දේපළ

ඔබේ නිවස ආරක්ෂා කර ගන්න අපරාධකරුවෙකු සේ සිතන්න

ඔබේ නිවස සොර සතුරු උපද්‍රවයගෙන් ආරක්ෂා කිරිම හා සුරක්ෂිත කිරිම ගැන සිතිමේදී අපරාධකරුවෙකු සේ මනස සකසා ගැනීම තරම් දෙයක් තවත් නැත. සරලවම ඔබ අසාවි ‘ඒ ඇයි?‘ ඔබ සතු දේ අවසරයකින් තොරව ගන්නා තැනැත්තා හැර ආරක්ෂාකාරි ක‍්‍රියාමර්ගයන් ම`ගහැරිය හැකි ක‍්‍රමයන් අන් කිසිවෙකුත් දන්නේ නැත. ඔබ ඔවුන් සේ පිටත සිට සිතිමෙන් ඔබගේ වටිනාකම් පිළිබඳව තක්සේරුවක් ඔබට ම ලබා ගත හැකි අතර එමගින් ඔබ සතු දේවල් ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ වටිනා දර්ශණයක ප‍්‍රතිලාභ ඔබට සැළසේ.

ඇතුලූ වන ස්ථාන
පළමු පියවර ලෙස පිටත දැක්මක් ගන්න. නිවසින් පිටතට පැමිණ ඔබේ නිවස වටේ රවුමක් ගමන් කරන්න. නිවසට ඇතුලූ විය හැකි මාර්ග තිබේදැයි සෝදිසි කරන්න. දොරවල්, ජනෙල් හෝ අට්ටාලයකට ඇතුලූ විය හැකි පිටත මාර්ගයක් ඇත්දැයි සොයා බලන්න. ඔබ පිටත සිට නිවස අ`ගුලූ ලා ඇත්නම් ඔබ ඇතුල් වීම සඳහා කරන්නේ කුමක්ද? ඇතුලූ වීම සඳහා ඔබ බොහෝ කාළයක් වැය කරයි නම් එය හොඳය- ඔබ නිවැරදි දෙයක් කරමින් සිටියි. අනෙක් අතට ඉතා ක්ෂණයෙන් ඔබට නිවසට ඇතුල් විය හැකි මාර්ගයක් නිශ්චිතව දැකිවිය හැකි නම් ගෙවල් බිඳින්නාටද එලෙසම ඇතුල් විය හැකිය.

මෙසේ ඇතුල් විය හැකි මාර්ග ඔබ විසින් සොයා ගත් පසු ඔබ විසින් එම ස්ථාන සඳහා ආරක්ෂාකාරී පියවරවල් ගත යුතුය. පහසුම ක‍්‍රමය ලෙස පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ දොරවල් සහ ජනෙල් සඳහා අගුලූ සවි කිරිමයි. අසමාන්‍යය ස්ථානයක්ගෙන් ඇතුලූ වීම නිදසුනක් ලෙස අට්ටාලයෙන් ඇතුල් වීම වැනි ක‍්‍රමයන් සඳහා අසමාන්‍ය ක‍්‍රමවේදයකින් ම`ග ඇහිරිය යුතුය. පිටත පිවසුම සඳහා ඉබි අ`ගුලක් දැමිම පහසුම ක‍්‍රමයයි, නමුදු ඉබි අ`ගුලූ මිටියකින් හෝ ලොකු ගලකින් ගසා වුවද කඩා දැමිමට හැකියාව පවතියි. එම අට්ටාල මාර්ගය අත්‍යාවශයම නොමැති නම් ඒ සඳහා ලෑලි ගසා වසා දැමිය හැකිය. මෙයින් සොරුන් ඇතුලත් වීම වළකලනවා මෙන්ම සතුන් ඔබේ නිවසට ඇතුල් වීමද වළකාලයි.

අනතුරු ඇගවීමේ සංඥා පද්ධතිය
බොහෝ නිවසයන් සහ මහල් නිවාසයන් අනතුරු ඇගවීමේ සංඥා පද්ධතින් කල්තියාම ඇතුලත් කර ඇත. නමුදු ඒවා භාවිතා වනනේ බොහෝ කළාතුරකිනි. මෙය වෙනස් කරන්න. ඔබට අනතුරු ඇගවීමේ සංඥා පද්ධතියක් ඇත්නමි එය භවිතයට ගන්න. එය ඔබ නින්දටයෑමට පෙර හෝ නිවසින් බැහැරව යෑමට පෙර සක‍්‍රිය කර තබන්න. ආරක්ෂක පද්ධතියක සත්‍ය කාරණය නම් ගෙවල් බිඳින්නන් සම්බන්ධව පොලිසියට අනතුරු හැ`ගවීම නොව, සොරුන් බිය ගැන්වීමය. අධ්‍යනයන් පෙන්වා දෙන්නේ ආරක්ෂණ පද්ධතින් පෙන්වා ඇති නිවාසයන් සොර උපද්‍රවයන්ට ග‍්‍රහණය වීම අවම බවයි. අනතුරු ඇ`ගවීමේ සංඥාව බල ගැන්වන මොහොතේදී ඔබ නින්දෙන් අවදි වනවා පමණක් නොව මුළු අසල්වාසින්වද අවදි කරවයි. එවැනි අවස්ථාවක සොරෙකු වුවද එම ස්ථානයේ ගැවසීමට නොසිතයි.

