ඉලෙක්ට්‍රොනික්ස්

වෙළඳපළ තුල ඇති උසස් ලැප්ටොප් පරිගණක 10

ලැප්ටොප් පරිගණකයක් සෑම විටකම හොඳ ආයෝජනයකි. එමගින් භාවිතා කරන්නා හට ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයකදී අන්තර් ජාලයට පිවිසිමේ පහසුව ලබා දෙයි. උසස් තත්වයේ ලැප්ටොප් පරිගණකයක් දිර්ඝ කාළයක් භාවිතා කළ හැකි අතර තම නිවසේ ඇති පරිගණකයෙන් සිදු කළ හැකි සියලූම දේ ඕනෑම මොහොතක ඕනෑම තැනකදී තම ඔඩොක්කුව මත තබාගෙන සිදු කිරිමේ හැකියාවද තිබේ. ලාභ සහිත ලැප්ටොප් ලරිගණක මගින් ඔබේ මුදල් නාස්ති කළ හැකි අතර එලෙස වෙළඳපළ තුල ඇති දහසකුත් ලැප්ටොප් පරිගණක මගින් හොඳ තත්වයේ පරිගණකයක් සොයා ගන්නේ කෙසේද?

මෙහිදි විවිධ ප‍්‍රමාණයන්ගෙන්, විවිධ පරිගණක බලයන්ගෙන්, විවිධ වර්ගයන්ගේ යතුරුපුවරු සහිත සහ වෙනස් වු ලක්ෂණයන් සහිත ලැප්ටොප් පරිගණක සොයබැලීම පිණිස තිබේ. හොඳ වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සොයා ගැනීම ඕනෑම අයෙකුට බැරුම් කාර්යයක් විය හැකිය නමුදු වාසානාවන්ත ලෙස අපි විසින් ඔබට වෙළඳපළ තුල ඇති උසස් වර්ගයේ ලැප්ටොප් පරිගණක 10 පිළිබඳ විමර්ෂණයක් ගෙන එන්නෙමු. එසේනම් වෙළඳපලේ වැඩිම අලෙවියක් සහිත ලැප්ටොප් පරිගණකන්ගේ විමර්ෂණයන් පිළිබඳ අපි විමසා බලමු.

Alienware M18x
M18x ඔබ වෙත ගෙන එන්නේ Alienware මගින් වන අතර එය අගල් 19.4 වින්ඩොස් 7යකි’ හෝ 8 ක‍්‍රියාකාරී පද්ධතිය ලෙස යෙදිය හැකි පරිගණකයකි. Alienware විසින් ක‍්‍රිඩාවන් සඳහා ඇති පරිගණකයන් පරාජය කරන අතර එහි DDR3 RAM සඳහා ඕනෑතරම් ඉඩකඩ තිබේයි. තවද ග‍්‍රැෆික් සහ ප්‍රෙසෙසින් බලය ඉහළ වන අතරම උසස් තත්වයේ තිරයක් ඔබ වෙත ගෙන එයි. එමෙන්ම ක‍්‍රිඩාවන් සඳහා වෙළඳපලේ ඇති අනෙකුත් පරිගණකයන්ගේ ඇකි විශේෂතාවයන්ද මෙහි අඩංගුව පවතියි. මෙහි සාමන්‍ය මාදිලිය 750 GB දෘඩ තැටියක් සම`ග පැමිණෙයි.
මිල – $2,000 පමණ වේ.

HP Spectre XT TouchSmart 15-4010 nr

ඔබට අතේ ගෙන යා හැකි තත්වයේ ලරිගණක්යක් අව්‍ය නම් ඒ සඳහා HP මගින් ගෙන එන Spectre XT TouchSmart 15-4010 nr මාදිලිය හොඳින් ගැලපේ. මෙය ultrabook ලෙස හඳුන්වන අතර එනම් notebook හි කුඩා මාදිලිය වන නමුත් එහි වු ක‍්‍රියාකාරිත්වය හා වේගය අඩු නොකර නිපදවන ලද්දකි. එහි ප‍්‍රමුඛ ලක්ෂණය නම් සුපැහැදිලි අගල් 15.6 තිරය වන අතර 8 GB ක DDR3 RAM ඉඩකඩක් වේ සහ විකල්පයක් SSD වශයෙන් සඳහාද ඉඩක් පවතියි. මෙය බල ගැන්වෙන්වෙන්නේ Core i7-3517U 1.90GHz ප්‍රොසසරයෙනි.
මිල – $1,400 පමණ වේ.

