ඉලෙක්ට්‍රොනික්ස්

උසස් වර්ගයේ Nokia ජංගම දුරකථන 5ක්

වැඩිපුර කල් පවතින දුරකථනය’ බවට පත් වීමෙන් අනතුරුව චක්නෝරිස් මෙන් කැඩි බිඳි යෑමට එරෙහි පවතින ආකාරයෙන් සිනිඳු, වර්ණවත් වින්ඩෝස් ක‍්‍රියාකාරීත්වය සම`ග ස්මාර්ට්ෆොන් වර්ගයන්ගේ වෙළඳපල සඳහා භදනස් දුරකථනය එක්වරම ඇතුල් වී ඇත. මුළුමණින්ම පාහේ දුරකථන ජාල අතර භදනස් දුරකථන දෙකක් හෝ තුනක් ඇති අතර එහි ජනප‍්‍රියත්වය ඉහළ යෑමත් සම`ග වින්ඩෝස් ක‍්‍රියාකාරීත්වය සඳහා නිර්මිත වැඩි ඇප් මෘදුකාංග නිකුත් කරමින් පවතියි. වඩා හොඳ කැමරාවක්, විචිත‍්‍ර මුහුණතක්, ඇප් මෘදුකාංග විශාල ප‍්‍රමාණයක් සහ විශාල තිරයක් සහිත අද දවසේ භදනස් ස්මාර්ට්ෆොන්ස් හි විශේෂ ලක්ෂණ වේ.

Nokia Lumia 1520

දළ විශ්ලේෂණය
Nokia Lumia 1520 දුරකථනය අ`ගල් 6ක 1920×1080 තිරයකින් සමන්විත වේ. එය සතුව 20MP ශුද්ධ සම්පේ‍්‍රශණයක් ඇති අතර නවතම වින්ඩෝස් 8 ඇතුලත් කර ඇත. ව්‍යාපාරිකව වැදගත් වන2.3 GHz ස්නැප්ඩ‍්‍රැගන් 800 සහ 2GB RAM සමන්විත වේ. මයික්‍රෝ එස්ඩි, සහ 802.11 WIFI සමග 3200 mAH බැටරිය පැකේජය සම්පුර්ණ කරවයි.

2013 නොවැම්බරයේදී Lumia 1520 වෙළඳපළට නිකුත් කිරිමත් සම`ග ම සියලූ දෙනාම එහි ශක්‍යතාවය සහ විශාල තිරිය බැලීමට රොක්විය. සමාන්‍ය දුරකථනයකට වඩා එහි තිරය විශාල වන අතර එය අ`ගල් 6ක් පමණ වේ. iPhone 5s හෝ ඇනරෝයිඞ් දුරකථනයන් ට වඩා පළමු වතාවට වින්ඩෝස් 8 එම තත්වයෙන් හෝ ඊට වඩා හොඳ මට්ටමේ ඇප් එකක් භදනස් දුරකථනය වෙළඳපලට නිකුත් කිරිමත් සම`ග එක්විය.

වාසී
විශාල, කම්පනය වන තිරිය
වේගවත්, ශක්තිමත් දෘඩාංග
හොඳ කැමරාව
සවිශක්තිමත් නිමාව

අවාසී
දුරකථනය තරමක් විශාල වීම
ඡුායාරූප ගැනීමේදී කැමරාව තරමක් වේගය අඩුවීම

සමස්ථයක් වශයෙන් මෙම දුරකථනය ඇනරෝයිඞ් ජංගම දුරකථන පරදා iPhone 5s දුරකථනයට පියවරක් ඉහළින් ස්ථාන ගතව ඇත. මෙහි තිරය විඩියෝ නැරඹිමට ඉතාමත් සුදුසු අතරම ඔබගේ නවතම පණිවිඩ කියවීමද ඉතා පහසුකරවනු ඇත. දුරකථනය මයික්‍රොසොෆ්ට් මෘදුකාංගය දුරකථන අතර ඉහළින් ඔසවා තැබීමට සමත් දැනට පවතින පළමු ජංගම දුරකථනය 1520 වේ.

Nokia Lumia 1020

දළ විශ්ලේෂණය
ජංගම දුරකථන ඉතිහාසයේ සුපැදිලි රූප මවනා මෙගා පික්සෙල් 41 ක් ඇති එකම කැමරාවක් සතුව ඇත්තේ භදනස් ඛමපස් 1020 දුරකථනය සඳහාය. අ`ගල් 4.5ක 1280×798ක Super AMOLED සුපැහැදිලි දසුන් මවන තිරය සහ ඩුවෙල් කෝ සහ1.5GHz, Krait CPU,Nokia Lumia 1020 පෙලගැස්මේ ඇති තවත් එක් ශක්තිමත් ජංගම දුරකථනයකි. තවද 2GB රැම් එකකින් සහ නාභිගත වන ෂෙනෝන් ෆ්ලෑෂ් ලයිටයකින් ද මෙය සමන්විත වේ.

