සුරතල් සතුන් සහ සතුන්

ළමුන්ට හිතැති හුරතල් ඉහළ ජාතියේ සුනඛයින් මෙන්න

ළමුන් තමුන්ට බලූ පැටියෙකු ලබා ගත හැක්කේ කවදාදැයි දෙගිඩියාවකින් තොරව අසන සමාන්‍ය පැනයකි. 101 ඩැල්මෙන්ෂන් හෝ ලැසී වැනි වැඩි පුර නැරඹු චිත‍්‍රපටයන් නිසාවෙන් ඔබට හොඳම හැමවිටම ලගින් සිටින සගයෙකුගේ අඩුව ඔබට තදින් දැනීමට පුළුවන.

ඔබේ පවුල සඳහා බල්ලෙකු තොරා ගැනීම ඔබේ උනන්දුව මත තිරණය වන කරුණකි. සමහර ළමුන් උද්‍යානයේදී කෙටි දුරක් දිවිමට කැමැත්තක් දක්වන අතර සමහර බල්ලන් වරගයන් ඒ සඳහා ඉතා හොඳින් ගැලපේ සහ අනෙකුත් ළමුන් කැමත්ත දක්වනුයේ නිස්කලංකව සිටමටය, එමෙන්ම සමහර විශාල බල්ලන්ද එසේ සිටිමට ප‍්‍රිය කරයි. විවේකිව සිටිම සහ ජව සම්පන්න ක‍්‍රියාශීලිත්වය යන දෙකේම සංකලනයක් සහිත වීම බල්ලන් සඳහා ඉතා හොඳය. ඔබට ළමුන් සිටි නම් බල්ලන් සඳහා මෙය හොඳම තේරීම වනු ඇත.

1. ගොල්ඩන් රෙට්ට‍්‍රිව
ඔබට හමුවන කඩිසර සහ හිතවත්ම සුනඛයින් අතුරින් කෙනෙකි ගොල්ඩන් රෙට්ට‍්‍රිව්. කාරුණික හා පක්ෂපාතිත්වය, මෙම රෙට්ට‍්‍රිව් වර්ගයේ සුනඛයින් සතුව ආක‍්‍රමණශිලි සහ ලැජ්ජාශිලි ගති ගුණ අනෙක් සුනඛ වර්ගයන්ට සාපෙක්ෂව දක්නට නොලැබේන අතර සහ ඔවුන් ඉතාම ඉවසිලිවන්ත නිසාම ළමුන් සඳහා ගැලපෙන සුනඛ වර්ගයක් වේ. මෙම සුනඛ වර්ගයට බොහෝ සෙයින් ව්‍යායාම් සහ ක‍්‍රිඩා කිරිම් අවශ්‍ය වන අතර ඔබේ පවුල ක‍්‍රියාශිලි උද්‍යානයන් වලට නිතර යන එන අය නම් මෙම වර්ගය ඔබට හොඳින් ගැලපෙයි. කෙසේ වෙතත් අනෙක් අය මෙන්ම මෙම වර්ගයේ සුනඛයින් ටිකක් නිදා ගැනිමට කැමැත්තක් ද දක්වයි.

2. ලැබ්ඩ‍්‍රඩො රෙට්ටෙ‍්‍රිව
ලොව වටා ජනප‍්‍රිය වර්ගයක් වන මෙම සුනඛ ජාතිය ඇමරිකාවේ විශේෂයෙන් ජනප‍්‍රිය වි ඇත. මොවුන්ද තවත් එක් ඉවසිලිවන්ත, හුරතල් ආදරණිය සුනඛ වර්ගයක් වන අතර ආරක්ෂාව ඉව මගින් සැළසිමට දක්ෂ වේ. මොවුන්ගේ ඇති මිහිරි ලක්ෂණය නම් ඕනෑම වයස් කාණ්ඩයක ළමුන් සම`ග සෙල්ලමට හුරුවි තිබිමය.
3. පූඩල්
පූඩල් වර්ගය තවත් ඉතා කඩිසර සහ ශක්ති සම්පන්න වර්ගයක් වේ. කෙසේ වෙතත්, මෘදු සහ ස්භාවිකවම හුරතල් බල්ලන් වර්ගයකි. පූඩල්සා අසාතිමිකතාවයන්ට තුඩු දෙන ලෝම හලන්නේ නැති නිසාවෙන් ඔබට හෝ ඔබේ දරුවාට යම් අසාත්මිකතාවන් තිබේ නම් බිය විමට කාරණයක් එහි නැත. ලොම් අවුල් සහ කිලිටිවිමෙන් වළකා ඔවුන්ව හැඩ කිරිම සඳහා පූඩල් සඳහා අතිරේක කාළයක් අවශ්‍ය වනවා. පැය ගණනක් එළිමහනේ සෙල්ලම් කිරිමට කැමති ළමුන්ගේ ජවය හා පූඩල්ස් ගැලපෙන අතර දර්ශණිය සහ සුන්දර වේ.

