දේපළ

දේපළ සංවර්ධනයේ මුලීකය

දිනපතාම නිවාසයන්ගේ අගය ඉහළ යමින් පවතියි. මෙය දේපළ වෙළඳාම් සහ දේපළ සංවර්ධණයන් සඳහා පිරිස් ආකර්ෂණය විමේ එක් කරුණක් වන අතර දේපළ වෙළඳාමේ විශාල අවස්ථාවන් බලාපොරොත්තුවෙන්ද හිඳියි. එමගින් සම්ප‍්‍රදායික ආයෝජනයේ සමෘද්ධිමත්භාවය සඵලත්වය ගෙන එන නමුදු ආධුනිකයන් හට බොහෝ උපද‍්‍රව ගෙන එනු ලබන අතර අළුත්ම ලොවක් සම`ග බැඳිමක් ඇති කර ගැනීමට ඉඩකඩ සළසයිි.

දේපළ සංවර්ධන ආයෝජනයේ ප‍්‍රතිලාභ
සෑම ආයෝජකයෙකුගේම අපේක්ෂා සහගත වාසීයක් ඇත, දේපළ සංවර්ධනයේ ප‍්‍රතිලාභ පහත වේ.

1. ස්ථායි, කලින් කිව හැකි ආදායම් ප‍්‍රවාහය
කුළිය ඉහළ නගිනුයේ ඉතා සෙමෙන්ය, නමුදු ආර්ථික අර්බුද හමුවේ එය ස්ථායි තත්වයක් පෙන්නුම් කරන අතර ඉතා සුළ කඩා වැටිමක් පමණක් පෙන්නුම් කරයි. ඔබේ දේපළ විසින් ලබන අවුරුද්දේ කොපමණ කුළියක් උපයියද යන්න පිළිබඳ ඔබට ප‍්‍රශ්ණ කළ නොහැකිය. එය විසින් එයට අදාල මිල උපයා දෙනු ඇත. එසේ නොමැති විටට ඔබේ කළමණාකරණයේ ගැටළු සහත තත්වයක් පෙන්නුම් කරයි.

2. කාළය සමග දේපලේ වටිනාකම නිවැරදිව තේරුම් ගන්න
දේපළ නිවැරදිව තක්සේරු කිරිමේදී කුළියද කාළය සමග ඉහළ යයි. එනම් කාළය සම`ග ඔබේ ආදායම් ප‍්‍රවාහයේ වර්ධනයක් ඇති වන බවය.

3. අක‍්‍රිය ආදායම් ප‍්‍රවාහය
සම්ප‍්‍රදායික ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට සාපේක්ෂව දේපළ ආදායම යම් අක‍්‍රිය තත්වයක් පෙන්නුම් කරයි. කෙසේවෙතත් එය සියයට සියක්ම අක‍්‍රිය තත්වයක නොපැවතිය යුතු අතර යම්හෙයකින් ඔබේ ව්‍යාපාරය පිළිබඳව ඇති අවධානය ගිලිහි ගියහොත් එය ව්‍යාපාරයේ ආරක්ෂාවට බාධාවක් විය හැකිය.

4. වඩා හොඳ බඳු ප‍්‍රතිලාභ
දේපළ වෙළඳාම් මගින් ඉදිරිපත් කරනු ලබන බඳු ප‍්‍රතිලාභයන් බොහෝ ආයෝජනයගෙන් පෙන්නුම් නොකරයි. මෙම බඳු අඩු කිරිම ඇති වැදගත්ම දෙය නම් දේපලේ අගය අඩු කර දීමය. එමගින් හොඳ ආදායමක් ලැබිම සඳහා ආයෝජනය කිරිම පහසුවක් ගෙන එනුයේ එයින් අඩක් බඳු ලෙස පවතින හෙයිනි. මෙලෙෂ දේපලේ අගය අඩුවීමක් සිදු නොවන්නේ නම් සෑම වර්ෂයක ගෙන එනු ලබන ආදායම කොටසක් බඳු ලෙස වර්ග කළ යුතු නොවේ.

5. උද්ධමනයේ බලපෑම
ඔබගේ මාසික උකස් ගෙවිම ස්ථාවරය. මෙය දේපළ වෙළඳාම් උද්ධමනයෙන් එබව ආරක්ෂා කරවයි. මාසික උකස් ගෙවිම භාණ්ඩ හා සේවා ක‍්‍රමයෙන් වැඩිවිම මත බල නොපායි.

