කාර් සහ වාහන

ඔබේ ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරිම සඳහා කාර් රථයක් භාවිතා කරන්නේ කෙසේද?

ඔබේ ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරිම සහ ප‍්‍රචාරණය කිරිම අවශ්‍ය නම් පිරිස අතරට යා හැකි හොඳ ක‍්‍රමවේදයක් ඔබ විසින් තෝරා ගත යුතුය. ඔබ තර`ගයෙහි යෙදෙන්නේ වටිනා ගණුදෙණුකරුවන් සඳහාය එමනිසා ඔබේ ප‍්‍රවර්ධනය අද්විතිය ස්ථානයක තිබිය යුතුය. කාර් රථයක් හරහා ඔබේ ව්‍යාපරය ප‍්‍රවර්ධනය කිරිමේ විනෝදජනක ක‍්‍රියාවලිය නම් වාහනය දැවටුම් ප‍්‍රචාරණය හෝ චුම්බක සංකේත යොදා ගැනිමය. ඔබට මෙම කාරය දවටා දැක්වීම හෝ චුම්බක සංකේත යොදා ගැනිම පාවිච්චි කරන ලද කාර් හෝ ශ‍්‍රි ලංකාවේ ඇති කාර් සඳහා යොදා ගැනිමට හැකිය. කාර් දැන්වීම් ප‍්‍රචාරණයේ බොහෝ ක‍්‍රම ඇති අතර එයි ඔබේ ව්‍යාපාරයට සරිලන ක‍්‍රමවේදයක් ඔබට තෝරා ගැනිමට හැකිය. ඔබේ ව්‍යාපාරයට කාර් රථයක් හෝ ව්‍යාපාරය වාහන සඳහා සම්බන්ධ නොමැති වුවද කාර් රථ දවටනය ඔබගේ ගණුදෙනු කරුවන්ට පහසුවෙන් ල`ගා විය හැකි සුදුසු ස්ථානය වේ. එය තද සහ හොඳින් දෘෂ්‍යමාන විය යුතුය. ඔබේ ව්‍යාපාරයේ නම, දුරකතන අංකය සහ වෙබ් ලිපිනය වැනි සියලූ දේ එහි සඳහන් විය යුතුය. ඔබේ ගැණුම්කරුවන්ට එය ඉතා පහසුවෙන් කියවිය හැකි විය යුතු අතර සහ ඈත සිටද කියවිය හැකි විය යුතුය. ඔබේ ප‍්‍රවර්ධන ක‍්‍රියාකාරීත්වයේ ඔබ විසින් සැළකිල්ල යොමු කළ යුතු දෑ කිහිපයක් වේ.

ග‍්‍රැෆික් සහ තදකම මගින් ගැණුම්කරුවන්ගේ අවධානය දිනාගන්න.

තාවකාලික සේවක පිරිසක් ගෙන ඔවුන්ගේ කාර් රථද ඔබෙ ප‍්‍රවර්ධන ක‍්‍රියා කලාපයට යොදා ගන්න. විවිධ වු ප‍්‍රවර්ධන චුම්බකයන්, දවටන හෝ වීදුරු එල්වනයක් තෝරා ගන්න. ඔබේ ගැණුම්කරුවන් ඉලක්ක ගත කර ඔවුන් වැඩිපුර රැුදෙන ස්ථානයන් වෙත යන්න.

කාර් දවටන

ඔබේ වාහනයේ ප‍්‍රචාරණය සඳහා පැමිණිමේදී බොහෝ තේරීම් තිබේ. ඔබට කාර් දවටයක් ඒ සඳහා තෝරා ගත හැකි අතර එමගින් ස්ථිර සවි කිරීමක් කාර් රථයට එක් කරයි. එය කාර් රථයේ ඕනෑම පැත්තක සවි කළ හැකි අතර ඉදිරිපසද සවි කළ හැකිය. ගැණුම්කරුවන්ගේ තේරීම අනුව ප‍්‍රචාරණය තෝරා ගත හැකිය. එය ලෝගෝවේ ආභාෂයෙන්ද ගත හැකිය.

චුම්බක සංකේත

ඕනෑම වේලාවක සව් කළ හැකි සහ ගැලවිය හැකි චුම්පක සංකේතයන් ඇත. ව්‍යාපාරයේ අයිතිකරුට ඔහුට ඕනෑම වේලාවක මෙම චුම්බක සංකේතයන් ඉවත් කර දැමිය හැකිය. ඔබ අසල්වැසියන් ආසන්නයෙන හෝ ඔබේ ප‍්‍රචාරණ සඳහා නොගැලපෙන ස්ථානයකින් ගමන් කරන්නේ නම් ඔබට ඕනෑම වේලාවක එය ගලවා අයින් කල හැකිය.

