දේපළ

දේපළ සඳහා ලෝකයේ පවතින බොහෝ මිල අධික නගරයන්

ඔබ ලෝකයෙ සිටිනුයේ කොහේද යන්න මත විවිධාකාර ලෙස දේපළයන් හි මිල වෙනස් විය හැකිය. ඒ සඳහා බොහෝ කරුණු බලපානු ලබන අතරමඑ ය කොන්දේසි ලෙස නිවාස, ආපනශාලා සහ ප‍්‍රවාහන සේවා සම`ග බද්ධව තිබේ. පළමුව මිල අධික නගරයන සාමාන්‍යයෙන් විශාල සහ ලෝක ආර්ථිකයේ කොන්දේසි ලෙස වැදගත් වේ. මක්නිසාද මෙම නගර සාමාන්‍යයෙන් විශාල ජනගහණකයක් සිටින අතර ඒ නිසාම නිවාස සඳහා ඇති ඉල්ලූම ඉහළ යයි, නමුදු ඉල්ලූමට අනුව සැපයීම සඳහා වන නිවාසයන් ප‍්‍රමාණවත් නොවේ. මෙම නිසා නිවාස මිල අත්‍යන්තයෙන්ම ඉහළ යෑමක් සිදු වෙයි. දේපළ වෙළඳාමට අදාලව ලොව පවතින මිල අධික නගරයන් කිහිපයක් පිළිබඳව අපි විමසා බලමු.

01. සිංගප්පුරුව
ලොව ඇති රමණිය නගරයන්ගෙන් එකක් මෙන්ම ජිවත් වීම සඳහා මිල අධික නගරයක්ද වේ. මෙම අති උත්කර්ශවත් නගරයේ ජිවත් වන මිනිසුන් සඳහා හොඳ ආදායමක් ඇත. එසේ නමුදු සිංගප්පුරු ජිවත් වන මිනිසෙකු විසින් සෑම මසකම සාමාන්‍ය වශයෙන් ඩොලර් 2,570 ආදායමක් උපයන අතර තනි නිදන කාමරයක් සහිත කුඩා මහල් නිවාසයක් දළ වශයෙන් එම මුදලට ගැලපෙයි. කෙසේ වෙතත් මහල් නිවාසයන්ගේ මිල අතත්‍යන්ත ලෙස මිල අධික වීම පමණක් එකම කරුණ නොවේ. තරමක සමෘද්ධිමත් කමක් දැක්වීමට සිංගප්පුරුවේදී සාමාන්‍ය ප‍්‍රමාණයේ කාර් රථයක්ද මිලදී ගත හැකි විය යුතුය. උදාහරණයක් ලෙස වොක්ස්වැගන් ගොල්ෆ් කාර් රථයක් ඩොලර් 65,000 වැනි විශාල මිලකට විකිණිමට තිබේ.

02. පැරිසිය
ලෝකයේ වැඩිම සංචාරක ස්ථානයක් වනුයේ පැරීසියයි. මේ නගරය ජනප‍්‍රිය වනුයේ එහි ඇති කෞතුකාගාරය, ගෘහ නිර්මාණ ගීල්පය, කෑම සහ ඕනෑම තැනකින් භාණඩ මිලදී ගැනිමට හැකියාව නිසාය. මෙවන් අතිවිශිෂ්ඨ නගරයක ජිවත් වීමට සහ රැුකියා කිරිමට බොහෝ අය කැමැත්තක් දක්වයි. නගරයේ මධ්‍යයට වන්නට වර්ග මිටරයක් ඩොලර් 13,180 පමණ මිලකට ලැබිම ගැන ඔබ පුදුමයට පත් විය යුතු නොවේ. පැරිසියේ තිබේන මහල් නිවාස ලොව මිල අධිකමයන් බවට පත් වි තිබේ.

