ඉලෙක්ට්‍රොනික්ස්

iPhone 6 හි ආගමනය, අපට බලාපොරොත්තු විය හැක්කේ මොනවාද?

මෙම සිසිරයේදී iPhone 6 දුරකථනය වෙළඳ පළට නිකුත් කිරිම සඳහා සියලූ කටයුතු සුදානම් කර තිබේ. පවතින මතිමතාන්තර වලට අනුව එහා නිර්මාණය වෙනස් වනු ඇත. කාර්මික අධුනිකයින් විස්වාස කරන්නේ පාර්භෝගිකයන් හට අගල් 4.7 සහ 5.5 තිරයක් තේරිමක් වශයෙන් ඇති අතර පෙර මාදිළින් දෙස බලද්දී iPhone 4 හි අගල් 3.5 සිට iPhone 5 හි අගල් 4 දක්වා වැඩි විම හේතුවෙන් එය සත්‍ය විය හැකිය. මෙම තිරය විශාලනය වීම ඵලදරයි නම්, එමගින් iPhone 6 දුරකථනය සම වනවා වින්ඩෝස් සහ ඇනරොයිඞ් දුරකථනයන්ට.  මෙම දුරකථනය වැඞ් කාර්යක්ෂමභාවයෙන් අනුන හා වඩා වැඩි වේගයෙන් ක‍්‍රියාකරන A8 චිපය බලාපොරොත්තු වන අතර සිහින් ඝණකමිකින් යුත් රාමුවෙන් සහ සිහින් ඇල වු මුහුණතින් යක්ත බැවි අපේක්ෂිතයි. එහි ඝණකම 6පප හෝ 7පප පමණ වක අතර iPod touch සමග එහි ඝණකම සංසන්දණීයව ගැනේ.  iPhone 6 කුඩාම වර්ගය වෙළඳ පල සඳහා මේ සැප්තැම්බර් මාසයේදී පැමිණේන අතර 5.5 මෝඩලය මේ වර්ෂයේ අග හෝ 2015 මුල් අවධියේ  වෙළඳ පලට නිකුත් කරනු ඇත. 

මුහුණුවර සහ ප‍්‍රධාන මතිමතාන්තර

Weibo නම් චීන වෙබ් අඩවියේ දුරකථනයේ මුල දර්ශක කොටස් ගැන අනියම් ලෙස පල වීම් සිදුවී තිබේ. කලින් මාදිළියේ තිබු තුනි මුහුණත හැර මෙම දුරකථනය පෙර මාදිලියේ තිබු ඉදිරිපස කැමරාව, ශ‍්‍රවණ ස්පිකරය, මුල් පිටු බොත්තම සහ ආලෝක සංවේදකය ආදී අංග ත්‍මම දුරකථනයේද දක්නට හැකිය. කෙසේ වෙතත් දුරකථනය ඉතා පටු බැවින් කැමරා කාචය ඉදිරියට නෙරා ඇති බව පෙනෙන්ට පු`ඵවන. මීට තව හේතුවක් විය හැක්කේ මෙම වසරේ ඇති දුරකථන මාදිළීන් හි විශාල ප‍්‍රමාණයේ කැමරාද විය හැකිය. දුරකථනයේ හඩ පාලනය කරන බොත්තම කුඩා පෙත්තක් හා සම වේ. පහසු පරිහරණය සඳහා නිඳ‍්‍රාවට පත් කිරිම හා යළි පණ ගැන්වීම සඳහා ඇති බොත්තම දුරකථනයේ දකුණු පැත්තට වන්නට මාරු කර ඇත. ඹැයි මස නිකුත් වු ව්‍යාජ මාදිළිය වර්ණ දෙකකින් යුක්තවත්, සුමට කොන් සහිතවත්, ඇන්ටනාවක් සවි කළ හැකි විවරයක් සහිතවත් සහ ඇලූමිනියම් පිටුපස කවරය සහිතවත් නිමවී ඇත. ස්පීකර් විවරය ඇත්තේ දුරකථනයේ යට පසට පිහිටා ඇත. අනියම් ලෙෂ ප‍්‍රසිද්ධ වු ඡුායා රූප වලින් දැක්වෙන පරිදි දුරකථනය අඵ, රිදි සහ රත්තරන් පැහැයෙන් යුක්ත වේ. දුරකථන විශේෂඥයින් හි කලාත්මකභාවය Google Nexus 5 හා Samsung Galaxy S5 දුරකථන මාදිළි හා සසදයි.  www.macrumors.com වෙබ් අඩවියට අනුව ව්‍යාජ මාදිළියේ පරිමාණය උස මිලිමිටර 138, පළල මිලිමිටර 124 සහ ඝණත්වය මිලිමිටර 7.6 වේ. 