4. අයිරිෂ් සෙටර්
ඔබේ දරුවා ඉතා ජව සම්පන්න ළමයෙකු නම් ඔබට ගැලපෙන සුනඛ වර්ගයකි අයිරික් සෙටර්. සුන්දර සමකින්ද, රාජකීය ස්භාවයකින්ද සහ සමාජීය තත්වයකින්ද හෙබි අයිරිෂ් සෙටර් බොහෝ නිර්භිත බල්ලන් වර්ගයකි. කෙසේවෙතත් මෙම ලැයිස්තුවේ සිටින පහසුවෙන් පුහුණු කළ හැකි බල්ලෙකි. ඔබට විශාල ගෙවත්තක් ඇතිනම් කදිමය මක්නිසාද මෙම බල්ලන් වර්ගය එහේ මෙහේ දිවිමට මහත් රුචිකත්වයක් දක්වයි.

5. නිව්ෆවුන්ඞ්ලැන්ඞ්
ළමුන් බොහෝ වට ප‍්‍රශ්ණ වල පැටලෙයි එහිදි ඔවුන්ට වැඩිමහල් සොහොයුරෙක් අවශ්‍යම වේ. ඒ චරිතය සඳහා නිව්ෆවුන්ඞ්ලැන්ඞ් බල්ලන් වර්ගය කදිමට ගැලපෙයි. බොහෝ විට මොවුන්ට ’ස්වභාවික ළමයින් බලන්නා’ යන නම පට බැදි ඇති අතර නිව්ෆවුන්ඞ්ලැන්ඞ් ළමුන්ට හිතැති වන අතර ඉතා පක්ෂපාති ඉවක් ඇති සගයෙකු ද වේ. හුරතල් එමෙන්ම තරමක් විශාල වන අතර නිව්ෆවුන්ඞ්ලැන්ඞ් දිවිම සඳහා තරමක ඉඩක් අවශ්‍ය වනවා. නමුදු මුලිකවම ඔවුන් ඇතුලතට හුරු වු බල්ලන් වර්ගයකි. හැඩ කිරිම දිනපතා අවශ්‍යතාවයක් වන අතර ලෝම අවුල් වීම වළක්වා ලීමට හොඳින් පීරිම සිදු කළ යුතු අතර කෙල හැලීමේ පවණතාවයක් පවතියි.

6. වයිස්ල
බොහෝ විට ඔබ මෙම වර්ගය පිළිබඳ මිට පෙර අසා නැති වීමට පුළුවන, නමුදු අපේ ලැයිස්තුවේ සිටින ලස්සනම සුනඛ වර්ගයකි. ක‍්‍රියාශිලි සහ මටසිලිටුය, ජව සම්පන්න ස්වභාවයක් පෙන්නුම් කළද විස්ලා මෘදුය, කුඩා ළමුන් සඳහා හොඳින්ම ගැලපෙයි. විශ්වසනීය, කඩිසර සහ පුහුණු කිරිමට පහසුය, විස්ලා පවුලේ උදවිය ඉතා ලගින් ම රැුකබලා ගනියි. ඔවුන්ගේ ඇති හොඳම දෙය නම් ඔවුන් තුලිනි ‘බලූ‘ ගද වහනය නොවීමයි.

