සුරතල් සතුන් සහ සතුන්

ශ‍්‍රි ලංකාවේ ජනප‍්‍රිය සුනඛ වර්ගයන්

අතීත කාළයේ ශ‍්‍රි ලංකාවේ සුනඛයින් හදා වඩා ගැනීම, අභිජනනය සහ රැුකබලා ගැනීම ජනප‍්‍රිය ක‍්‍රියාවකි. විවිධ ජනප‍්‍රිය වර්ගයන්ගේ සුනඛයින් ඇති අතර එකිනෙක වර්ගයන්ට ආවේනික වු වාසි හා අවාසි ඇත. ශ‍්‍රි ලංකාවේ සුරතල් සතුනට ප‍්‍රියතාවයක් දක්වන්නන් සුරතල් බල්ලෙකු තබා ගැනිම හා රැුකබලා ගැනිම කාළය ගත කිරිමට ඵලදායි ක‍්‍රියාවක් බව දනියි. අඅඅගසනප්බගකන වෙබ් අඩවිය මගින් ඔබට විවිධ වර්ගයන්ගේ සුනඛයින් සහ බලූ පැටවුන් සොයා ගැනිමට හැකි අතර බොහෝ වර්ගයන් ශ‍්‍රි ලංකාව තුල ඉතා ජනප‍්‍රිය වර්ගයන් වේ. ඔබ බලූ පැටවෙක් හෝ සුනඛයෙක් මිලදී ගැනිමට සොයයි නම්, ඔබ විසින් පහත දක්වා ඇති විවිධ වර්ගයන්ගේ සුනඛයන් පිළිබඳ වාසි හා අවාසි ලැයිස්තුව කියවා දැන ගත යුතු වේ.

රොට්වයලර්
රොට්වයලර් යනු ශ‍්‍රි ලංකාව තුල ජනප‍්‍රිය සුනඛ වර්ගයක් මෙන්ම ඔබට ඕනෑතරම් රොට්යලර් බලූ පැටවුන් මිලදී ගැනීමට සොයා ගත හැකිය. මෙම වර්ගය ඉතාම සුපරික්ෂාකාරිව සිටින වර්ගයක් වන අතර ඉතා හොඳ මුර බල්ලෙකු සේ මෙහෙය ඉටු කරනු ලබයි. කෙසේ වුවත් මෙම වර්ගය ඉතා සුපරික්ෂාකාරි වුවත් ඔවුන්ගේ හැසිරීම ඉතාමත් ළැදියාවක් සහිත වන අතර රොට්වයලර් ළමුන්ට ආදරය දක්වන වර්ගයක්ද වේ. මුලික පුණුවීම් වල සිටම මෙම සුනඛ වර්ගය එක්තරා මට්ටමක තබා ගත යුතු වෙනවා. එමගින් හිමිකාරිත්වයේ ක‍්‍රියාවලිය මනාව පවත්වාගෙන යෑමට ඔබට හැකියාව අත්වේ වේ. මෙම වර්ගය හදා වඩා ගැනීමේදී උපකාරි වන හෝඩුවාවක් නම් දිනපතා රොට්වයලර් හට ව්‍යායාම් සහ එළිමහන් කාළ වේලාවක් ලබා දිය යුතු විමය.

බොක්සර්
බොක්සර් සුනඛයින් ප‍්‍රණවත්, උද්යෝගිමත් වර්ගයක් වන අතර වඩා සුදුසු වන්නේ තනි පුද්ගලයෙකුට හෝ වේගවත් පවුලක් සඳහා වේ. මෙම වර්ගයේ සුනඛයෙකු තෝරා ගැනිමේ ඇති වාසිය නම් බොක්සර් අතිශය ජව සම්පන්න සහ ළමුන් සම`ග ඉතා හොඳ වීමය. මොවුන් ඉතා හොඳ මුර බල්ලන් ලෙසද යොදා ගත හැකිය අතරම වුවමනාවන් ඉටු කිරිම උදෙසා පවතින පවුලේ සුරතලා ලෙස බොහෝ විට හඳුන්වා ඇත. බොක්සර් වර්ගයේ සුනඛයකු හිමිකාරීත්වය දැරීමේදී සමහර අවාසී අතර මෙම වර්ගයේ සුනඛයින් සඳහා ස්ථිර ප‍්‍රධානත්වයක් සහ ඉතා ඉහළ තිව‍්‍රරතා ශක්තිය පාලනය කිරිමට ඉගැන්වීමේ අවශ්‍යතාවය ඇත. මොවුන්ගේ ආයු කාළය කෙටි වන අතර හිමිකරුවන් විසින් ඔවුන්ගේ කෙටි කාළීන ආයු කාළය ගැන අවබෝධයෙන් සිටිම මගින් මෙම වර්ගයේ සුනඛයකු ගැනීමට තීරණය කිරිමේදි එය සැළකිල්ලට භාජනය කල හැකිය.