ප‍්‍රතිලාභයන් දැන සිටිම පොරොන්දුවීම් පමණක් නොසැහේ, දේපළ වෙළඳාම් සඳහා එහිම වු අවනතවීම් සහ උපද්‍රවයන් ම`ගහැරීමට අඥාව වේ. මෙමගින් බොහෝ මුදල් අහිමි විමෙන් ඔබව බේරා ගනියි.

දේපළ විකිණිම සහ මිලදි ගැනිම සඳහා මාර්ගොපදේශයන්
මෙම කරුණු ඔබ මතකයේ තබා ගතහොත් දේපළ වෙළඳාම් කේෂත‍්‍රයේ ඔබ බොහෝ දුර ගමන් කරනු ඇත.

1. හොඳ පිහිටිමක් තෝරා ගන්න
බොහෝ මිනිසුන් ‘හොඳ පිහිටිමක්‘ යනු කවරක්දැයි දන්නේ යැයි සිතයි, නමුදු එහි නියම අරුත ඔවුන් නොදනියි. නගරයේ ඇති හොඳම ස්ථානය ලෙස එයින් අනුගම්‍ය නොවේ. ඔබ විසින් නගරය මැද ඇති හොඳම ස්ථානය මිලදි ගත් විට, ඒ සඳහා ඔබ විසින් ඉහළම මිලක් ගෙවනු ලබන අතර එමනිසා ඔබට එයින් ලාභයක් අත් කරගැනිමේ අවස්ථාවක් නොපවතියි.

දේපළක් විකිණිමේදී එම ස්ථානය පාසලකට පොදු ප‍්‍රවාහන ස්ථානයකට සහ අනෙකුත් සුවපහසුකම් වැදගත් කාරණා ලෙස ඉස්මතුවේ. එවැනි ස්ථානය පිළිබඳ සොයා බැලීම වැදගත් වන අතර ගැණුම්කරුවන් විසින් සොයනු ලබන්නේ එවැනි ස්ථානයන් වේ.

2. ලාභය හට ගන්නේ ඔබ මිලදි ගන්නා විටක මිස විකුණන විටක නොවේ
ඔබේ මුදල් ඉතිරි වන්නේ මිලදී ගැනිමේදි මිස විකිණිමේදි නොවන බව සාමාන්‍ය දැණුමෙන් ඔබට වැටහේ. සෑම මිල අඩු කිරිමකදී ඔබේ ලාභය ඉහළ යයි. ඔබ සම්පුර්ණ මිලටම දේපළ මිලදී ගනියි නම් ඔබ හොඳ ප‍්‍රතිලාභයක් නොඋපයයි. හොඳම දේ මිල අඩු කර ඉල්ලිමය.

3. නිවැරදි පරික්ෂණයන් පවත්වන්න
දේපළ වෙළදාම අවධානම් සහිත ව්‍යාපාරයකි. එහිදි විශාල ප‍්‍රතිලාභයන් හෝ සියල්ල නැතිවී පාඩු ලැබීමට සිදුවිය හැකි අවස්ථාවන් වේ. එමනිසා ඔබ මිලදී ගැනිමට පෙර හොඳින් පරික්ෂණ පවත්වන්න. එම ප‍්‍රදේශයේ ඉඩමේ වටිනාකම අනෙකුත් ඉඩම්ව වලට සාපේක්ෂව සොයා බලන්න සහ වෙනත් අමතර ගෙවීම් ඇතිදැයි හොඳින් සොයා බලන්න. නැවත දේපලෙහි යම් සීමාකිරිම් තිබේදැයි පරික්ෂා කරන්න සහ අලූත්වැඩියා කිරිම සඳහා යන වියදම දැන ගන්න. එම මිල ගණන් පිළිබඳව අදහසක් ලබා ගත් පසුව ඔබ මෙම දේපළ විකුණා දමන්නේ කාටදැයි, කොපමණ මිලක් ඔබට ලබා ගත හැකිදැයි සිතා බලන්න, එම නිසා ඔබ වන මහන්සියට ලැබේන ප‍්‍රතිලාභය ප‍්‍රමාණවත්දැයි හොඳින් සිතා බලන්න.

4. නිවැරදි විකුණුම්කරු සොයා බලන්න.
ඔබ දේපළ මිලදී ගැනිමට ප‍්‍රථම ඔබ විසින් ඔබට වාසිය ගෙන දෙන විකුණුම්කරුවෙකු සොයා ගත යුතුම වෙනවා. ඔබට දේපළ නියෝජිතයෙකු මාර්ගයෙන් දේපළ විකුණා දමන්නේ ඇයි දැයි සොයා බැලිය හැකිය. ඒ සඳහා සුදුසුම පිරිස් වනුයේ බංකොලොත් වු, දික්කසාස වන සහ පිටරට පදිංචිය සඳහා යන අයයි. මකින්සාද එම දේපළ ඔවුන් විසින්ම විකුණා දැමිමි සිදු කරන නිසාවෙන් ඔබට හොඳ මිලකට ගැනිම පහසුවෙයි. එම නිසා අන්තර් ජාල සහ පුවත්පත් දැන්වීම් පිළිබඳ විපරම් කිරිමේදී එවැනි බලාපොරොත්තු සුන් වූ පිරිස් සතුව ඇති දේපළ පිළිබඳ සොයා බැලීසට උත්සුක වන්න.