ඔබ නිවසේ සිටිනවා යැයි පෙන්වන්න
ඔබ නම් සොරා ඔබ තෝරා ගන්නේ කුමන නිවසද? ආලෝකය සහ ශබ්දය එන නිවසද?, අඳුරේ පාළුවට ගිය නිවසද? සරල තේරිමක්, එහෙම නේද? කිසිවෙකු නැති ලෙස ඇති නිවෙස් සඳහා යෑමට සොරුන් නැඹුරුතාවක් දක්වයි. මුලූ කාළය පුරාම ඔබට නිවසේ රැුදී සිටිමට නොහැකි නම්, රූපවාහිනිය ක‍්‍රියාකර සහ උපායශිලීව ඇතලත විදුලි බුබුලූ කිහිපයක් දල්වා තබන්න. යම් හෙයකින් සොරාට නිවස ඇතුලත පෙනුනහොත් එයින් නිවස තුල කිසිවෙකු නොමැති බව වැටහි ගියහොත් එයින් මෙම කාරණය ව්‍යක්ත වී යයි. එම නිසා සෑම විටම පිටතින් බැලූ විට ඇතුලත නොපෙනන ස්ථානයන් වලින් විදුලි බුබුලූ දල්වා තබන්න, නිදසුන් ලෙස සාලයට ඇතුල් වන මාර්ගයේ, පිටුපස කාමරයක භාවිතා කළ හැකිය. කෙසේ වෙතත් පෙනුම බොහෝ විට යථා ලෙස ක‍්‍රියා කරයි. ඔවුනට නිවැසියන් සිටින බව තේරුණහොත් ඔවුන් ඊට වඩා පහසු ස්ථානයකට යයි.

ඔබේ වටිනා දෑ දර්ශණය වීමෙන් වළකා නොපෙනෙන්නට තබන්න
වටිනා වස්තූන් ජනේල සහ දොරවල් අසල සාමාන්‍ය පෙනීමට තැබීම බොහෝ මිනිසුන් කරන අත්වැරද්දකි. කවුරුන් හෝ හදිසි එබිකම් කිරිමකිදී දුටුවහොත් රත්තරන් අත්ඔරලෝසුවක් පොත් රාක්කය මත තබා ඇති අන්දම, ඔවුන් එය ගැනීමට මාර්ගයක් සොයා ගැනීමේ නැඹුරුතාවක් පවතිනවා. කිසිවක් පෙනිමට නොතිබීමට වඩා පෙනීමට තැබීම මිනිසුන්ගේ පෙළඹවීම වර්ධනය කරයි. එයම ඉලෙක්ට්‍රොනික් උපකරණ සහ පරිඝණකයන් සඳහාද අදාල වේ. ඒවා ජනේලයෙන් පිටතට පෙනීමට තැබීමෙන් වළකින්න. ඔබට ස්වාභාවික ආලෝකය අවශ්‍ය නම් ඔබේ වටිනා උපකරණ දෙවැනි තට්ටුවේ හෝ එක් වර පෙනිමට නොහැකි ස්ථානයන් හි තබන්න. පැහැදිලි ලෙස පෙනීම ම`ගහරවා ගන්න, එමගින් ඔබේ නිවස හෝ මහල් නිවාසය වැඩි ආරක්ෂාකාරී තත්වයකින් තබා ගැනීමට හැකිවේ.

ඔබේ අගුලූ අලූත් කරන්න
අ`ගුලූ තෝරා ගැනීම යම් කාළයක් හා හැකියාව මත තිරණය වේ. ඔබ සිතන අහිත කර ප‍්‍රතිඵලය බොහෝ විට සිදු නොවිමේ ඉඩකඩ තිබේ. කෙසේ වෙතත් බොහෝ සොරුන් මිටියක් හෝ වෙනත් උපකරණයක් භාවිතා කර අ`ගුලූ පහසුවෙන්ම කඩා කඩා දමයි. සමහර වේලාවන්ට ඔවුන්ට ඉතා පහසුවෙන් දොරට පා පහරක් දී අ`ගුල කඩා දැමීමටද පු`ඵවන. කෙසේ වෙතත් ඔබ විශාල ජව සම්පන්න අ`ගුලක් කඩා දැමීමට උත්සහ කර තිබේද? ඉහත ක‍්‍රමයන් සිදු නොවීම සඳහා ඔබ විසින් ශක්තිමත්, බරැුති අ`ගුල් භාවිතා කිරිම ම`ගින් අපරාධ සිදුවීමට බාධා පැනවිය හැකිය. බොහෝ අයට ඔවුන් වෙත අවධානය එල්ල වීම අවශ්‍ය නොවේ, එමනිසා ලෙහෙසිය බිඳ දැමිය හැකි අ`ගුලකට වඩා අමාරු අ`ගුලක් කඩා දැමීමට හෝ විවෘත කිරිමට ඔවුන් උත්සුක නොවෙනු ඇත. ඔබේ නිවසේ ඇති සෑම අ`ගුලක්ම අලූත් කිරිම මගින් සියලූ අපරාධ අවම කිරිමට සමත් වෙයි.

