රැකියා සහ සේවා

ආහාරපානදීය සැපයීමේ ව්‍යාපාරයක් ශ‍්‍රි ලංකාව තුල ආරම්භ කිරිම

ඔබ ඉවුම් පිවුම් සඳහා ප‍්‍රිය කරයි නම්, ඔබ විසින් අර්ධ කාළින ව්‍යාපාරයක් ලෙස නිවසින් පිටත ඇති උත්සවයන් සඳහා ආහාරපානදිය සැපයීම සිදු කිරිම ආරම්භ කළ යුතුය. ආහාරපානාදීය සැපයීමේ ව්‍යාපාරය ක‍්‍රියාකරවිමට පහසු සහ ඔබට ආයෝජනය කළ හැකි අන්දමින් ආරම්භ කොට ඉදිරියට ගෙන ආ හැකි ව්‍යාපාරයක්ද වේ. ආරම්භක පිරිවැය ඔබ විසින් තෝරා ගන්නා ලද වෙළඳාම් ප‍්‍රමාණය මත තිරණය වන පහසු ක‍්‍රියාවලියකි.

ආහාරයන් සඳහා ආශා කරන සහ ඉවුම්පිවුම් සඳහා ප‍්‍රියතාවයක් දක්වන අය සඳහා මෙවැනි ව්‍යාපාරයක් කදිමට ගැලපෙයි. ඔබ විසින්ම වැඩෙහි නිරතවීම සිදු කරන අතර එය බොහෝ ව්‍යවසායකයින්ගේද ආකර්ශණය දිනා ගැනීමට සමත් වනු ඇත. ඔබගේ නිවසේම ඇති මුළුතැන්ගේ සිටම ඔබේ ව්‍යාපාරය සිදු කිරිමේදී ඔබට අවශ්‍ය තරම් සැපයුම් තිබේන අතර කැමත්තෙන් සහ ව්‍යාපාරය ඔබයට නාසා පරිදි බොහෝ දුර රැුගෙන යාමේ හැකියාව තිබේ. පළමුව කුඩාවට ආරම්භ කරන්න, ඔබේ ව්‍යපාරය නිසිපරිදි ක‍්‍රියා කිරිම ඇරඹේන තුරු එක් උත්සවයක් පමණක් භාර ගැනීම සිදු කරන්න. තමන්ගේ මුළුතැන්ගෙයින් කුඩාවට ආරම්භ කර බොහෝ සෙයින් සාර්ථක වු පුර්ණ කාළින ආහාරපානාදීය සැපයීම් ව්‍යාපාරයේ ඉහළට ගිය අය ඕනෑතරම් වේ.

උත්සවයන් වර්ග
ඵහත දැක්වෙන් උත්සවයන් සඳහා ආහාරපානදීය සැපයුම්කරුවන් අවශ්‍ය වන අතරම ආරම්භ කිරිම සඳහාද මෙම උත්සව කදිම ස්ථානයකි. පැමිණෙන අමුත්තන් ගණන පිළිබඳ දැඩි පරික්ෂාවෙන් සිටින අතරම වැඩි අමුත්තන් පිරිසක් පැමිණේ නම් ඔබේ සහායට තව අයෙකුගේ සහායෝගය ලබා ගන්න.

මංගල උත්සව
විශාල ආයතනික උත්සව
උපන්දින සාදයන්
සාංවත්සරික උත්සව
ව්‍යාපාරික දිවාභෝජන
මනාලියන් දැක්මේ උත්සව
උපාධි ප‍්‍රධානෝත්සව සාදයන්

වෘත්තිය දැනමුතුභාවයෙන් සිටින්න
ආහාරපාන සැපයුම් ව්‍යාපාරය පිළිබඳ වෘත්තිමය දැණුමක් නැති ඕනෑම කෙනෙක් ව්‍යාපාරයට අවතීරණ විමට ප‍්‍රථම ඒ පිළිබඳව මනා සොයා බැලීමක් සිදු කර සිටිය යුතු වේ. ඔබ තිරයේ පිටුපස සිට ක‍්‍රියා කිරිමේදී නිසැකවම සිදු වන සියල්ල ඔබට බලා ගැනීමට හැකි වනු ඇත. සේවාදායකයෙකු සම`ග උත්සවයක් සැළසුම් කිරිමේදී ඇතුලතම සිදුවන සියලූ දේ ඔබට දැක ගත හැකිවේ. ඔබට ඒ සඳහා දැණුමුතුභාවයක් නොමැතිනම් එපෙස ආහාරපානදීය සපයන උත්සවයකට සහාභාගීවන්න. එහිදි සැපයුම් ආයතනයේ සේවකයින් විසින් සිදු කරන හොඳ හා නරක දෙස පරික්ෂාවෙන් බලා සිටින්න. ඒවා සටහන් කර ගැනීමෙන් එය ඔබේ ව්‍යාපාරය සඳහා භාවිතා කළ හැකිවේ. අත්වැරදීම්ද සටහන් කරගන්න, එවිට ඒවා ම`ග හැරිම සඳහා ඔබට රුකුලක් සැපයේ.

