ikman

Ikman.lk සහ Booking.com අත්වැල් බැඳගනී

Booking.com යනු අංක එකේ සංචාරක/ විද්යුත් වාණිජ සේවා වෙබ් අඩවිය බවත්, ඉන් ඔබට කැමති ආකාරයට සංචාරක සේවාවන් ලබාගත හැකි බවත් ඔබ දන්නවාද? ඔබ හුදෙක් අත්දැකීම් සොයා සංචාරය කරන්නෙක් වුවත්, ව්යාපාරික සංචාරකයෙක් වුවත්, එසේත් නැතිනම් පවුලේ අය සමග නිවාඩුවක් ගතකිරීමට බලාපොරොත්තු වන අයෙකු වුවත්, ඒ ඕනෑම අවශ්යතාවකට ගැළපෙන සංචාරක සේවාවන් ඔබට මින් ලබාගත හැකියි. ආරම්භයේ පටන්ම ඉතාමත් සාර්ථක ලෙස අන්තර්ජාලය ඔස්සේ මෙලෙස සංචාරක සේවාවන් සපයමින්, දේශීය විදේශීය ගනුදෙනුකරුවන්ගේ නොසැලෙන විශ්වාසය දිනාගැනීමට Booking.com සමත් වී සිටිනවා.

කවදත් පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් සැපයීමට කටයුතු කරන ikman.lk, ඔවුන්ට ඉහළ මට්ටමේ සංචාරක සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා Booking.com සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹුණා. ඒ අනුව, රට තුළ සංචාරයේ යෙදෙන ඕනෑම කෙනෙකුට, දකුණ, උතුර, කඳුරට හෝ නැගෙනහිර ඇතුළු ඕනෑම ප්රදේශයකට සංචාරය කිරීමේදී වාසි රැසක් ලබාගැනීමට හැකියාව ලැබේවි. මෙය නොමිලේ ලබාදෙන සේවාවක් වීම විශේෂත්වයක්. Booking.com හි සේවාවන් ikman.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමේදී කිසිදු අතිරේක ගාස්තුවක් අයකරන්නේ නැහැ. මෙම සේවාව මගින් කල්තබා වෙන්කරවා ගැනීම් සිදුකර පසුව මුදල් ගෙවීමට හැකිවීම ඔබට මහත් පහසුවක් වේවි. ඒ අනුව මින් ඉදිරියට, දිගු කාලයකට කලින් මුදල් ගෙවා බලා සිටීමට අවශ්ය වන්නේ නැහැ.

අතේ ඇති මුදලට සරිලන පරිදි සුඛෝපභෝගී හෝටල්, විලා, තරු හෝටල් සහ බංගලා වර්ගයේ නවාතැන් අතරින් කැමති ස්ථානයක් තෝරාගැනීමට දේශීය හා විදේශීය සංචාරකයන්ට අවස්ථාව සලසා දීමට Booking.com කටයුතු කර තිබෙනවා. රටවල් 230 ක සංචාරක හෝටල් මිලියන 2 කට අධික සංඛ්යාවක් මෙම වෙබ් අඩවියට ඇතුළත් වී ඇති නිසා කෙනෙකුට හිතේ හැටියට තෝරාගැනීම් සිදුකිරීමට පුළුවන්.

සංචාර සැලසුම් කිරීම, හොඳම ගාස්තු යටතේ හෝටල් වෙන්කරවා ගැනීම, හෝටල් හෝ වෙනත් ස්ථාන සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ අව්යාජ අදහස් පරීක්ෂා කිරීම, හෝටල් වලට ආසන්නයෙන් පිහිටි සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන සම්බන්ධයෙන් විස්තර සොයාගැනීම වැනි ප්රයෝජන රැසක් Booking.com මගින් කෙනෙකුට ලැබෙනවා. ඒ නිසා දැන් ඔබ නොදන්නා ස්ථානයක් වෙත සංචාරය කිරීමේදී පෙර මෙන් චකිතයකින් යුතුව එය කළ යුතු වන්නේ නැහැ. ඔබේ සංචාරය ඔබ සිතන පරිදිම සාර්ථක කරගැනීමට සහය වීමට Booking.com සූදානමින් සිටිනවා. එය ලොව පුරා මෙතරම් ජනප්රියත්වයක් දිනා සිටින්නේ ඒ නිසයි.

ඔබත් අදම Booking.com සේවාව අත්විඳින්න.
hotels.ikman.lk

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close