රැකියා සහ සේවා

ශ‍්‍රි ලංකාවේ නිපුණතාවයකින් පසු වඩාත් බලාපොරොත්තු වන රැකියා වෙළඳපල 2015

කුඩා ජාතියක් වන ශි‍්‍ර ලංකාව වර්ධනීය ආර්ථික සංවර්ධනයක් පෙන්නුම් කරමින් තිබේ. කෙසේවෙතත් ප‍්‍රමාණවත් සහ ස්ථායි වර්ධනය තිබියදීත් රැකියා වෙළඳපල වර්ධනය කර්මාන්ත අංශයෙන් සුවිශේෂි රැකියාවන් හි ඉහළ මධ්‍යන අගයක් දරණ අතර සුවිශේෂි නිපුණතාවයන් ඇති අය සඳහා මෙම ආර්ථික නැ`ග ඒම අවස්ථාවක් සළසා දෙයි. මෙහිදි සුවිශේෂි නිපුණතාවයන්ගෙන හෙබි පුද්ගලයන් හට මෙම වරප‍්‍රසාදය ජය ගැනිමට එතරම් අසීරු ක‍්‍රියාවක් නොවෙනු ඇත.

මාණ්ඩලීක උපදේශණ, කැලි සේවාවන්ට අනුව රැකියාවන් සොයන පිරිස් ජංගම දුරකථන තාක්ෂණය, විකුණුම් සහ ප‍්‍රවර්ධන අංශය, බැංකු අංශයේ සම්බන්ධතා කළමාණකරන, විශ්ලේෂ සහ තොරතුරු තාක්ෂණ සහ විමර්ෂණ සහ විකාශය යන අංශයන් පිළිබඳ සුවිශේෂි නිපුණතාවයන්ගෙන් හෙබි විය යුතු වේ. මෙම සුවිශේෂි කර්මාන්තයන් සියයට 10-15 අතර වර්ධනයක් පෙන්නුම් කරමින් තිබේ. මෙවැනි සුවිශේෂි නැ`ග එම සඳහා තොරතුරු තාක්ෂණයෙන්ද, ව්‍යාපාරික ඥාණය සහ දත්ත මෙන්ම ඉලෙක්ට්‍රොනික ගිණුම්කරණය සහ ඉගැන්විමෙහි නිපුණතාවයෙන් හෙබි විය යුතුය.

ව්‍යාපාරික ඥාණය සහ දත්ත
ව්‍යාපාරික ඥාණය සහ දත්ත විශ්ලේෂණ නිපුණතාවය දැනට ඉහළ ඉල්ලූමක් පවතියි. තනි පුද්ගලයින් වශයෙන් සැළකිය යුතු මට්ටමේ අත්දැකිමෙන් බහුල වේ නම් ඔවුන් සඳහා දොස්තරවරු සහ නිතිඥයින් සඳහා ගෙවන ඉහළ තලයේ වැටුපම ලබා ගත හැකි අතරම නුපණතාවයන්ගෙන් ඉහළම ලැයිස්තු ගත කිරිමේද පවතියි. මෙම සුවිශේෂි ප‍්‍රවර්ගය ව්‍යාපාරික ඥාණය, දත්ත විශ්ලේෂණය හා වාර්ථාකිරිම සහ මෘදුකාංග සැකිලි නිර්මාණය යන නිපුණතාවයන් අඩංගු වේ.

මෘදුකාංග විකාශනය සහ තොරතුරු තාක්ෂණය
තවත් ඉහළ තලයේ ඉල්ලූමක් පවතින නිපුණතාවයන්ගෙන හෙබි අංශයන් වනුයේ තොරතුරු තාක්ෂණික, ඉලෙක්ට්‍රොනික ගිණුම්කරණය සහ මෘදුකාංග විකාශන අංශයන්ය. මෙය ඉලෙක්ට්‍රොනික ගිණුම් තැබිමේ ආයතනයන් විසින් ව්‍යාපාරයන්ගේ වර්ධනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කිරිම නිසා සිදු වුවකි. මෙමගින් මේ වසරේ එනම් 2015දී සියයට 18 සිට 20 වර්ධනයක් අපෙක්ෂා කරයි. මෙම නැඹුරුතාව කිසිලෙසකින්වත් අවම විමක් අපෙක්ෂා නොකරනුයේ තාක්ෂණ පාර්භෝජනයේ ඉහළ යෑම වන අතර විශේෂයෙන්ම ජංගම දුරකථන අංශයේ වර්ධනීය ස්භාවයයි.

මෙම ආර්ථිකයේ සමෘද්ධිමත්භාවය සම`ග ඉහළ ඉල්ලූමක් ඇති තනතුරක් සඳහා ඉල්ලූම් කිරිමේදි සාම්ප‍්‍රදායික තොරතුරු තාක්ෂණය අංශය නැ`ග එන අත්දැකීම් වලින් බහුල විය යුතුය. මෙම ඉහළ යන ඉල්ලූම විසින් විවිධ නිපුණතාවයන්ගේ අවස්ථාවයන් උදා කර දෙන අතර ඒ අතුරින් තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් සැපයුම් කළමණාකරණය, ඇනොරොයිඞ්, ෂධී සහ වින්ඩොස් සඳහා ජංගම දුරකථන විකාශක දැක්විය හැකිය. සාම්ප‍්‍රදායික තොරතුරු තාක්ෂණික රැුකියාවකට වෙනස්ව ඍමඉහල ඡුහඑයදබල ්‍යඔඵඛල ක්‍ීී සහ ඍ්සකි වැනි ප්‍රොගැමින් භාෂාවේ නිපුණතාවයන්ගේ හෙබි අය සඳහාද මෙම වර්ධනයේ අවස්ථාවයන් හිමිවේ.

