ගෙදරදොර උපකරණ

ජල පිරිපහදු උපකරණ සඳහා මාර්ගෝපදේශණයන්

සියලූ පොදු ජල සැපයුම් පද්ධතිය විසින් මෙරට නිවැසියන් හට ආරක්ෂාකාරී පානීය ජලය සැපයීම සිදු කළ යුතු වේ. සාමාන්‍යයෙන් පොදු ජල සැපයුම් ආරක්ෂාකාරි සහ තත්වයකින් යුතු පානීය ජලය සපයන අතර රෝගකාරක විෂබිජ සහ හානිකර රසායනික ද්‍රව්‍යයන්ගෙන තොර වේ. කෙසේවුවත් ක්ලෝරීන් වැනි රසායනික ද්‍රව්‍යන් නිසා ඇති වන අප‍්‍රිය රස හෝ දුර්ගන්දය හෝ නියම කරන ලද ඖෂධ නැතුවා නොවේ. නිවසේ භාවිතාව සඳහා විවිධ වර්ගන්ගේ ජල පිරිපහදු උපකරණ ඇත.

සමහර උපකරණ ප‍්‍රතිබැක්ටිරියා පිළියම් සඳහා යොදන රසායනික ද්‍රව්‍යන්ගේ සුවඳ සහ රසය පෙරහන් කරන අතර තවත් ඒවා පොදු ජල සැපයුමේ හි අඩංගු විවිධ විෂබිජ නාෂක ද්‍රව්‍යන් සහ මොනයම් හෝ ආකාරයෙන් ඇති යකඩ වර්ගයන් පෙරහන් කරනු ඇත. අතීතයේ පැවති තත්වයන්ට සාපේක්ෂව වර්ථමානයේදී ජල පිරිපහදුව ඉතාමත් වැදගත් තැනක් ගනියි. ආරක්ෂාකාරි ලෙස සහ පහසුව ජල පරිපහදුව කර ගැනීම සඳහා ගෘහ උපකරණ බොහෝ ප‍්‍රමාණයක් දැන් පවතියි. නිවසේ ජල සැපයුම පහසු සහ උසස් තත්වයයෙන් යුතුව පවත්වා ගැනීමට ඇති ජල පිරිපහදු උපකරණ සහ ගෘහ උපකරණ කිහිපයක් පහත දැක්වේ. ඔබේ නිවසේ ජල සැපයුම පොදු ජල සැපයුම් පද්ධතියෙන් හෝ පුද්ගලික ලිඳක් මගින් සිදු වුවද, ආරක්ෂාකරිව සහ හොඳ රසයකින් යුත් උසස් තත්වයේ ජල ලබා ගැනීම සඳහා අවශ්‍ය ජල පිරිපහදු උපකරණ පෙළක් ඔබට ඉදිරිපත් කරයි.

ජල පිරිපහදු පද්ධතීන් සහ උපකරණයන් ගේ ලක්ෂණ

පියුරිට්

ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන ජල පිරිපහදු ගෘහ උපකරණය යුනිලිවර්ස් ගෙන එන පියුරිට් ජල පිරිපහදු උපකරණයයි. පියුරිට් පිරිපහදුව විසින් විශාල පරිමාණයේ සහ ඇසට නොපෙන කුඩා අංශූ යන දෙවර්ගයම ඉවත් කරන අතර ජලය හොඳ තත්වයකට ගෙන එනු ලබයි, මේ සියල්ල විදුලිය හෝ ගෑස් අවශ්‍යතාවයකින් තොරව සිදු කිරිමට මෙම උපකරණයට හැකිය. යුනිලිවර් සමාගම විසින් පියුරිට් පිරිපහදුව සඳහා ’විශබිජ නාශක තාක්ෂණය‘ යොදා ඇති බව සහතික කරන අතර එමගින් සතර ආකාරයකට ජලය පිරිපහදුවට ලක් වී උණු කළ ජලය තරමටම ආරක්ෂාකරිත්වය ගෙන දෙන බවට සහතික කරයි. පියුර්ට් ජල පිරිපහදුව ක‍්‍රම හතරකින් ජල පිරිපහදුවසිදු කරනු ලබයි. ඉන පළමු වැන්න නම් ක්ෂුද්‍ර ෆයිබර් අංශු පිරිපහදුවයි. එමගින් පෙනෙන්නට ඇති සියලූ අපද්‍රව්‍ය පෙරහන් කර දමයි. මෙමගින් ග‍්‍රාමිය ප‍්‍රදේශයන් හි සිටින ජනතාවට නාගරික ජනතාවට මෙන් පිරිසිදු පැහැදිලි ජලයක් ලබා ගැනිමේ අවස්ථාව තිබෙනවා. දෙවන ස්ථරය නම් කාබන් පෙරහන් සක‍්‍රිය කිරිමි මගින් කෘමිනාශක ද්‍රව්‍ය සහ ක්ෂුද්‍ර ෆයිබර් අංශු පෙරහන් සිදුරු වලට වඩා ඉතා කුඩා අංශූන් මෙමගින් ඉවත් කරනු ලැබේ.

