කාර් සහ වාහන

වාහන සුරක්ෂිතතා උපදේශණ

බොහෝ වාහන සොරුන් ආරක්ෂණ පද්ධතින් සහ උපකරණ තරම්ම නවීනය. වාහන ට‍්‍රැකින් පද්ධතීන්, අනතුරු ඇ`ගවීමේ සහ ක‍්‍රියා විරහිත කිරිමේ උපකරණ වැනි විවිධ ස්ථරයන්ගෙන් සැදුම් ලත් ආරක්ෂණ පද්ධතීන් පවතියි. වාහන ආරක්ෂණ පද්ධතියක් ඇතුලත් කිරිමේන් ඔබේ වාහනය සොරකම් කිරිමෙන් වළකාලිය හැකි වන අතර මෙන්ම වීදුරු හොඳින් වසා තැබීම, දොරවල් සැමවිටම අ`ගුළු දමා තිබිම වැනි වාහන සුරක්ෂිත උපදේශණ ක‍්‍රමවේදයන් භාවිතා කිරිම මගින්ද වළකාලිය හැකිය. වාහනයක් මිලදී ගැනිමේදී වාහනයක සුරක්ෂිතතාවය ඉතා වැදගත් කරුණක් වෙනවා.

වාහන ට‍්‍රැකින් උපකරණ
වාහන ට‍්‍රැකින් පද්ධතීන් ඨඡුී තාක්ෂණය සහ සුවිශේෂි මෘදුකාංග යොදා ගනිමින් වාහනය ඇති නියමිත ස්ථානය නිවැරදිව දක්වනු ලබයි. සොරකම් කිරිමකදී මෙම පද්ධතියට හානි සිදු නොකළහොත් එය විසින් නිවැරදිව සොරුන් විසින් ඔබේ වාහනය රැුගෙන ගිය ස්ථානය දක්වනු ලබයි.

හඳුනා ගැනීම් උපකරණ
වාහන ට‍්‍රැකින් පද්ධතීන් විවිධ ස්වරූප වලින් පැමිණෙයි. බොහෝ සුලභ ට‍්‍රැකින් උපකරණය මයික‍්‍රෆොනයක් සහ ස්පිකරයක් නොමැති කුඩා වෝකි-ටෝකි උපකරණයක් මෙනි. ඇන්ටනාවකින් ද, ට‍්‍රැකින් චිපයකින් සහ බැටරියකින් ට‍්‍රැකින් උපකරණය සමන්විත වේ. තවද මෙම උපකරණය කුඩා චිපයක් තරම් කුඩා විය හැකි අතරම ජංගම දුරකථනයක් තරම් විශාලද විය හැකිය.

ලක්ෂණ
ඔබගේ වාහනය සොර ගත් විට ට‍්‍රැකින් උපකරණය මගින් යම් විශේෂ ප‍්‍රදේශයක ගමන් කරන විට එමගින් සංඥා පද්ධතියක් නිකුත් කිරිමේ හැකියාව තිබේ. අමතර වශයෙන් ඔබට ට‍්‍රැකින් උපකරණය වාහනයේ වේගය බලා ගැනිමටද යොදා ගත හැකිය. සමහර ට‍්‍රැකින් උපකරණ සුවිශේෂි ලක්ෂණ සම`ග පැමිණෙන අතර එමගින් මනා සංවිධානයකින් ගමන් කිරිමේ හැකියාව සහ කෙටි මාවත් සොයා දීම වැනි ක‍්‍රියාවන් සිදු කරයි.

ප‍්‍රතිලාභ
මෙමගින් ඇති මුලීක ප‍්‍රතිලාභ නම් ඔබේ වාහනය සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සහ සොරා ගත් විටක සොයා ගැනිමට හැකි විමය. තවද ඇතැම්විට සොරුන්ට මෙම උපකරණය බාධා පමුණවන අතර බොහෝ වාහන වල මෙම උපකරණය සවි කර ඇති බව සොරුන් දන්නා නිසා සොරකම් කිරිමට ඔවුන් බිය වනු ඇත.

අක‍්‍රිය කිරිමේ උපකරණ
අක‍්‍රිය කිරිමේ උපකරණය මගින් සොරුන් විසින් යොදා ගනු ලබන රත් කම්බි ආමාන වළකාලනු ලබයි. නිදසුන් ලෙස වාහනය ස්ටාර්ට් කිරිම සඳහා උපකාරි වන ස්විචයන් සහ ස්මාර්ට් යතුරු අක‍්‍රිය කර තබයි. ස්මාර්ට් යතුරු මගින් වාහානය තුල විශේෂ කේතක යුග භාවිතා කිරිම මෙමගින් වළකාලයි. නිවාරදි කේතක නොමැතිව වාහනය පණ නොගැන්වේ.

