දේපළ

ශ‍්‍රි ලංකාව තුල නිවාස ණය වෙළඳපළ

මේ වන විට ශි‍්‍ර ලංකාවේ දේපළ ඉහළ අගයක පවතියි. දේපළ වෙළඳාමේ පවතින නිවාස, මහල් නිවාස සහ කොටස් කරන ලද බිම් කැබලි මෑතක සිට ඉහළ නගින ලද අතර සහ නිවාස ණය මුල්‍යමය මිලදී ගැනිම් වන නිවාස විකිණිම සහ අනෙකුත් දේපළ විකිණිම ක‍්‍රමයෙන් ඉහළ නැග ඇත. වෙන කවරදාකටත් වඩා දේපළ වෙළඳාමේ ආයෝජනය කිරිම මුල්‍යමය තත්වයෙන් ආරක්ෂිත මෙන්ම ලාභ ගෙන දෙන්නක් ලෙස පෙන්නුම් කරන අතර කෙසේ වෙතත් හැමදෙනාහටම ප‍්‍රමාණවත් මුල්‍ය සම්පත් ආයෝජනය සඳහ සුදනම් කර තබා ගැනිමෙ හැකියාවක් නොමැත. ඒනිසා නිවාස සඳහා මුදල් යෙදවීම ඉල්ලූම ඉහළ නැග ඇති අතර සමහර ගැණුම්කරුවන් විසින් ඒ සඳහා සාමාන්‍ය තත්වයන් යටතේ ණය ආධාර ලාබා ගැනිමට පෙළඹේ.

ආදායමේ යෝග්‍යතාවය මත පදනම්ව වත්කම්, බැඳීම්, මුල්‍ය ඉතිහාසය, ඇපකරුවන් සහ පුරවැසිභාවය සංකීරණ විය හැකි අතර එය සැමටම එසේ නොවුණද එසේ නොමැති අය සඳහා මුල්‍යමය වාසි අත්කර ගත හැකිවේ. කොමර්ෂල් බැංකුව, ලංකා බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව විසින් ප‍්‍රමාණවත් සියලූ වියදම් දැරිය හැකි ස්ථාවර ආදායමක් බලාපොරොත්තු වන අතර නිවාස වියදම සඳහා තුනෙන් එකක නොවැඩි, ණය ගෙවිමද ඇතුලත් ආදායමක් බලාපොරොත්තු වේ.

උකස් ණය පොළිය දැණුම්දීමකින් තොරව අඩු හෝ වැඩි කළ හැකිය. එමගින් නිවාස ණය රෙවිම උච්චාවචනය විය හැකි ප‍්‍රවණතාවයක් තිබේ. ශ‍්‍රි ලංකාවේ වර්ථමන වාර්ෂික අගය අවුරුදු දහයට අඩුනම් සියයට 12.5ක් වශයෙන්ද අවුරුදු දහයකට වඩ වැඩිනම් සියයට 13 වශයෙන්ද වේ.

නිවාස උකස් ණය ප‍්‍රතිලාභ ආයයොජනය වසර කිහිපයකට පසු පවතින නිවාස වෙළඳපලෙහි දේපළ වටිනාකම ඉහළ යාමේදී ප‍්‍රයෝජන සහිත වේ. දැන් ල`ගම එන අනාගතය සැළකිය යුතු ප‍්‍රතිලාභ වෙනුවෙන් ආයෝජනය කිරිමට හොඳම කාළය ද වනු ඇත.

ශ‍්‍රි ලංකාව තුලදි නැවත ගෙවිමේ ක‍්‍රමය විධි දෙවර්ගයකට සිදුවේ. 1. සමාන මාසික වාර්කයක් සම`ග සමාන කරන ලද පොළි අනුපාතිකයක් සහතව සහ 2. සමාන මාසික වාරිකයන් සම`ග අඩුවන ඉතිරි පොළි අනුපාතිකයක් අනුව සිදු කළ හැකිවේ.