මෙම ඉතා කුඩා අංශු පරපෝෂිතයන්ගෙන් සමන්විත වේ. ජලය මෙම කාබන් සක‍්‍රිය පෙරහන් මගින් ඇතුලූ වීමේන් අනතුරුව තුන්වන ස්ථරය වන විෂබිජ නාශක ක‍්‍රියාකාරිත්වයට ඇතුලත් වේ. මෙම විෂබිජ නාශක ක‍්‍රියාකාරිත්වය සඳහා ක්ලෝරීන් අඩංගු වේ. එමගින් බැක්ටිරියා සහ වෛරස් වර්ගයන් විනාශ කර දමයි. ඉන්පසු ජලය හතරවන ස්ථරයට ඇතුලූ වේ. එනම් ඔප්නැංවුම් අංශය වෙතය. මෙමගින් අවශේෂ ක්ලෝරින් අංශු ඉවත් කර ජලයේ රසය සහ පැහැදිලිත්වය ඔප්නංවනු ලැබේ. මෙම විෂබිජ නාශක ක‍්‍රියාකාරිත්වය පරිභෝජනිය භාණ්ඩයක් නිසා ක‍්‍රමානූකූල කාළයන්හිදි එය මාරු කිරිමට සිදුවේ. පිරිපහදුවේ ඉදිරිපස මෙම විෂබිජ නාශකයේ ජිව කාළය දක්වන තිරයක් ඇති අතර එය මෙහි ඇති ජිව කාළය දක්වනු ලැබේ. මෙය එහි විෂබිජ නාශක ත‍්‍රියාකාරීත්වයේ උපරිමයට පැමිණි පසු එම අංශය වෙත ජලය ලබා ගැනීම නවතා දමන අතර එමනිසා කිසිවෙකුටත් නිසියාකාරව පිරිපහදුවට ලක් නොවු ජලය පරිභෝජනය සඳහා ඉඩක් නොලැබේ. විෂබිජ නාශක ක‍්‍රියාකාරීත්වයේ ජීව කාළය පිරිපහදුවට ඇතුල් වන ජලයේ උෂ්ණත්වය මත තිරණය වේ.

සෙල්සියස් අංශක 25 උෂණත්වයක ඇති ජලය ඇති විටක ලීටර 1. 500 පිරිපහදු කර ගැනීමේ හැකියාව ඇත. උෂ්ණත්වය වැඩි විටකදී ජීව කාළය අඩු වන අතර උෂ්ණත්වය අවම වන විටක ජීව කාළය වැඩි වේ. තෙල් වැනි දුෂති දුව්‍ය ඇති ජලය සඳහා පියුරිට් පිරිපහදුව ඉතා හොඳ ක‍්‍රියාකාරිත්වයක් දක්වයි. කෙසේ වෙතත් එය ද්‍රවිත ලූණු ඉවත් නොකරයි. කිවුල් ජලය හෝ මුහුදු ජලය පිරිපහදුව වෙත එක් කිරිමෙන් එය අවහිර වීමට හැකි අතර එම නිසා එය භාවිතාවට නුසුදුසු තත්වයට පැමිණිය හැකිය. කෙසේවෙතත් අනෙක් මුලාශ‍්‍රයන් මගින් ලබා ගන්නා ජලය සඳහා මෙය ඵලදායක වේ. නිවසේ භාවිතාව සඳහා මෙය ආදර්ශමත් ජල පිරිපහදුවක් පද්ධතියක් වන බව නිසැකය.

