විනෝදාංශ සහ ක්‍රිඩා

ඉගෙනීමට පහසුම සංගීත භාණ්ඩ පහක්

ඉගෙනීමට පහසුම සංගීත භාණ්ඩ පහක්.

සංගිත භාණ්ඩයක් වාදනයට පුරුදු විම ජිවිත කාළය පුරාවට අනගි ප‍්‍රථිඵල ගෙන දෙන විනෝදාංශයකි. සමහර සංගිත භාණ්ඩ අනෙක් ඒවාට වඩා ඉගෙන ගැනීම අමාරු වන අතර එය ඉගෙන ගන්නා මත හා ඔහුගේ උනන්දුව මත තිරණය වේ. සමහර සංගීත භාණ්ඩ ඉගෙන ගැනීමට පහසුවක් දැක්විය හැක. ළමුන් වැඩි තොරතුරු ප‍්‍රමාණයක් උකහා ගන්නා නිසා වැඩිහිටයින්ට වඩා ළමුන් ඉක්මණින් ඉගෙනීමට වැඩිපුර නැඹුරුතාවක් දක්වයි. නමුත් වැඩිහිටියෙකුට සංගීත භාණ්ඩයක් ඉගෙනීමේ හැකියාව තවම පවතින් අතර ඔවුන්ගේ අභ්‍යාස කිරිම මත එය පදනම්ව පවතියි. ඉතිං කොහෙන්ද අරම්භ කරන්නේ? මොන සංගිත භාණ්ඩයද වඩා පහසු? උනෙක් සෑම දෙයකටම වඩා වඩා ලෙහෙසි කුමක්ද? ඉගෙනීමට පහසු සංගීත භාණ්ඩ පහක් පහත දැක්වේ. 

ගිටාර්.

ස්වර සම්බන්ධ හෙයින් ගිටාරය යනු ඉගෙනීමට පහසු සංගීත භාණ්ඩයකි. ස්වරයන්හී ශබ්ධය සංකීර්ණය, නමුදු ශිෂ්‍යයෙක් වරක් එම ශබ්ධ කිහිපයක් ඉගෙන ගත් විට ඔවුනට ඒ හරහා යම් ගීතයක් නිර්මාණය කිරිමේ හැකියාව පවතිනවා. ගිටාරයක් වාදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඕනෑතරම් සම්පත් අන්තර් ජාලය ආශි‍්‍රතව සොයා ගත හැකි. තත් වලට ඔබේ ඇගිලි හුරුකර ගැනීම, නියමිත තෙරපුම යෙදීම සහ කාවැද්දීම පිණිස එය තබන්නේ කොහේද යන්න පිළිබඳවත් හෝ ගිටාරයේ කුමන කොටසේද යන්න පිළිබඳව අවබෝධ කර ගැනීම ඉගෙනුමට ඇති හොඳම මාර්ගයයි. ඔබගේ අනික් අතින් තත් දෝලනය කරමින් වාදනය කිරිමට තරමක අභ්‍යාසයක නිරත වන්න. ගිටාරය ගැන දැනගන්න, ඒ පිළිබඳව අධ්‍යනයක යෙදෙන්න. ශ‍්‍රැතියන්ගේ සහ තත් වල නාම ඉගෙන ගන්න. සියලූම ස්වරයන් එක්වර ඉගෙන ගැනීම ගැන වද නොවන්න, එය කාළය සම`ග ඔබට හුරුවේවි. ආරම්භයේදී ම ස්වර ඉගෙනීම හොඳ ක‍්‍රමයක් වන අතර එයින් ඔබට අභ්‍යාසය සඳහා සහාය වන මු`ඵ ගීතයම වාදනය කිරිමේ හැකියාව ලැබේනවා. එය ගිටාර් සහ අනෙකුත් ඕනෑම සංගීත භාණ්ඩයක් ඉගෙනීමේ මුලීක ක‍්‍රමයද වේ. සැරයක් ඔබ යම් සාමන්‍ය ස්වර රටාවන් දැන ගත් පසු දිගින් දිගටම එය අභ්‍යාස කිරිමට මතක තබා ගන්න. එමගින් ඔබගේ දක්ෂතාවයන් මුවහත් කරන අතරම ඔබව හොඳ වාදකයකු බවටද පත් කරවයි. තවද ඔබ විසින් සංගීතය සම්බන්ධව හොඳ සවන්දීමක් ගොඩනැංවිය යුතු අතර එමගින් ඔබට වැඩිපුර අභ්‍යාසයේ යෙදීමේදී අත්වැරදීම් ඇත්තේ කෙහේදැයි සොයා ගැනීමට හැකි වනවා. ඔබ විසින් මාංශපේෂින් හා ශිල්පීය මතකය ගොඩ නංවා ගන්නා අතර එය ඕනෑම සංගීත භාණ්ඩයක් විශේෂයෙන් තත් භාණ්ඩ සඳහා වැදගත් වේ.

