ගෙදරදොර උපකරණ

ගින්නෙන් ඔබේ නිවස ආරක්ෂා කර ගන්න.

ගින්නෙන් ඔබේ නිවස ආරක්ෂා කර ගැනීම සඳහා ක‍්‍රම කිහිපයක් පවතියි. එලෙස පහත දැක්වෙනුයේ ඔබේ නිවස ගින්නෙන් ආරක්ෂා කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි ක‍්‍රම කිහිපයකි.

ඔබ විසින් පළමුවෙන්ම කළ යුතු කරුණු අතර මුල් තැන ගනුයේ ඔබ විසින් දුම් අනාවරකයක් සවිකර ගැනීමය. දුම් අනාවරකයක් නිවසේ හෝ මහල් නිවායන් හී සෑම තට්ටුවකම සවි කළ යුතු වේ. එකක් ඔබගේ නිදන කාමරයෙ ඔබ නිදන තැනට ආසන්නයෙන්ද අනෙක මුළුතැන්ගෙයිද සවිකළ යුතු වෙනවා. දුම් අනාවරකය බිප් හඩ නගන්නට පටන් ගත් විට නිවස තුල ගින්නක් හට ගෙන ඇතැයි ඔබට සංඥාණනය වේ.

එය ඉතා කුඩා ගින්නක් නම් ඔබට ජලය දමා එය මැඩ පැවැත්විමට හැකි වන අතර එය විශාල ගින්නක් නම් ඔබ සැළකිලිමත්ව වහා නිවසින් පිටතට පැමිණිය යුතු වේ. තවද සෑම මාස හයකට වරක්වත් ඔබේ දුම් අනාවරකයේ බැටරි මාරු කිරිම මගින් දුම් අනාවරකය නිඑයසි පරිදි ක‍්‍රියා කිරිමට අවශ්‍ය බලය එය සතු වේ.

ඔබේ මුළුතැන්ගෙයි උඳුන අසල විදුලි පංකාවක් තිබිම මගින් යම් හදිසි අවස්ථාවකදී අවශ්‍යතාවයක් මතු වේ. ඔබ මුළුතැන්ගෙයි සිටින වේලාවක දුම් අනාවරකය සක‍්‍රිය වීමට උදව් වේ. ඉයුම් පියුම් කරන අවස්ථාවන් හිදි භාජන අප‍්‍රප්ථව දම නොයන්න. සමහර අවස්ථාවන් වලදී තෙල් වැනි ද්‍රව්‍ය පෑන් එකෙන් එළියට විසිවි හදිසි තත්වයක් ඇති විමට පිළිවන.

ඔබ නිවසේ ස්ථාන කිහිපයක ගිණි නිවන උපකරණයන් සවි කර තැබීම වැදගත්ය. එකක් ඔබේ උණුසුම් පද්ධතිය සහ උණූ වතුර හීටරය අසල තිබීය යුතුය. එමෙන්ම මුළුතැන්ගේයි එකක් සවි කර තබන්න. යම් අවසථාවක් ගින්නක් දුටු වහාම මෙය භාවිතා කළ හැකිය. ටි‍්‍රගරය මිරිකීම මගින් එහි ඇතුලත ඇති රසායනික ද්‍රව්‍යන් එළියට විසි වෙන අතර එය ගින්න මත පතීත වීමෙන් ගිණි ඇවිළීම නවතියි.

නිවසෙන් පිටත සැළකු විට ඔබේ නිවසේ අත්තිවාරම අසල කිසිදු ගිණි ඇවිලෙන දෙයක් තිබීමෙන් වළකින්න. ඒ අසල වේලූණු කොළ හෝ තණ මුල් තිබේනම් එය එතැනින් ඈත් කර ඈතින් තබනන්න. මේවා වහා ගිණි ඇවිලෙන අතර එය ඔබේ නිවසට කිට්ටුවෙන් තිබේන විටක ඔබේ නිවස තුලටද ගිණි ඇවිලිම කාන්දු වේ. එමෙන්ම දර හෝ පරණ ගස් අතු මගින්ද මේ ආකාරයටම සිදු විය හැකි නිසාම ඒවාද ඔබේ නිවසට ඈතින් තබන්න සැළකිලිමත් වන්න.

ඔබේ නිවස තුල ගිණි මැලයක් ගැසිය ඇති ස්ථානයක් ඇතිනම් කිසිදු මොහොතක එහි ගිණි දල්වා අනවධානයෙන් පසු නොවන්න. ඔබ නින්දට යෑමට ප5ථම එහි ගිණි සියල්ල ඉවත් කර ඇති බවට සැළකිලිමත් වන්න. එම ගිණි මැලය රැුඳවන ස්ථානය ඉදිරියෙන් දැළක් වැනි දෙයක් භාවිතා කිරිමෙන් ගිණි පුළි`ගු එළියට හෝ ලී බඩු මත පොලා පැනීමෙන් වැළකෙයි.

ඔබ නිවස උණුසමුව තබා ගැනීම පිණිස ඉලෙක්ට්‍රෝනික උඳුන් භාවිතා කරයි නම් එය තිර රෙදි අසල ස්ථාන ගත කිරිමෙන් වළකින්න. එය ස්ථාන ගත කර යුත්තේ එහි කිසිවක් ගෑවිමෙන් වැළකිය තැනකය. ඔබ කාමරයෙන් පිටතට යයි නම් ඉලෙක්ට්‍රෝනික හිටර විසංදි කර යන්න.

