ඉලෙක්ට්‍රොනික්ස්

HP ලැප්ටොප් මාදිලි පරාසයන් පිළිබඳ සොයා බැලීමක්

HP ලැප්ටොප් පරිගණකයක් මිලදි ගැනීමට තීරණය කිරිම හොඳ තිරණයක් වන්නේ පරිගණක තාක්ෂණයෙන් ඉහළින්ම ඇති නවීකරණයෙන් යුත් පරිගණකයන් වන නිසාය. HPවිසින් ඔවුන්ගේ සිනිඳු, කළමණාකරණයෙන් යුතු යතුරු පුවරුව, බහුමාධ්‍ය ටච්පැඞ්ස් සහ පුළුල් තේරිමක් ඇති තිර ප‍්‍රමාණයන් සඳහා ප‍්‍රකටය. ඔබ අඩුමුදලට ලැප්ටොප් පරිගණකයක් වෙළඳපලෙහි සොයයි නම්, මෙම ලැයිස්තුව මගින් අනර්ග HP පරිගණක් මිලද ගැනීමට උපකාර වනු ඇත.

උසස් තත්වයේ HP ලැප්ටොප් පරිගණක

HP Spectre 13t Ultrabook
නිර්මාණයේ සහ ක‍්‍රියකාරීත්වයේ අනර්ඝ බැඳිමක් ලෙස HP Spectre 13 Ultrabook හැඳින්වීමට හැකි අතරම ඩොලර් 1000 අඩු මිලකට මිලදී ගැනිමේ හැකියාවද පවතියි. Spectre 13 Ultrabook නිපදවා ඇත්තේ Core i5 CPU සහ 128GB solid-state drive (SSD). පැය නවයක බැටරි ආයු කාළයකින්ද අ`ගල් 13 සිහින් ඇලූමිනියම් නිමාවකින්ද යුතු මෙම HP ලැප්ටොප් පරිගණකය විසින් 1080P පුර්ණ HD ටච්ස්ක‍්‍රින් තාක්ෂණය ඉදිරිපත් කරන අතර සහ සාමාන්‍ය ටච්පෑඩයකට වඩා පුළුල් හැසිරවීමේ කලාපයකින්‘ සමන්විතව වින්ඩෝස 8 සඳහා විශේෂ ඉඩක් ලබා දී ඇත. Spectre 13 Ultrabook ලැප්ටොප් පරිගණකය ඉතා අනර්ඝ ලැප්ටොප් පරිගණකයක් වන අතර එහි ක‍්‍රියාකාරිත්වය 4GB රැම් දක්වාද සහ 1.6GHz Intel Core i5-4200u ප්‍රොසසරයක් දක්වාද බලාපොරොත්තු විය හැකිය.

වාසි – වින්ඩෝස් 8 ඇතුලත් කර ඇත, අති නවීන නිර්මාණය, ඉස්තරම් තිරය, යතුරු පුවරුව, දැඩි ක‍්‍රියාකාරිත්වය, වැඩි බැටරි ආයු කාළය.
අවාසී – යටි පැත්ත තරමක උෂණත්වයකින් ක‍්‍රියාකිරිම, ’හැසිරවීමේ කලාපය‘ ටච් පෑඞ් එකේ ඉඩකඩ ස්භාවික ලෙස නොහැගේ.

HP ZBook 15
HP ZBook 15 ලැප්ටොප් පරිගණකය අ`ගල් 15ග6 තිරයකින්ද Intel 2.7-GHz Core i7 Haswell ප්‍රොසසරයකින් ද Nvidia Quadro ග‍්‍රැෆිකයකින්ද දත්ත මාරු සිඝ‍්‍රයෙන් මාරු කර ගැනීම සඳහා තන්ඩර්බොල්ට් කවුළුවකින්ද 32 GB රැුම් වලින්ද සමන්විතව පැමිණෙයි. දුෂ්කර පරිගණක ක‍්‍රියාවන් සඳහා ZBook 15ලැප්ටොප් පරිගණකය ඉතා යෝග්‍ය වන අතර සමාලෝචණයන් මගින් සියල්ල තීරණය කර ඇත්තේ ඔබ ගෙවන මිලට වටිනා ජව සම්පන්න පරිගණකයක් බවය. මෙම HP උසස් කළ හැකි චැසියකින් සමන්විත වන අතර ලෙගසි කවුලූව සහ ඔප්ටිකල් තැටිය, පහත ඇති වෙන්කල හැකි දෘඩාංග තැටිය වැනි ලක්ෂණයන්ගෙන් සමන්විත වේ. ඩොලර්1499 ආරම්භක මිලක් සටහන් කරන මෙම ’ඊදදන 15 ලැප්ටොප් පරිගණකය අතේ ගෙන යා හැකි වැඩපලක් වැනි වන අතර වැඩි ආරක්ෂාව සඳහා එම`ගින් ඇ`ගලි සළකුණු ස්කෑනරයක්ද ඉදිරිපත් කරන ඇත, තැම්පතු උපකරණයක් සහ බැටරි ආයුකාළය පැය 14 වන අතර ඔබ ගෙවන මුදලට වඩා වැඩි ක‍්‍රියාකාරීත්වයක් ඔබට ලබා දෙයි.