නැනෝ තාක්ෂණයෙන් යුතු සෙරමික් කාටි‍්‍රරිජ කරාමයකින් යුතු ජල පිරිපහදුව

ශ‍්‍රි ලංකාවේ වෙළඳපල තුලදී හමුවන තවත් ජල පිරිපහදු උපකරණයක් වන සෙරමික් ක්ෂණික ජල පිරිපහදු උපකරණය ඔබ නිවසේ ජල කරාමයටම සම්බන්ඳ කර තැබිය හැකිය. එයට විශාල පරිමාණයේ පරපෝෂිත අංශූන් විනාශ කර දැමිමේ හැකියාව තිබුණද ඉතා ක්ෂුද්‍ර ඵෙන්ද්‍රයන් වන බැක්ටිරියා සහ වෛරස් වැනි අංශූ විනාශ කිරිමේ හැකියාව අවම මට්ටමේ පවතියි. එය එසේ වුවද නාගරාසන්න වැනි පිරිසිදු ජලය ලැබෙන ප‍්‍රදේශයන් හට මෙය එතරම් ගැටලූවක් නොවෙනු ඇත. කෙලින්ම මුළුතැන්ගේ හෝ නාන කාමරයේ ජල කරමායට ජල පිරිපහදුව සවි කර තැබීම මගින් වියදමද අවම කර ගැනීමේ හැකියාව ඇත. ත්‍මවැනි ජල පිරිපහදුවක ඇති විශේෂ වාසිය නම් ක්ෂණයකින් ජලය පිරිපහදු කරගැනිමේ හැකියාවයි. ඔබට කෙළින්ම ජල කරාමය ඇර එයට සවි කර ඇති ජල පිරිපහදුව මගින් පිරිසිදු ජලය ලබා ගැනිමට හැකියාව ඇති අතර බොහෝ සංකිර්ණ ජල පිරිපහදු උපකරණ එහි ඇති විවිධ ස්ථරයන්ගෙන් ජලය පිරිපහදු වීම සඳහා යම් කිසි නිශ්චිත කාළයක් ලබා ගනියි.

නැනෝ තාක්ෂණයෙන් යුතු සෙරමික් කාටි‍්‍රරිජ කරාමයකින් යුතු ජල පිරිපහදුව ස්ථර දෙකකින් පිරිපහදු ක‍්‍රියාවළිය සිදු කරනු ලබයි. පළමු ස්ථරය සෙරමික් කාටි‍්‍රරිජයකින් සමන්විත වන අතර එම කාටි‍්‍රරිජය තෝරමල්ලි සහ ඇලූමිනියම්, ලිතියම්, පොටෑසියම්, මැග්නිසියම්, යකඩ හෝ සෝඩියම් වැනි මුලිකාංගයන්ගෙන් සමන්විත වේ. තෝරමල්ලි යනු අර්ධ විශේෂිත පාෂාණයක් වන අතර එයට කුඩා ප‍්‍රමණයේ ක්ෂුද්‍ර විදුලියක් ජනනය කිරිමේ හැකියාව ඇති නිසා එමගින් උපස්ථරය මගින් ගලා යන ජලය සම`ග මුහුවන අනෙකුත් මුලිකාංග ක‍්‍රියාකාරිත්වය ප‍්‍රබල කරවයි. සෑම මුලිකාංගයක්ම පිරිපහදුවේ ඇති සෙරමික් කොටසක් තුල පවතින අතර ජලයෙහි ඇති වෙනස් ආකාරයේ දුෂිත ද්‍රව්‍ය බැහැර කරමින් සහ අපවිත‍්‍රකාරකයන් තුල ඇති රසායනකි ද්‍රව්‍යන්ද බැහැර කරවයි. අතරින් පතර ඔබ විසින් මෙම තෝරමල්ලි උපස්ථරය පිරිසිදු කල යුතු වන අතර ඒ සඳහා සරළ ක‍්‍රියාවලියක් වන සෙරමික් කැබැල්ල ඉවත් කර මුහුණත සෝදා පිරිපහදුව ඇතුල් කර තබන්න. දෙවන ස්ථරය නැනෝ – ණෘත්‍ තාක්ෂණයෙන් යුතු වන අතර එමගින් අවශේෂ ක්ලෝරීන් සහ ඝණ යකඩමය තත්වයන් ඉවත් කරනු ඇත. මෙම ස්ථර දෙකින් සමන්විත කරාමයක් සහිත ක්ෂණික පිරිපහදු උපකරණයට ජලය ලීටර 10,000 ක් පමණ පිරිපහදු කළ හැකි වේ. පරිහරණය කරන්නන් හට ඉතා පහසුවෙන් පිරිපහදු ජලය සහ කරාම වතුර වශයෙන් වෙන් වෙන්ව භාවිතා කිරිමට හැකි නිසා පිරිපහදුවේ ජිව කාළය ඉතිරි තිරිමට හැකි වේ.