වෘත්තිය අරක්කැමියා
ඔබව අනෙක් අයට හඳුන්වාදීම මෙය මාහැ`ගි ක‍්‍රමයක්දවේ. ඔබව අනෙක් අය සඳහා යෝජනා කරන මිතුරන් හා පවුලේ උදවිය හට ඔබට ආහාර පිසිම සිදු කළ හැකිය. ආහාරපාන සැපයුම් ව්‍යාපාරයේ මුලික කාර්ය භාරය වනුයේ හොඳ ආහාර උසස් අන්දමෙන් තිබිමය. අනෙක් අයට උයා දීම මගින් ඔබට අත්දැකිම් ලබා ගත හැකි අතර ඒ අතර තුර කාළයේදී ඔබේ කෑම වට්ටෝරුවන් නැවත සැකසීම සහ පිසිමේ විලාසිතාව වර්ධනය කර ගත යුතු වේ. එවිට ඔබට කාළයක් පැමිණේවි ඔබේ හැකියාව වෙළඳපළ කරා රැුගෙන යාමට එතෙක් ඔබ විසින් ආරම්භ අවදියේදි අදාළ ක‍්‍රියාවන් පිළිබඳ විපරමින් කටයුතු කරන්න.

ඔබම වෙනස් ලෙස පෙනී සිටින්න
කේෂත‍්‍රයේ ස්ථාවරව වසර ගණනක් රැුදී සිටින අනෙක් ආහාර සැපයුම්කරුවන් මට තර`ගයක් දීම සඳහා ඔබේ ව්‍යාපාරය අනන්‍යභාවයක් ලබා දෙන්න. ඔබ විසින් ඔබේ ව්‍යාපාරය විශේෂිත්වය ගොඩනැංවු විටදී සේවාදායකයින් විසින් සියලූලන්ගෙනම් එබව තෝරා ගැනීමට පෙළෙඹෙනු ඇත. මිනිසුන් ඔබගේ සේවාවන් ලබා ගන්නේ ඇයිදැයි සිතන්න. කිසිවෙකු විසින් නොපිසින ලද ආහාරයක් ඔබ විසින් පිස ඇත්ද? ඔබේ ආහාරයන් අනන්‍ය ආකාරයෙන් පිසින ලදීද? ආහාරපාන සුපයුම් ව්‍යාපාර සම්පුර්ණ වී නොමැති අවකාශයක් තෝරා ගන්න. එය ඔබ පිළිබඳව අවධානය ගැනිමට සුළු වන කරුණ විය හැකිය.

ඔබේ මුළුතැන්ගේ පුරවා තබා ගන්න
පළමුව ආරම්භයේදී උත්සව භාණ්ඩ ඔබ කුළියට ගැනිමට හැකි හෝ ඒ සඳහා කෙනෙකු තබා ගත හැකිය නිදසුනක් ලෙස කෑම තබන මේස වැනි දෑ ය. බොහෝ විට උත්සවය පවත්වන ස්ථානය සඳහා විවද සැපයුම්කරුවන් අවශ්‍ය වනු ඇත. නිදසුන් ලෙස මේස පුටු ආදියයි. උත්සවය සැළසුම් කරන්නන් විසින් මේස අසුරණ ආකාර දෙනු ලබයි. මෙවැනි කරුණු ඔබට උත්සවය සැළසුම්කරණය කරන්නන්ගෙන් දැන ගත යුතුවේ. ව්‍යාපාරය ආරම්භයේදී ඔබගේ සියලූම මුදල් ආහාර සහ ආහාර සැකසීමේ උපකරණයන් ගබඩා කර ගැනීම සඳහා වැය කළ යුතු වේ. බොහෝ විට ඔබට උඳුනක් සහ ශීතකරණයක් තිබිය හැකි වුවද විශාල උත්සවයන් සඳහා ඔබට විශාල ශිතකරණයන් වැන විශාල මුළුතැන්ගේ උපකරණයන් අවශ්‍ය වේ. ඔබට මයික්‍රෝවේවි උඳුනක් සහ ජල පිරිපහදුකරණයක්ද අවශ්‍ය වනු ඇත. ආහාර උණුසුම් උපකරණ, පි`ගන් සහ බෙදන උපකරණයන් උත්සවයන් සඳහා පමණක් භාවිතා කරයි නම් ඔබට ඒවා කුළියට ගැනීමට හැකිය.