5. ඔබගේ ඉලක්ක ගත ගැණුම්කරුවන් කවුරුන්ද?
වරක් ඔබ දේපළ අළුත්වැඩියා කරන විට ඉලක්කගත ගැණුම්කරුවන් හිතේ තබා ගන්න. ඔබේ මහල් නිවාසය ශිෂ්‍යයන් සඳහා කුළියට දීමට හෝ විකුණා දැමිමට අදහස් කරයි නම් මිල අධික අළුත්වැඩියා වියදම් සඳහා යා යුතු නොවේ. මීට වෙනස්ව උසස් තත්වයේ මිනිසුන් ඔබගේ නිමාව පිළිබඳ දැඩි සැළකිල්ලක් යොමු කරයි. මීට අමතරව ඔබේ නිවස යම් පවුලක් විසින් භාවිතා කරනු ලබයි නම් එහි විසිතුරු බව පිළිබඳව වැඩි සැළකිල්ලක් යොමු කරන්න.

දේපළ භාර දෙන විට එය ඔබේ රසස්වාදනයට අනුව නොව මිලදි ගන්නාගේ රසස්වාදනයට ගැලපෙන ලෙෂ සකස් කිරිමට සෑමවිටකම මතක තබා ගන්න.

6. නිරතුරුව සෙවීමේ නිරතවන්න
ඔබ සොයන දේපළ සඳහා ඔබ නිරතුරු සෙවිමේ ක‍්‍රියාවේ නිරත විය යුතුය. ඔබට මෝටර් රථයක් ඇත්නම් ඔබේ අසල්වැසියන් සිටින ප‍්‍රදේශයේ සෝදිසි කර බලන්න. එලෙෂ යෑමේදී විකිණිමට ඇති නිවාස බොහෝමයක් ඔබට සොයා ගැනිමට හැකියාව තිබේ. එලෙෂ සොයා ගෙන යෑමේදී අත්හරින ලද දේපළයන් හි හිමිකරුවන් කවුරුන්දැයි ඔබට ඉඩම් රෙජිස්ටාර් මගින් සොයා ගැනීමට පිළිවන.

7. නාස්තිය අවම කර ගන්න
ඔබේ අළුත්වැඩියාවේ වියදම ඔබේ දේපළ භාරගන්නා අය අනුව තීරණය වේ. ඉතිං ඔබේ කාර්යය කිරිමට පෙර ඔබ දේපළ භාර දෙන පුද්ගලයින්ගේ අතීතරය පිළිබඳ විමසා බලන්න. භාර දීමට පෙර ඔවුන් සම`ග කලින් නිර්ණය කරන ලද මිලක් සඳහා ගිවිසුමක් අත්සන් කරන්න. එසේ නොවුනහොත් ඔබට අධික වියදමක් දැරිමට සිදුවනු ඇත.

8. හොඳින් සැළසුම් කරන්න
බොහෝ අධුනිකයින් සැළසුම් කිරිමෙන් ලබා ගත හැකි ප‍්‍රතිලාභය පිළිබඳ සැළකිල්ලක් යොමු නොකරයි. සැළසුම් කිරිම මගින් ඔබේ මුදල් සහ කාළය හොඳින් කළමණාකරනය කිරිමේ හැකියාව ලැබේ. ඔබේ නිවස අළුත්වැඩියා කිරිම පෙර සියලූම ලියකියවිලි සකසා ඇති බවට සහතික කර ගන්න. මෙමගින් බ විකිණිමට යාමේදි සිදුවන අනතුරු වනලින් ඔබව බේරා ගනිමට සමත් වේ.
දේපළ වෙළඳාම යනු ලාභ ඉපැයිය හැකි ආයෝජනයකි. නමුදු නිසි පරිදි ප‍්‍රතිලාභ ලබා ගැනීමට නම් ඔබ විසින් මෙ පියවරවල් කිහිපය නිසි ලෙෂ ක‍්‍රියාත්මක කළ යුතු වේ.

Apartments for sale in ColomboApartments for sale in Matara
Apartments for sale in GampahaApartments for sale in Kandy
Apartments for sale in GalleApartments for sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close