නිවාස ණය සඳහා අව්‍යශ කරන ලියකියවි
නිවාස ණය ප‍්‍රධානය කරන බැංකු සහ ආයතන විසින් පහත සඳහන් අතිවිශාල ලියකියවිලි ප‍්‍රමාණයෙන් යම් ගණනක් හෝ සියල්ල අවස්ථාව අනුව ඉල්ලූම් කරයි.

x ඉල්ලූම්කරු හොඳ තත්වයක් පසුවන ස්ථාවර සේවකයෙක් ලෙස දක්වමින් ණය
පහසුකම් ඉල්ලූම්කරුගේ සේවායෝජකයින්ගෙන් ලිපියක්

x ඉල්ලූම්කරුගේ පසුගිය මාස හය තුල වන්දි ගෙවිම් අඩුකිරිම් වාර්ථාවක්

x ඉල්ලූම්කරුගේ අනෙකුත් පෙන්නුම් කරන ආදයම් පිළිබඳ සාක්ෂි වාර්ථාවන්

x සේවායෝජකයින්ගෙන් ඉල්ලූම්කරුගේ මාසික වේතනයෙන් කොටසක් නැවත බැංකුව වෙත හරවා යැවිමට එක`ගතාවය දක්වන ලිපියක්

x සහතික කරන ලද ඉල්ලූම්කරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්

x ණය පහසුකම එකතු වී ඉල්ලූම්කරන්නේ නම් ඉල්ලූම්කරුවන්ගේ උප්පැන්න සහතික සහ විවාහ සහතිකයන්ගේ ඡුායා පිටපත්

x ණය ඉල්ලූම දේපළක් මිලදී ගැනීම සඳහා නම් විකුණුම්කරු විසින් අදාල පුද්ගලයාට නියමිත මිලක යටත්ව විකුණුම සිදු කරන බවට ලිපියක් අවශ්‍ය කෙරේ

x ණය ඉල්ලූම ගොඩනැගිල්ලක් ඉදිකිරිමට හෝ දේපලේ තිබේන එකක අළුත්
වැඩියා කිරිමට නම් ගොඩනැගිල්ලේ අනුමත සැළැස්ම සහ ගොඩනැගිම සඳහා වන තක්සේරු වාර්ථාවක් අනුමැතිය ලත් පුද්ගලයෙකුගෙන් සහතිකයක්

x අවුරුදු දහයකට නොවැඩි මායිම් සහතික කරන ලද දේපලෙහි අනුමත පිඹුරුපත
x මුල් හෝ සහතික කරන ලද ඔප්පුවේ පිටපත්, අයිතිකාරීත්වය දක්වන ඉඩම් ලියාපදිංචි කිරිමේ ලිපි ලේඛණ

x සම්පුර්ණ කරල ලද ඉදිකිරිමේ රෙගුලාසි සහ අනුමත කරන ලද ගොඩනැගිලි සැළැස්මට අනුකූලව ප‍්‍රදේශිය අධිකාරියක් මගින් තහවුරු කරන ලද සහතික සහ අදාල ඉදිකිරිම, ඉදිකරිමේ කාළය අතරතුර අවසරය ප‍්‍රදේශිය අධිකාරිය විසින් ලබාදී ඇති බවට සහතික

x ඉල්ලූම්කරුගේ අළුත්ම සේවක සකසුරුවම් අරමුදලෙහි පිටපතක් සහ බඳු ගෙවිම් පිළිබඳ වාර්ථාවක්

x ඉල්ලූම්කරුගේ බැංකු වාර්ථාවක් හෝ මෑත මාස හයක පාස් පොතේ පිටපතක්

x මෑත මාස තුනක දේශිය ආදායම් දෙපාර්ථමේන්තුවේ ආදායම් බඳු සහතික වාර්ථාවක්

x බඳු ලඳුපත් සහ ගිණුම් විගණන වාර්ථාවන් හි පිටපත්

x මෑත මාස තුනක ඉල්ලූම්කරුගේ වරිපනම් ලඳුපත්
x ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ පෝමය

x ඉල්ලූම්කරුට අදාළ අයිතිකාරිත්වයේ සහතිකයන්ගේ පිටපත්

x නොපැවරුමි පිළිබඳ පිටපතක් ඉල්ලූම්කරුගේ ප‍්‍රදේශිය අධිකාරිය මගින් වත්කම් වරිපනම් නිසි ලෙස ගෙවා ඇති බවට සහතික කරන සහ පැවරුම් ඉදිරිපත් නොකොට ඇති බවට සහතිකයන්

තක්සේරු දැන්වීමේ සහ බඳු ලඳුපත්වල පිටපත්. තක්සේරු දැන්වීම් ත‍්‍රයිමාසිකව ප‍්‍රදේශිය අධිකාරීන් වෙත ගෙවිමට ඇති කුණු බැහැර කිරිම, මංමාවත් නඩත්තු සහ ජලපවහන සේවා යන සේවාවන් ගාස්තු ගෙවිම් දක්වයි.