බල්ලෙක් ඇති කරන්න
බල්ලා ඔබට සහ ඔබේ පවුලට හොඳ සහායකයෙක් වන අතර අපරාධ වැළැක්වීමට සාධනිය සේවයක් ඉටු කරයි. බල්ලෙකුගේ බිරුම අභිමුව එම හඩ ඉතා විශාල නම් සහ අනතුරුදායක නම් ඕනෑම කෙනෙක් පාහේ බියක් දක්වයි. සොරුන් නිවසකට ඇතුලූ වන්නේ ලාභ ලබා ගැනීමේ අරමුණකිනි, ක‍්‍රියාවලිය අතරතුර අනතුරක් සිදුවීම ඔවුන් කිසිසේත් නොසිතන දෙයකි. බල්ලෙක් සඳහා ආයෝජනය කිරිම ඔබට මිතුරෙක් වගේම ඔබේ නිවසේ ආරක්ෂාවද තර වේ.

ඔබේ නිවස වටා ආලෝකය දල්වා තබන්න
බහුතරයක් ගෙවල් බිඳිම සිදු වනුයේ අඳුරේදී ය. සොරෙකු ඔබේ නිවසට ඇතුල් වීමට තෝරා ගන්නේ හොඳින් ආවරණයක් සහිත වු ස්ථානයකි. ඔබේ නිවස වටා පඳුරු සහිත සහ මද ආලෝකයක් පවති නම් එය සොරෙකු සඳහා කදිම උපායකි. ඒ වෙනුවට චලිත සංවේදි ධාරා ආලෝකය නිවස වටා සවි කරන්න. සොරා එම පරිමාවට ඇතුල් වු සැණින් විදුලි බබුලූ දැල්වෙයි. ඔබේ ල`ගම සිටින අසල්වාසින් විසින් එම විදුලි ආලෝකය පිළිබඳ අවධානය යොමු කර විපරම් කර බැලීමට යොමු වනු ඇත. කිසිදු සොරෙක් ආලෝකයේදී වැඩ නොකරයි, එමනිසා සරලවම විදුලි ආලෝක සවිකිරිම සාධනීය ලක්ෂණයන් ගෙන දෙයි.

අයිතිකරුවන් සමග කතාබහා කරන්න
ඔබ කාමරක් කුළියට සොයනවා නම්, අයිතිකරුවන් සම`ග ඔබගේ වස්තූන් ආරක්ෂා කර ගැනීමේ ක‍්‍රමයන් ගැන කතාබහා කරන්න. කුළී නවාතැන් සපයන ස්ථානයන් පෞද්ගලිකව අයිති නිවසක තරම් ආරක්ෂාවක් නොපවතියි. නමුදු ඔබේ ගිවිසුමේ සීමාවන්ට අනුව පියවර කිහිපයක් ඔබේ ආරක්ෂාව සඳහා ගත හැකිය. මුලික සංකල්පයන් ගැන විමසා බැලීමේදී වටිනා වස්තූන් ස`ගවා තැබීම සහ ජනෙල් තිර යොදා තිබිම මගින් සොරුන්ට ඇතුලත නිරික්ෂණ කිරිමට බාධා පමුණුවයි. ඔබ නිවසේ නොමැති අවස්ථාවන් වලදී ගුවන් විදුලි යන්ත‍්‍රය කි‍්‍රියාත්මක කර තැබිම මගින් නිවසෙ අයෙක් ඇතැයි මවා පෙන්විය හැකිය. බොහෝ අයිතිකරුවන් කුළි නිවැසියන් සම`ග ක‍්‍රියා කිරිමට කැමැත්තක් දක්වයි, ඉතිං ඔබට ඇති විකල්පයන් මොනවාදැයි සොයා බලන්න.

ඔබේ නිවසේ ආරක්ෂාව ගැන සිතිමේදී සාමාන්‍ය දැණිම බොහෝ දුර ඇඳි යයි. සොරෙකු සේ සිතිමෙන් ඔබේ නිවස අනතුරට භාජනබ විය හැකි න‍්‍රමයන් පිළිබඳව සුක්ෂම දෘෂ්ඨියක් ගෙන එයි සහ වැදගත්ම දෙය නම් ඒවා නිවැරදි කිරිම මගින් ඔබ සහ ඔබේ පවුලේ උදවියගේ ආරක්ෂාව වර්ධනය කර ගත හැකි විමය.

Apartments for sale in ColomboApartments for sale in Matara
Apartments for sale in GampahaApartments for sale in Kandy
Apartments for sale in GalleApartments for sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close