ikman

Top Ad සහ Bump Up අලුත් වෙයි

ශ්රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොළ වන ikman.lk මෙරට නිසැකවම භාණ්ඩ අලෙවි කරගැනීම සඳහා දැන්වීම් පළකළ හැකි හොඳම තැනයි. මෙහි දැන්වීම් පළකරන විකුණුම්කරුවන් බොහෝ දෙනෙකුට දින කිහිපයක් ඇතුළට තම භාණ්ඩ අලෙවිකරගැනීමට හැකියාව ලැබෙනවා. දැනට ikman.lk හි පළවී ඇති දැන්වීම් සංඛ්යාව 175,000 කට අධිකයි. මෙම දැන්වීම් අතරින්, තම දැන්වීම් වැඩි පිරිසක් අතරට රැගෙන යාම සඳහා දැන්වීම් පළකරන්නන්ට ක්රම දෙකක් ලබා දී තිබෙනවා. ඒවා නම්කර ඇත්තේ Top Ad සහ Bump Up යන නම් වලින්. මෙම ක්රම මගින් විකුණුම්කරුවන්ට තම දැන්වීම් වලට 10 ගුණයක් වැඩිපුර views ලබාගැනීමට හැකි වෙනවා.

මේ දක්වා මෙම සියලුම ප්රවර්ධන ක්රම වලංගු වූයේ දින 7 ක කාලයකට පමණයි. දැනට ikman.lk සම්බන්ධ සංඛ්යාලේඛන අනුව දැන්වීමක් පලකළ පසු අදාළ භාණ්ඩය අලෙවි වීමට ගතවන සාමාන්ය දින ගණන දින 5 ක්. එහෙත් ප්රවර්ධන ක්රම ජනප්රිය වීම නිසා විකුණුම්කරුවන්ට ඊට පසුත් ගැනුම්කරුවන් වෙතින් ඇමතුම් ලැබෙන අවස්ථා තිබෙනවා. අනෙක් අතට තම ප්රදර්ශනාගාරය, වෙළඳ නාමය හෝ නිෂ්පාදන ජනප්රිය කරවීමට අවශ්ය ව්යාපාර වලට මෙමගින් විශාල පිරිසක් වෙතට තම පණිවිඩය රැගෙන යාමේ අවස්ථාව හිමිවෙනවා. එහෙත් මෙතෙක් පැවති දින 7 සීමාව නිසා ඔවුන්ට තිබුණු එකම විසඳුම වූයේ ප්රවර්ධන වැඩසටහන නැවත නැවත අලුත් කිරීම පමණයි.

මෙම තත්ත්වයට විසඳුමක් වශයෙන් Top Ad සහ Bump Up ප්රවර්ධන ක්රම වල වෙනසක් සිදුකිරීමට ikman.lk කටයුතු කර තිබෙනවා. ඒ අනුව දැන් මෙම ප්රවර්ධන ක්රම සඳහා දින 3, 7 හෝ 15 යන තෝරාගැනීම් වලින් එකක් භාවිතා කිරීමට පුළුවන්. මෙය විකුණුම්කරුවන්ට තම අරමුණු අනුව, ගෙවන මුදලට උපරිම වටිනාකමක් හිමිකරගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. අනෙක් අතට අලෙවි වන භාණ්ඩ නැවත නැවත දර්ශනය නොවන නිසා ගැනුම්කරුවන්ගේ කාලය අපතේ යාමක් සිදුවන්නේත් නැහැ. ඒ වගේම ikman.lk සාමාජිකත්වය ලබාගෙන සිටින අයටත්, අනෙකුත් ව්යාපාර වලටත් මෙය වාසිදායක වන්නේ මෙමගින් අඩු ප්රවර්ධන වැඩසටහන් ප්රමාණයක් භාවිතා කරමින් අවශ්ය ප්රතිඵල ලබාගැනීමට හැකිවන නිසයි.

අපගේ සාමාජිකයන්ටත් සෙසු පාරිභෝගිකයන්ටත් උපරිම යහපතක් සිදුවන ආකාරයට නිරන්තරයෙන් ikman.lk හි වැඩිදියුණු කිරීම් සිදුකිරීමට අප කටයුතු කරනවා. දැනට අප සිදුකර ඇති ප්රධානම වෙනස්කම් වන්නේ Top Ad සහ Bump Up ප්රවර්ධනන්ගේ කාලසීමාව සහ මිලගණන් වෙනස් කිරීමයි. එම නිසා විකුණුම්කරුවන්ට දැන්වීම් පළකිරීමේදී හෝ ප්රවර්ධනය කිරීමේදී කිසිදු දුෂ්කරතාවක් ඇතිවන්නේ නැහැ.

මීට අමතරව දින 15 ප්රවර්ධන කාලසීමාව සඳහා විශේෂ දීමනාවක් හඳුන්වා දීමටත් අප කටයුතු කර තිබෙනවා. ඒ අනුව දින 15 ප්රවර්ධන කාලසීමාව තෝරාගන්නා අලෙවිකරුවන්ට සීමිත කාලයක් දක්වා 20% ක වට්ටමක් ලබාදීමට අප සූදානම්!
ඔබත් අදම ඔබේ දැන්වීම ikman.lk හි පළකරන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close