රිවස් ඔස්මෝසිස් ජල පිරිපහදුව

කෙලින්ම ජලය ස්ථරයකින් හෝ කිහිපයකින් පිරිපහදුව සිදු කරන ගෘහ උපකරණ ඉතා හොඳ සහ බොහෝ එවා අතේ ඇති මුදලට මිලදී ගත හැකි වේ. නමුදු මේ කිසිදු පිරිපහදු උපකරණයක් සියලූම තත්වයන්ට ගැලපෙන ඒවා නොවෙයි. කෙසේවෙත් එම උපකරණ එක් හෝ කිහිප අංශයන් සඳහා උදාසීන තත්වයක් පෙන්නුම් කරයි. නමුදු මෙම තත්වය රිවස් ඔස්මෝසිස් ජල පිරිපහදුව සඳහාඅදාල නොවේ. මෙම උපකරණ ක‍්‍රියාකාරිත්වය මුහුදු ජලයෙන් ලූණු රසය ඉවත් කිරිමට හැකියාව පවතින අතර සහ මෙම උපකරණය මගින් මුහුදු ජලය සහ කිවුල් ජලය පරිභෝජනය සඳහා ගත හැකි මට්ටමට සැකසිය හැකි එකම ගෘහ උපකරණය වන්නේ ද මෙය පමණයි. ඔස්මෝසිස් ජල පිරිපහදුවහි ක‍්‍රියාවලිය යම් වර්ගයක තුනි පටලයක් හරහා ජලය ගමන් ගන්නා අතර එහි දෙපැත්තෙහි සමබරතාවය පවත්වා ගැනිම මෙහිදි සිදුවේ. ජල අණු තනි ෙසෙලයක් වශයෙන් ඇතුල්වීම හෝ පිටවීම මෙහි ක‍්‍රියාකාරිත්වය වේ. රිවස් ඔස්මෝසිස් පීඩනය උපකාරි කර එමගින් සමබරතාවය නිෂේධනය කර දමනු ලබයි .

පීඩනය මගින් තෙරපුමක් ජලය මත ඇති කර එය අර්ධ පාරගම්‍ය තුනී පටලය තුලින් ගමන් කිරිමට සලස්වන අතර එහිදි අපවිත‍්‍ර ද්‍රව්‍ය ඇතුල්වීමට ඉඩකඩ නොලැබේ. අපවිත‍්‍ර ද්‍රව්‍ය තනි වශයෙන් සහ නිදහස් වශයෙන් ඉතිරි වන අතර පිරිසිදු ශුද‍්‍ර ජලය පමණක් පිටතට පැමිණේ.මෙහිදි ඇති මුලික ප‍්‍රථිලාභය නම් ජල අංශූ පමණක් තුනි පටලය තුලින ගමන් කිරිමයි. තුනි පටලය අනෙක් පසින් භාවිතා කරන්නා හට අනෙකුත් අංශුන් බැහැර කල ජලය පමණක් ලබා ගැනීමේ හැකියාව පවතියි. සියලූ අපද්‍රව්‍ය, මැටි, මලකඩ, පරපෝෂිත කොෂ්ඨයන්, බැක්ටිරියා, වෛරස් සහ අනෙකුත් සියලූ අංශූන් තුනි පටලය අනෙක් පස ඉතිරිව පවතින අතර එහිදි මිශ‍්‍රව පවතින ද්‍රාවිතව ලූණු, ක්ලෝරීන්, කෘමි නාශක ද්‍රව්‍යන් සහ අනෙකුත් කොටස් මිනිසුන් විසින් පානය නොකළ යුතු ද්‍රව්‍යන්ද ඉතිරි වේ. මෙම සියලූම ප‍්‍රතිලාභ සම`ග රිවස් ඔස්මෝසිස් ජල පිරිපහදුවහි සෘණාත්මක ලක්ෂණ දෙකක් ඇත. එහි පළමු වැන්න නම් තුනි පටලය හෝ ෆිල්ටරය ක‍්‍රමයෙන් මාරු කළ යුතු වන අතර බොහෝ විට මුල් දි ජලය ඉතා නරක තත්වයේ තිබිය හැකිය. මෙහි අනෙක් කාරණය නම් එහිදි හට ගන්නා කාර්යසාධකත්වය.

කැල්සියම්, යකඩ, කොපර් සහ අනෙකුත් ස්ඩාභාවික පදාර්ථ ඇතුලත්ව ආරක්ෂිත ජලය විසින් මිනිස් සිරුරට අවශ්‍ය විවිධ ලෝහ වර්ග ලබා දෙයි. රිවස් ඔස්මෝසිස් විසින් මෙම ප‍්‍රථිලාභීය යකඩ වර්ග ඉවත් කර දමන අතර භාවිතා කරන්නන් විසින් පානිය ජලයෙන් ලැබෙන එම යකඩ වර්ග ලබා ගැනිම සඳහා අමතර පෝෂ්‍යදායික ආහාර ලබා ගත යුතු වෙයි. අවසන් වශයෙන් රිවස් ඔස්මෝසිස් ජල පිරිපහදුව අනෙකුත් ගෘහ ජල පිරිපාහදු උපකරණයන්ට වඩා මිලෙන් වැඩි වේ. එය මිලදී ගැනිමේදී ද විශාල මිලක් වැයවන අතර ෆිල්ටරය නැවත ප‍්‍රතිස්ථාපනය කිරිමේදී ද විශාල මිලක් වැය වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close