කාර් සහ වාහන

ශ‍්‍රි ලංකාව තුල නියම කුඩා කාර් රථයක් සොයා ගන්නේ කෙසේද?

ඓතිහාසික ශ‍්‍රි ලංකාවේ සංස්කෘතික ස්ථාන දේපළ වෙළඳාම් කේෂත‍්‍රයේ ඕනෑතරම් සොයා ගැනීමට හැකි අතරම විවිධ වර්ගයේ පාවිචචි කරන ලද වාහන සඳහා ගණුදෙණුකරුවන්, වෙබ් අඩවීන් සහ මිලදී ගැනිමට විවිධ ක‍්‍රමයන් වේ. ඔබ ජිවත් වන ප‍්‍රදේශයේ මිලදී ගත හැකි මිලකට සහ හොඳ තත්වයේ කාර් රථයක් මිලදී ගැනීමට නම් ඒ සඳහා දැන් ඕනෑතරම් ඉඩ ප‍්‍රස්ථාව ඔබට තිබේ.

ඔබට විශාල පවුලක් හිමි නොවේනම් සහ මිලදී ගත හැකි මිල, පහසුවෙන් නඩත්තු කළ හැකි සහ වියදම් අවම කාර් රථයක් නම් අවශ්‍ය කරනුයේ ඒ සඳහා විවිධ වර්ගයන්ගේ කාර් රථ ඕනෑතරම් ඔබට සොයා ගැනීමට තිබේ. ඔබට තෝරා ගැනීමට හැකි පුළුල් පරාසයක විහිදුණු විවිධ කාර් රථයන් ගැනි අපි මදක් පිරික්සා කර බලමු.

තෝරා ගැනීම සඳහා ඇති විවිධ කාර් රථ වර්ගයන්

සකසුරුවම් කාර් රථ (Economy Cars)
පළමුව ශ‍්‍රි ලංකාව තුල ඇති ආර්ථික වාසි ගෙන දෙන සකසුරුවම් කාර් රථ ගැන අපි සොයා බලමු. මෙහි අදහසම ඉතා සරළය. එනම් එය කුඩා ආකාරයෙන් නිර්මාණය කර ඇති, මිලදී ගැනීමට පහසු සහ නඩත්තු කිරිම සඳහ වියදම් අධික නොවන කාර් රථයයි. වෙනත් වචනයකින් කියන්නේ නම්, සකසුරුවම් කාර් රථ කිසිම අන්දමකින් මිල අධික නොවේ. එමෙන්ම එය වැඩි පුර ගෑස් භාවිතා නොකරන අතර එන්ජින් උපාංග පහසුවෙන් සොයා ගත හැකි සවිශක්තිමත් කාර් රථයකි. Honda Civic සහ Chevy Metro මෙම වර්ගයේ කාර් රථ ගණයට අයත් වේ. සාමාන්‍යයෙන් මෙය සිලින්ඩර් 4 ධාරිතාවයකින් යුක්තව වන අතර ගැලූමකට වැඩි කිලෝමිටර ප‍්‍රමාණයක් සිදු කරයි. කෙසේ වෙතත් station wagons වැනි විශාල වර්ගයේ සකසුරුවම් කාර් රථද ඔබට සොයා ගැනීමට හැකියාව තිබේ.

සංගත කාර් රථ (Compact Cars)
ඔබ සංගත කාර් රථයක් සෙවීමේ අරමුණ යනු ඔබ විසින් යම් කිසි ප‍්‍රමාණික කාර් රථයක් පිළිබඳ සොයා බැලීමකි. නිදසුනක් ලෙස ටොයෝටා සංගත කාර් රථ පෙළක් ඉදිරපත් කර ඇති අතර ඒවා Camry, Corolla, Yaris, Avalon, Prius, තවත් වර්ගයන් වේ. Dodge සහ Honda වැනි වර්ගයන් නිර්මාණකරුවන් විසින්ද සංගත කාර් රථ ඉදිරිපත් කරයි. මුලිකව ඔබ සංගත කාර් රථයක් සොයා බැලීමේදී මධ්‍යම ප‍්‍රමාණයේ සෙඩෑන් කාර් රථයකට (Cadillac වැනි) වඩා කුඩා සහ මිනි කූපරයකට වඩා විශාල කාර් රථක් වේ. සංගත කාර් රථ සාමාන්‍යයෙන දොර හතරින් යුක්ත වන නමුදු ඔබට දොර දෙකේ කාර් රථයක් හොඳ මිලකට ලබා ගැනීමට පිළිවන.

