ikman

Premium සාමාජිකයන්ට අලුත්ම වාසි රැසක්

ikman.lk හඳුන්වා දී ඇති Premium සාමාජිකත්වයට දැන් අලුත්ම අංග රැසක් එකතු වී තිබෙනවා. මේ අංග සැලසුම් කර ඇත්තේ සාමාජිකයන්ගේ දැන්වීම් වලට තරගකාරී දැන්වීම් අතර හොඳින් කැපීපෙනීමට හැකිවන ආකාරයටයි. ikman සාමාජිකත්ව ක්‍රමය මේ වනවිට විකුණුම්කරුවන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකරගැනීමට සමත් වී තිබෙනවා. Plus සහ Premium සාමාජිකත්ව ක්‍රම දෙකෙන්ම සාමාජිකයන්ට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳපොළ වන ikman.lk තුළදී විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගැනීමට පුළුවන්. 

Premium සාමාජිකත්වය මගින්, විකුණුම්කරුවන්ට තම ලෙවිය වැඩිකර ගැනීමට උපකාරී වන තවත් ආකර්ෂණීය ප්‍රතිලාභ 4 ක් හිමිවෙනවා. එම ප්‍රතිලාභ  මෙසේ යි. 

1. Premium සාමාජිකත්ව ලාංඡනයක් හිමිවීම 

Premium සාමාජිකයන්ගේ දැන්වීම් වල, එම Premium සාමාජිකත්වය පෙන්නුම් කිරීම සඳහා දීප්තිමත්, කහ පැහැති ලාංඡනයක් සටහන් වෙනවා. මෙමගින් ගැනුම්කරුවන්ට එය Premium සාමාජිකයෙකුගේ දැන්වීමක් ලෙස ඉක්මනින් හඳුනාගැනීමට පුළුවන්. එය ගැනුම්කරුවන් තුළ විශ්වාසය තහවුරු කිරීමට හේතුවක් වෙනවා. ගැනුම්කරුවන් එවැනි විශ්වාසනීය විකිණුම්කරුවන් අලෙවි කරන දේවල් මිලදීගැනීමට වැඩි කැමැත්තක් දක්වන නිසා එය අලෙවිය වැඩිකර ගැනීමට ගැනුම්කරුවන්ට උපකාරී වෙනවා. 

2. වැඩියෙන් දැන්වීම් පළකිරීමේ අවස්ථාව 

Premium සාමාජිකයන්ට Plus සාමාජිකයන්ට වඩා 10 ගුණයක් වැඩිපුර දැන්වීම් පළකිරීමට අවස්ථාව ලැබෙනවා. Ikman.lk algorithm එක මගින් පැරණි දැන්වීම් refresh වන නිසා මෙය විකුණුම්කරුවන්ට ලැබෙන විශාල වාසියක්. මෙම ක්‍රමය මගින් ඔවුන්ගේ දැන්වීම් නිසැකවම වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වෙනවා. නිෂ්පාදන හෝ සේවා වර්ග රැසක් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට අවශ්‍ය වෙන විකිණුම්කරුවන්ට මෙය අගනා අවස්ථාවක්. 

3. අතිරේක ප්‍රවර්ධන අවස්ථා 

සාමාජිකයන්ට Top Ad, Bump Up සහ Urgent වැනි ප්‍රවර්ධන ක්‍රම භාවිතා කිරීම සඳහා වවුචර් හිමිවෙනවා. මෙම ප්‍රවර්ධන ක්‍රම, සාමාන්‍ය දැන්වීම් වලට ලැබෙන ප්‍රතිචාර වැඩිකර ගැනීමට භාවිතා කිරීමට පුළුවන්. Premium සාමාජිකයන්ට ikman.lk තුළ භාවිතා කිරීම සඳහා 4 ගුණයක් වැඩිපුර ප්‍රවර්ධන වවුචර් හිමිවෙනවා. මෙය විකුණුම්කරුවන්ට වැඩි පාරිභෝගික පිරිසක් වෙත සමීප වීමට ලැබෙන තවත් අගනා අවස්ථාවක් 

4. වැඩිපුර ඡායාරූප පළකිරීමේ හැකියාව 

Ikman.lk තුළ සාමාන්‍ය දැන්වීමකදී පළකිරීමට හැකියාව ලැබෙන්නේ ඡායාරූප 5 ක් පමණයි. එහෙත් Premium සාමාජිකයන්ට ඡායාරූප 20 ක් දක්වා පළකිරීමට අවස්ථාව ලැබෙනවා (මෙය කාණ්ඩය අනුව තීරණය වෙනවා). වැඩි ඡායාරූප සංඛ්‍යාවක් පළකිරීමට හැකිවීම යනු නිසැකවම වැඩි පාරිභෝගික ආකර්ෂණයක් දිනාගැනීමට උපකාරී වන සාධකයක්! 

5. Shop එකක් ඇතුළේ search කරන්න


Search විශේෂාංගයේ ප්‍රතිලාභ සියල්ලම Premium සාමාජිකයන්ට අඩුවක් නැතිව ලැබෙනවා. මේ සාමාජිකත්වයේදී ලැබෙන විශේෂ දෙයක් තමයි Shop page එකේ උඩ තිබෙන ‘Search’ බාර් එක. මේ මගින් ගැනුම්කරුවන්ට Shop page එකක ඇති ඕනෑම දෙයක් පහසුවෙන් සොයාගන්නට පුළුවන් වෙනවා. මෙය තවමත් අලුත් අංගයක්. දැනට පරිගණක වලින් වගේම ජංගම දුරකථන වලින් අන්තර්ජාලයට පිවිසීමේදී මේ විශේෂාංගය දැකගන්නට පුළුවන්. ඉදිරියේදී මෙය Android සහ iOS සඳහා ලබාදෙන්නට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම Premium සාමාජිකයන්ට ikman.lk  තුළදී කවදත් ප්‍රමුඛත්වය හිමිවෙනවා. ඉදිරියේදී මෙම සාමාජිකත්ව ක්‍රමයටත් තවත් අංග එක්වීමට නියමිතයි. මේ සියල්ලේ අරමුණ වන්නේ අලෙවිකරුවන්ට වැඩි අලෙවියක් සහතික කර දීමයි. දිගින් දිගටම, සාමාජිකයන්ගේ ප්‍රතිචාර කෙරෙහි අවධානය යොමුකරමින්, ඒ අනුව ඔවුන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම ikman.lk  හි ඉලක්කය වී තිබෙනවා. 

ඔබත් අදම මේ සුවිශේෂී වාසි රැස හිමිකරගන්න. වැඩි විස්තර සඳහා දිගින් දිගටම අපත් සමග රැඳී සිටින්න. 

අපගේ සාමාජික දුරකථන අංකය වන 0112 350 350 අමතා ඔබ ඔබේ ප්ලස් සාමාජිකත්වය ප්‍රිමියම් සාමාජිකත්වය වෙත යාවත්කාලීන කරන විට ලබාදෙන විශේෂ වට්ටම් හා දීමනා ගැන විමසන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close