කුණු කන්දල් මගින්ද ගිණි ඇවිලිම සිදු විය හැකි අතර ඔබේ නිවසේ පත්තර, කාඞ්බොඞ් පෙට්ටි හෝ වෙනත් කොළ තැන තැන දමා ඇති විටක පහසුවෙන් ගිණි පැතිර යාමට හැකියාව ඇති නිසා ඒවා ඉවත් කිරිමට සැළකිලිමත් වන්න.

ඔබ දුම් පානය කරයි නම් ඇඳ ම සිට දුම් පානය කිරිමෙන් වැළකී සිටින්න. එම අවස්ථාවන් වලදී ඔබට නින්ද ගිය හොත් සිගරට් කොටය බිම වැට් ඔබේ රෙද්දට හෝ බ්ලැන්කට්ටුවට ගිණි ඇවිලිමේ හැකියාව තිෙබි. එසේ ඔබ දුම්පානය කිරිමේදී අවසන් අග නිසි පරිදි අළුතැටිය මත සැළකිල්ලෙන් නිවා දැමිම පිළිබද වැඩි අවධානයක් යොමු කරන්න. එලෙස නිසි පරිසි නොනිමුණු සිගරට් කොටයක් ඔබේ කාර්පට් එක හෝ පත්තර කොළයක් මත වැටුණහොත් එය වහා ගින්නක් බවට පත් විමට ගත වනුයේ සුළු කාළයකි. එම නිසා සියලූ ගිණි ඇවිලෙන දෙයක්ම නිසි පරිදි

අළුබඳුනට දමා සුරක්ෂිතබාවය ස්ථිර කර ගන්න.
ඔබේ උඳුන් පද්ධතිය, ගිණි මැල ස්ථානය, උණු වතුර හීටරය, සහ ගේ දොර උපකරණයන් අනුරුද්දකට සැරයක් හෝ යම් අයෙකුට පෙන්නා ඒවා නිසි පරිදි ක‍්‍රියා කරන්නේදැයි පරික්ෂා කර බලන්න. එමෙන්ම ඔබේ නිවසේ ඇති විදුලි ප්ද්ධතියද එලෙස පරික්ෂා කර ගැනිම මගින් ගිනි අනතුරු වළක්වා ගැනීමට උපකාරි වේ.

ඔබේ නිවසේ රෙදි සෝදන සහ වේලන යන්ත‍්‍රයක් ඇත්නම්, සෑම වේලිමකට පසුම වේලිම් යන්ත‍්‍රය පිරිසිදු කරන්න. විලි සහ මෘදු රෙදි කැබලි ඉතා ඉක්මණින් ගිණි ඇවිලිමට උපකාර වේ. හැම වේලාවකම භාවිතා නොකරන උපකරණයන් විසංදි කර තැබීම මගින් විදුලි කාන්දුවෙන් හට ගන්නා ගණි මැඩ පැවැත්වීමට උපකාරී වේ. කෝපී පොට් එක සහ ඉලෙක්ට්‍රෝනික බැඳුම් යන්ත‍්‍ර දැඩි උෂ්ණත්වයක් නිපදවන නිසාවෙන් භාවිතා නොකර අවස්ථාවන් වලදී ඒවා විසංදී කර තබන්න. සෑම විදුලි ආලෝකයන් සඳහාම වැස්මක් දමා තැබිම මගින් හදිසියේ දී බල්බය බිම වැටි ගණි ගැනිමට ඇති අවස්ථාවන් මග හැරෙයි.

දැවෙන සුළු ද්‍රව්‍යන් නිවසේ එක් තැනක තබා තැබීම හා ඒවා නිතර නිතර පරික්ෂා කර බැලිය යුතුද වේ. ගෑස් සහ පෙට්‍්‍රල් වැන් ද්‍රවය නිතරම ගිණි නොගන්නා ඇසුරුම් වල බහා තැබිය යුතුය. නිවස පිරිසිදු කරන ද්‍රව්‍යයන් ගිණි ඇවිලෙන ස්ථානයන්ගෙන් මෑත් කර ගබඩා කරන්න.

බොහෝ විට නිවසක් තැනීමේදී ගින්දර ප‍්‍රතිරෝධක ද්‍රව්‍යන් භාවිතා කිරිමට හැකි වන අතර වහලට යොදා ගන්නාද්‍රව්‍ය වැනි දෑ මගින් ගින්නෙන් ආරක්ෂා වීමට කදිම ම`ගකි. මෙවැනි ද්‍රව්‍යන් වලට මාරු වීමට ඔබට හැකියාවක් තිබේනම් ඔබේ නිවසේ ආරක්ෂාව තහවුරු කර ගැනිමට පිළිවන.

ඔබ නිවස තුල ඉටි පන්දම් දල්වයි නම් ඒවා දල්වා අනවධානයෙන් නොසිටින්න. ඉටිපන්දම් යන් විවෘත ගිණි දැලිලක් සහිතව පවතින දෙයක් වන අතරමඑ ක විටම ඇඳ වැටුණ විට වහා ගිණි දැල්වීමක්ද සිදු විය හැකිය. එමනිසා ඉටිපන්දම් දල්වා නින්දට යෑමෙන් වළකින්න. තවද පත්තර කඩදාසි සහ තිර රෙදි වලින් ඉටිපන්දම් ඈත් කර තබන්න.

ඔබේ නිවසේ කුඩා ළමුන් සිටියි නම් ඔවුන්ට ගින්නේ ආරක්ෂා වීම පිළිබඳ කියා දෙන්න. ගිණි කූරු සහ ලයිරටයන් සම`ග සෙල්ලම් කිරිමේ ඇති උවඳුරු ළමුන්ට කියා දී ඒවා හැකිතාක් ඔවුන්ගෙන් බැහැරව තබන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close