ඔබට අවශ්‍ය කුමක්දැයි තීරණය කරන්න
මෙහිදි ඔබගේ අවශ්‍යතාවය කුමක්ද යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ ඔබට මිලදී ගත හැකි වන වටිනාකමය. ඒවා සකසුරුවම් හෝ සංගත කාර් රථ වුවද ඔබගේ අවශ්‍යතාවය වනුයේ ඔබට මිලදී ගත හැකි වටිනාකමක් තුල ගණුදෙණුව සිදු කිරිමය. මෙහිදි හඳුනාගත යුතු කරුණු වන්නේ ඔබට අවශ්‍ය කුමක්ද යන්නය. කාර් රථ ඇත් ස්ථාන පිරික්සීමට ප‍්‍රථම ඔබට කාර් රථයකින් අවශ්‍ය කුමක්ද යන්න සොයා බැලීම සඳහා ඔබේ කාළය වැය කර ලැයිස්තුවක් සකසා ගන්න.

ඔබගේ පහසුව පිණිස අවධාරණය කළ යුතු කරණු කිහිපයක් පහත දැක්වේ. එයින් ඔබට ගැලපෙන අමතර කරුණු ඇත්නම් හෝ නොගැලපෙන කරුණු ඇත්නම් ඇතුලත් කිරිමට හෝ ඉවත් කිරමට ඔබට හැකියාව ඇත.

x අවම මිල ගණන්
x හොඳ ක‍්‍රියාකාරී තත්වය
x ස්ථාවර වගකීමක්
x වර්ගයේ සහලක්ෂණය – උදාඃ දොර 4 හෝ දොර 2
x පෙට‍්‍රල් ගැලූමට කි.මි. 70 වැඩි ප‍්‍රමාණයක් කිරිම
x පසුපස රෝද ධාවනය
x මනා පෙනුමකින් යුක්ත වීම – උදාඃ තැලීම් හෝ සීරිම් නොමැති වීම
x අනෙකුත් උචිත සහ පෞද්ගලික ලැයිස්තූන්

ඔබේ නියමිත අවශ්‍යතාවය සඳහා ඕනෑකරන කාර් රථය මිලදි ගැනීම ඉතා වැදගත් වන අතර එනම් ඔබ පුල පුලා බලා සිටි මෝටර් රථය මෙන්ම ඔබට වඩා සතුටු විය හැකි රථයද විය යුතුය.

ඔබගේ මිලට පමණක් සරිලන කාර් රථයක් සොයා ගැනීමෙන් සමහර අවස්ථාවන් වලදී එම කාර් රථයේ ක‍්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවිය හැකිය. එසේ නොවීම සඳහා විපරම් සහගත ලෙස සොයා බැලීමට මාර්ගෝපදේෂයන් කිහිපයක් පහත වේ. අවශ්‍යතාවයන් ලැයිස්තුවක් සකස් කර එය නිසි පරිදි පිළිපදින්න. වෙළඳපලේ ඕනෑ තරම් තර`ගකාරීත්වයක් ඇති හෙයින් ඔබේ අවශ්‍යතාවයන් සියල්ල සපිරෙන් කාර් රථයක් සොය ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ.

