දේපළ

වාණිජමය දේපළ මිලදී ගැනීම හෝ කුළියට ගැනීම

වාසී සහ අවාසී
ව්‍යාපාරයක් සඳහා අදහසක් සැකසීමේදී සහ එය ක‍්‍රියාත්මක කිරිමේදී සමස්ථයේ අංග දෙකක් පැවතියද ඒවා සම්පුර්ණයෙන් වෙනස් වේ. ව්‍යාපාරයක් ගොඩනැගීමේදී ඒ සඳහා අවශ්‍ය ව්‍යාපාරික ඉඩකෙඩි හි අවශ්‍යතාවය මතු වන අතර අයිතිකරු හට සමානා්‍යයෙන් මිලදී ගැනීම හෝ කුළියට ගැනිම විකල්ප වශයෙන් පවතියි. වාසී සහ අවාසීන් පිළීබඳ හොඳ අවබෝධයකින් සිටිම ශ‍්‍රි ලංකාව තුල ව්‍යාපාරික දේපළක් ලබා ගැනීමේදී ඔබට උපකාරී වේ.
දිර්ඝ කාළින සහ කෙටි කාළින
කොළඹින් ව්‍යාපාරික දේපළක් මිලදී ගැනීමක් හෝ කුළියට ගැනීමක් පිළිබඳ ඔබ විසින් තිරණය කළ විට ඔබ සිතිය යුත්තේ කොපමණ කාළ සීමාවකට ඔබට එය අවශ්‍යද යන්නය. නිදසුනක් ලෙස ඔබ විසින් ඉදිර අවුරුදු කිහිපය තුලදී ව්‍යාපාරය අතිවිශාල ලෙස පුළුල් කිරිමට සිතයි නම්, ඔබ විසින් කුළියට ගැනීම වඩාත් යෝග්‍ය ක‍්‍රියා කළාපය වේ. කෙසේවෙතත් ඉදිරි කාළය තුලදී ඔබට ව්‍යාපාරය සුවිශේෂි කොට්ඨාශයක තහවුරු කර ගත යුතු නම් දේපළ මිලදී ගැනිම හොඳම පියවර වේ. ප‍්‍රධාන වශයෙන්ම, වැඩි කාළයක් ඔබ එක් තැනක සිටිමට අදහස් කරයි නම්, බරපතල ලෙස ඔබ එම ස්ථානය මිලදි ගැනිම පිළිබඳව සලකා බැලිය යුතුවේ.

වටපිටාව පිළීබඳ සැළකිලිමත්වන්න.
ල`ග අනාගතකදී ඔබේ ව්‍යාපාරය වෙත් ස්ථානයක ගෙන යෑමේ අදහසක් ඔබට නොතිබුණද වටපිටාව විසින් සමහරවිටක් එලෙස කිරිමට බල කෙරෙනු ඇත. නිදසුනක් ලෙස මෑතක සිට ආපරාධ වැඩි වශයෙන් සිදුවන ඉදිරි අවුරුදු කිහිපය තුලදී ආරක්ෂාව ක‍්‍රමයෙන් පහත වැටෙමින් තිබේන ප‍්‍රදේශයක ඔබ විසින් අළුතින් ව්‍යාපාරයක් ඇරඹිම සැළකිය හැකිය. ඔවුන් ඔබට ඉවත් වන ලෙස බලකර සිටිමට හැකි හෝ ඔවුන් විසින් ඔබගේ යම් ව්‍යාපාර බලහත්කාරයෙන් අල්ලා ගැනීමටද පුළුවන. ඉඩකඩ නොපැහැදි තත්වයකි තිබේයි නම් මිල දී ගැනීමකට වඩා කුළියට ගැනීම පිළිබඳ සිත් යොමු කරන්න. එවිට ඔබ එම ස්ථානයේම සිර නොවෙනු ඇත.