7. කොලී
ලැසී චිත‍්‍රපටය නරඹා ඇති පවුල් සඳහා මෘදු, අහිංසක, කඩිසර සහ ජව සම්පන්න පරිපුර්ණ සම්මිශ‍්‍රණයක් වන කොලී කුඩා ළමුන් සඳහා හොඳ සහයකයෙකි. වර්ණවත් දුඹුරු පැහැයෙන් සහ මුළුමණින්ම සුදු පැහැයෙන් යුත් නිදහස්ව එල්ලා වැටෙසන කොණ්ඩය සහිතය. කොලී වර්ගය මිනිසුන් පිනවීම සඳහා දක්ෂය. ඔවුනට ආදරය උදෙක්ම අවශ්‍ය වන අතර නමුදු ඔවුන් ඥාණවන්ත සහ පහසුවෙන් පුහුණු කර විය හැකිය. මෙම වර්ගය රංචු ගැසීමට කැමැත්තක් දක්වයි. කොලී ඔබේ දරුවන් සම`ග රංචු ගැසීමට කැමැත්තක් දැක්විම ඔබ සැළකිල්ලට භාජනය කළහොත්, පළමු වර පෙනෙන හැටියට එය ඉතා විනෝදජනක වන අතර නමුදු ඒ සඳහා අනුබල නොදිය යුතුය. ඔවුන්ගේ දිගු කොණ්ඩය නිසා හැඩට තබා ගැනිම අත්‍යාවශ්‍ය කරුණකි.

8. බීගල්
පවුලේ ප‍්‍රියතමයා බීගල්ය. මොවුන් දඩයම සඳහා උපයෝ කර ගත්තද ක‍්‍රියාශිලී ළමුන් සිටින නිවාසයන්ට කදිමට ගැලපෙයි. ඔවුන් හැඩිදැඩි සහ ඕනෑම වේලාවක සෙල්ලම් සඳහා සුදානම්ය, නමුදු ඔවුන්ටද විවේකය අවශ්‍ය වේ. මිත‍්‍රශීලී, හුරතල් සහ පුහුණු කර හැකිය. බීගල්ස්ලාගේ කලබල නැති ස්වරූපය නිසා එවුන් අනෙකුත් සතුන් සම`ග එකතු විමේ ප‍්‍රවණතාවක් තිබේ. මොවුන්වද දිනපතා ලොම් පිරීම සිදු කළ යුතු වන අතර ඔබ විසින් ඔවුන්ව හැඩට තබා ගැනිමට සුදානම් විය යුතුය.

9. බුල් ටෙරියර්
බොහෝ අය මෙම බුල් ටෙරියර් පිළිබඳ වැරදි වැටහීමක සිටියි. ඉන් එකක් නමි ඔවුන් කළහාකාරි ලෙස ඔවුන් සිතයි, නමුදු බුල් ටෙරියර් වර්ගය ඇති කර ඇත්තේම සහායක සගයන් වීම සඳහාය. මිත‍්‍රශීලිය, සසමාජීය වැඩිහිටි සහ ළමුන් දෙසට නැඹුරුය. බුල් ටෙරියර් ඉතා ඉවසිලිවන්ත සහ ජව සම්පන්නය. ඇත්ත වශයෙන්ම කියතොත් මෙම වර්ගයට විශාල ක‍්‍රිඩා කාළයක් අවශ්‍ය වන අතර එනම් විශාල පවුල් සඳහා බුල් ටෙරියර් ඉතා හොඳින් ගැලපේ. ආදරණිය සහ පක්ෂපාතිත්වයක් දක්වන අතර ළමුන් රැුක බලා ගැනිමට කැමැත්තක් දක්වයි.

10. බුල් ඩොග්
කුඩා දරුවන් හා ක‍්‍රියාශිලිත්වයෙන් අඩු පවුල් සඳහා වඩා යෝග්‍ය වේ. ගුණවත්, පක්ෂපාතී සහ හුරතල් බල්ලන් වර්ගයක් වන අතර හොඳ පෞරුෂත්වයකින් යුක්ත වේ. මෙම වර්ගය පෙරලිමට, තුරුල් කර ගැනිමට සහ පොරයට කැමති අතර නමුදු උද්‍යානයේදි එතරම් ක‍්‍රියාශිලි නොවේ. කෙසේ වෙතත් සමහර බුල් ඩොග්ස් ලා ඔවුන්ගේ ඇති ජව සම්පන්න බව පෙන්වා විශේෂයෙන්ම තරුණ අවදියේදී ඔබව පුදුමයට පත් කරවයි. මෙම සුනඛ විශේෂය කුඩා මහල් නිවාසයන් සඳහා හෝ විශාල නිවාසයන් සඳහා ගැලපෙයි.