03. ස්රිච්, ස්වස්ටර්ලන්තය
ස්වස්ටර්ලන්තයේ ඇති විශාලම නගරය සහ එහි ආර්ථකයේ හදවත බඳුවන නගරයයි ස්රිච්. මෙම නගරය එහි වු ෙඓතිහාසික අලංකාරය සහ යුරෝපය තුල වු සර්වභෞම්ක නගරයක් ලෙස පවතියි. එමනිසාම ඉතා අවාසනාවන්ත ලෙස මෙය මිල අධික නගරයකි. නිදන කාමර තුනකින් යුතු මහල් නිවසක් මසක අගය දළ වශයෙන් ඩොලර් 3,500 වන විශාල අගයක් ගනියි. එපමණක් නොව හදිසිය් ඔබට අසනීප තත්වයක් ඇති වුවහොත් බෙහෙත බෝතලයක දළ අගය ඩොලර් 19ක් පමණ වේ.

04. සිඞ්නි, ඔස්ටේ‍්‍රලියාව
ඔස්ටේ‍්‍රලියාවේ ඇති විශාලම නගරය වන මෙය ලොව පවතින් අතිවිශිෂ්ඨ නගරයන්ගෙන එකක් වේ. සුරම්‍ය වු කාළගුණයකින් පවතින මෙම නගරය තුල වර්ෂය පුරාම කළ හැකි දේ බොහෝ වන නිසාම ලොව වැඩිම සංචාරකයින් පිරිසක් ඇදෙන නගරයක්ද වේ. නිවාඩුවක් ගත කිරිම සඳහා සිඞ්නි වලට යෑම විනෝදයක් ගෙන දෙන ක‍්‍රියාවක් වුවද එහි ජිවත්විම ඉහළ අගයක් ගනියි. එයට නිදසුනක් ලෙස මෙහි දළ වශයෙන් මෙහි නිවසක විකුණුම් මිල වනුයේ ඩොලර් 600,000 පමණ වේ.

05. ටෝකියෝ, ජපානය
කලින් සඳහන් කළ පරිදි ජනගහණය විසින් නගරයක මිල ඉහළ දැමිමට හේතු වන අතරම විශේෂයෙන්ම නිවාස සඳහා අවකාශයන් අවම වු විටකය. ලොව අතිමහත් ජන ඝනත්වයකින් පිරි නගරයන් අතුරින් ටෝකියේ නගරය ප‍්‍රමුඛ වේ. ඔබට ජපානයේ ප‍්‍රධාන නගරය සහ ආසියාවේ ආර්ථක මධ්‍යස්ථානය වන නගරයේ ජිවත් වීමට අවශ්‍යවේ නම් ඔබට ඒ සඳහා තරමක් මිලක් වැය කිරිමට සිදු වෙනු නියතය. වර්ග මීටරයක් දළ වශයෙන් ඩොලර් 11,500 තරම් මිලක් වේ.

06. ජිනිවා, ස්වස්ටර්ලන්තය
ස්වස්ටර්ලන්තයේ ජිනිවා නගරයට වඩා ස්රිච් නගරයේ ජනගහණය විශාල වේ. ජිනිවා නුවර ලෝකයේ ධනවත් ජනගහණය සතුව තිබෙන අතර මෙම නගරයේ ජිවත්විම සඳහා ගැලපෙනම ක‍්‍රමවේදය එය වේ. ජිනිවා නගරයේ පදිංචිකරුවෙකුගේ මාසික සාමන්‍ය ආදායම ඩොලර් 6,600 පමණ වන අතර කෙසේ වෙතත් ඔබට නගරයේ කෙළවරට වන්නට ජිවත්වීමට අවශ්‍ය නම් ඔබ විසින් වර්ග මිටරයකට ඩොලර් 15,000 පමණ ගෙවිය යුතු වෙනවා.