ඔබේ ආර්ථකය
මුල්‍ය සංරචක සිත් හි තබා ගනිමින්, මිලදී ගැනිමක හා කුළියට ගැනීමක ප‍්‍රධාන වෙනස වනුයේ ඒ සඳහා පුර්ව අත්තිකාරම් මුදලක් ගෙවිමය. කුළියට ගැනීමේදී ඔබ විසින් ආරක්ෂිත තැම්පතුවක් හෝ කෙලින්ම මුල් මාසය හා අවසන් මාසයෙහි කුළිය ගෙවිය යුතු වේ. කෙසෙවෙතත් එකී එකතුව නුවර පළාතේ ව්‍යාපාරික දේපළක මිලට කිසිසේත්ම සම කල නොහැකිය. ඒකපුද්ගල හා සංස්ථාවන් අත්තිකාරම් මුදල ගෙවිම සඳහා මුදල් ප‍්‍රතිපාදන නොමැති නිසාම ඔවුන්ට කුළියට ගැනිම හැර වෙනත් විකල්පයක් නැත. ඔබ මිලදී ගැනීම ගැන විශේෂ කැමැත්තක් දක්වයි නම් කුළියට ගැනිම විකල්පයක් ලෙස තබාගෙන මිලදී ගැනිම ගැන සලකා බලන්න.

බඳු ගෙවීම
ඔබට ගැලපෙන්නේ කුමක්දැයි තිරණය කිරිමේදි බඳු ගෙවිම සඳහා ඔබට ඇති ආර්ථිකය ගැන සැළකිලිමත් වීම වැදගත්ය. කුළි පදනම මත සිටින්නන් සමාන්‍යයෙන් දේපළ සඳහා බඳු ගෙවිය යුතු නොවේ. කෙසේවෙතත් කොන්දේසි මගින් ඔබ දායකවන්නේ කෙසේදැයි පැනවි තිබිය හැකිය. එසේ වුවත් එය අසම්භාව්‍යය. අනික් අතට දේපළහි අයිතිකාරිත්වය ඔබට නම් එබ අනිවාර්යෙන්ම බඳු ගෙවිය යුතු වේ. එමනිසා ඔබගේ අයවැයෙහි බඳු ගෙවිම සඳහා මුදල් තිබිය යුතුය.

අතිරේක බිල්පත්
දේපළ හිමකරුවෙකු විමේදී බඳු මුදල් පමණක් ගිණුම් ගත කිරිමේන් සෑහීමකට පත් නොවිය යුතු අතර ඔබ විසින් අනෙකුත් ඒ හා ඈදී අනෙකුත් දේ පිළීබඳවද සැළකිලිමත් විය යුතුය. ස්ථානයේ උෂ්ණත්වය අධිකනම් ඔබ විසින් එම ස්ථානය සිසිල් කළ යුතු වන අතර ඒ සඳහා ඔබට වායු සමීකරණ යොදා ගැනීමද සිදු වනු ඇත. ඔබට විදුලි සහ ජල බිල්පත්ද ගෙවිමට සිදු වනු ඇත. කුළියට ගත්තද මේ සියලූ කාරණා ඔබ විසින් ගෙවිමට සිදු වනු ඇත. නමුදු එය සමස්ථ කුළියට ඇතුලත්ව තිබිය හැකිය. මෙකි ප‍්‍රවර්ග දෙක සඳහාම අවශ්‍ය වන මුල්‍යමය කාරණ හා බැඳි දෑ සියල්ල ලැයිස්තු ගත කර වඩා යෝග්‍ය කුමක්දැයි නිර්ණය කරන්න.