Lumia 1020 හි අපේක්ෂාව එහි වන විශේෂ උසයි. බොහෝ අයට ජංගම දුරකථනයේහි ඇති කැමරාවේ සුවිශේෂිත්වය අත්විඳ බැලීමට අවශ්‍ය වන අතරම එය කියනා පරිදි සුපැහැදිලි තත්වයක් ගෙන එන්නේදැය් ඔවුනට අත්දැකීමෙන් ම දැන ගත යුතුව ඇත. එමෙන්ම එය නිකම්ම පරිපුර්ණ දුරකථනයක් නොවේ, මෙහි ඇති සුවිශේෂිත්වය නිසාම කැමරාවන් වලට ආසා කරන, පිංතූර බෙදා ගැනීමට කැමති මෙන්ම සමාජ වෙබ් අඩවීන් සම`ග එකව සිටින අයගේ හොඳම මිතුරා බවට මෙම ජංගම දුරකථනය පත්ව ඇත. එය හුරුබුහුටි හැඩයකින් සහ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ වු සංචලනයෙන්ද සමන්විත වේ.

වාසී
විශාල මෙන්ම අතිනවීන කැමරා ජංගම දුරකථනයයි
අලංකාර මෙන්ම වර්ණවත් තිරය
රළු නිමාවකට දුරකථනය සදා ඇත

අවාසී
කැමරා සැකසුම මදක් වේගය අඩු විය හැකිය
දෘඩාංග මධ්‍යම ප‍්‍රමාණිකය
කැමරා කාචයේ නිර්මාණය පරිහරණය කිරිමට අපහසු තත්වයකට ම`ගපාදයි

සමස්ථයක් වශයෙන් 1020 දුරකථනය පෙනුමෙන් අනෙකුත් සෑම දුරකථනයක්ම පරදන අතර නමුදු එහි නිර්මිතයේ යම් යම් ගැටළු පවතියි. ආවරණයෙන් මදක් එළියට පැන කැමරා කාචය තිබේන නිසාවෙන් එය තරමක් අපහසු තත්වයක් යම් අයෙකුට ගෙන දීමට හැකිය. හොඳම දෙයනම් ඔබ දුරකථනය මිලදී ගැනීමට පෙර වරක් හොඳින් පිරික්සා බැලීමය.

තිරය, කැමරාව සහ ඇප් මෘදුකාංග දුරකථනයේ උසස් තත්වයකට ගෙන ඇති අතර පිංතූරු ගැනීමට ආසා කරන මෙන්ම සවිශක්තිමත් නිමාවකින් ඇති උපාංග සහ අඩු බරක් සඳහා කැමති අය සඳහා අගනා දුරකථනයකි.

Nokia Lumia 920

දළ විශ්ලේෂණය
අ`ගල් 4.5 .5-inch HD IPS LCD තිරය සම`.5GHz ඩුවෙල් කෝ ප්‍රෝසෙසරයෙන් Nokia Lumia 920 සමන්විතය. වින්ඩෝස් 8 සම`ගින් ජවගැන්වෙන මෙම දුරකථනය 8.7MP කැමරාව සම`ග 1080 විඩියෝ සහ දෘශ්‍ය ස්ථායිකරණයකින් ද සමන්විතවේ.

Lumia පෙලගැස්ම වෙත මිනිසුන් මුලිකවම ඇඳබැඳ ගන්නා ලද්දේ 2012 වර්ෂයේදී නිකුත් කරන ලද මෙම Lumia 920 නිසා වේ. iPhone 4s ප‍්‍රතිවිරුද්ධව තර`ග වැදීම සඳහා වටකුරු කොන් සහිත, දිළිසෙන තිරය සහ වර්ණවත් තේරීම් සහිත නිරමාණය කර ඇත. නිර්මාණයෙහි යම් යම් ගැටළු සහගත තත්වයන් ඇති අතරතුරෙහි Lumia 920 දුරකථනය අතේ ඇති මුදලට ගත හැකි හා වින්ඩෝස් 8 හි හොඳ ක‍්‍රියාකාරීත්වයකින් යුතු ඉහළ වර්ගයේ ජංගම දුරකථනයක් වෙයි.

වාසී
රාත‍්‍රියේදී රූප ගත කිරිමට හැකි වීම
විඩියෝ
වේගවත් 4G අනුකූලතාවය

අවාසී
ඔප ඇති නිසා ලිස්සා යෑමේ සුළු තත්වයක් ඇත.

ගබඩා කිරිම දක්වා ඉහළට යෑමේ හැකියාව භදනස් ඛමපස් 920 දුරකථයේ ඇති අතර දුරකථනය සතුව එතරම් පහසුකමක් නොමැති නම් microSD, කාඩයක් මගින් එය පුරවා ගත හැකි වෙයි. දුරකථන සංවාදයන් හී තත්වය ඉතා ඉහළ ඇති අතර සංගීතය සඳහා ස්පීකර්ස් ඊට වඩා හොඳ මට්ටමක වේ.