අනතුරු ඇගවීමේ උපකරණ
සමහර විටක වාහන එලාම් උපකරණ සුලභ ආරක්ෂාකාරි උපකරණයක් බවට පත්ව ඇත. වාහනය අතපත ගාන විට එලාමය විසින් උස් ශබ්දයක් පිට කරයි. උස් හඩ සහ ආලෝකය මිනිසුන්ගේ අවධානය යොමු වන නිසා සොරුන් එයින් ඈත් කර තබයි. මෙම එලාරම් පද්ධතිය නවීන සහ පාවිච්චි කරන ලද යන දෙවර්ගයටම ඇතුලත් කළ හැකිය.

අවසනාවන්ත මිනිසුන් තවදුරටත් සොරකම් සහ වාහන එලාම් එකට සම්බන්ධ යැයි නොසිතයි සහ අත්දැකීම් සහිත සොරුන් වාහනය අසලට ගිය විටම එලාමය නිශ්ක‍්‍රිය කිරිමේ ක‍්‍රම දනියි. ඔබේ වාහනයට වාහන එලාමයක් සවි කර ඇත්නම්, ඔබේ වාහනයේ වැස්ම ඇරීමට බැරි වන සේ අ`ගුලක් ඇතුලූ කිරිම මගින් සොරුන් විසින් වාහනයේ ඇංජිමෙන් එලාමය ක‍්‍රියා විරහිත කිරිම වළකාලිය හැකිවේ.
සුක්කානම සහ රෝද අගුලූ දැමිම මගින් ඔබේ වාහනයේ සුරක්ෂිතභාවය සහ එලාමයේ සඵලත්වය වැඩි කරන දෙයි. මෙකි අමතර සියලූ ආරක්ෂණ පද්ධතීන් ඔබේ වාහනයට ඇතුලත් කර ඇති විට සොරුන් තැති ගැන්මකට ලක් විය හැකිය.

අනන්‍ය වාහන ආරක්ෂණ එලාම් සංකල්ප
ස්ට්‍රොබ් ලයිට්
මෙම පද්ධතිය සොරුන්ට බාධා කිරිම කිහිප අයුරකින් සිදු කිරිම කරනු ලබයි. ඔබගේ වාහනය තුල ඇති ආලෝක පද්ධකිය ස්ට්‍රොබ් ලයිට් පද්ධතියක් ලෙස සැකසිය හැකි අතර එමගින් සොරෙකු වාහනය තුලට ගොඩ වු විට එය ක‍්‍රියාකාරී වේ. එලාම් පද්ධතියේ ශබ්දය බොහෝ අවධානය ඇඳ ගන්නා අතර මෙමගින් ඔබේ වාහනය හොඳින් පෙන්නුම් කිරිම සිදු කරයි. විශේෂයෙන්ම කුඩා වාහන නැවතුම් අංගන වලදී එහි සිටින ආරක්ෂක නිළධාරින්ට වාහා සොයා ගැනිමට හැකි වන පරිදි ය.

ඇතුලත එලාමය
සිතන්න, සොරෙකු වාහනයට ඇතුල් වී ඔහුගේ ජයග‍්‍රහණය විඳිමටත් මත්තෙන් ඉහළ ඩෙසිබල් ශබ්දයක් වාහනය තුල මහා හඩින් ශබ්ද නැගෙන අයුරු. ඇතුලත එලාමය සොරුන්ව සොරක් කිරිමෙන් වළකාලන අතර නැතහොත් වැඩි දුරක් එළවාගෙන යාමට ඔවුන්ව අධෛර්්‍යමත් කරයි.

ඉන්දන පොම්පය විසන්ධි කිරිම
ඉලෙක්ට්‍රොනික ඉන්දන පොම්පයක් ඇති නවින සහ පවිච්චි කරන ලද වාහන සඳහා මෙම ආරක්ෂණ ක‍්‍රමය යොදා ගත හැකිය. මෙහිදි ඉන්දන පොම්පය එලාම් පද්ධතියට සම්බන්ධව ඇති නිසා එලාම් පද්ධතිය සක‍්‍රියව ඇති විටක ඉන්දන පොම්ප නොකරයි. මෙම ආරක්ෂන පද්ධතිය සකසා ඇත්තේ වාහාන සොරක් කිරිමේදී සොරුන් විසින් එලාම් පද්ධතීන් ක‍්‍රියා විරහිත කිරිමට දන්නා නිසාය. ඔබේ රථය එලාමය අක‍්‍රිය කරන තුරු පණ ගැන්විමට නොහැකි වනු ඇත.

