විනෝදාංශ සහ ක්‍රිඩා

සුවපහසු නින්දක් සඳහා ඔබගේ නිදන කාමරය සකසා ගැනීම

අතිරේක කැෆේන් වල සිට අධික ආතතිය දක්වා බොහෝ සාදක හොඳ නින්දක් හේතු සාධක විය හැකිය. බොහෝ මිනිසුන් තම නින්දට බාධාව සිදු වන්නේ තම නිදන කාමරයෙන් වන බව නොදනියි. සමහර වාතාවරණයන් නින්ද කඩා බිඳ දැමිය හැකි අතර අවම එකාග‍්‍රතාවය, සෞඛ්‍ය තත්වය සහ ශක්තිය නිදා ගැනිමේ දුෂ්කරතාවය සඳහා බලපානු ලැබේ.

ඔබේ නිදන කාමරය සකසා ගැනීමට පහත කරුණු උපයෝගි කර ගත හැකි අතර එමගින් ඔබට හොඳ නින්දක් ගෙන එන බවට සහතික කළ හැකි වේ.

නියමිත වර්ණය තෝරා ගන්න.
වර්ණ ඉස්මතු කර දැක්වීම ප‍්‍රියතාවක් උපදවනාව පමණක් නොව එහිදි ඔබේ සෞඛ්‍යමත් භාවයට හා මනෝභාවයට බලපායි. විමර්ශණයන් විසින් යෝජනා කරනු ලබන්නේ ඉතා මෘදු, ස්වාභාවික පැහැයෙන් යුතු දිප්තියෙන් තොර නිල් පැහැය, මෘදු කොළ පැහැය සහ උනන්දු සහිත කහ පැහැය වැනි වර්ණ සුබඉර දිගු නින්දක් සඳහා උපකාරී වන අතරම අළු, දුඹුරු සහ දම් පැහැයන් ඔබේ අභිප‍්‍රායන් ම`ගහරවමින් නින්දෙන ඔබව වෙන් කර තැබිමට පෙළඹාවලනු ලබයි.
ඔබගේ නිදන කාමරයේ බිත්ති සඳහා වර්ණ තේරීමේදී සිවිලිම, පොළව, නිදනකාමර ගෘහ භාණ්ඩ සහ අලංකාරන ක‍්‍රමවේද අඳුරු විය යුතු අතර එමගින් ඇසට විවේකයක් සහ නිදහස් මනසක් ඇති කරයි. කාමරය වර්ණ ගැන්වීමේදී පැස්ටර් නිල් හෝ කොළ පැහැය පිළිබඳව සැළකිල්ලක් දක්වන්න. ඔබ නිදන කාමරයට අතිරේක උපකරණ උදාහරණයක් ලෙස කොට්ට, ඇඳ ඇතිරිලි සහ තිර රෙදි වැනි දෑ මිලදී ගැනිමේදී චොකලට් දුඹුරු පැහැති, සුදු හෝ රත්ත‍්‍රන් වර්ණයෙන් යෝග්‍ය විය හැකිය.

කාමරය සිසිල්ව තබන්න
මෘදු වර්ණයන් පමණක් නසුවපහසු නින්දක් සඳහා උපකාර නොවේ. අධ්‍යනයන් විසින් පෙන්වා දෙන්නේ මෘදු, සුවපහසු උෂ්ණත්ව රාත‍්‍රි විෙවිකය සඳහා උපකාරි වන බවයි. ඔබ බොහෝ විට රාත‍්‍රියේ මැද දහදියෙන් පෙ`ගී ඇහැරෙයි නම්, ඔබගේ කාමරයේ උෂ්ණත්ව අවම අගයක තබා ගැනිම පිළිබඳ සැළකිලිමත් වන්න.
වායු සමීකරණ යන්ත‍්‍රයක් මගින් ඔබේ කාමරය සිසිල්ව තැබිය හැකි වුවත් ඒ සඳහා අධිත වියදමක් දැරිය යුතු වන හෙයින් විදුලි පංකාවක් තබා ගැනිමට උත්සහා කරන්න.