ජනේලයේ සවි කරන ප‍්‍රචාරණයන් (වීදුර එල්වන)

දෙපස දොර වල් දෙක වෙනුවට ඔබට ඉදිරිපස සහ පිටුපස ප‍්‍රචාරණය එක් කිරිමට අවශ්‍ය වනු ඇත. විදුරු වල සවිකරන ප‍්‍රචාරණයන් මීට හොඳින් ගැලපෙන අතර එය පහසුවෙන් ඉවත් කිරිමේ හැකියාවද ඇත. දේශිය නිතීය පිළිබඳ සැළකිලිමත් වන අතරම සමහර ප‍්‍රදේශයන් හී එය රියදුරුගේ පැත්ත වැසීමට නෙහැකි වන අතර පිටුපස විදුරු එසේ භාවිතා කළ හැකිය.

අවරෝධක ස්ටිකරයන්

සමහරවිටක ඔබේ වාහනයට විශාල ප‍්‍රචාරණයන් නොගැලපෙන අතර ඒ සඳහා ඔබට කුඩා අවරෝධක ස්ටිකරයන් භාවිතා කළ හැකිය. එහා සඳහන් කළ හැක්කේ ඔබේ ලෝගෝව සහ දුරකථන අංකය පමණක් විය හැකිය නමුදු එය කුතුහලය දනවන්නක් නම් ගණුදෙණුකරුවන් විසින් නොපමාව ඔබට දුරකතන ඇමතුම් ලබා දෙනු ඇත. ඔබ නිරන්තරයෙන් වාහන තදබදයක් ගමන් කරයි නම් හොඳම ක‍්‍රියා කළාපය ඔබේ පිටුපස සිටින කෙනාට ඇමතීමය. ඔබේ වෙනස් කිරිම අතරතුර ඔබේ ව්‍යාපාරය අර්ධ කාළින හෝ ඔබ සෙමෙන් ඔබේ ව්‍යාපාරය අරම්භ කරගෙන යන්නේ නම් ඔබට කාර් රථ දවටන ප‍්‍රචාරණය ඔබ වැඩට යන අතර තුර භාවිතා කළ හැකිය. වෙනස් වීමේ දුර අනුව ඔබට රැුකියාව සඳහා ගමන් කිරිමට පැයක් කාළයක් ගත හැකිය. එම පැයක කාළය අතරතුර එම කාර් දවටන ප‍්‍රචාරණය විසින් ඔබට දුසිමක පමණ ගණුදෙණුකරුවන් පිරිසක් එක් කරයි.

අලෙවි ප‍්‍රවර්ධක කණ්ඩායම

ඔබේ ව්‍යාපාරය ප‍්‍රචාරණය සඳහා යොදා ගත හැකි තවත් ක‍්‍රමයක් වනුයේ ඔබේ ව්‍යාපාරයේ සේවය කරන කිසියම් කෙනෙකුගේ හෝ අලෙවි ප‍්‍රවර්ධක කණ්ඩායම සතු වාහන ප‍්‍රචාරණය සඳහා භාවිතා කිරිමය. සේවකයින් කාර් දවටන ප‍්‍රචාරණය සඳහා අකමැති වුවද චුම්බක සංකේත ක‍්‍රම ඊට හොඳින් ගැලපේ. ඔවුන් යම් ගණුදෙණුකරුවන් මුණ ගැසීමට යයි නම් ඔවුනට මේමගින් ප‍්‍රචාරණය ලබා දිය හැකිය.

ප‍්‍රවර්ධනය සඳහා සේවකයන් ගන්න

ඔබට පුර්ණ කාළින සේවකයින් ප‍්‍රවරධනය සඳහා අව්‍යශ නොවුවද වාහන වලට අත්පත‍්‍රකා බේදා හැරීම සඳහා පැය ගණනට සේවකයන් ගැනිමේ හැකියාව ඇත. ඔවුන් පාරේ සිටියදී ඔවුන්ගේ වාහනයේද චුම්බක සංකේත ප‍්‍රවර්ධනය භාවිතා කළ හැකිය. චුම්බක සංකේත ප‍්‍රවර්ධනයන් පහක් හෝ හයක් කල් තබා තනා තබන්න. ප‍්‍රවර්ධන කාර්යයන් කිරිමට ඔබට අවශ්‍ය ඕනෑම විටකදී තාවකාලික සේවකයින් හට එය භාවිතා කළ හැකිය. දිනය අවසන් වු විට ඔවුනට එය නැවත භාරදීමට හැකිය.