Dell Latitude 6340u
Dell යනු ලැප්ටොප් වෙඵඳපලට අළුතින් හඳුන්වා දිය යුතු පරිගණකයන් නොවන අතර එය කාළයක් පුරා වෙළඳපලෙහි රැුදෙමින් තිබෙන් අතර අවශ්‍ය වන්නේ ඔබ මිලදි ගැනිමේදී එහි ප‍්‍රමාණය සහ පලය පිළිබඳ සොයා බැලීමයි. Latitude 6340u මාදිලිය සැහැල්ලූ ultrabook එකක් වන අතර එය 8GB රැම් වලින් සමන්විත වේ. බොහෝ Dell නිෂ්පාදනයන්ට මෙන්ම මෙහිදි ද වසර තුනක දිගු වගකීමේ කාළයක් ඔබට හිමිවිම සුවිශේෂි වේ.
මිල – $1,300 පමණ වේ.

Apple MacBook Pro 15-inch with Retina Display (2012 model)

ඇපල් ආයතනය විසින් ගෙන එනු ලබන ්Apple MacBook Pro 15-inch with Retina Display (2012 model) මාදිලිය වසර ගණනාවක සිට වෙළඳපලේ නමක් දිනාගෙන තිබේ. ඔබගේ නිවසේ පරිගණකය සේ හොඳින් වක‍්‍ර වු මාදිලියේ අවශ්‍යතාවය එය විසින් ඉටු කර තිබේ. මෙහි OSX පද්ධතිය ක‍්‍රියාකරන සහ රෙසලූෂණය පික්සෙල් 2880 x 1800 වන අතර 2GHz quad-core Intel Core i7 ප්‍රොසසරය මගින් ඕනෑම ප්‍රොගෑම් එකක් ක‍්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය බලය ලබා දෙයි.
මිල – $2,200 පමණ වේ.

Apple MacBook Air 11 Inch
නිවසේ පරිගණකය මෙන් නිසි වරිදි වක‍්‍රව MacBook Pro තිබුණද එය තරමක් බරින් වැඩි සහ මිලෙන්ද ඉහළ වේ. මෙම වර්ගය එනම් MacBook Air එක් අතකින් ඇපල් ආයතන අත් නොහැර සිටින නමුදු අඩු මිලට සොයන අයට කදිම විකල්පයකි. මෙහි ඝණකම අ`ගලකින් අඩුව පවතින අතරම බර රාත්තල් දෙකකින් වැඩිව තිබේ. ඊට අමතරව මෙම පරිගණකය ඉස්තරම්ම බැටරි ආයු කාළය පැය නවයක් ලබා දෙන අතර ඔබ පිටත සිටියදි ඕනෑතරම් ඇප්ලිකේෂන් ක‍්‍රියාත්මක කිරිම සඳහා එයින් පිටුවහලක් ලැබෙනු ඇත. මෙය $1,000 පමණ වන අතර එය ඇපල් ආයතනය විසින් දිරිපත් කරන ලද අවම මිලක ලැප්ටාප් පරිගණකයක්ද වේ.
මිල – $1,000 පමණ වේ.

Dell Precision M6500
මෙහි සඳහන් කරන ලද සමහර මාදිලියන් සඳහා Dell Precision M6500 පරිගණකය විකල්පයක් ලෙසද ගත හැකි වුවද එය සාමන්‍ය පරිගණකයක් වෙනුවට භාවිතා කරිම සඳහා නිපද වු ලැප්ටොප් පරිගණකයකි. මෙහි අ`ගල් 17 තිරයකින්ද, 4 GB of DDR3 RAM ඉඩකඩකින්ද, Intel Core i7 ප්‍රොසසරයකින්ද සහ 320 GB දෘඩ තැටියකින් වැනි සුවිශේෂි ලක්ෂණ ගණනාවකින් යුක්ත වේ. සමස්ථයක් වශයෙන් සළකා බැලීමේදී තම නිවසේ පර්ගණකය වෙනුවට සියලූ දේ සිදු කර ගත හැකි තමන් සමග රැගෙනයා හැකි ලැප්ටොප් පරිගණකයකි.
මිල – $1,700 පමණ වේ.