ශබ්දය අවම කරන්න
ඔබ රාත‍්‍රියේදී නින්දෙන් හැරනවා නම් හෝ නැගිටිනවා නම් ඔබේ කාමරය සරලවම ශබිදය වැඩි ස්ථානය වී ඇත. ඔබේ කාමරයෙන් පිටත ඇති ශබ්ද හැම විටම ඔබට පාලනය කළ නොහැකි වුවත් ඔය ඔබේ කාමරය තුලට පැමිණිම වැළැක්වීමට ඔබට හැකිය.
ඛාර්පට් සහ බුමුතුරුණු ශබ්ද උරා ගැනීමට උපකාරි වන අතර ඝණැති ජනෙල් තිර පිටතින පැමිණෙන ශබ්දයන් වළකාලනු ඇත. වුල් සහ වෙල්වට් වැනි ඝණ රෙදි මේ සඳහා යොදා ගත හැකිය. පැරණි දොර ජනෙල් වැනී ඝණැති ලී උපකරණ ශබ්ද ආවරණයක් ලෙසද කි‍්‍රයා කරයි. මේ සියල්ලම ඵලදායි නොවේ නම්, ශබ්දය කපා හරින හෙඞ් ෆොන් යුගලක් හෝ කුඩා සංගීත වාදන උපකරණයක් මිලදී ගෙන මෘදු සංගිත කණ්ඩයක් හෝ ස්වභාවික ශබ්දයන් වාදනය කර තබන්න.
ආලෝකය පැමිණිම අහුරා තබන්න.
විවිධ වර්ගයේ ශබ්දයන් පැමිණම මෙන්ම විශාල වශයෙන් ආලෝකය පැමිණිම ඔබේ නින්දට බාධා පමුණුවයි. ඒ සඳහා පිටතින් පැමිණේන ආලෝක මර්ගයන් වැළැක්වීමට නිදන කාමරය අඳුරු තැනක් බවට පත් කර ගැනීමට සැළකිලිමත් වන්න.
ඔබගේ නිදන කාමරයේ ජනේලයක් ඇත්නම්, ජනෙල් වැස්මක් හෝ ඝණැති අඳුරු තිර රෙදි දැමිමෙන් විනිවිද පෙනිම වළකාලිය හැකිය. නමුදු හොඳ තත්වයේ ජනෙල් තිරයක් මගින්ද සියලූම ආලෝක පැමිණිම් වළක්වාලිය නොහැකි විය හැකිය. ඒ සඳහා තිරයක් හෝ උඩුවියනක් යොදා ගැනීම මගින් නිදන කාමරය සම්පුර්ණ අඳුරු ස්ථානයක් බවට පත් කර ගැනිමේ හැකියාව ඇත. එසේ නැතහොත් සරල නිරාකාරණයක් සඳහා ඔබ නින්දට යෑමේදී ඇස් වැසිමේ මුහුණතක් භාවිතා කළ හැකිය.

ඉලෙක්ට්‍රෝනික උපකරණ සගවා තබන්න
පිටතින් එන ආලෝකය කදසබ අවහිර කිරිමෙන් අනතුරුව ඇතුලත ඇති ආලෝකයන් ගැන සැළකිලිමත් වන්න. ජංගම දුරකථනයේ දිදුළන ආලෝකය, රූපවාහිනි යන්ත‍්‍රය හෝ පරිගණක තිරය මගින් පහසුවෙන්ම ඔබේ නින්දට බාධා පැණවිය හැකිය. එම නිසා ඔබේ නිදන කාමරයෙන් එම ඉලෙක්ට්‍රෝනික උපකරණ ඉවත කර හෝ ස`ගවා තබන්න.
රාත‍්‍රි කාළයේදී ඔබගේ ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය නිදන කාමරයේ තබා ගත යුතුම නම්, එහි දීප්තිමත් තිරය සහ නිවි නිවි දිළෙන ආලෝකය බැහැර වන සේ තැබිමට සැළකිළිමත් වන්න. අනෙක් වර ඔබ ලී බඩු තෝරා ගනිද්දී වසා තැබිමට කොටසක් ඇති මේසයක් හෝ කණ්නාඩි මේසයක් තෝරා ගන්න.
අනෙක් විකල්පය නම් ඔබගේ කුඩා ඉලෙක්ට්‍රෝනික උපකරණ මුලූ රාත‍්‍රිය පුරාම චාජ් කිරිමේ ක‍්‍රමවේදය. එම චාජර් මගින් නිකුත් කරන කුඩා එළිය මග හැරවීමට බාස්කට් එකක් හෝ ලී පෙට්ටියක් ගෙන හිලක් සාදා එය තුලින් වයරය එළියට ඇද චාජ් කිරිමය.