07. කරකාසා, වෙනුසියුලාව
ත්‍ලා්කයේ ඇති මිල අධිකම නගරයන් ගැන මිනිසුන් සිතද්දී ඔවුන්ගේ මතකයට එනුයේ ඇමරකානු එක්සත් ජනපදය, යුරෝපය සහ ආසාාවේ සමහර කොටස් පමණකි. දකුණු ඇමරිකාවේ මෙවන් අතිසුඛෝපබෝගි නගරයන් ඇතැයි මිනිසුන් නොසිතයි. එයට හේතුව බොහෝ දකුණු ඇමරිකානු රටවල ඇති නරක ආර්ථිකය හා දිළිඳුකම නිසාය. කෙසේවෙතත් කරකාසා ඔබ සිතන ආකාරයේ දකුණු ඇමරිකානු නගරයක් නොවේ. එහි නිවාසයන්ගේ මිල ගණන් ගැන සිතා බලද්දි මිනිසුන් විසින් එතරම් මිලකට නිවාසයන් මිලදී ගැනිම විශිෂ්ටය. නගරයේ ජිවත් වන මිනිසෙකුගේ දළ මාසික ආදායම ඩොලර් 620 පමණ වන අතර එක් නිදනකාමරයක් සහිත මහල් නිාසයක මාසික කුළිය ඩොලර් 1,500 වේ.

08. හොංකොං, චීනය
ජනගහණ ඝනත්වය ගැන සිතා පැලීමේදී හොංකොං හා සමකිරිමට වෙනත් නගරයක් නැති තරම්ය. මෙම ආසියාවේ ආර්ථක මධ්‍යස්ථානය ජිවත් විමට සැමවිටම මිල අධික ස්ථානයකි. කෙසෙවෙතත් බි‍්‍රතාන්‍යයන් විසින් චීනයේ හොංකොං නගරයේ බලය 1997 වන තෙක් රඳවාගෙන සිටිමේදී මෙම මිල ගණන් පුපරුවා හරින ලදී. බොහෝ මිනිසුන් තදබද ලෙස ඉතාම කුඩා ස්ථානයන් හි වාසය කරන අතර එයට හේතුව හොංකොං හි දේපළ වෙළදාමේදී දළ වශයෙන් මෙහි වර්ග අඩියක මිල ඩොලර් 11,000 පමණ වන නිසාය. එහි ඇති තැතිගැන්වෙන සුළු දෙයනම් ල`ග එන අනාගාතයකදී මෙම මිල පහත වැටිමේ කිසිදු ලකුණක් පෙනුන්ම් නොකිරිම හා එය සමානුපාතික වීමේ ලකුණක්ද පෙන්නුම් නොකිරිමය.

09. ලන්ඩන්, එක්සත් රාජධානිය
එංගලන්තයේ මධ්‍යම නගරය වන ලන්ඩන් නගරය බොහෝ සංකේතිය නගරයක් වන අතරම සංචාරක ඇඳගැනීමේ සමර්ථකමක් ඇති නගරයකි. බිග් බෙන් ඔරලෝස් කණුව, සාන්ත පාවුලූ දෙව්මැªර, බි‍්‍රතාන්‍ය කෞතුකාගාරය සහ ටවර් බ‍්‍රඞ්ජ් වැනි දෑ මෙහිදි දැක බලා ගැනීමට පිළිවන. ලන්ඩන් නගරයට මෙම මිල අධිකත්වය පවත්වා ගැනිමේ කීර්තිමත්භාවය රඳවා ගැනිම සෑම විටම උරුමය. ලන්ඩන් නගරය සැළකිය යුතු මට්ටමේ මිල ඉහළ අගයක් ගන්නා අතර එහි පැවැත්ම මේ වටා ගොනුවී තිබේ. ලන්ඩනයේ ඇති මහල් නිවාසයක වර්ග අඩියක් ඩොලර් 5,300 අගයක් ගනියි.

Property for sale in ColomboProperty for sale in Matara
Property for sale in GampahaProperty for sale in Kandy
Property for sale in GalleProperty for sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close