ගොල්ඩන් රෙට්ට්‍්‍රව
ගොල්ඩන් රෙට්ට්‍්‍රව යනු ඒකාන්තයෙන්ම පවුලේ කැමැතිම සුනඛ වර්ගයක් වේ. මෙම සුනඛයින් තම ස්වාමියාට කාරුණික වීමේ සතුටක් ලබන අතර පවුලට සහ අමුත්තන් සම`ග ඉතා කුලූපගකමක් දක්වයි. ගොල්ඩන් රෙට්ට්‍්‍රව සුනඛයින් විශාල මෙන්ම ඉතා ලස්සන හමක් ඇති අතර ක‍්‍රිඩාවට කැමති සුනඛයකු වේ. පවුලේ පිරිස එළියට යන විටකදී මෙම බල්ලන්ද කැටුව යා හැකි අතර අනෙක් සුරතල් සතුන් අතර තැබිමටද හැකියාව ඇත, කළහාකාරි අවේණික ලක්ෂණ මොවුන් සතු නොවේ. මෙම වර්ගය විශ්වාස කළ හැකි, පක්ෂපාතීත්වයට සහ ස්ථිඑ චිත්ත ස්භාවයට ඉතා හොඳ නිදසුනකි. ලොම් හැලීම් හෝ සුවිශේෂි හමක් නඩත්තු කිරිමට නොකමැත්තක් දක්වන ගැණුම්කරුවන් විසින් ගොල්ඩන් රෙට්ට්‍්‍රව් වර්ගයේ සුනඛයෙකු මිලදී නොගන්නා අතර නිතර ලොම් හැලීම සහ හම හොඳින් පිරීම නිතර කළ යුතු වෙනවා.

බීගල්
කුඩා ප‍්‍රමාණයේ සිට මධ්‍යම ප‍්‍රමාණය දක්වා සුනඛයින්ට ප‍්‍රියතාවයක් දක්වන පිරිස් සඳහා බීගල් ඉතා හොඳ තේරීමක් වේ. බීගල් වර්ගයේ සුනඛයෙකුගේ ඇති විශාල වාසිය නම් ඔවුන්ගේ හම පහසුවෙන් නඩත්තු කිරිමට හැකි වීමය. ඉතා කෙටි, ස්භාවික හම සරල නඩත්තුවක් පමණක් අවශ්‍ය වන අතර හිමිකරුවාට ඉතා පහසුදායක සුනඛ වර්ගයක් වේ. මිත‍්‍රශිලී චිත්ත ස්භාවය හා සංසුන් සුනඛයකු ලෙස බොහෝ සුරතල් සතුන්ට හා සතුන්ට ප‍්‍රියතාවයක් දක්වන පිරිස්ගේ අගය කිරිමට බීගල් ලක්වේ. ව්‍යායාම් සඳහත් ක‍්‍රිඩා කිරිමට සහ එළිමහන් ක‍්‍රියාවන්ට බීගල් කැමැත්තක් දක්වයි. බීගල් සුනඛ වර්ග පිළිබඳ අනතුරු ඇ`ගවීමක් සටහන් කළහොත් මොවුන් බොහෝ විට වැඩිපුර ආහාර ගැනීමක් සිදු කරන අතර සමහර අයිතිකරුවන් පවසන අන්දමට ගෙවත්තේ ඇති ඕනෑම දෙයක් ආහාරයට ගනියි. එමනිසා මොවුන්ගේ ආහාර ගැනීම ඉතා සුක්ෂමව බැලිය යුතු වන අතර ඔබ විසින් ඔවුන් පමණට වඩා ආහාර නොගන්නා බවට සහතික කර ගත යුතු වේ.