වාසි – අනර්ඝ තත්වයේ තිරය, විශිෂ්ඨ ශ‍්‍රව්‍ය ශබ්දය, වැඩි කළක් පවතින බැටරි ආයු කාළය, වේගවක් සහ ජවසම්පන්න ප්‍රෝසසරය, සාධනීය ආරක්ෂාව, තැම්පත් කිරිම සඳහා ඕනෑතරම් ඉඩකඩ.
අවාසී – විශාල සහ බරය.

HP EliteBook Folio 1040 G1
විමර්ෂණයන් පෙන්වා දෙන ආකාරයට ව්‍යාපාරික කටයුතු සඳහා අනර්ඝ ලැප්ටොප් පරිගණයකි. ලැප්ටොප් පරිගණකය සිනිඳු පෙනුමකින් ද ඇලූමිනියම් වැස්මක් සහිත මෙම පරිගණකය දැඩි ආරක්ෂිත ක‍්‍රමවේදයකින් සමන්විත අතර දිගු කාළින බැටරි ආයු කාළයක් සහිත සහ උසස් ක‍්‍රියකාරිත්වයකින් යුක්ත වේ. හිනී සහ අතේ රැුගෙන යා හැකි මෙම HP ලැප්ටොප් පරිගණකය මුලික ආරම්භක මිල වශයෙන් ලැයිස්තු ගත කර ඇත්තේ ඩොලර් 1299 කටය. පද්ධතිය උසස් කිරිම සඳහා ඩොලර් 2059 මිලක් වැය වේ. මුලික ඨ1 පරිගණකය විසින් වින්ඩොස් 7 ප්‍රෙෆෙෂනල් 64 ඇති අතර Intel Core i5 ප්‍රෝසසරය සම`ග Intel HD ග‍්‍රැෆික් සහ අ`ගල් 14 LED-backlit තිරයකින් ද, 4 GB රැුම් වලින්ද, Bluetooth හැකියාවෙන්ද සහ 128 GB SSD දෘඩාංග තැටියකින්ද සමන්විත වේ. අමතර වශයෙන් G1 පරිගණකය මගින් ආරක්ෂාව සඳහාම සකසන ලද ඇප්ස් ප‍්‍ර‍්‍රමාණයක් ඉදිරිපත් කරන අතර එමගින් ඔබේ ව්‍යාපාරික සහ පෞද්ගලික දත්ත ආරක්ෂා කර ගැනිමට හැකියාව තිබේ.
වාසී – සිත් අඳ ගන්නා නිර්මාණය, දැඩි බැටරි ආයුකාළය, අතිවිශේෂ තිරය, බහු විධ ආරක්ෂක විකල්පයන්, ඉතා ඉහළ ක‍්‍රියාකාරි වටිනාකම.
අවාසී – ටච්පෑඩය සාමන්‍ය වීම, සමානා්‍ය ශ‍්‍රව්‍ය පද්ධතිය, යටි පෙදෙස රත්වීම.

HP Spectre 13 X2
ලැප්ටොප් සඳහා වන විමර්ණයන් විසින් HP Spectre 13 X2 ලැප්ටොප් පරිගණකය වර්ග දෙකක් සේ එක්වර ක‍්‍රියාකරන බව පෙන්වා දෙයි. එනම් ලැප්ටොප් පර්ගණකයක් සහ ටැබ්ලට් එකක් ආකාරයෙනි. මෙය Intel Core i5 ප්‍රොසරයනික්ද 4 GB රැුම් වලින්ද 128GB දෘඩාංග තැටියකින්ද ක‍්‍රියාකරවන්නාට පහසු යතුරු පුවරුවකින්ද, 1080ච ටච් ස්ක‍්‍රින් තිරයකින්ද සමන්විත වේ. ලැප්ටොප් පරිගණකය කල් පවතින පරිගණකයන් වන අතර බහුමාධ්‍ය උපකරණයක් සේද ක‍්‍රියා කළ හැකිය. බැටරි ආයු කාළය පැය 7ක් පමණ වන අතර වෙන් කළ හැකි අ`ගල් 13 ටච් තිරය රෙසලූෂන් පික්සෙල් 1920X1080 මගින් දීප්තිමත් වර්ණයන් හා පැහැදිලි අකුරු දක්වයි. මෙහි ආරම්භක මිල ලෙස ඩොලර් 1099 දක්වා සිටියි.