බඳු ගැනිම සඳහා වු ගිිවිසුම
දේපළ මිලදී ගැනිමේදී එහි සිදු කිරිමට නියමිතයන් පිළිබඳව ඔබ විසින් කිසිවෙකුටවත් උත්ර බැඳිමට අවශ්‍ය වන්නේ නැත. කුළියට ගැනීම ගැනීම ගැන සැළකිළිමත් වන ඔබ විසින් මතක තබා ගත යුතු කාරණයක් වන්නේ දේපළෙහි හිමිකාරිත්වය අන් අයෙකුට ඇති බවය. නිදසුනක් ලෙස ඔබට වෙනත් ස්ථානයක් සඳහා යෑම සඳහා දින 30ක කාළයක් ඇති බව දැණුම් දී ඇති විටක එම කාළය අතරතුර ඔබට යාමට ස්ථානයක් නැති වු අවස්ථාවක ඔබේ ව්‍යාපාරය වසා දැමිමට සිදු වනු ඇත.

ඔබට අවශ්‍ය ඉඩකඩෙහි ප‍්‍රමාණය
ව්‍යාපාරික දේපළක් කුළියට ගැනීමට වඩා මිලදී ගැනීමේදී ඔබගේ අයවැය තදබල කළද, ව්‍යාපාරික දේපළක් අයිතිකර ගැනිමේ වාසි ඔබට බුක්ති විදිමට පුළුවන. ඔබගේ ව්‍යාපාරය නඩත්තු කිරිම සඳහා කොපමණ විශාලත්වයක ඉඩ ප‍්‍රමාණයක් අව්‍යශදැයි සිතන්න. විශාල ඉඩකඩක් ඔබට අව්‍යශ නම් ඔබට වැඩිපුර ගෙවීමට සිදු වන අතර එලෙස විශාල ඉඩකඩක් කුළියට ගැනිමෙන් වැළකි සිටිය හැකිනම් හොඳය. කුඩා ඉඩකඩකට වඩා විශාල ඉඩකඩකට කුළිය ඉතා විශාල වේ. නමුදු ඔබ මිලදී ගැනිමේදී විශාල ඉඩකඩක් අඩුමුදලට ලබා ගැනිමේ හැකියාව පවතියි.

ව්‍යාපාරයේ ස්වභාවය
ඔබ පවත්වාගෙන යෑමට අදහස් කරන ව්‍යාපාරයේ ස්වභාවය අනුව කුළියට ගැනීමට වඩා මිලදී ගැනීම යෝග්‍ය වනු ඇත. නිදසුනක් වශයෙන් අපි හිතමු ඔබ විසින් යාන්ත‍්‍රික ව්‍යාපාරයක් කාර්ය බහුල ලෙස පවත්වා ගෙන යන බව, කාර් රථ සම`ග වැඩ කිරිම අවුල් වුණ වැඩකි. ඔබ විසින් ස්ථානය කුළියට ගෙන ඇත්නම් වාහන වල ඇති ග‍්‍රිස්, තෙල් වැනි දෑ මගින් අපවිත‍්‍ර වු බිම නැවත සකසා දීම සඳහා ඔබට අතිරේක මුදලක් වැය වනු ඇත. ඔබ විසින් ව්‍යාපාරික ස්ථානයක් මිලදී ගත යුත්තේ පාරිභෝගිකයන් හට කුණු සහිත සහ ප‍්‍රිය මනාප නොවන තැනක් නිසා පමණක්ම නොව දේපළහි අයිතිකාරිත්වය ඔබ සතු විට තරමක් දුරට හෝ පිරිමැසිය යුතු පාඩුව සඳහාත් ය.

වෙනස් කිරිම් සඳහා ඇති අදහස්
ගොඩනැගිල්ලේ සැලැස්ම වෙනස් කිරිමේ අභිලාෂයක් ඔබට ඇතිනම්, ඔබ විසින් අනිවාර්යෙන්ම බරපතල ලෙස මිලදී ගැනිම ගැන සිතිය යුතු වෙනවා. කුළියට ගෙන ඇති විටකදී ව්‍යහයේ ස්ථිර වෙනස්කම් කිරිමට ඔබට බලයක් නොතිබෙනු ඇත. ඔබ ගොඩනැගිල්ලේ අයිතිකරු වුවද වෙනස්කම් කිරිම සඳහා ඔබට අවසර ලබා ගැනිමට සිදු වන අතර කෙසේවෙතත් එය ඔබේ උත්සහයකන් ලබා ගැනීමකිි. කුළි ගොඩනැගිල්ලකදී වෙනස් කිරිමක් හෝ අතිරේක එකතු කිරිමක් සිදු කිරිම සඳහා ඔබ විසින් අයිතිකරුගෙන විමසා බැලිය යුතු වෙනවා. බොහෝ විටදී එහිදි පිළිතුර ‘නැත‘ විය හැකි අතර එවිට ඔබට ව්‍යාපාරය පවත්වාගෙන යන ආකාරය පිළිබඳ සිතා බැලිය යුතු වනවා හෝ වෙනත් කුළි ස්ථානයක් සොයා ත යුතු වෙනවා.