සෆායා ක‍්‍රිස්ටල් තිරය

Low Temperature Poly Silicon තාක්ෂණය ඇපල් සමාගම විසින් තවදුරටත් භාවිතා කරනු ඇතැයි සිතිය හැකිය. Indium Gallium Zinc Oxide (IGZO) හා සැසදු කල LTPS  තාක්ෂණය ඉලෙක්ට්‍රෝන සඵලභාවය අතින් නියමාකාර වෙනස ඉටු කරයි. දැනට පවතින Corning Gorilla විදුරුව වෙනුවට වඩා සුපැහැදිලි දැක්මක් ලබා දීමට දුරකථන තිරය සෆායා ක‍්‍රිස්ටල් වලට මාරු වෙනු ඇතැයි මතයක් ඵල වේ. ඇපල් සමාගම හා GT Advanced සමාගම් අතර දැනට පවතින අවබෝධතාවය හේතුවෙන් සාමාන්‍ය පිරිවැයකට වඩා අඩු පිරිවැයකින් මෙම සෆායා ක‍්‍රිස්ටල් තිර නිපදවිය හැකි යැයි සිතිය හැකිය. සෆායා ක‍්‍රිස්ටල් තිර අධික පිරිවැයක් වැය වන නිසා බොහෝ ජංගම දුරකථන නිෂ්පාදකයින් එයින් වැළකී සිටියි. 2014 ජනවාරි වල ඇපල් සමාගම Foreign Trade Zone Board සමාගම සමග යම් එකගතාවයකට එළඹ ඇති නිසාවෙන් ඇපල් සමාගම ඇපල් නිෂ්පාදන සඳහා වැදගත් අලූත් කොටස් අක‍්‍රමණශිලි කාළමානයක් සොයනු ලබනවා. එමනිසා විශ්ලේෂකයින් සිතනුයේ දුරකථනයේ වෙනස්කම එමනිසා සිදු වන බවයි. කාර්මික විශේෂඥයින් විශ්වාස කරන පරිදි මෙම විශේෂ කොටස යනු පුල පුල බලා සිටින iPhone 6 හි සෆායා ක‍්‍රිස්ටල් තිරයයි.

www.macrumors.com වෙබ් අඩවියේ සඳහන් වන පරිදි ගුගුල් හි නවනව හවුල්කරුවන්  GT Advanced විසින් සෆායා පද්ධති 518ක් මිලදී ගෙන ඇති අතර ඉදිරියේදී භාවිතාව සඳහා තවත් 420 ඇණවුම් කර ඇත. කෙසේ නමුත් විශ්ලේෂක Ming-Chi Kuo ට අනුව සිතන පරිදි අමුද්‍රව්‍ය හිගවීම, සෆායා දර්ශක සඳහා වන අධික පිරිවැය හේතුවෙන් නව iPhone 6 හි අගල් 5.5 මොඩලයේ තිරය විශාල තිරයක් සහිත දර්ශක භාවිතා තර ඇති බවයි.   පෙර iPhone 6  හි හැඩය තරමක වක‍්‍රාකාර ස්භාවයක් ගනු ඇතැයි යම් යම් මතිමතාන්තර පළ විය. නමුදු දැන් අසන්නට ලැබෙන තොරතුරු වලට අනුව මෙයටද ඇත්තේ iPhone 5 වලට මෙන් පැතලි තිරයක් බවයි. iPhone 6 දුරකථනය බරින් අඩු කිරිමට ප‍්‍රමාණයෙන් සිහින් සැහැල්ලූ මාදිලීන්  භාවාතෙ කරනු ඇතැයි විශ්වාස කෙරේ. මෙමගින් අනෙක් කොටස් සඳහා ප‍්‍රයෝජනයට ගත හැකි ඉඩ වැඩි කර ගත හැකිය. 