ඕකෝලේලේ (කුඩා තුර්ය භාණ්ඩයක්)
ගිටාරයට සමාන වන මෙය හැඩයෙන් ගිටාරයට වඩා කුඩා වන අතර තත් ගණනද අඩුය. එය මිලෙන්ද අඩුය. පටන් ගැන්ම සඳහා විනෝදශිලී හා ඉක්මන් සංගීත භාණ්ඩක් ලෙස එය හොඳ තේරිමක් බවට පත් කර ගන්න. යෝග්‍ය ඕකෝලේලේ සමානා්‍යයෙන් /50-/100 වැනි මුදලක් වේ. ඉඳගෙන හෝ හිටගෙන සිටියදී හෝ එය අල්ලා ගන්නා පිළිවෙළ ඉගෙනීමට මොහොතක් ගන්න. මෙම සංගීත භාණ්ඩයේ ඇති සුවිශේෂිත්වය නම් එහි ප‍්‍රමාණය හා පහසුවයි. ඇවිදිමින් වාදනය කිරිමට ඇති පහසුව මෙයින් ඇති. ගිටාරයෙන් මෙන් ස්වර මුලින් ඔබ ඉගෙන ගත යුතුවේ. ප‍්‍රධාන ස්වර පටන් ගැන්න, එවිට ඔබට එක් වරම ගීතයක් වාදනය කිරිමේ හැකියාව තිබේ. අනෙක් ඕනෑම සංගීත භාණ්යක සේ අභ්‍යාසයේ යෙදීම අවශ්‍ය වන අතර දිනකදී හෝ දෙකකදී ඔබට ගීතයක් හෝ දෙකක් වාදනය කිරිමේ හැකියාව ඇත. මෙතැන් සිට ඉතා ඉක්මණින් ඔබගේ ගීත ලැයිස්තුව සැකසිය හැකිය. තත් දෝළනය කරමින් වාදනය කිරිමට ඉගෙනීමද මෙහිදී වැදගත් වේ. ඉක්මන් නොවන්න, ස්වර වෙනස හඳුනා ගන්නා තෙක් විනෝදශිලීව සහ සෙමෙන් පටන් ගෙන වාදනය කරන්න. මෙමගින් ඔබ විසින් නිවැරදි ලෙෂ වාදනය කරන බවට සහතික කර ගත හැක. නිතර වාදනයෙහි යෙදෙන්න එමගින් ඔබේ ඇගිලි වලට ස්වරයන් හී හැඩය හුරුවනු ඇත. ඉතා ඉක්මණින් එය ඔබේ ස්භාවයක් බවට පත් වේවි.