සමස්ථයක් වශයෙන් Lumia 920 දුරකථනය තරමක සම්මත තත්වයේ පවතින අතර අමතර විශේෂාංගයන් ඇති හෙයින් එය වෙළඳපලේහි ඇති ඇනරෝයිඞ් ජංගම දුරකථනයන්ට වඩා පියවරක් ඉදිරියෙන් පවතියි.

Nokia Lumia 925

දළ විශ්ලේෂණය
ඩුවෙල් කෝ.5GHz Krait CPU සම`ග 1GB රැුම් එකකින් භදනස් 925 දුරකථය සමන්විතය. තිරයේ විශේෂාංගයන් වන අ`ගල් 4.5ක AMOLED display තිරයකින් සහ 1280×768 පික්සෙල් ප‍්‍රමාණයකින් සමන්විතය. අමතර වශයෙන් මෙගා පික්සෙල් 8ක සුපැහැදිලි දසුන් ගෙනන කැමරාවක් සම`ග LED ප්ලෑෂ් ද වේ.

වාසී
සිනිඳු ලෝහමය දුරකථනයකි
අතිවිශිෂ්ඨ නිර්මාණාත්මක තත්වය
පහසුදායික පරිහරණය
විශේෂාංග බොහෝමයක් සහ ඉහළ ක‍්‍රියාකාරීත්වයක්
ඉහළ තත්වයේ තිරය

අවාසී
Lumia 925 තිරය යම් පැති වලට සුළු නිල් පැහැයක් ගනියි.

සමස්ථයක් වශයෙන් භදනස් නිර්මාණ පෙළෙහි ඇති බර අඩුම සහ මටසිලිටු බවින් ඉහළ දුරකථය වන අතර ලෝහමය නිර්මිතය නිසාම එලෙස වී ඇත. රැුහැන් නොමැතිව චාර්ජ් කිරිමට හැකි නිසාද එහි බර තවත් අඩු වී ඇත. කවුළුන් දුරකථනයෙහි යට සහ උ ඩස්ථාන ගත කර ඇති හෙයින් එය අතට නියමිත පරිදි සැකසෙයි. තවද එහි ඨඵ රේඩියෝව, 4Gඅන්තර්ජාල පහසුකම සහ කාඩයක් සවිකිරිමේ හැකියාවෙන් සන්විත වේ.

Nokia Lumia 620

දළ විශ්ලේෂණය
Nokia මගින් ඉදිරිපත් කරන ලද Lumia 620 පැරණි මොඩලයක් වුවද පවතින බොහෝ දුරකථයක්ට සාපේක්ෂව සුවිශේෂි ලක්ෂණ අතින් ඉදිරියෙන් තවම පවතින අතරම මිල ගණන් අතින්ද සුවිශේෂිභාවයක් පෙනුන්ම් කරයි.

දුරකථනයේ විශේෂාංග නම් 1GB ඩුවෙල් කෝ ීnapdragon S4 CPU සම`ග 512MB රැම් ඇත. බරින් අඩු වන අතරම අ`ගල් 3.8 පමණ ප‍්‍රමාණක දුරකථනයක් වන මෙහි තිරයේ විශේෂාංග නම් පික්සෙල් 480×800 ක් තනි කළු පැහැයෙන් යුක්ත ඛක්‍ෘ තිරයක් වේ. මෙහි ස්ථාවර මතකය 8ඨඊ වන අතර 5MP කැමරාවක් සම`ග ප්ලෑෂරයකින්ද සමන්විත වේ.

වාසී
ඇනරෝයිඞ් සහ පැරණි iPhones වඩා අතේ ඇති මුදලට ගත හැකිය.
විශේෂිත නිමාව
විකුණන මිලට වඩා වටින
ඉහළ වැඩ අධ්‍යනයක් තිබිම
සැහැල්ලූ බව

අවාසී
3Gසහිත පැරණි දුරකථනයක්
සාමාන්‍ය බැටරි ජීව කාළක් සහිත වීම

වින්ඩෝස් දුරකථයන් හි අරම්භය 2010 දීය. Nokia Lumia 620 දුරකථනය පළමු වින්ඩෝස් සහිත දුරකථය වන අතර ක‍්‍රියාකාරිත්වය සහ නිර්මාණය අතින් දුරකථනයන් සඳහා නව ක‍්‍රියාකාරීත්වයක් එක් කර ලදී. මෙහි ඇති සුවිශේෂිත්වය නම් අතේ ඇති මුදලට මිලදී ගැනීමට හැකියාව ක‍්‍රියාකාරිත්ව සහ මෝස්තරයන්ය. මටසිළුටු වර්ණවත් දුරකථනයක් ඔබට මෙම මිලට සොයා ගැනීමට අපහසු වනු ඇත. එය 4G තාක්ෂණය සඳහා ලැහැස්ති නොවුනද සැහැල්ලූ, ඇප් මෘදුකාංගයන්ගෙන් සමන්විත, හොඳ කැමරාවකින් සහ වර්ණවත් තිරයකින් සමන්විත මෙම දුරකථනයක් ඔබ අඩු මුදලට සොයනවා නම් මෙය ඉතා හොඳ දුරකථනයක වනු ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close