේ. ගවයන් සහ මී හරක් වැනි විශාල වර්ගයේ ගොවිපළ සතුන් ඌරන් හා එළුවන් වැනි සතුන්ට වඩා සැලකිය යුතු ලෙස වැඩි ඉඩකඩ යොදා ගනියි. නමුදු කූඩු ආරක්ෂාකාරි විය යුතු අතර තණ උලා කා වැඬේන සතුනට වඩා ඌරන් සහ එළුවන් සඳහා වෙනස් වැට මායිමක් අවශ්‍ය කරයි. හාවුන් සහ කුකුළන් ඉතා කුඩා ඉඩක සාර්ථක ලෙස සෑදිය හැකි අතර මේ සතුන් වර්ග දෙක දියුණු කිරිම සඳහා මුඩුවක් හෝ කූඩු කිරිම අවශ්‍ය වේ. සෑම ජිවියෙක් සඳහාම සුවිශේෂ වු ඉඩකඩක් අවශ්‍ය වන අතර මායිම් හෝ සතුන්ගේ ප‍්‍රමාණය ගැන නොසලකා හැරිය නොහැකිය.

පවතින සියලූම ගොවිපළ සතුන් අතුරින් අවම මට්ටමේ නඩත්තුවක් පවත්වා ගනිමින් එළුවන්, කුකුළන් සහ හාවුන් ඉහළ සඵලත්වයක් ගෙන දෙයි. මෙම සතුන්ද සඳහාද විශේෂ වු රැුකබලා ගැනිමේ ක‍්‍රමවේදයන් පවතින අතර කෙසේ වෙතත් ෂත්ව ගොවිපළක් සඳහා ආයෝජනය කිරිමේ සාර්ථකත්වය රඳා පවතින්නේ සතුන් සම්බන්ධව ඇති හොඳ සෞඛ්‍යමත්භාවය මතය.

1. එළුවන්
ශ‍්‍රි ලංකාව තුල විකිණිමට ඇති ජනප‍්‍රිය සහ හොඳ හේතූන් සහිත සත්ව විශේෂය වන්නේ එළුවන්ය. එළුවන් ලක්ෂණ සහිත, බුද්ධිමත් සහ පහසුවෙන් වර්ධනය හා අභිජනනය සිදු කළ හැකි වේ. එළු මස් ශ‍්‍රි ලංකාව තුලත් පිටරටත් ජනප‍්‍රිය වන අතර එළු කිරි හා චීස් විශාල ලෙස මිල අධික පෝෂ්‍යදායි ආහාරයන්ය.

ඔබේ පශූසම්පත් අභිප‍්‍රාය මත (මස් සඳහාද, කිරි සඳහාද හෝ අභිජනනය සඳහාද* ඔබ අවශ්‍ය යෝග්‍ය අභිජනන කි‍්‍රයාවලිය ඔබ විසින් තෝරා ගත යුතු වෙනවා. කිරි සඳහා නම්, සානන් වර්ගයේ එළ්වන් අභිජනනය සඳහා නියම තේරීමකි. කිරි සඳහා අභිජනනයද ඇතුලත්ව මුළුමණින්ම පාහේ ඕනෑම අභිජනනයන් සිදු කරනුයේ මස් පිණිසය, බෝයර් වර්ගයේ එළුවන් විශේෂයෙන්ම අභිජනනය සිදුකරනුයේ මස් නිෂ්පාදන වෙනුවෙනි. බෝර් වර්ගය ඉතා ඉක්මණින් වර්ධනය වන අතර රෝගයන් සඳහා ගොදුරු විම අවමය සහ ඔවුන් ඉහළ සරුඵල දක්වයි.