සකසනය ( Processor)

iPhone 6 වර්ථමාන හි Processor TSMC නැනෝ මිටර 20ක A8 චිපයකින් යුතුය. මෙය දැනට iPhone 5 හි භාවිතාවන බිට් අගට 64 නැනෝ මිටර A7 28වන චිපයට වඩා බෙහෙවින් කුඩාය. TSMC  හි නිෂ්පාදන වල බර අඩුකිරිමට එහි කොටසක් samsung සමාගම භාරගෙන ක‍්‍රියා කරයි. අලූත් චිපය මගින් දුරකථනයේ ක‍්‍රියාකාරීත්වය 30‍%කින් වැඩි කරනු ඇති අතර A8 නව චිපය quad quo බිට් 64කින් සමන්විත quad quo graphics පහසුකමින්ද යුක්ත වේ. කෙසේ වුවත් කාර්මික විශේෂඥයින් විශ්වාස කරන පරිදි නව A8 චිපයෙහි ram එක 1 gig පමණ වන අතර iPhone 5 හි A7 චිපයට වඩා දියුණුවක් නොදක්වයි. ඇපල් සමාගම Imagination Technologies සමාගම හා පැවති බලපත‍්‍ර එක`ගතාවය දිගුකර ඇති බවද සඳහන් කිරිම වටී. ISO කි‍්‍රයාකාරී විදුලි උපාංග විසින් භාවිතයට ගැනෙන විඩියෝ දෘඩාංග හා PowerVR graphics නිපදවන්නේ මෙම සමාගම විසිනි. එනිසා iPhone 6 දුරකථනයේ iPhone 5 හි භාවිතා කරන ලද Series6 graphics වලින් යුතු වීමටද ඉඩ ඇත. පැරණි මාදිළියන් හා සැසැදු කල Series 6XT PowerVR GPU  50%  ක ක‍්‍රියාකාරී වර්ධනයක් සහිත අංග තිබේ යැයි සිතිය නොහැකිය.

කැමරාව

පවතින මතිමතාන්තර වල අනුව  iPhone 6  කැමරාව  iPhone  5 කැමරා වල ඇති මෙගා පික්සෙල් 8 ක සෙන්සරය භාවිතා කරනු ඇත. කෙසේ වුවත් මීට අමතරව තවත් වැඩි දියුණ කිරීම්  iPhone 5 කැමරාවේ සිදු විය හැකිය.  iPhone 5 මාදිළියෙහි පැමිණි වැඩි පික්සෙල් ප‍්‍රමාණය හැම අතින්ම වඩ හොඳ තත්වය, විශාල විවරය හා වැඩි දියුණ කරන ලද තත්වයන්  iPhone 6 දුරකථන මාදිළියේ බොහෝ විට තිබිය හැකිය. OIS විශේෂයෙන් වැඩි දියුණු කරනු ඇතැයිද සැළකේ. ඡුායාරූපයන් ගැනීමේදී චලනයන් හඳුනාගෙන ස්ථායි බව රැුකගනිමින් හොඳ පිංතූරයක් ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණ OIS වන හඳුනාගත් InvenSense සමාගම සමග ඇපල් සමාගම ගිවිසුමකට එළඹ ඇත. InvenSense සමාගමේ උපකාර සහිතව  iPhone 6 දුරකථනයේ මෙම තාක්ෂණය ස්මපුර්ණයෙන්ම යොදා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. යම් හෙයකින් ඇපල් සමාගම සමාගම සමග ඇති ගිවිසුම අහෝසි වුවහොත් ඔවුන් ඉලෙක්ට්‍රෝනික ඉමේජ් ස්ටැබිලයිසරයක් භාවිතා කිරිමට ඇති ඉඩ කඩ වැඩි වන අතර එමගින් එය කැමරාවේ බඳට සම්පුර්ණයෙන්ම ඇතුල් කළ හැකි ඝණත්වයෙන් අඩු කැමරා කාචයක් සඳහා අවකාශය සලසනු ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close