අනර්ඝ අඳක් සඳහා ආයෝජනය කරන්න
සුවපහසු නොවන ඇඳක් මත නිදා ගැනීම යනු රාත‍්‍රියේ මැද ඔබව ඇහැරීම හෝ ඔබගේ ගැඹුරු නින්දට බාධා පැමිණිමට ඇති ඉඩ කඩ වැඩි බවයි. හොඳ ලීයෙන් නිරිමිත ඇඳක්, මෙට්ටයක්, කොට්ටයක් සුරක්ෂිත නින්දක් සඳහා අත්‍යවශ්‍ය කාරණා වේ.
පරණ මෙට්ටය කුණු සහ දහදියෙන් යුක්ත විය හැකිය. අවුරුදු පහකට හෝ හතකට සැරයක් ඔබගේ සියලූ දේ මාරු කරන්න. ඔබගේ අවශ්‍යතාවයන්ට සරිලන මෙට්ටයක් නිවැරදිව තෝරා ගන්න, එය සිල්ක්, සැටින්, කපු හෝ අනෙකුත් ෆැබිරිකයන්ගෙන් නිපද වු එවා විය හැකිය. අසාත්මිකතාවයන් ඔබේ නින්දට බාධා පමුණුවයි නම් හයිපෝඇලජනික් ලිනන් වර්ගය තෝරා ගන්න. ඔබ නිදා ගන්නා ආකාරය මත ඔබට අවශ්‍ය කොට්ටය තිරණය වේ. මුණින් අතට නිදනනන් මධ්‍යම ප‍්‍රමාණයේ කොට්යක් භාවිතා කළ යුතු අතර උඩුබැලි අතට නිදන්නන් සඳහා මෘදු කොට්ටයන් සුවපහසු වේ. ඔබගේ සහාකාරයා හෝ සහකාරි නින්දේදී ගොරවයි නම් එසඳහාම නිමවු කොට්ට මගින් ගෙරවුම් ශබ්දය අවම කර ගැනිමට හැකිය.

ගෘහ භාණ්ඩ නැවත සකසන්න
ඔබ සතුව ඇති ගෘහ භාණ්ඩ වල වටිනාකම සේම එය නිවැරදිව සකසා තැබිමද ඒ හා සමානව වටිනාකමක් ගෙන දෙයි. ශන්ත බව උපරිමයෙන් ගත හැකි ආකාරයෙන් එවා සකසා තබන්න.
ඔබගේ කාමරය කලබලකාරි ආකාරයෙන් දිස් වේ නම් ඔබේ මනසද ඒ ආකාරයෙන්ම කලබලකාරි තත්වයක් ගනියි. ඔබගේ නිදන කාමරයේ විශාලත්වයට සරිලන ගෘහ භාණ්ඩ මිලදී ගැනිමට සැළකිලිමත් වන්න. විශාල අඳක් මගින් කාමරය අවෘතභිතිකාවක් ඇති කරන අතර කුඩා ඇඳක් මගින් කාමරයට හොඳ අතිවිශාලවයක් සහ අහංකාරත්වයක් ගෙන එනු ලබයි. ඔබගේ නිදන කාමර ගෘහ භාණ්ඩ මගින් කාමරය තුල ප‍්‍රියජනක වාතාවරණයක් සැකසිය යුතුය.
නිවැරදිව ඇඳ ස්ථාන ගත කිරිම මගින් කාමරයේ ඉඩකඩ සමබරතාවය කැපී පෙනෙයි. සුවබර නින්දක් සඳහා කාමරයේ ඇති ඇඳ සඳහා ප‍්‍රමුඛ සැළකිල්ල ලබා දෙන්න. කාමරයට ඔබ ඇතුල් වු විගස පෙනෙන බිත්තියට හරි මැද වන්න ඇඳ ස්ථාන ගත කර තබන්න. දෙපසින්ම ඇඳට ගොඩවිය හැකි විය යුතු අතර කොණකින් සමමිතිකව මේසයක් තැබිය හැකිය.