එළිමහන් ඉඩකඩ
බොහෝ හේතු සාදකයන් නිසා ඔබගේ ව්‍යාපාරය සඳහා එළිමහන් ඉඩකඩ තිබිම අවශ්‍ය වේ. ඔබ විසින් එළීමහනේ ආසාන සකස් කොට අවන්හලක් පවත්වාගෙන යාමට හෝ කාළගුණය හොඳින් ඇති විටක එළිමහනේ විකිණිම් සිදු කිරිමට ඔබ කැමැත්තෙන් සිටිය හැකිය. මෙම ඉඩප‍්‍රස්ථාව කුළීයට ගැනීමේදී හා මිලදී ගැනිම යන කාරණා දෙකෙදීම තිබිම වැදගත් වන අතර නමුදු එය බොහෝ වට ඉහත කී ආයුරිමය. කුළියට සිටිමේදී ඔබට එළිමහන අනෙක් ව්‍යාපාර හෝ නිවස සම`ග බෙදා ගැනීමට සිදු වන අතරම එළිමහන භාවිතා කිරිම සඳහා ඔබ පළමු අයිතිකාරත්වද නොලැබෙනු ඇත.

ව්‍යාපාරික ස්ථානයේම නවතැන් සපයා ගැනීම
සමහර ව්‍යාපාරික අයිතිකරුවන් විසින් තමන්ගේ වාපාරික ස්ථානයේම නවාතැන් ගැනිමට තිරණය කර සිටිම පුළුවන. එවන් අවස්ථාවන් හිදී ඔබට ව්‍යාපාරික ස්ථානයේ ම ඉහළින් කාමරයක් හෝ ඔබේ නිවසින් කොටසක් ව්‍යාපාරය සඳහා සකසා ගත යුතු වනවා. ඔබගේ ව්‍යාපාරික ස්ථානයේම ඔබ නවාතැන් ගැනීමට සිතනවා නම් එවිට ඔබගේ තේරිම තුල ඔබගේ නවාතැන් පහසුකමට අවශ්‍ය සාදක තිබේදැයි සැළකිලිමත් විය යුතුය. අවසානයේදී ඔබ විශාල නිවසක් ගෙන විශාල ඉඩකඩක් සහිත ව්‍යාපාරයකට ගමන් කරයි නම්, කුළියට ගැනීම මේ සඳහා සුදුසු ක‍්‍රියාවලියක් වනු ඇත.

ඔබගේම ව්‍යාපාරයකදී ඔබට ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් ගණුදෙණු පිළිබඳව හොඳ තිරණ ගැනීමට සිදුවනු ඇත. ඔබ එක් ස්ථානයකින් තවත් ස්ථානයකට මාරු වෙමින් යනවාද නැතහොත් පළමු වරම නිශ්චිත ස්ථානයක් තෝරා ගන්නවාද? කුළියට හෝ මිලදී ගැනිමේ වාසි සහ අවාසි ගැන සැළකිලිමත් වෙමින් ඔබේ තිරණය ගන්න.

Commercial Property for Sale in ColomboCommercial Property for Sale in Matara
Commercial Property for Sale in GampahaCommercial Property for Sale in Kandy
Commercial Property for Sale in GalleCommercial Property for Sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close