ikman

Brand Finance අඛණ්ඩව දෙවැනි වරටත් ikman.lk ශ්‍රී ලංකාවේ අංක 1 eCommerce සන්නාමය ලෙස අගයයි

16 වන වරටත් සිදුකෙරුණු Brand Finance වාර්ෂික විශ්ලේෂණයේදී, අඛණ්ඩව දෙවෙනි වරටත් ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ (E-commerce) සන්නාම අතර ප්‍රමුඛයා බවට පත්වීමට ikman.lk සමත් වුණා.


Brand Finance යනු ලෝකයේ සන්නාම වටිනාකම් සමීක්ෂණයට ලක්කරන ස්වාධීන ආයතන අතර ප්‍රමුඛතම ආයතනයයි. මෙවර සමීක්ෂණයේදී, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම අන්තර්ජාල වෙළඳපොළ ලෙස සැලකෙන ikman.lk ලකුණු 72.46 ක් ලබගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඉතාම කෙටි කාලයක් ඇතුළත ikman.lk අත්පත් කරගත් මෙම ජනප්‍රියත්වය මගින් පෙනී යන්නේ, නව සේවාවන් හඳුන්වා දීම සඳහා පුළුල් ආයෝජනයන් සිදුකිරීම සහ පාරිභෝගිකයන්ට උපරිම වටිනාකම් තිළිණ කිරීම සඳහා අඛණ්ඩව උත්සාහ කිරීම මගින් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත හැකි බවයි.


ikman.lk පසුගිය කාලයේ හඳුන්වා දුන් සෑම නව දැන්වීම් කාණ්ඩයක්ම පාහේ පුද්ගල ගැනුම්කරුවන්/
විකුණුම්කරුවන් මෙන්ම ව්‍යාපාරිකයන් වෙතින් විශාල ජනප්‍රියත්වයක් හිමිකරගැනීමට සමත් වුණා.
මසකට ikman.lk වෙබ් අඩවියට මිලියන 3 ත් 3.3 ත් අතර පිරිසක් පිවිසෙන අතර සාමාන්‍ය මාසයකදී
දැන්වීම් 207,165 ක් පමණ පළවෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගනිමින්,
කාර්ය මණ්ඩලයේ හැකියාවන් සහ තාක්ෂණික හැකියාවන් මැනැවින් භාවිතා කරමින් නව හඳුන්වාදීම් සිදුකිරීම නිසා මෙම දැවැන්ත සාර්ථකත්වය අත්පත් කරගැනීමට හැකිවී තිබෙනවා. මේ වනවිට රථවාහන, දේපළ, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ගෘහභාණ්ඩ හා සේවා මෙන්ම රැකියා, ව්‍යාපාර ප්‍රවර්ධන සේවා, සංචාරක කටයුතු ඇතුළුව කාණ්ඩ රාශියක් ආවරණය කරන, ප්‍රමුඛතම ලුහුඬු දැන්වීම් දත්ත ගබඩාවක් බවට පරිවර්තනය වීමට ikman.lk සමත් වී තිබෙනවා. එමෙන්ම ක්‍රමයෙන් වෙනස් වන වෙළඳපොළ ප්‍රවණතා හඳුනා ගනිමින්, පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සලසන්නට ප්‍රමුඛ පෙළේ සමාගම් සමග හවුල්කාරීත්වයන්ට එළඹෙන්නටත් ikman.lk කටයුතු කළා.


අඛණ්ඩව වසර දෙකක්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැක්වූ දායකත්වය වෙනුවෙන් මේ ආකාරයට ඇගයීමට ලක්වීම සැබැවින්ම ආඩම්බර විය හැකි දෙයක්.


Brand Finance සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ එක්සත් රාජධානියේ. ඔවුන්
සන්නාම හිමිකරුවන්, බදු බලධාරීන්, බුද්ධිමය දේපළ නීතීඥයන් සහ ආයෝජන බැංකු ඇතුළු විශාල පරාසයක සේවාදායකයන් පිරිසක් සමග කටයුතු කරනවා.


මෙම ජයග්‍රහණය ලබාගැනීමට ikman.lk සමත් වුණේ ගනුදෙනුකරුවන්, හවුල්කරුවන්, සාමාජිකයන් ඇතුළුව සියලුම පාර්ශ්ව ඒ වෙනුවෙන් සහයෝගය ලබාදුන් නිසයි. ඉදිරියටත් ඔවුන් සමග එක්වී ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ සේවා ක්ෂේත්‍රය පුළුල් කිරීමට කටයුතු කිරීම ikman.lk හි ඉලක්කය වී තිබෙනවා.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close