ඔබට හැකියාවට සරිලන මිලක්
තවත් අනර්ඝ අදහසක් වනුයේ මිලදී ගැනීමට පෙර ඔබ විසින් වෙළඳපලේ මිල ගණන් සසඳා බැලිමට ලක් කිරිමය. නිදසුනක් ලෙස ඔබ විසින් වෙබ් අඩවියක් සඳහා ඔබගේ සියලූ අවශ්‍යතාවයන් පඍකාශ කර සිටින විට ගණුදෙණුකරුවා විසින් ඔබේ සියලූ අවශ්‍යතාවයන් සපිරෙන පරිදි සංගත කාර් රථයක් ඉදිරිපත් කර ඒ සඳහා රුලියල් 786, 360 මුදලක් ඉල්ලා සිටියි. මෙය ඇතැම් විට ඔබට වියදම් කළ හැකි මුදලට වඩා වැඩි අගයක් විය හැකිය. වටපිට සොයා බලා ණයක් හෝ මුල්‍ය අවශතාවය සපිරෙන ක‍්‍රමයක් සොයා බැලීම වෙනුවට ඔබ විසින් කළ යුත්තේ තවත් ගණුදෙණකරුවන් මුණගැසී මිල ගණන් සසඳා බැලිමක් සිදුකිරිමය. ඔබට සන්සන්දනීය කාර් රථයක් රු. 600,000ක් වැනි මිලකට සයො ගැනීමේ අවස්ථාව මෙමගින් උදාවන අතර එමගින් ඔබට වඩා ඉතිරියක්ද ගෙන දෙයි.
මිලදි ගත හැකි වටිනාකමකින් යුත් පාවිච්චි කරන කාර් රථ සෙවීමේදී ඔබ විසින් එක් තැනකින් පමණක් සෙවිම සිදු නොකළ යුතුය. එවැන් අනර්ඝ වෙබ් අඩවින් ඔබට පහසුවෙන් වටිනා තොරතුරු ලබා ගැනිමට ඇති අතර ඉන් එක් වෙබ් අඩවියක ඔබ දැන් රැඳී සිටියි. නමුදු ඔබ සත්‍ය වශයෙන්ම කාර් රථයක් මිලදී ගැනීමට යාමේදී ඔබ විසින් ගණුදෙණුකරුවන් මුණ ගැසී මිල ගණන් සසඳා බැලිය යුතු වේ.

තවත් සුවිශේෂි කරුණක් වනුයේ ඔබේ ප‍්‍රදේශයේ ගණුදෙණු කරුවන් විසින් විශේෂ අවස්ථාවයන් සඳහා ලබා දෙන වට්ටම් ලබා ගැනීම පිණිස රැුඳී සිටිමය. උදාහරණයක් ලෙස තවත් මසකින් දමිළ තයිපොන්ගල් උත්සවය පැමිණෙන අවස්ථාවේදී ඔබේ ප‍්‍රදේශයේ ගණුදෙණුකරුවන් විසින් උත්සව සමයේ වැඩි වාහන ගණනක් විකුණා ගැනීම පිණිස විශේෂ වට්ටම් ඔබ කැමති කාර් රථය වෙනුවෙන් පිරිනැමිය හැකිය. එසේ ඔබ රැුඳි සිටිම මගින් ඔබ කැමති කාර් රථය ඔබේ කර ගැනිමේ වාසිය ඔබට අත් කර ගැනීමේ හැකියාවද පවතියි.

ඔබ විසින් කාර් රථ පිළිබඳ වෙළඳ පළ සොයා බැලීමේදී ඔබ විසින් යම් ඉවසිමක් ප‍්‍රගුණ කළ යුත්තේ ඒ නිසාය. පළමුව ම ඔබ දකින කාර් රථය මිලදී ගැනිම සඳහා නොපෙළඹෙන්න. ඔබේ කාළය රැුගෙන ඔබේ විකල්පයන් හොඳින් ලැයිස්තු ගත කර, සවිස්තරාත්මකව සහ ඔබේ අවශ්‍යතායන්ට සියල්ල සැපිරෙන කාර් රථයක් මිලදී ගැනීමට උත්සහා කරන්න.

ඔබ තිරණය කළ පසු ඔබ මිලදී ගත් කාර් රථය සම`ග ඔබ සිරවෙයි. එමනිසායි ඔබ ඉවසීම සහ සවිස්තරාත්මක පරික්ෂාව මගින් නියම අවශ්‍යතාවයන් සපිරෙන් කාර් රථය ඔබ විසින් සොයා ගත යුතුව ඇත්තේ. සකසුරුවම් කාර් රථ මිලදී ගත හැකි වටිනාකමින් සෑම විටමකම හමුනොවේ. ඒවා යම් අවස්ථාවන් වලදි ඉතා ඉහළ මිලෙන්ද යුක්ත වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close