ඉලෙක්ට්‍රොනික්ස්

2015 වසරේ දී ලාභදායී DSLR කැමරා වර්ග 5ක්

Nikon D3200

මෙම සංයුක්ත කැමරාව පහසුවෙන් ක‍්‍රියාකර හැකි ලක්ෂණයන්ගෙන් හැඩ ගන්වා ඇති අතර එහි අඩුමිලට ලැබේන විශේෂ වාසියක් ලෙසද සඳහන් කළ හැකිය. මෙය 42.2 MP DX ආකෘතියකින්ද, CMOS සෙන්සරයකින් සහ EXPEED 3 රූප පිරිසැකසුම්කරණයෙන් යුත්තවේ. ඉතා වේගවත්ව ක‍්‍රියාත්මක වන මෙම කැමරාව ඔබේ ඡුායාරූපයන් වඩා තියිණු කැපී පෙනිමක් ගෙන එන ක‍්‍රමෝපායන් පවතියි. HD චිත‍්‍රපට ගත කිරිම මෙහි අගය වැඩි කරන අතර එමගින ඔබට නිශ්චල රූප මෙන්ම චලන රූපයන්ද ලබා ගත හැකිවේ. මෙම කැමරාවේ ඉගැන්විම් මාලා නවක ඡුායාරූපශිල්පීන්ට වඩා යෝග්‍ය වන අතර වයරන් රහිත ජංගම ඇඩප්ටරය මගින් ඔබේ ජංගම දුරකථනයට, ලැප්ටොප්, ලැබ්ලටයට හෝ පරිගණකයට ඡුායාරූපයන් යවා ගත හැකි වේ.

Nikon D3200 හි ආරම්භක මිල $389.95

Nikon D3100

මෙම කැමරාව බරින් අඩු සංයුක්ත සහ පහසුවෙන් ක‍්‍රියාකර හැකි උපකරණයකි. එසේ වවුද මෙය පුර්ණ ලක්ෂණයන්ගෙන් සමන්විතව තිබේන නමුදු මෙහි සරළ බව එය ඉදිරියෙන් තිබිමට සමත් ව තිබේ. මෙය නවක ඡුායාරූප ශිල්පින්ට උපදේශණ පැය ගණනක් කියවා සිටිම අත්හැර මෙහි වන ලක්ෂණයන් ක‍්‍රියාත්මක කිරිමේදි අත්හදා බැලීමට කදිම කැමරාවක් වේ. මෙහි මාදිලියන් හොඳ ඡුායාරූපයන්ද ඔබ වෙත ගෙන එයි. තවද මෙමගින් 1080 HD විඩියෝ ගත කිරිමේ හැකියාව ඔබ වෙත පිරිනමයි. මෙහි ඇති සුවිශේෂිත්වය නම් සැබවින්ම අමතර උපාංග නොමැතිව ඔබට රිසි ආකාරයෙන් භාවිතා කළ හැකි විමය. මෙයAF-S DX NIKKOR 18-55mm f/3.5-5.6G VR යන කාචයන්ගෙන් පැමිණෙයි.

Nikon D3100 හි ආරම්භක මිල $289.99

Nikon D5100

$1,000 වැනි අඩුමිලට ඇති DSLR කැමරා අතර අනර්ඝ කැමරාවක් වන මෙය එහි ඇති සුවිශේෂි ලක්ෂණයන් සහ පහසුකම් විසින් පාවිච්චි කරන ලද කැමරාවක් මිලදී ගැනිමට වඩා හොඳ ආයෝජනයක් ගෙන දෙයි. මෙය නවක ඡුායාරූප ශිල්පීන්ට වඩා යෝග්‍ය වන අතරම එමගින් හොඳ තත්වයේ ඡුායාරූපයන් ඔබ වත ගෙන එයි. මෙහි මුහුණත පහසුවෙන් පරිහරණය කළ හැකි අන්දමෙන් ඇති අතර බොහෝ ලක්ෂණයන් එහි මැනුවලයට එක් කර ඇති හෙයින් ඔබ විසින් එකින් එක සොයා බැලිය යුතුවේ. මෙහි උසස් තත්වයේ LCD තිරය මගින් ඔබේ ඡුායාරූපයන් එවලේම නැරඹිය හැකියාව ලබා දෙයි. AF පද්ධතිය නවින සහ එහි මලිට වැඩි වටිනාකමක් එක් කරයි. නවකයන් විසින් එහි වන උපක‍්‍රම මාදිලිය වඩා කැමති සහ පහසුව මගින් ගෙන එන විනෝදයට වඩා කැමැති වේ. බොහෝ ආධුනිකයින් මෙම කැමරාවට කැමති වුවුද අනෙකුත් කැමරාවන් හා සසඳා බැලීමේදි නිපුණ භාවිතා කරන්නන විසින් එහි ඇති විඩියෝ කාර්යය සජිවිව මදක් අඩු වේගයෙන් කි‍්‍රියාකරන බව පවසයි. ස්වයංක‍්‍රිය භාවිතාව ඡුායාරූපයන් සඳහා අනර්ඝත්වයක් ගෙන එන නමුදු එය දිනපතා භාවිතාවට එතරම් සුදුසු නොවේ. දෙවැනි තලයේ හැසිරවිම් සොයා ගැනිමට අපහසු සහ පිහිටුම නිර්ණය කර ගැනිමට අපහසු බව භාවිතා කරන්නන් විසින් පැමිණිලි කරයි. Nikon D5100 කැමරාව සෑම නිකොන් කාචයන් සම`ගම නාභි ගත නොවන නමුදු බොහෝ ජනප‍්‍රිය කාචයන් සමග ක‍්‍රියාකරයි.