Apple MacBook Air 13 Inch
කලින් සඳහන් කළ අ`ගල් 11 මාදිලියට බෙහෙවින් සමානකම් කියනා මාදිලියකි MacBook Air 13. මේ දෙවර්ගය අතර ඇති මුලික වෙනස් කම් නම් භාවිතා කරන්නන් හට තිරයෙන් වැඩි පුර අ`ගල් දෙකක් ලැබී තිබේන අතරම තරමක් බරින් වැඩිව පවතියි සහ වැඩි තද ආවරණයකින් ද යුක්ත වන අතර ඊට අමතර ලෙස හොඳ බැටරි ආයු කාළයක්ද මෙය සතුව පවතියි. එහි ආයුකාළය පැය 12ක් පමණ වන අතර දැනට වෙළඳපලේ ඇති ස්මාර්ට් ජංගම දුරකතනයන්ට වඩාද වැඩි විශාල ආයුකාළයක් වේ. මෙය බොහෝ සේ වැදගත් වන්නේ වැඩිපුර එළිමහනේ ක‍්‍රියාකාරමින් තම කාර්යයන් සිදු කරන අය සඳහා වන අතර එම අවස්ථාවේදී වැඩි ආයු කාළික බැටරිය උපකාරි වේ.
මිල – $1,100පමණ වේ.

Apple MacBook Pro 13 Inch with Retina Display
විවිධ ව්‍යාපාරයන්ගේ නිරත විශේෂඥයන් විසින් වෙළඳපලේ ඇති හොඳ ලැප්ටොප් වර්ගයන්ගෙන් එකක් ලෙස Apple MacBook Pro 13 Inch with Retina Display හඳුන්වා දී තිබේ. මෙය සියලූ කාර්යයන් සඳහා උපකාරි වන තිර ඝණත්වය 232 PPI , වේගවත් CPU ද සහ දිගු ආයුකාළින බැටරියකින්ද යුක්ත වේ.
මිල -$1,300 පමණ වේ.

Vizio CT15-A4
ඔබ වඩා කැමති සිහින් තත්වයේ ඇපල් පරිගණකයක් සහ අළුත්ම ක‍්‍රියකාරි පද්ධතියකින් යුක්ත නොවන එකක් නම් ඔබට වඩා ගැලපෙනුයේ Vizio CT15-A4 මාදිලියයි. මෙය මිලෙන් අඩු ලැප්ටොප් එකක් වන අතරම එහි බර රාත්තල් 4ක් පමණවේ සහ එහි ඝනකම අ`ගලකටත් වඩා අඩු වුවද එහි ශක්තිමත් ලක්ෂණයන් වන 4GB සහ DDR3 RAM සමනිව්ත වීම, අගල් 15 තිරය, Intel HD Graphics 4000 කෝප්‍රොසසරය සහ මේ සියල්ල සමගින් වින්ඩෝස් 8 ක‍්‍රියාකාරි පද්ධතියෙන් බලගැන්වේ. වින්ඩොස් නිෂ්පාදනයන් සඳහා කැමති රසිකයන් සඳහා කදිම සිහින් පරිගණකයක් වේ. එහි මිල ලැප්ටොප් වෙළඳපලේ අඩුම මිල ලෙසද සඳහන්වේ.
මිල – $900 පමණ වේ.

Apple MacBook Pro 15 Inch with Retina Display (late 2013 model)
අපි 2012 මාදිලිය පිළිබඳ කලින් සඳහන් කළේමු. නමුදු මේ අළුත් අ`ගල් 15 ප්‍රෝ ලයින් මාදිලිය සියලු ආකර්ෂණය දිනා ගනිමින් සිටියි. බොහෝ පරිගණක විෂ්ලේෂණයන් අතර ඉතා උසස් ලැප්ටොප් පරිගණකයක් ලෙස හඳුන්වා දී තිබේන සහ ඉහළ රෙසලූෂණයක් සහිත තිරයකින්ද උසස් ක‍්‍රියාකාරි තත්වයකින්ද සමන්විත ජංගම පරිගණකයක් ලෙස හැඳින්විය හැකිය.
මිල – $2,000 පමණ වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close