ජර්මන් ෂෙපර්ඞ්
පක්ෂපාතීත්වය හා ආරක්ෂණය අතින් ඉතා හොඳ වර්ගයකි ජර්මන් ෂෙපර්ඞ් සුනඛ වර්ගය. මෙම සුනඛයින් ඉතා අනගි වර්ගයේ මුර බල්ලෙකු සේ තම ස්වාමියා සහ දේපළ ආරක්ෂා කරයි. මෙම සුනඛ වර්ග ඉතා බුද්ධිම් වන අතර සෑම ජර්මන් ෂෙපර්ඞ් සුනඛයෙකුම හොඳ අභියෝගයන්ට කැමැත්තක් දක්වයි. කෙසේ වෙතත් නියමාකාර පුහුණුවක් ලබා නොදුන් විටක මෙම සුනඛයින් ප‍්‍රධානීන් සේ කටයුතු කිරිමට පටන් ගන්නා අතර සමස්ථයක් වශයෙන් කළහාකාරී තත්වයක් පෙන්නුම් කරයි සහ වැඩිපුර ප‍්‍රමුඛතාවය ගෙනද ක‍්‍රියා කරනු ලැබේ. ජර්මන් ෂෙපර්ඞ් බලූ පැටව් කාළයේ සිටම නියමාකාර පුහුණුක් ලබා දීම සහ නායක්තවය සඳහා පුහුණුකරවන්නා විසින් හුරු කිරිම ඉතා වැදගත් වේ. එමගින් සුනඛයා හොඳින් සමාජානුයුක්ත වන අතරම මිනිසුන්ට හා වෙනත් සතුන්ට සම`ග දැඩි කළහාකාරි තත්වයක් පෙන්නුම් නොකරයි. මෙම වර්ගය වැඩිපුර අවධානය, සැලකිල්ල සහ ශක්තිය අවශ්‍ය වන අතර එලෙස ඔවුන් වෙනුවෙන් කාළය මිඩංගු කළ නොහැකි පිරිස් සඳහා මෙම වර්ගය නොගැලෙපෙනු ඇත.

ඩොබර්මන් පින්ෂර්
ඩොබර්මන් පින්ෂර් හෝ කෙටියෙන් ඩොබර්මන් විශාල, දර්ශණිය මෙන්ම හැඩවැඩ කිරිම සඳහා ඉතා පහසු සුනඛ වර්ගයකි. ඔවුන්ගේ සිනිඳු කෙටි සම නඩත්තු කිරිමට ඉතා පහසු වන නිසා අයිතිකරුවන් හට බොහෝ කාළයක් ඒ සඳහා වැය කළ යුතු නොවේ. ක‍්‍රිඩා කිරිමේදී සහ පිටත ක‍්‍රියාකාරකම් වලදි මෙම වර්ගය විශිෂ්ටත්වයක් දක්වයි. මොවුනට සැළකිය යුතු මට්ටමේ ව්‍යායාම් සහ ක‍්‍රියාකාරකම් ලබා දිය යුතු වන අතර තම බල්ලා සම`ග කාළය ගත කිරිමට ඉඩකඩ නොමැති අයිතිකරුවන් හට මෙම වර්ගය නොගැලපෙනු ඇත. ඩොබර්මන් වර්ගයද නිතරම පාහේ අනෙක් මිනිසුන්ට හා සතුන්ට ආක‍්‍රමණශිලී විය හැකිය. මෙම වර්ගය සමාජයේ හැසිරිම පිළිබඳ වැඩිපුර පුහුණුවක් ලබා දිය යුතු වන අතර ඉතා පහුසවෙන් බිය ගැන්විය හැකි වේ.

ඩැල්මේෂන්
ඩැල්මේෂන්ද ශ‍්‍රි ලංකාව තුල ඉතා ජනප‍්‍රිය සුනඛ හා බලූ පැටව් වර්ගයක් වේ. ඩැල්මේෂන් සතුව පවුල් ජිවිතයකට ගැලපෙන මනා පෞරුෂත්වයක් සහ හොඳ චරිත ස්භාවයක් පවතියි. ඩැල්මේෂන් වර්ගය පෙනුමේන් අනෙකුත් ෂතුන් සම`ග සහ මිනිසුන් සම`ග කල් යැවිමට කැමති අතර සමාජායනය කිරිම සඳහා පුරුදු පුහුණු කිරිමට එතරම් කාළයක් නොමැති පිරිස් සඳහා එව හොඳ රුකුලක් සපයයි. මෙම වර්ගය පිරිසිදු කිරිම සඳහාද වැය වන්නේ අවම කාළයකි. මොවුන්ගේ ඇති එක් අවාසියක් නම් මෙම වර්ගය උඩ පැනීමට හුරුවී සිටිම සහ වැඩිපුර ශක්තිජනක වීමය. එමනිසා ඩැල්මේෂන් හට පවුලේ සම`ග ගත කරන කාළයක් මෙන්ම එළිමහන් කාළයක්ද ලබා දීම මගින් ඔවුන්ගේ ස්ථායි ශක්තිය ප‍්‍රකිශිත කිරිමේ අවස්ථාවක් උදා කර දිය යුතු වේ.