x මාවත් පුළුල් කිරිම මගින් හෝ සමාජීය සුභසිද්ධින් සඳහා සිදු කරන වෙනස් කරම් වලදි දේපළ වලට සිදුවන හානිය දැක්විම සඳහා වන මාවත් සහතික සහ ගොඩනැගිලි සහතිකයන්. ව්‍යාපෘතියේ පිඹුරුපත මගින් දළ වශයෙන් හෝ මාවත් පුළුල් විමේදි දේපළ වලට හානි සිදු වේදැයි දැන ගත හැකිවේ. ගොඩනැගිලි තිරය මාවතේ පුළුල් බව මත එහි මධ්‍යයේ සිට ආරම්භ වේ. ගොඩනැගිලි තිරය නඩත්තු කරනුයේ ගොඩනැගිල්ල අතර පෞද්ගලිකත්වය සහ සෞඛමත්භාවය පිණිසය.

x ඕනෑම විකුණුම් ගිවිසුමක පිටපත්

x පසුගිය අවුරුදු 30ක කාළයක සහතික උපුටන.

x විකුණුම්කරුගෙන් දේපළ පිළිබඳ පිරික්සුම් ලිපියක්

x වෙළඳාමේ ප‍්‍රමාණිය ස්ථානය පිළිබඳ විකුණුම්කරුගේ අදාල දේපල පිළිබඳ ලිපියක්

x සම්පුර්ණ කරන ලද උකස් රක්ෂණ ඉල්ලූම්පතක්
දේපළ වෙළඳාමේ තක්සේරුව වෙළඳපලේදි දේපලෙ වටිනාකම වේ.

ඇපයට බැඳිම
ඉඩම් සහ ගොඩනැගිලි වල සියලූම ඇප බැඳීම් ඉඩම් ලියාපදිංචි ආයතනයෙන් ලිපිලේඛණ සම`ග විය යුතුය. දේශිය මෙන්ම විදේශියයන් සඳහාද සමාන වන උකස් මුද්දර ගාස්තු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වෙනවා. ඕනෑම නිවාස ණයක් සඳහා වන ඇප බැඳිමේ ගාස්තු ශ‍්‍රි ලංකා මුදලින් රු. 3,000,000 නොඉක්මවන අතර කෙසේ වෙතත් තිරු බඳු මුද්දර ගාස්තු වලින් නිදහස් කර තිබේ.

පුරවැසි නිවාස ණය සඳහා සුදුසු සාදක
විදේශියකයන්ට වුවුද නිදහසේ ඉඩම් මිලදි ගත හැකි අතර ඒ සඳහා විදේශිකයන්ට අදාල වන බඳු වශයෙන් ඉඩමේ වටිනාකමින් 100% ගෙවිමට සුදානම් විය යුතුය. ඊට විකල්පය දෙස ඔවුනට ඉඩම් 99 අවුරුද්දකට බඳු ගැනිමට හැකි අතර එවිට බඳු අගය 7% අඩු වේ. දේපළ අයිති මාරු කිරිම් වාර්ථා වියදම් 3-4% මුද්දර ගාස්තුවක්, 3% නිතිඥ ගාස්තු මිලදි ගන්නා විසින් ගෙවිය යුතු අතර සහ 3% වන දේපළ වෙළඳාම් නියෝජිතයාගේ ගාස්තුව විකුණුම්කරුවා විසින් ගෙවනු ලබයි. සියලූ ගණුදෙනු මුදලින් සිදු කරන අතර චෙක්පත් හෝ මනි ඔඩර් හෝ වෙනත් වාණිජ ලේඛණයන් මගින් සිදු නොකරයි.

ගැණුම්කරුවා හට දේපළ මිලදී ගැනිමට සම්පුර්ණ මුදල සතු නොවන විටකදී බොහෝ විකුණුම්කරුවන් විසින් විකුණුම් මිලෙන් 10-20% පමණ තැම්පතුවක් පිළිගනියි. නිතිඥයෙකු, භාරකාරයෙකු හෝ සුදුසු බලයලත් නියෝජිතයකු විසින් තැම්පතු මුදලේ ආරක්ෂාව සුරක්ෂිත කරයි. අවසන් ගෙවිම සිදුකිරිමේදී අමතර නිතිඥ ගාස්තු ගෙවිමෙන් වැළකි සිටිම සඳහා විදේශික ගැණුම්කරුවන් ශ‍්‍රි ලංකාවේ සිටිම අවශ්‍යවේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close