භාවිතා කරන ලද භාණ්ඩ මිලදී ගන්න
විශාල වශයෙන් අවශ්‍ය වන උපකරණයන් සොයා බලා පාවිච්චි කරන ලද උපකරණයන් මිලදී ගැනීමෙන් ඔබේ මුදල් ඉතිරි කර ගැනීමට හැකි වේ. අළුත්ම ආම්පන්න මිලදී ගත හැකි අළුතින් අරඹන ලද ආමාර සැපයුම් ව්‍යාපාරයන් නොමැත. අනෙකුත් තැන වලට වඩා ඉතා සුළු මිලකට ගත හැකි පාවිච්චි කරන ලද උපකරණයන් ඕනෑ තරම් අඅඅගසනප්බගකන වෙබ් අඩවියෙන් ඔබට සොයා ගැනිමට හැකිය. ඔබේ ව්‍යාපාරය සාර්ථකව ගොඩනැංවෙද්දී ඔබට නවීන උපකරණ සඳහා ආයෝජනය කළ හැකිවේ. කුඩාවට ආරම්භ කිරිම නරක අදහසක් නොවන අතර එමගින් ආහාර සැපයුම් ව්‍යාපාරයේ සඳහා අවස්ථාවක් ඔබට සලසා දෙන අතරම ඔබේ මුදල්ද ඉතිරි කරවයි.

ඔබේ ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කරන්න
ව්‍යාපාරයක් ආරම්භ කිරිමේදී ඇති අමාරුම කාර්ය වනුයේ අළුත් සේවාදාකයින් සොයා ගැනීමය. ඔබ පවුලේ උදවියට හා මිතුරන් සඳහා ඉවුම් පිහිම් කටයුතු සිදු කරයි නම් ඔබ යෝජනා කිරිමට සුළු පිරිසක් පමණක් සිටියි. එයකටින් කට යන හොඳ ප‍්‍රවර්ධන ක‍්‍රමවේදයකි. ඔබ කෙතරම් සුළුවෙන් ආරම්භ කළද ඔබේ නාමය සැ`ගව තැබිය යුතු නොවේ. ඒ සඳහා සිත් ගන්නා නමක් සිතන්න. ඔබේ කාඩයක් සහ කෑම වට්ටෝරූන් මුද්‍රණය කරවන්න. ඔබේ ආහාරයන්ගේ රස බැලීම සඳහා මිනිසුන්ට ආහාර ගැනීමට ස්ථානයක් නොමැති නම් ඒ උද්දීපණය කරවීම සඳහා ආහාරයන්ගේ පිංතූර භාවිතා කරන්න. ඔබේ ආහාරයන්ගේ පිංතූර ඇතුලත් ලිපි ලේඛණයන් හෝ ඔබේ හොඳම කෑම වර්ගයෙ සාම්පලයන් ඒ සඳහා භාවිතා කරන්න.

මිනිසුන් මුණ ගැසෙන්න
ඔබේ ස්ථානයේ පොදු උත්සවයක් ඇත්නම් ඒ සඳහා සාම්පලයන් ඉදිරිපත් කිරිමට හැකිදැයි සොයා බලන්න. ඔබෙගේ ආහාරයන් මිනිසුන් රස බලා ඒ පිළිබඳ උනන්දුවක් ඇති වීම සඳහා ඔබ ක‍්‍රියා කළ යුතුය. කුඩා සාම්පලයන් භාවිතා කිරිම මගින් මිනිසුනගේ උනන්දුව වර්ධන කිරිමට සමත් වන අතර එමගින් ඔවුන්ගේ ඊල`ග උපන්දින සාදයට හෝ ළමුන්ගේ උපාධි ප‍්‍රධානෝත්සව සාදයන් සදහා ඔබට ඇරයුම් ලැබෙනු ඇත. ඔබ විසින් දෙනු ලබන සාම්පලයන් ඔබේ උසස්ම වට්ටොරුව වන අතරම එය උණුසුම් හෝ සිසිල් කිරිමෙන් තොරව යම් කාළයක් තබා ගැනිමට හැකි බවටද වගබලා ගන්න.

ඔබේම ආහාර සැපයුම් ව්‍යාපාරයක් අරඹීම උද්යෝගිමත් ක‍්‍රියාවක් වනු ඇත. ඔබ පිසිමට ප‍්‍රියතාවයක් දක්වන හා ඔබේ ආහාරයන් අන් අයට රස බැලීම සඳහා ඉඩ ලබා දීමට කැමති අයෙකු නම් ආහාර සැපයුම් ව්‍යාපාරය ඔබටම සරිලන ව්‍යාපාරයකි. නමුදු ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා යම් කාළයක් ගතවන බව මතකයේ තබා ගන්න. ඔබට මෙය අර්ධ කාළින ව්‍යාපාරයක් ලෙස දිවා කාළයේ වෙනත් වෘත්තියක නියැලෙන ගමන්ම අත්හදා බැලිය හැකිය. වරකි ඔබ සාර්ථකත්වය අත් කර ගත් විට ඔබේ දිවා කළ වෘත්තිය අවසන් කර ඔබ ප‍්‍රිය කරන වෘත්තියේ නියැලීමට ඔබට අවස්ථාව උදා වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close