ජනප‍්‍රිය වර්ගයන් පිළිබඳ තිරණයක් ගන්නේ කෙසේද?
අවසාන වශයෙන්, කුමන වර්ගයේ සුනඛයෙක් මිලදී ගන්නවාද යන්න තනි පෞද්ගලික තේරීමක් වේ. අනාගතය පිළිබඳ සිතන ගැණුම්කරුවන් විසින් ඔවුන්ගේ ජිවන විලාසයට සරිලන සුනඛ වර්ගයක් තෝරා ගනු ඇත. සුනඛ වර්ග කෙතරම් ශක්තිජනකද යන්න සැළකිල්ලට බඳුන් කළ යුතු කාරණයක් වේ. අයිතිකරු හට ශක්තිජනක සුනඛ වර්ගයක් හට ප‍්‍රමාණවත් ව්‍යායාම් සහ එළිමහන් කාළයක් ලබා දීමට ඉඩකඩක් නොමැති වියදී එකි වර්ගය ඇතුලතදී හා පිටතදී නරක හැසීරීම් රටාවක් පෙන්විය හැකිය. තවත් සැළකිල්ලට බඳුන් කළ යුතු කාරණයක් නම් පිරිසිදු කිරිම සඳහා කොපමණ නඩත්තු කිරිමක් අවශ්‍යද යන්න ය. යම් වර්ගයකට දිගු ලෝම ඇති සහ ලොම් හැලීම සිදු වේ නම් අයිතිකරුට සිදු වෙනවා බොහෝ විට වැඩි කාළයක් පිරිසිදු කිරිම සහ පීරිම සිදු කිරිමට. අයිතිකරු හට පවුලේ සාමාජිකයන් හා වෙනත් සුරතල් සතුන් සිටින විටක හොඳින් සමාජායනය වු සහ හොඳ චරිත ස්භාවයක් ඇති වර්ගයක් තෝරා ගැනිම හිතකර වන අතර එය අක‍්‍රමණශිලි වර්ගයකට වඩා හොඳ තේරීමක් වනු ඇත.
සමස්ථයක් වශයෙන්, ජනප‍්‍රිය වර්ගයන් හට ජනප‍්‍රියතාවය හේතුවක් නිසා ලැබී ඇත. මෙම වර්ගයන් සතුව බොහෝ සහජ ගතිගුණ ඇති අතර ඒ හේතුවෙන් බොහෝ සුරතල් සතුන් අයිතිකරුවන් වසරක් පසාම ඔවුන්ව ඉතා හොඳින් රැුක බලා ගැනිම සහ ඔවුන් සමග කාළය වැය කිරිම සිදු කරනු ලබයි. ඔබ ජනප‍්‍රිය වර්ගයේ සුනඛයෙකුගේ අයිතිකරුවෙකු විමට කැමතිනම් මක්නිසාද යත් මෙහිදි සුරතල් සත්ව අයිතිකරුවන් හට රැුකබලා ගැනීම පිළිබඳව සහාය දැක්වීමට බොහෝ විශ්මිත සම්පත් තිබේ. ශ‍්‍රි ලංකාව තුල ඔබ විසින් ජනප‍්‍රිය වරිගයේ බලූ පැටවුන් සහ සුනඛයින් සොයයි නම් ඔබ විසින් සනප්බ වෙබි අඩවිය වෙත පිවිස එහි ඇති විවිධ වර්ගන් පිළිබඳව අදම සොයා බැලිය යුතු වනවා. එහි ශ‍්‍රි ලංකාව තුල විකිණිමට ඇති බොහෝ වර්ගයන්ගේ බලූ පැටවුන් සහ සුනඛයින් පිළිබඳ තොරතුරු සඳහන් වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close