ප‍්‍රචාරණය සඳහා ගෙවන්න

අමතර මුදල් බලාපොරොත්තුවෙන් බොහෝ මිනිසුන් සිටිති. ඔබගේ ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරිම සඳහා අනුන්ට ගෙවීම මගින් ඔවුන්ගේ කාර් රථයන්ද දවටන ප‍්‍රවර්ධනයන් සඳහා යොදා ගත හැකිය. යම් මුදල් ප‍්‍රමාණයක් ගෙවීමෙන් ඔබට ඔවුන්ගෙන් මෙම කාර්යය ඉතා පහසුවෙන් කර ගැනිමේ හැකියාව තිබේ. ව්‍යාපාර අයිතිකරුවෙකු වශයෙන් ඔබට ඔවුනට කොපමණ පැය ගණනක් ප‍්‍රදේශයක සැරි සැරිය යුතුද යන්න පිළිබඳ අණ දීමට පිළිවන. සමහර ස්ථායන් හිදී ඨඡුී තාක්ෂණය යොදා ගනිමි ඔබ විසින් දෙන ලද මාර්ගයේ ඔවුන් නිසියාකාරව ගමන් කරනවාදැයි ඔබට නිරික්ෂණය කළ හැකිය.

එහේ මෙහේ ගමන් කරන්න

ඔබ විසින් ඉලක්ක ගත කරන පිරිස හඳුනා ගන්න. එය ගෘහණියන් හෝ පවුල් ඉලක්ක ගත කරන්නේ නම් ප‍්‍රදේශිය වෙළඳසැල් වෙත ඔබගේ කාර් දවටන ප‍්‍රචාරණය හෝ චුම්බක සංකේත ප‍්‍රචාරණය සම`ග යන්න. ඔබ තෝරා ගත් ප‍්‍රදේශයේ ඇති ව්‍යාපාරිකයනක් හට ඔබගේ ව්‍යාපාරික කාඞ්පත් බෙදා දෙන්න. ඔබට යා හැකි ප‍්‍රදේශිය ව්‍යාපාරික සමාගම් සහ කණ්ඩායම් සාකච්චා, ව්‍යාපාරික උළෙලවල් සොයා බලන්න. ඔබ මේ ප‍්‍රදේශයන් හී සැරි සරන විට ඔබ විසින්ම ඔබේ ප‍්‍රචාරණය සිදු කර ගනු ලබයි.

වර්ණ සහ ආලෝකය

ප‍්‍රවර්ධනයන් සඳහා තද සහ ග‍්‍රැෆිකයන් භාවිතා කිරිම නිසා ඔබේ ව්‍යාපාරයට කාගේ කතාබහාට ලක් විමට පිළිවන. දේශිය නිතීය පිළීබඳ දැණුවත්ව අනවසර ආලෝකයන් භාවිතා නොකර ඔබේ ප‍්‍රවර්ධනයක් නිසි ලෙස භාවිතා කරන්න. සමහර විටක පොලිසියට සමාන රතු සහ නිල් පැහැ ආලෝකය භාවිතා කිරිම නිති විරෝධි විය හැකි අතර නමුදු ව්‍යාපාරික අලෙවි පොළකදී ප‍්‍රවර්ධනය සඳහා ඔබට ඒ වර්ණයේ ආලෝකයන් භාවිතා කළ හැකිය. තවද ඔබේ ව්‍යාපාරය ඉදිරිපිට නවතා තබියදී හා ඔබ ප‍්‍රවර්ධනය සඳහා තෝරා ගත් ඉසව්වේ ගමන් කිරිමේදී එම වර්ණයන්ගෙන් යුත් ආලෝකයන් භාවිතා කිරිමට හැකිය.

කුමන ක‍්‍රමවේදය ඔබ විසින් තෝරා ගත්තද ගණුදෙණුකරුවන් වැඩි කර ගැනීම සඳහා ඔබේ වාහනය භාවිතා කිරිම අවම වියදමක් වැය වන ක‍්‍රියාවකි. ඔබ හරියාකාරව සිදු කළහොත් එය නවීන සහ අද්විතිය ක‍්‍රියාවකි. ඔබේ කෞසල්‍යය ඉදිරිපිටදී ඔබේ ගණුදෙණුකරුවන් සතුටු වුවහොත් ඔවුන්ගේ ව්‍යාපාරය ඔබට පිරිනමනු ඇත. ග‍්‍රැෆික්, නිර්මාණශිලි ප‍්‍රචාරණය හෝ ලෝගෝව පිළිබඳ සැළකිලිමත් වීමේන් එය ම`ග යන එන අනෙකුත් රියදුරන්ව ඇඳගැනිමට සමත් වනු ඇත. ඔබ යම් ප‍්‍රදේශය සැරි සැරීමේදී ඔබටම වු ගණුදෙණුකරුවන් පිරිසක් සතුවන අතර ඔබ එම ගමන් මාර්ගය සතුටට පත් කළහොත් ඔබ විසින් ගණුදෙණුකරුවන් පිරිස වැඩිකර ගැනිමට සමත් වනු ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close