ikman

Ikman.lk තවත් වැඩිදියුණු වෙයි: දැන් Search කිරීම පෙරටත් වඩා පහසුයි

ඔබේ පහසුව වෙනුවෙන් අපගේ තාක්ෂණික කණ්ඩායම අපගේ system එක තවත් වැඩිදියුණු කළ බව ඔබ දන්නවාද?

Ikman.lk යනු භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම හා විකිණීම සිදුකළ හැකි, පරිපූර්ණ සේවාවක් ලබාදෙන වෙබ් අඩවියක්. එහි පළකර ඇති දේවල් වඩාත් පහසුවෙන් සොයාගත හැකිවන ආකාරයට එය වැඩිදියුණු කිරීමට අප තීරණය කළා. අප කලින් සිටම ඉහළම තලයේ තාක්ෂණය සහ විශේෂාංග භාවිතා කළ බව ඇත්ත. නමුත් app එම සම්බන්ධයෙන් යම් යම් දුෂ්කර තත්ත්වයන් මතුවී තිබුණා. ඔබ වෙනුවෙන් ඒ සියල්ලට විසඳුම් ලබාදීමට අප කටයුතු කළා.

අප හැමදාමත් උත්සාහ කරන්නේ දිගින් දිගටම ඔබට හොඳම අත්දැකීම් පෙළක් තිළිණ කිරීමටයි. ඔබට අවශ්ය දේ සොයාගැනීම සඳහා ඔබ පාවිච්චි කරන වචන අනුව, ඊට වඩාත්ම අදාළ වන දේවල් සොයාගැනීමට අපගේ ‘search’ විශේෂාංගය සමත් වෙනවා. මින් ඉදිරියට ඔබට search කිරීමේදී ප්රතිඵල කිසිවක් නොපෙන්වීම හෝ අදාළ නොවන ප්රතිඵල දිස්වීම සිදුවන එකක් නැහැ.

ඒ වගේම Search results වඩාත් පැහැදිලි ලෙස කාණ්ඩ වලට වෙන්කර දැක්වීම ඔබට වැඩි පහසුවක් ගෙනේවි. ඔබට අවශ්ය දේ ඔබ seach box එකේ සඳහන් කළ විට අපගේ system එක එය වෙළඳ නාමයක්ද, කාණ්ඩයක්ද, මාදිලියක්ද නැත්නම් භාණ්ඩයක්ද යන්න හඳුනා ගන්නවා. විකල්පයක් ලෙස, වඩාත් හොඳ search results ලබාදෙම සඳහා දැන්වීමේ මාතෘකාව සහ විස්තර අතර සම්බන්ධය සොයා බැලීමටත් අපට පුළුවන්. ඒ වගේම system එක දැන් වඩාත් කාර්යක්ෂම ලෙස ක්රියාත්මක වන නිසා අනවශ්ය දේවල් වෙනුවෙන් ඔබගේ වටිනා කාලය අපතේ යාමක් සිදුවන්නේත් නැහැ.

වෙනත් භාෂා වලිනුත් අපගේ system එක භාවිතා කිරීමට පුළුවන්. මීට පෙර සිංහල හා දෙමළ භාෂාවලින් පරීක්ෂා කළ විට search results පෙන්නුම් කළේ නැහැ. නමුත් දැන් ඔබට ඉංග්රීසි භාෂාවට සමාන ප්රතිඵලම අනෙක් භාෂා භාවිතා කිරීමෙනුත් ලබාගැනීමට පුළුවන්.
ඔබත් අදම මේ වෙනස අත්විඳින්න Ikman.lk වෙත පිවිසෙන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close