ඉගැන්වීම සහ අධ්‍යාපනය
ශ‍්‍රි ලංකා රජය විසින් අධ්‍යාපනය සඳහා ඉහළ ස්ථානයක් ලබා දී ඇති අතර ඉහළ ශික්ෂණයක් සහිත ඉගැන්විමේ නිපුණතාවයන් පිළිබඳ අවධානය යොමු කර තිබේ. මෙය කොළඹ ආශ‍්‍රිත රැකියාවක් ලෙස පැමිණි විට ගුරු වෘත්තිය ඉහළින්ම තිබේන නමුදු ගුරු වෘත්තිය කොළඹට පමණක් සීමා වී ද නොමැත.

ශ‍්‍රි ලංකාවේ ස්ථාන කිහිපයකම ගුරු වෘත්තිය සඳහා ඉහළ ඉල්ලූමක් තිබේන අතර දෙවනුව ගුරු වෘත්තිය පිළිබඳ අත්දැකීම් අඩුව ඇති අය සඳහාද මාවත් විවෘත වේ. අධ්‍යාපනය සඳහා සුවිශේෂි අත්දැතීම් තිබිය යුතු වුවද කොළඹ ආශ‍්‍රිත පවතින වැඩි ඉල්ලූම නිසාවෙන්ම අත්දැකීම් බහුලත්වය එතරම් නොතකා හැරිමකට ලක්ව තිබේ.

පාරිභෝගික සේවා සහ මහජන කළමණාකාර
පිරිස් කළමණාකරනය සහ පාරිභෝගික සේවා නියෝජිත යන අංශයන්ගේ ඉල්ලූම වැඩි කරමින් අත්දැකිමක් ලැබිමට ශ‍්‍රි ලංකාව සුදානම්ව සිටියි. බහුවිධ කර්මාන්තයන්ගේ පුළුල් විමත් සම`ග මේ අංශයේ විශාල වර්ධන මාවත් විවෘත වෙමින් පවතියි.

විකුණුම් සහ අලෙවිකරණ
අලෙවි සහ විකුණුම් කේෂත‍්‍රයේ අත්දැකිම් බහුලව ඇති අය සඳහාද උණුසුම් පිළිගැනීමක් ඇති අතර විශේෂයෙන් මුල්‍ය සහ පාරිභෝගික භාණ්ඩ අඞශය සඳහා වේ. සාමාන්‍ය ධනාත්මක චින්තනය විසින් වර්ධනයට පිටුවහලක සපයන අතරම කර්මාන්ත කාර්යාලීය රාජකාරීයකට වඩා ඉදිරියෙන් අලෙවිකරණ නිපුණතාවය වර්ධනීය ක‍්‍රියාවලියට වැඩි දායකත්වයක් සපයයි. අලෙවි විධායක, විකුණුම් නියෝජිත, විකුණුම් උපදේශක හෝ අලෙවිකරණ යන නාමයන් යටතේ ඇති මෙවැනි වෘත්තින් වඩා ඉහළ වැටුප් තලයකට හිමිකම් කියනු ඇත.

ඉල්ලූම්කරුවන්ගෙන් බලාපොරොත්තු වන ව්‍යාපාර හවුල්කාරීත්වය, පිරිස් කළමණාකරණය සහ සේවායෝජයකින්ට මුහුණදීම වැනි නිශ්චිත දිශාවන් කෙරෙහි වන වෘත්තිමය තත්වයන්ගේ එකමුතුවක් 2015 වසරේදි ඉහළ ඉල්ලූමක් පවතියි. ටීම්ලිස් වාර්ථාවට අනුව අධ්‍යාපන කේෂත‍්‍රයේ සැලකිය යුතු මට්ටමේ අවස්ථාවන් වර්ධනය වෙමින් පවතින බව පෙන්නා දෙන අතකර විශේෂයෙන්ම වැඩසටහන් සම්බන්ධිකාරක සහ ගුරු වෘත්තිමය නිපුණතාවයන් සඳහා විශේෂ වේ. තවද රසානික ද්‍රව්‍ය, සෞඛ්‍ය ආරක්ෂාව, ඔටෝමොටිව් සහ නිෂ්පාදන යන අංශයන් පිළිබඳ වෘත්තිය විමර්ෂණ සහ විකාශණ සැළකිය යුතු අව්‍යශතාවයන් වේ.

2014 වර්ෂය මතක තබා ගැනිම වටිනුයේ, රැකියා වෙළඳපළ සඳහා හොඳ ගණුදෙණුවක් වශයෙන් සර්වශුභවාදී ව්‍යාපෘතීන් පදනම් වන්නේ මනෝභාවය සහ එය ප‍්‍රත්‍යක්ෂ ලෙස දිර්ඝ කාර්තු තුනකට අරම්භ කරන සහ ආර්ථිකයේ එක්තරා ප‍්‍රමාණයක වෙනසක් පිළිබඳව විශේෂඥයින් විසින් අනතුරු ඇ`ගවිමක් කරනු ලබනවා. කෙසේවෙතත් 2015 ආර්ථික වර්ධනය 2014 ආරම්භයේ සිට ඇති වු ගාම්‍යතාවය ප‍්‍රතිඵලයකි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close