ikman

ikman.lk දැන්වීම් කාණ්ඩ කිහිපයක දැන්වීම් ගාස්තු අඩුකරකේ

නොමිලේ දැන්වීම් පළකිරීමටත් අවස්ථාව!

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල අලෙවිසැල ලෙස සැලකෙන ikman.lk හි කාණ්ඩ කිහිපයක් සඳහා දැන්වීම් ගාස්තු අඩුකිරීමට පියවර ගෙන ඇති බව එම සමාගම පසුගියදා නිවේදනය කළා.

මෙහි විශේෂත්වය වන්නේ මින් ඉදිරියට රු. මිලියන 1 කට අඩු මිලකින් යුත් කාර්, වෑන්, බස්, ලොරි, බර වාහන සහ ට්‍රැක්ටර් සම්බන්ධ දැන්වීම් පළකිරීමේදී කිසිදු ගාස්තුවක් අය නොවීමයි. මේ නිසා වැඩි අලෙවිකරුවන් පිරිසක් තමන්ගේ වාහන ඉක්මනින් අලෙවි කරගැනීම සඳහා ikman.lk හි දැන්වීම් පළකිරීමට යොමු වේවි.


ඒ වගේම රු. මිලියන 1 කට අඩු නිවාස, ඉඩම් සහ වාණිජ දේපළ දැන්වීම් සඳහාද ගාස්තුවක් අයවන්නේ නැහැ. මහල් නිවාස දැන්වීම් වලදී, රු. මිලියන 8 ට අඩු නිවාස සඳහා නොමිලේ දැන්වීම් පළකිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.


නිවාස, ඉඩම් හා වාණිජ දේපළ කුලියට දීමේදී, මසකට රු. 10,000 ට අඩු කුලියක් සහිත දේපළ සඳහා දැන්වීම් ගාස්තු අයවන්නේ නැහැ. මහල් නිවාස සඳහා මෙම සීමාව රු. 20,000 ක්.


ත්‍රිරෝද රථ සහ යතුරුපැදි දැන්වීම් ගාස්තුව රු. 1,200 සිට රු. 900 දක්වා අඩුකර තිබෙනවා.


මෙම ගාස්තු සංශෝධනය, විකුණුම්කරුවන්ට තම භාණ්ඩ හා දේපළ අඩු වියදමකින්, ඉතාමත්
පහසුවෙන් හා ඉක්මනින් අලෙවි කරගැනීම සඳහා ලැබුණු අගනා අවස්ථාවක්. මෙතෙක් ikman.lk භාවිතා නොකළ විශාල පිරිසක් මෙම දීමනාව නිසා එය භාවිතා කිරීමට යොමුවේවි.

ikman.lk යනු අතිශයින් ජනප්‍රිය වෙබ් අඩවියක්. එහි දිනකට දැන්වීම් 500 ක් සහ මසකට දැන්වීම් 200,000 ක් පමණ පළවෙනවා. ඒ වගේම විකුණුම්කරුවන් වෙනුවෙන් කලින් කලට ආකර්ෂණීය දීමනාවන්, ප්‍රවර්ධන සහ විශේෂාංග හඳුන්වා දීමටත් ikman.lk අමතක කරන්නේ නැහැ. මෙහිදී ගැනුම්කරුවන්ට දැන්වීම් දර්ශනය වන ආකාරය වැඩිදියුණු කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකෙරෙනවා.

ikman.lk හි ‘Top Ad’ ප්‍රවර්ධන ක්‍රමය මගින් සිදුවන්නේ දැන්වීම අදාළ පිටුවේ ඉහළින්ම පළවීමයි. එහි Top Ad ලාංඡනය සඳහන් වීම සහ දැන්වීම කහ පැහැයෙන් ලකුණු කර දක්වා තිබීම නිසා එම දැන්වීම් ඉක්මනින් අවධානය දිනාගන්නවා වගේම ගැනුම්කරුවන් වැඩි පිරිසකගේ පරීක්ෂාවට ලක්වෙනවා.

‘Daily Bump Up’ මගින් සිදුවන්නේ දිනකට එක්වරක් අදාළ දැන්වීම එම පිටුවේ ඉහළට පැමිණීමයි. මෙය සාමාන්‍යයෙන් එම ප්‍රවර්ධන ක්‍රමය මිලදීගත් වෙලාව අනුව තීරණය වෙනවා. මෙය දැන්වීම දිනකට වරක් ස්වයංක්‍රීයව අලුතින් පළවෙන්නාක් වැනි දෙයක් නිසා වැඩි දෙනෙකුගේ අවධානයට නිතැතින්ම ලක්වෙනවා.

‘Spotlight ප්‍රවර්ධන ක්‍රමය සැලසුම් කර ඇත්තේ සුපැහැදිලි පෙනුම සහ විශාල ඡායාරූප සමගින් ගැනුම්කරුවන්ගේ අවධානය දිනාගන්නා ආකාරයටයි. මෙමගින් අදාළ දැන්වීම්කරුවන්ට අනෙකුත් දැන්වීම් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි වන අතර මෙය ඉහළ වටිනාකමකින් යුත් භාණ්ඩ අලෙවි කිරීමේදී වඩාත් ඉක්මනින් ගැනුම්කරුවන්ගේ අවධානය දිනාගැනීමට සඳහා භාවිතා කිරීමට පුළුවන්.

‘Urgent’ ප්‍රවර්ධන ක්‍රමයේදී විකිණුම්කරුට අදාළ භාණ්ඩය ඉක්මනින් විකුණාගැනීමට අවශ්‍ය බව හැඟවීමට දැන්වීමට රතු පැහැ සලකුණක් යොදනු ලබනවා.


මේ සියලු ක්‍රම සැලසුම් කර ඇත්තේ විකුණුම්කරුවන්ට ඉතාමත් පහසුවෙන් ගැනුම්කරුවන්ගේ
අවධානය දිනාගනිමින් තම භාණ්ඩ ඉක්මනින් අලෙවි කරගැනීමට හැකිවන ආකාරයටයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close