වාසී – සිහින් සහ ලා පැහැති නිර්මාණය, යතුරු පුවරුව, පංකාවක් නොමැති සිසිලන පද්ධතිය, දීප්තිමත් HD තිරය, අනර්ඝ ක‍්‍රියාකාරීත්වය, හොඳ බැටරි ජීව කාළය, අනර්ඝ ශ‍්‍රව්‍ය පද්ධතිය.
අවාසී – ටැබ්ලට් එක බඳට සවි වි ඇති අවස්ථාවලදී වැඩි පුර සෙලවිමක් පෙන්නුම් කරයි.

ඩොලර් 550 අඩු අනර්ඝ ලැප්ටොප් මාදිලීන් 3

HP Pavilion G7-2270US
පිළිබඳව උද්යෝගයක් දක්වන්නන්ගේ සැළකිමට බඳුන් වන මෙම මාදිලියේ ඇති අඩු මිල ලැප්ටොප් වර්ගයකි. HP Pavilion G7-2270US ලැප්ටොප් පර්ගණකයේ ලක්ෂණ නම්, Intel Core i3 processor,ප්‍රොසසරය, 6 GB රැුම් සහ 750 GB ප‍්‍රමාණයෙන් යුතු දෘඩාංග තැටිය. සම්පුර්ණ ප‍්‍රමාණයේ යතුරු පුවරුව සම`ග අංක සහයක් සහිත වීම, දත්ත ඇතුලත් කිරිම වේගවත්ව හා නිවැරදිව කිරිමට උපකාර වේ. ඨ7 පරිගණකය මයික්‍රොසොෆ්ට් වින්ඩොස් 8 ක‍්‍රියාකාරි පද්ධතිය සම`ග එන අතර 2.4 GHz (3 MB L3 Cache) සහ අ`ගල් 17.3 තිරයකින්ද සම`ග රෙසලූෂනය පික්සෙල් 1600X900 සමන්විත වේ. අනෙකුත් සකසා ඇති ලක්ෂණ නම් නිවැරදි දැක්ම සහිත HD වෙබ් කැමරාව,802.11 B/G/N සුදුසු වයර් රහිත ඇඩැප්ටරය, Bluetooth සහ Intel HD Graphics 4000 කෝ-ප්‍රොසසරය. 6.57 lbs තුලනයක්ද සහිත HP Pavilion G7ලැප්ටාප් පරිගණකය මිල ඩොලර් 535ක් පමණ වේ.

වාසී – වේගවත් වයිෆයි ක‍්‍රියාකාරීත්වය, විශාල තිරය, ්‍HP ProtectSmart Hard Drive Protection තාක්ෂණයෙන් ආරක්ෂා කර ඇත, ප‍්‍රමාණවත් තැම්පතු ඉඩ.
අවාසී – බැටරි ආයු කාළය පැය 3.45ක් පමණ වේ. මෙම පංතියේ ඇති උපකරණයන්ට වඩා බරින් වැඩි වේ.

HP Pavilion G6-2235US
ලැප්ටොප් පරිගණකයේ ලක්ෂණ නම් AMD A6-4400M Accelerated ප්‍රොසසරය 2.7 GH සිට 3.2 GHz දක්වා වේගය වැඩි කළ හැකිය, 4 GB රැුම්, 1MB L2 cache සහ 750GB hard drive දෘඩිංග තැටියෙන් හෙබිය. තවද ඔබට අ`ගල් 15.6 තිරයක්ද HP අයිතිකාරීත්වය ඇති ProtectSmart Hard Drive Protection ගින් ඔබේ අතින් උපකරණය බිම වැටුණහොත් එමගින් සිදුවන හානිය වළකා සිටිමේ හැකියාව සහ විශිෂ්ඨ බහුවිධ ඩිවිඩි බනර්යද ලැබෙනු ඇත. මෙම ලැප්ටොප් පරිගණකය වින්ඩොස් 8 පද්ධතියෙන් ක‍්‍රියා කරන අතර එහි මිල ඩොලර් 485.99 පමණ වේ.