අනවශ්‍ය ගෘහ භාණ්ඩ ඔබගේ නිදන කාමරයෙන් ඉවත් කරන්න
බොහෝ අය තම නිදන කාමරය බහුවිධ ක‍්‍රියාකාරකම් සඳහා යොදා ගනු ලැබේ. නමුදු මෙම ක‍්‍රියාකාරකම් එය භාවිතා කරන නියම තත්වය වන නිදා ගැනීමට බලපෑමක් සිදු කරනු ලැබේ. ඔබ වැඩ කටයුතු හෝ ශරීර සුවතාවන් නිදන කාමරය තුල සිදු කරයි නම් ඔබේ මනස සැකසෙන්නේ විවේකය සඳහා නොව ශක්ති ජනක ක‍්‍රියාකාරකම් සඳහාය.
නිදන කාමරය විවේකය සඳහා පමණක් තබා ගනිමින් ඔබේ කාළය ඔබේ සහයකයා සම`ග ගත කිරිමට ඔබට හැකි නම්. නිවසේ වෙත් කොටසක් ඔබේ කාර්යාලය ලෙස, ශරීර සුවතා ස්ථානය ලෙස සහ ක‍්‍රිඩා ස්ථානය ලෙස වෙන් කර තබා ගන්න. ඔබ පොත් කියවිමට නැඹුරුවක්, පාඩම්, කාර්යාලීය වැඩ, දුරකථන සංවාදයන් හි යෙදීම සහ ඇඳේ සිට රූපවාහිනිය නැරඹීම කරයි නම් ඒ ඒ ක‍්‍රියාකාරකම් සඳහා නිර්මිත ගෘහ භාණ්ඩ මිලදී ගැනිම පිළිබඳ සැළකිලිමත් වන්න. උදාහරණයක් ලෙස පාඩම් කිරිම සඳහා සුවපහසු මේසයක් සහ කියවීම සඳහා සුවපහසු පුටුවක් මිලදී ගන්න.

තැන තැන දමා ඇති කුණු පිරිසිදු කර දමන්න
අපිරිසිදු නිදන කාමරයක් ඔබගේ හැ`ගීම් අනවශ්‍ය ප‍්‍රමාණයට උත්තේජනය කරවන අතර ඔබට ආතතියක්ද සහ නිමා නොකල වැඩ පිළිබඳව ඔබගේ මොලය නිතර වෙහෙසට පත්විමට හේතු වේ. කුණු කන්දල්, බිලපත් සහ ඉඩ නැති ස්භාවයක් ඔබේ නිදන කාමරය තුල දිස්වේ නම් එවා ඉඩතලා නිදහස් සුවපහසු නින්දක් සදහා ස්ථානය සකසා ගන්න.
නියමිත ආකාරයේ කළමණාකරණයකින් ඔබේ නිදන කාමරය පිරිසිදුව තබා ගන්න. ලාච්චු සහ කැබිනටු වල බඩු අසුරා තැබිමෙන් නිසි පරිදි කාමරය සකසා ගත හැකි අතර ඒ සඳහා අල්මාරියක් හෝ අඳට සවි කරන ලද ලාච්චි ඔබට භාවිතා කළ හැකිය.
සමහර විටක ඔබට අවශය නොකර භාණ්ඩ බොහෝමයක් ඔබ සතුව තිබිය හැකිය. එසේ ඔබ අවුරුද්දකින් පමණ භාවිතා නොකර ඇති භාණ්ඩ විකිණිම සඳහා උනන්දු වන්න. අනවශ්‍ය භාණ්ඩ විකුණා දැමිම මගින් ඔබේ නිදන කාමරය පිරිසිදු කර ගත හැකි අතර එමගින් ඔබේ ඇස් වලට විවේකයක් සම`ග මනසට නිදහසක් සහ රාත‍්‍රියේ සුවබර නින්දක්ද ලබා ගැනීමට පිළිවන. එමෙන්ම පහසුවෙන් අමතර මුදලක්ද උපයා ගැනිමට ඔබට හැකි වේ.
රාත‍්‍රි සුවබර නින්දකින් ලැබිය හැකි වාසී අපමණය. නිවැරදි වර්ණ භාවිතාවේන් ද, කාමරය අඳුරුව සහ සිසිල්ව තැබිමෙන්ද, ශබ්දය අවම කර තැබිමෙන් ද, නිවැරදි ගෘහ භාණ්ඩ සහ නිදන උපකරණ මිලදී ගැනිමෙන්ද සහ තැන තැන ඇති කුණු පිරිසිදු කිරිමෙන් ඔබ විසින් සුවපහසු නින්දක් සඳහා යෝග්‍ය නිදන කාමරයක් සකසා ගැනිම සාක්ෂාත් කර ගැනිම පිළිබඳ සැළකිළිමත් වන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close