11. ශිෂ්ට් සු
හුරතල් කුඩා බල්ලන් විශේෂයකි. විශ්වාස කළ නොහැකි තරමට ළමුන් හා එකතුය. චින භාෂාවෙන් 5555 යනු ‘සිංහ බල්ලා’ යන අර්ථය ඔහුගේ තරමක සුවිශේෂි ප‍්‍රමාණය නිසා ගෙන දෙයි. කෙසේ වෙතත් මෙම බල්ලන් වේගවත්, සිහිබුද්ධියෙන් නිතර සිටිම සහ කඩිසර නිසාම ළමුන් සඳහා ආදර්ශමත් වේ. ඔවුන් කිසිදවසක සපා නොකන අතර නිර්භිත දැඩි පෞරුෂත්වයක් ඇත. ඉතා සැපවත් සමක් ඇති අතර හැඩ කිරිම සඳහා තරමක කාළයක්ද ගත වන අතර මෙම බ්ලන් හොඳාන් රැුක බලා ගත යුතු වේ.

12. හැවනීස්
අශ්චර්යමත් කලබල නැති හවනීස් සුනඛ වර්ගය කියුබාවේ ජාතික සත්වයෙක් වේ. එය කැරිබියන් දුපත්වලට අයත් එකම වර්ගය ද වන අතර උෂ්ණත්වයෙන් සහ සීතලෙන් ආරක්ෂා වීම සඳහා ලොම් සහිත හමක් ද ඔවුන්ට හිමිය. මොවුන්ද ලොම් නොසලන බලූ විශේෂයක් නොවන අතර ඔබට මුණ ගැසෙන ඉතා පක්ෂපාතී සහ හොඳින් හැසිරෙන් එක්තරා සුනඛ වර්ගයකි. ඔවුන් හොඳ සගයෙකු වනවා පමණක් නොව ගකවලා සේ ක‍්‍රියා කිරිමටද කැමැත්තක් දක්වයි.

13. ප‍්‍රංශ බුල් ඩොග්
අපේ ලැයිස්තුවේ සිටින අනෙකුත් බුල් ඩොග් හා සමාන වන අතර ප‍්‍රංශ බුල් ඩොග් විකටයෙක් බඳු වේ. මෙම වර්ගය ක‍්‍රිඩාවට සහ ඔච්චමි කිරිමට කැමැති අතර වහ කිපී හෝ යමකට කැමැතිව සපා කන වර්ගයේ නොවේ. කුඩාය නමුදු සෙල්ලක්කාරය, ඔබට අනේකවාරයක් මොවුන් සම`ග සෙල්ලම් කළ හැකි අතර අවධානම් ක‍්‍රියාවන් සඳහා බියක් නොදක්වන පෞරුෂත්වයක් මෙවුනට හිමිය.

14. මිනිචර් ස්නො සර්
ඔබ විසින කුඩා කඩිසර බල්ලෙක් නම් සොයන්නේ මිනිචර් ස්නො ‘සර් සඳහා ඔබ කැමති වනු ඇත මක් නිසාද යත් මිත‍්‍රශිලිත්වය සහ ස්භාවයෙන්ම ආරක්ෂිත බල්ලන් විශේෂයකි. ඔවුන් හුරතල් වන අතර නමුදු මුල් කාළයේදීම සමාජයානුක්ත නොකළහොත් ඔවුන් ලැජ්ජාශිලි වේ. ඔවුනගේ ප‍්‍රමාණය සහ ප‍්‍රකෘතිමත් ස්භාවය හේතුවෙන් කුඩා මිනිචර් ස්නො ‘සර් ඉතා හුරුබුහුටි වන අතරම කුඩා මහල් නිවාස සඳහාත් විශාල නිවාස සඳහාත් හොඳින් ගැපෙයි. මොවුන් අවම ප‍්‍රමාණයකින් ලෝම හලයි.

15. යෝක්ෂා ටෙරියර්
අවසාන නමුදු අන්තිම නොවන යෝක්ෂා ටෙරියර් ජව සම්පන්න, විනෝදයට කැමති හෘදයාංගම සගයෙකු වේ. යෝක්ෂා ටෙරියර් ඥාණවන්ත සහ බොහෝ සෙයින් ක‍්‍රියාශිලි වන අතර කවටකම් කරමින් සිටිමටකැමැත්තක් දක්වයි. ක‍්‍රිඩා කරන අවස්ථාවන් වලදී ඔවුන් තරමක් ආක‍්‍රමණශිලි විය හැකි අතර ඒ සඳහා ඔවුන්ව කලින්ම පුරුදු පුහුණු කල යුතු අතර ඒ සඳහා ළමුන්වද සහාභාගි කරවීම මගින් ඔවුන් සමාජයානුක්ත වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close