පියානෝව.
සාමාන්‍යයෙන් පියනෝව හෝ කීබෝඩය ඉගෙනිමට අපහසු සංගීත භාණ්ඩ යැයි මිනිසුන් සිතයි. නමුත් එය ගිටාරය හා ඕකෝලේලේ මෙන් සත්‍ය වශයෙන්ම සමාන වේ. වරක් ඔබ ස්වර හා ධ්වනියන් ඉගෙන ගත් විට ඉතා ඉක්මණින් වාදකයාට ගීතයකට හෝ සංගීත සැකසුමකට යා හැක. ඔබට හොඳ ඉද ගැනීමේ ඉරියව්වික් අවශ්‍ය වන අතර එමගින් කීබෝඩයේ යතුරු මත ඇගිලි යවමින් ස්වර හඳුනා ගත හැක. ස්වර සප්තකය ඉගෙනීම පියානෝව ඉගෙනීමේ පදනම වේ. සප්තකය ඉගෙනීම සෑම යතුරකම ඇති පැහැදිලි ස්වර මානය ඉගෙනීමට ඇති හොඳම ක‍්‍රමයයි. එසේ වුවද බොහෝ පියානෝ වල යතුරු 88 ක් තිබේ (කිබෝඞ් වල මීට අඩුවිය හැක*. ස්වර සප්තකය අභ්‍යාස කිරිමෙන් මගින් ඔබ මෙම යතුරු වලට හුරු වේ. පහසුවෙන් වාදනය කිරිම සඳහා දිය හැකි තවත් එක් උපදේශයක් නම් පැහැදිලි ස්වරමාන හුරු වන්න. ස්වර සංකේත කියවීමට හුරු වීමේන් ඔබට ලියා ඇති ස්වර මාලා කියවීමට හැකි වේ. ලියා තබන ලද ස්වර මාලා සහිත කොළ විශාල පෙළක් පියොනේ වාදකයන් සඳහා ඇති අතර වරක් ඔබ සංගීතය කියවු විට වචනානුසාරයෙන් ඇති සංගීත ලෝකයක් ඔබට වාදනය කිරිම සඳහා පවතියි. නැවත, අභ්‍යාසයේ යෙදීම ඔබව සම්පුර්ණ කරයි. පියානෝව හරහා ඔබේ මාර්ගය සොයා ගන්න, මධ්‍යම ’සී’ ඉගෙන ගන්න එමගින් ඔබට අනෙකුත් ස්වරයනට යා හැකි, ත‍්‍රිබල්ස් සහ බේස් වල හඩ උච්චාවචනය ඉගෙන ගන්න. මෙයට වඩා දෙයක් ඔබට ඉගෙනීමට නැත. වරක් ඔබ අනුපිළිවෙලින් ඔබේ දෑත් එහා මෙහා කිරිමට දත් විට ඔබට දැනේවී වාදනය කෙතරම් පහසුද යන වග.

මවුත් ඕගනය (හාමොනිකා)
හාමොනිකාව හොවත් මවුත් ඕගනය අනිවාර්යෙන්ම වාදනය කිරිමට ඇති පහසුම සංගීත භාණ්ඩය වේ. වෙනස් වර්ගයන්ගේ හාමොනිකවන් ඇත. ඔබ විසින් ඉතා සුලබ වර්ගයක් වන ශුද්ධ ස්වර හාමොනිකාව ( ාස්එදබසජ ය්රපදබසජ් * තෝරා ගත යුතු වනවා. එහි කුහර 10 පවතින අතර ප‍්‍රධාන ශුද්ධ ස්වර සප්තකය එයින් වාදනය කළ හැක. එහි ඇති පහසුව නම් ඔබේ අත් වලින් පමණක් එය අල්ලා ගැනීමට හැකි වීමය. කුහර තුලට හුස්ම පිඹිමෙන් හා ඇඳ ගැනිමෙන් මෙම භාණ්ඩය වාදනය කළ හැකි අතර එහි ප‍්‍රථිඵලයක් ලෙස වෙන වෙන එක් එක් කුහරයෙන් විවිධ ස්වර මාන ගෙන හැර පායි. ස්වර මානයන් හි රටාව දැන ගැනීම මෙහි වාදනය සඳහා ඉගෙන ගැනිම වන අතරම නිසියාකාරව මුව ස්ථාන ගත කිරිමද ඔබ විසින් දත යුතු වනවා. ඒ සඳහා යම් අභ්‍යාසයක් අවශ්‍ය වන අතර නමුදු පැයක වැනි කාළයකදී ඔබ විසින් හාමොනිකාව පිඹීමට හැරු වන අතර එමගින් ඔබට පහසුවක් ගෙන දෙයි. මේ සඳහා ඇති ලියන ලද ස්වර ප‍්‍රස්ථාර කියවිමද ඉතාම පහසු කටයුත්තක්ද වේ.