බැටළුවන් හෝ එළහරක් ඇති කිරිමට වඩා එළුවන් ගොවිපළක් පවත්වා ගැනිම ඉතා ඉහළ ගණයේ ලාභ ලැබිය හැකි ක‍්‍රමවේදයකි. නමුදු මෙහිදි එළුවන් සඳහා වු සුවිශේෂි සමහර අවශ්‍යතා නියමාකාරයෙන් සැලකිල්ලට භාජනය කළ යුතු වේ. එළුවන්ගේ බුද්ධිමත්භාවය හා කඩිසරභාවය හේතුවේන් ඔවුන් තණ උලා කෑමේ වැට මායිම් පිළිබඳ සැලකිලිමත් වීම පළමු ප‍්‍රමුඛතාවය විය යුතු වේ. එළුවන්ව සෑහෙන දුරට පිටුපස මිදුලේ කුඩා කොටුවක හෝ කුඩා කූඩුවල තැබිය හැකි අතර ඒ සඳහා තතන වැට මායිම් එළුවන්ට තල්ලූ කර බිඳ නොහැකි වන සේ ඉතා හොඳින් සවි ශක්තිමත් විය යුතු මෙන්ම එහි උසද එළුවන්ට පැන යා නොහැකි මට්ටමක තිබිය යුතුය. ඔවුන් එම වැට තල්ලූ කර බිඳ දැමිමට අත්සහා කිරිම පමණක් නොව යටින් හෝ එක ලග ඇති කණු අතරින්ද රිංගා පලා යාමට තැත් කරයි. මෙම හේතුවේන් වහළය අනිවාර්යෙන්ම වැටට වඩා අඩි කිහිපයක් පමණක් උස් විය යුතුය. එළුවන් සඳහා තනන වැට මිල අධික විය හැකිමුත් එය ඔබේ රංචුව විලෝපිතයන්ගෙන් ආරක්ෂාකර සුරක්ෂිතව නිවසේ තබා ගනු ඇත.

හරකුන් සහ බැටළුවන් මෙන් නොව එළුවන් උළා නොකයි, නමුදු ක්ෂණිකවම කොටුව තුල වන ආහාර වලට ඇදී යන අතර තණ කොළවල සිට දහයියා සහ වල් පැළැටි ආහාරයට ගනියි. ස්වාභාවිකම එළුවන් වල් පැළ නාශක සත්ව කොට්ඨාෂයක් වන අතර කෙතරම් රළුව වුවත් එවුනට අවශ්‍ය ප‍්‍රමාණය වන තෙක් මෙසේ සොයා ගනියි. නමුදු සෞඛ්‍ය සම්පන්න අභිජනනයක් සඳහා එළුවන් හට සරිලන පෝෂ්‍ය පදාර්ථ සහ විටමින් සහිත ආහාර ලාබා දිය යුතු වෙනවා. අභිජනන වගකීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර ෂත්ව පැටියා සහ අනෙකුන් සඳහා ඔක්ති සම්පන්න වීමට නියමිත් පෝෂ්‍ය පදාර්ථ ලබා දිය යුතු වෙනවා.

2. කුකුළන්
කුකුළන් නිවසේ ඇති කිරිම ජනප‍්‍රිය කි‍්‍රයාවක් වන්නේ ඔවුන් සඳහා අවශ්‍ය වන ඉඩකඩ ඉතාම සීමත වන බැවින්, පිටුපස මිදුලේ හෝ ඔවුන්ව ඇති කිරිමේ පහසුව සහ අවම සම්පත් ප‍්‍රමාණයකින් කුකුළන් වර්ධනය කිරිමට හැකියාව ඇති නිසාය. නැවත වරක්, අභිජනන ක‍්‍රියාවලිය වෙනසක් සිදු කරයි කිනම් වර්ගයක කුකුළන් (හා කොපමණ ප‍්‍රමාණය කුකුළන්* අවශ්‍යතාවය ඔබගේ අභිප‍්‍රාය මත තිරණය වේ. කූරූ කුකුළු වර්ග වැඩිපුර ප‍්‍රසිද්ධ වර්ගය වන අතර නමුදු මෙහිදි පුළුප් ප‍්‍රභේදයන්ගේ කූරූ කුකුළු අභිජනනයන් පවතියි සහ එක් එක් වර්ගයන් සඳහා පක්ස හා ප‍්‍රතිපක්ෂ හේතුන් පවතියි. ජපන් කූරූ කුකුළන් බිත්තර නිෂ්පාදනයන් සඳහා ඉතා යහපත් වන අතර මොවුන් ඉතා ලෙන්ගතු මෙන්ම වේලාවකට හිතුවක්කාර සහ කරදරකාරි ද වේ. ’පොලිෂ්’ වර්ගයේ කිකිළියන් ඉතා ඉක්මණින් කුලප්පු විය හැකි අතර මුදුන් ගැටැති පිහාටු ඔවුන්ගේ ඇස්ද වසා සමහර විටක වර්ධනය විය හැකිය. මේ හැරුණු විට ජනප‍්‍රිය හා බලගතු අභිජනනය තේරිමකි.