වාසී – 8 GB දක්වා වැඩි දියුණු කළ හැකිය, HD දීප්තිමත් පෙනුමැති තිරය,Dolby advanced උසස් ශ‍්‍රව්‍ය පද්ධතිය, බහුවිධ ඩිජිටල් මාධ්‍යයේ කාඞ් රිඩරය.
අවාසී – කෙටි කාළින බැටරි ආයු කාළය, දුපත් විලාසිතාවේ යතුරු පුවරුව, සීමාසහිත අන්තර් ජාල භදරඑදබ ආරක්ෂිත දායකත්වය.

HP 2000-2B19WM
පරිගණකය වේගවත් AMD E-300 Accelerated Dual Core ප්‍රොසසරයකින් පැමිණෙන අතර එය 8GB ෙවිගය වැඩි කළ හැකි අතර 1.30 GHz 1 MB of L2 cache වේ. අළුත්ම ක‍්‍රියාකාරි පද්ධතිය වන වින්ඩොස් 8 HP 2000 පරිගණකය සම`ග පැමිණෙන අතර 4 GB රැුම් වලින් පැමිණෙන අතර එය 8GB දක්වා දියුණු කළ හැකිය. අ`ගල් 15.6 දීප්තීමත් පෙනුමෙන් යුත් LED-backlit display තිරය මගින් උසස් තත්වයේ විඩියෝ සහ විඩියෝ ක‍්‍රියාත්මක කිරිමේ ප‍්‍රවාහය ලබා දෙයි. අමතර විශේෂණයන ලෙස විශිෂ්ඨ බහුවිධ ඩිවිඩි බනරයද බහුවිධ ඩිජිටල් මාධ්‍යයේ කාඞ් රිඩරය ද සහ නිවැරදි දැක්ම සහිත TrueVision HD වෙබ් කැමරාව සම`ග ඩිජිටල් මයික්‍රොෆොනයකින ද යුක්ත වේ.

වාසී – උසස් තත්වයේ Altec Lansing ස්පීකරයන්, අනුකළක වයර්රහිත 802.11 B/G/N ඇඩප්ටරය, සම්පුර්ණ ප‍්‍රමණයේ යතුරු පුවරුව, HDMI-out port තාක්ෂණයෙන් පිටතට දිය හැකි කවුළුවකින් යුක්ත නිසාවෙන් එම`ගින් HD රූපවාහිනියකට හෝ වෙනත් උපකරණයකට සම්බන්ධ වීමේ හැකියාව පවතියි.
අවාසී – බැටරි ආයුකාළය කුඩා විම, දෘඩාංග තැටියේ ප‍්‍රමාණය 320 GB වීම, සීමාසහිත ආරක්ෂණ පද්ධතියකින් සමන්විත වීම.

අඩුම මිලට ඇති ලැප්ටොප් පරිගණක නමුදු හොඳ

HP Pavilion 10z Touch
මෙහි මිල ඩොලර් 249.99 පමණ වන අතර මෙම සැහැල්ලූ උපකරණය වින්ඩොස් 8.1 64 ක‍්‍රියාකාරි පද්ධතිය මගින් ක‍්‍රියා කරයි. AMD Dual-Core E1 Micro-6200T ප්‍රොසසරය සම`AMD Radeon R2 ග‍්‍රැෆිකයක් මෙය සතුවේ. පහසු සහ ලාබදායි ලැප්ටොප් පර්ගණකයන් සඳහා සැළකිල්ලක් දක්වන්නන් හට HP Pavilion 10z
හොඳ තේරීමක් වන අතර එය සිසුන්ට හා මුලික පරිගණක ක‍්‍රියාවන් සිදු කරන අය සඳහා සුවිශේෂි වේ. අ`ගල් 10.1 ටච් තිරයකින්ද 2 GB රැුම් සහ 500 GB ප‍්‍රමාණික දෘඩාංග තැටියකින්ද යුක්ත වේ.

මෙහි සමාලෝචණය කරන ලද සෑම HP උපකරණයක්ම Amazon.com වෙබ් අඩවිය මගින් හෝ නිලලත් HP වෙබ් අඩවිය වන https://www.shopping.hp.com/මගින් ලබා ගැනීමට හැකියාව ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close