ක්ලැරිනෙට්ටුව
මෙය ලී නලාවක් වන අතර එමගනි අලංකාර ශබ්ධයක් දෙනු ලැබේ. මේ වර්ගයේ ලැයිස්තුවේ ඇති වෙනස් සංගීත භාණ්ඩය මෙය වන අතර නමුදු එය ස්භාවික ලී නලා භාණ්ඩයවක් සඳහා පමණක් සුදුසුය. මෙය භාවිතයේදී තරමක වෙනස් ක‍්‍රමවේදයන් අවශ්‍ය වන අතර නලා විශේෂයන් සම`ග බද්ධ වන මෙය මුඛය භාවිතා කර සහ පිඹිම මගින් හා ඇගිලි වෙනස් ස්ථාන කරා මාරු කිරිමේ ක‍්‍රමවේදයෙන් ශබ්ධය නිපදවයි. මෙය බහුශ‍්‍රැත භාණ්ඩයකි. එක් එක් කුහරයන් ස්වරයන්ට අනුකූලව ඇරීම සහ වැසිම මගින් නියම ශබිධය ලබා ගැනීම ඉගෙනීම මත පාදක වේ. අධුනිකයන් හට මෙය කුළියට හෝ මිලදී ගැනීමට හැකි අතර මුලින්ම ප්ලාස්ටික් වර්ගයේ භාණ්ඩයක් ගැනීම ලාභදායි වේ. මෙයද ස්වර සප්තකය මත පදනම්ව පවතින අතර මුවෙහි නියමිත හැඩයෙහි රුවා නියමිත ශබ්ධය ගැනීම මුඛ්‍ය කාරණය වේ.

 

ශ‍්‍රී ලංකාවේ ලූහුඩු දැන්වීම් මගින්  ඕනෑතරම් පාවිච්චි කරන ලද සංගීත භාණ්ඩ සොයා ගැනීමට පු`ඵවන. නවීනතම හෝ පාවිච්චි කරන ලද මේ ලැයිස්තුවේ ඇති  ඕනෑම භාණ්ඩයක් හොඳ මිලකට සොයා ගැනීමට හැකිවිම ඔබේ වාසනාවයි. මෙහි ඇති මිල අධිකම භාණ්ඩය පියානෝව වන අතර අධුනිකයන් හට කිබෝඩයකින් එය පුරුදු පුහුණු විය හැකිය. ඒ සඳහා වැඩි මිලක්ද වැය නොවේ. අවසානයේදී ඔබට පියානෝවක් සඳහා මාරු විය හැක. මෙහි අඩුම මිලාධික භාණ්ඩය බොහෝ විට මවුත්  ඕගනය (හාමොනිකා* හෝ  ඕකෝලේලේ ය.  ඕනෑම සංගීත භාණ්ඩයක් ඉගෙන ගැනිම යනු ඔබේ කාළය ගත කිරිම සඳහා වටිනාකමක් සහ සම්පුර්ණත්වයක් ලබා ගැනීමයි. එපමණක් නොව, ඔබට ඔබේ මිතුරන් සම`ග හෝ පවුලේ පිරිස සම`ග උත්සව අවස්ථාන්දී වාදනය කළ හැක හෝ වෘත්තිය මට්ටමේ වාදකයෙකු බවටද එබට පත් විය හැකිය. ඔබට ගැලපෙන සංගීත භාණ්ඩය සම`ග ආරම්භ කරන්න, එය ඔබ ෂතුව ඇති මුදල් හා තීරණය වේ.  

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close