සෑම සවසකම කුකුළන් කුකුල් කූඩුවල දමා තිබිය යුතු වේ. මෙම කුකුල් කූඩු සාමාන්‍ය වශයෙන් කුකුලෙකු සඳහා වර්ග මිටරක ඉඩක් අවශ්‍ය වෙනවා සහ ආසන්න දිවිමක කුකුළෙකු සඳහා වර්ග මිටර 3ක ඉඩ ප‍්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එමෙන්ම මිනිසුන් සතියකට සැරයක්වත් මෙම කුකුල් කූඩු සුද්ධ පවිත‍්‍ර කරන අතර කුකුල් බහිශ‍්‍රාවි අපද්‍රව්‍ය දහයියා සමග එක් කර පොහොර සේ පොළවේ වළ දැමිම සිදු කළ හැකිය.

කුකුළන්ටද සමබර පෝෂ්‍ය පදාර්ථයන් ආහාරමය වශයෙන් අවශ්‍ය වන අතර පානය සඳහා පිරිසිදු ජලයද ලබා දිය යුතු වනවා. අනෙක් අතට කරදරකාරීත්වයෙකින් තොරව හා අවම වියදමකින් පවත්වාගෙන යා හැකි ගොවිපළ සතුන් කොට්ඨාෂයක්ද වේ.

3. හාවුන්
හාවුන් ඉතා සරල අවධානයකින් රැුකබලා ගත හැකි අතර කුඩා ඉඩකදී වර්ධනය කර ගත හැකි වනවා සේම උසස් අභිජනන ක‍්‍රියාවලියක් පෙන්නුම් කරයි. හාවුන් අභිජනනය සඳහා හොඳම ක‍්‍රමය වන්නේ ඉතා කුඩා ප‍්‍රමාණයෙන් ඇරඹීමය, එනම් කුඩු එකකින් හෝ දෙකකින් පටන් ගෙන අවශ්‍යතාවය අනුව විශාල කර ගැනීමය. කූඩුව ලී වලින් සහ වයර් වලින් සෑදිය යුතු අතර සාමාන්‍යයෙන් කුඩුවක් මිටර පමණ භුමියෙන් උස්ව තැබිය යුතු වන අතර ප‍්‍රමාණවත් පෙට්ටියක් අභිජනනය සහ ඔවුන්ගේ බහිශ‍්‍රාවය ඉවත් කිරිමට තැබිය යුතු වෙනවා. ගැහැණු සහ පිරිමි සතුන් වෙන් වෙන් වශයෙන් කුඩු කර තැබිය යුතු අතර සාර්ථක අභිජනනයක් සඳහා ගැහැණු සතුන් හතකට හෝ අටක් සඳහා එක් පිරිමි සතෙකු අවශ්‍ය වේ.
හාවුන් සඳහා වන කුඩු මිලදී ගැනිමේදී හෝ තැනිම මිල අධික නොවන අතර සුවිශේෂි රැුකවරණයක් හාවුන් සඳහා අවශ්‍ය වන සේම දිනපතා ප‍්‍රමාණාත්මක අවශ්‍යතා සැපිරිය යුතු වෙනවා. හාවුන් සඳහා අළුත් ආහාර සහ ජලය අවශ්‍ය වන අතර රෝග, වසංගත හා පවිත‍්‍රතා සෑදීම වළක්වා ගැනීමට දිනපතා ඔවුන්ගේ කුඩු සුද්ධ පවිත‍්‍ර කිරිමට සිදුවේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close