Nikon D5100 හි ආරම්භක මිල $353.95

Cannon EOS Rebel T3i

ජිවිතයේ සුන්දරම අවස්ථාවන් සුවිශේෂි අන්දමින් සටහන් කර ගැනිමට පහසුවෙන් ක‍්‍රියාකර හැකි ලාභදායි කැමරාවන් අතුරින් Cannon EOS Rebel T3i කැමරාව කැපී පෙනෙයි. මෙහි සංයුක්ත නිමාව ඕනෑම මාදිලියේ කැමරා පසුම්බියකට සහ ඔබේ අතුලට හොඳින් ගැලපෙනු ඇත. හැසිරිවම ඉතා පහසු සහ මෙහි ක‍්‍රියාකාරීත්වය විශේෂ වේ. EOS Rebel T3i කැමරාව DIGIC 4 ඡුායාරූප ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන අතර එය කැනන් හි කැමරා සඳහා නවතම හඳුන්වාදිමකි. මෙගාපික්සෙල් 18 l CMOS ඡුායාරූප සෙන්සරය උසස් තත්වයේ ලක්ෂණයක් වන අතර එය සම්පුර්ණ HD විඩියෝකරණය සහ සජිවිව නැරඹිමේ හැකියාව මෙන් වේ. එමනිසා ඔබ විසින් මිලදි ගන්නේ නිශ්චල ඡුායාරූප ගැනිමේ කැමරාවක් පමණක් ම නොවේ. සමහර භාවිතා කරන්නන් මෙම ලක්ෂණයන් නිසි පරිදි කි‍්‍රියා නොකර බවට පවසන අතර එය ඉහළ ක‍්‍රිියාකාරින් සහ ඉක්මන චලනයන් දක්වන ළමුන් වැනි ක‍්‍රියාවන් එක්වර නිසායාකාරව ග‍්‍රහණය කර ගත නොහැකි බවයි. මෙම කැමරා විවිධ කොණයන් ලබා ගත හැකි අ`ගල් 31 LCD යුක්ත වන අතර ඔබ ලබා ගත් ඡුායාරූපයන් හෝ විඩියෝ එවලේම බලා ගැත හැකි වේ.

Cannon EOS Rebel T3i හි ආරම්භක මිල $399.00

Pentax K-50

මෙම DSLR කැමරාව කාළගුණික තත්වයන්ට ඔරොත්තු දෙන කැමරාවක් බලාපොරොත්තු වන ඡුායාරූප ශිල්පීන් හට ඉතා යෝග්‍ය වේ. මෙම මධ්‍ය පිරිමාවේ කැමරාව විශේෂ පලක්ෂණයන්ගෙන් සහ විවිධ වර්ණයන්ගෙන් සමන්විත වේ. මෙහි මෙගා පික්සෙල APS-C CMOS සෙන්සරයක් ඇති අතර එමගින් එක දිගට ඡුායාරූප ගැනිමේ හැකියාව සහ ක‍්‍රියාවන්විත රූප තප්පරයකට රාමු හයක් දක්වා ලබා ගත හැකිය. මෙහි බඳේ සෙළවිම අවම කරන තත්වය මගින් ඡුායාරූප සහ 1018 HD විඩියෝකරණය ස්ථායි තත්වයේ පිහිටුවිමට උදව් දෙයි. දියුණු කළ ස්වයංක‍්‍රිය නාභිගත කිරිමේ ක‍්‍රමවේදය මගින් ඡුායාරූපයන් පැහැදිලිව සහ ස්ථාන සතරකින් යුත් තිරයකින්ද යුක්ත වේ. කැමරාව පහසුවෙන් ක‍්‍රියාකර හැකි අතරම සුවපහසු ලෙස හැසිරවිය හැකි අතරම සෑම දිනකම ඔබ ලබා ගන්නා ඡුායාරූපයන් අන්රඝ තත්වයක පවතියි.

Pentax K-50 හි ආරම්භක මිල $449

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close