නිහඩ එලාමය
බොහෝ වාහන හිමියන් අහඹු කම්පනයකින් එලාමයන් බල ගැන්වීම මගින් ප‍්‍රකෝපනය වීම ඕනෑතරම් අත්විඳ තිබිය හැකිය. ඒ සඳහා නිහඩ එලාමය ඉතාමත් ප‍්‍රයෝජන වන අතර එමගින් මුළු මහත් ලෝකයාටම සොරකමකදී දැණුම් නොදී හිමිකරුට පමණක් අනතුරු ඇ`ගවිම් සිදු කරයි. අයුතු ඇතුලූ වීමකදී මෙම එලාම් පද්ධතියේ ඇති ට‍්‍රාන්ස්මිටරයක් මගින් සංඥා නිකුත් කරයි. බොහෝ ශබ්දයන් වලට ඔබ අකමැති නම් මෙවැනි වර්ගයේ එලාම් පද්ධතියක් නියමාකාර ලෙෂ ඔබට ගැලපෙනු ඇත.

අක‍්‍රිය සහ සක‍්‍රිය වාහන එලාම් පද්ධතීන්
අක‍්‍රිය වාහන එලාම් පද්ධතීන්
මෙවැනි වර්ගයේ එලාම් පද්ධතීන් ස්වයංක‍්‍රියවම බල ගැන්වේ. මෙම එලාමය වරක් ඔබ පණ ගැන්වීම බල රහිත කිරිම සහ දොරවල් අ`ගුලූ දැමු විටක ස්වයංක‍්‍රියව ක‍්‍රියාත්මක වේ. මෙය අක‍්‍රිය එලාම් පද්ධති ලෙස හඳුන්වනු ලබනුයේ රියදුරු හට කිසිවක් කිරිමට අවශ්‍ය නොමැති කමිනි.
සක‍්‍රිය එලාම් පද්ධතීන්
මෙවැනි එලාම් පද්ධතීන් රියදුරිගේ සහය ඇතිව බල ගැන්විය යුතු වෙනවා. සාමන්‍යයෙන් මෙය සිදු කරනුයේ පණ ගැන්වීම බල රහිත කර දොරවල් අ`ගුලූ දැමු පසු රිමෝටය ක්ලික් කිරිම මගිනි. බොහෝ සක‍්‍රිය එලාමයන් දොරවල් අ`ගුලූ දැමු විටම බල ගැන්වීම සිදු වේ. එය සක‍්‍රිය එලාම් ලෙස හඳුන්වනුයේ රථයේ හිමිකරු විසින් එහි බල ගැන්වීම සඳහා උදව් කිරිමට අවශ්‍ය හෙයිනි.

පද්ධතීන්
ඔබට සක‍්‍රිය එලාම් පද්ධතියක සිට අක‍්‍රිය එලාම් පද්ධතියක් දක්වා එලාම් පද්ධතියක් ඔබේ වාහනයට ඇතුලත් කල හැකිය. මෙවැනි පද්ධතීන් වල ටොගලයක් ඇති අතර එය ප‍්‍රතිලෝම වශයෙන් ඉදිරියට හා පසුපසට මාරු කරමින් භාවිතා කළ හැකිය. එය සම්පුර්ණයෙන්ම ඔබට බාර අතර ඔබගේ කැමැත්ත පරිදි ඔබේ වාහනයේ ආරක්ෂාව සලසා ගත හැකි වෙනවා.

  • වාහන සොරකම් මැඩපවත්වා ගත හැකි සුවිශේෂි උපදේෂණ
  • ඔබගේ දොරවල් සෑම විට අ`ගුලූ දමා තබන්න, එමෙන්ම විදුරු නියමාකාරයෙන් උස්සා තබන්න.
  • ඔබ රථයෙන් පිටතට යෑමේදී පණ ගන්වා රථය තුල යතුර තබා යෑම වළක්වා ගන්න.
  • ඔබගේ ගමන් ස්ථානයට පැමිණි පසු ඇන්ජිම බල රහිත කර දොරවල් අ`ගලූ ලා රථයෙන් ඉවත් වන්න. තමන්ට පහසු වළෙඳ සැළක් සඳහා ඉක්මන් මිලදී ගැනිමකට යෑමේදී සමහර මිනිසුන් රථය පණ ගන්වා තබා යෑමේ පුරුද්දක් තිබේ. මෙය සොරකමකට භාංනය විය හැකි අනතුරුදායක තත්වයක් වේ.
  • සුක්කානම් අ`ගුලක් භාවිතා කරන්න. මෙමගින් සොරකම් කිරමේ ප‍්‍රවණතාව අවම කර ගත හැකි අතර මෙම අ`ගුල ගැලවීම ඉතා අපහසු තත්වයන් යටතේ සොරුන් විසින් එථය හැර යා හැකිය.
  • ජංගම දුරකථන වැනි වටිනා උපකරණ වාහනය තුල දමා යෑමේන් වැළකි සිටින්න. සොරුන් විසින් ඔබගේ රථයේ විදුරුව බිඳ වටිනා උපකරණ සොරකම් කර ගැනිමට හැකිය.
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close