Other

ඔබටත් passwords අමතක වෙනවද? දැන් ඔබට ඔබේ phone number එක සමඟ OTP එකක් පමණක් භාවිතා කර ikman වෙත log විය හැක

Mobile apps හෝ desktops භාවිතා කරන අය, විවිධ online platforms වලට log වීමේදී පහසු සහ ආරක්ෂිත ක්‍රමවේදයන් තෝරා ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. එය, වේගයෙන් log වීමට ඇති හැකියාව මෙන්ම ආරක්ෂිතව අන්තර්ජාලය ඔස්සේ සැරිසැරීමට ඇති හැකියාවද සහතික කරයි.

ඒ නිසාම ikman අපි, Users ලාගේ පහසුව සඳහා  Email සහ Facebook වගේ ම , දැන් mobile number එකක් භාවිතා කර ikman වෙත login වීමේ option එකක් හඳුන්වා දී ඇත.

මේ අලුත් option එකත් සමඟ, mobile number එකක් භාවිතා කර ikmanහි ගිණුමක් විවෘත කළ හැකි නිසා ලොග් වීමට වෙනම password එකක් භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ නැත. logging mode එක ලෙස දුරකථන අංකය ලබාදීමෙන් පසු, SMS එකක් හරහා OTP අංකයක් ලැබෙන අතර එය භාවිතා කර සෘජුවම ලොග් විය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස වෙනත් ස්මාර්ට් ෆෝන් හරහා usersලාගේ ගිණුම් තොරතුරුවලට අනවසරයෙන් ඇතුළුවීමේ හැකියාව අවම වන අතර සෑම අවස්ථාවකදීම password එකක් මතක තබා ගැනීමටද  අවශ්‍ය නොවේ.

ikman වෙත ඔබගේ දුරකථන අංකය සහ OTP භාවිතයෙන් sign in වීම

Log වන අවස්ථාවේදී user විසින් සපයන ලද දුරකථන අංකය වෙනත් ikman ගිණුමකට සම්බන්ධ කර නොමැති නම්, අවශ්‍ය විස්තර ලබා දීමෙන් පසුව නව ගිණුමක් සෑදීමට ඔහුට/ඇයට හැකිවනු ඇත. දුරකථන අංකය ගිණුමකට සම්බන්ධ කර ඇත්නම්, ඔහුගේ/ඇයගේ අනන්‍යතාවය තහවුරු කරන ලෙස ඉල්ලා සිටිනු ඇත. හඳුනාගැනීම සහතික නොකළහොත් ඔවුන්ව log out කරන අතර එම තත්ත්වය විසඳීම සඳහා අපගේ support team එක සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිනු ඇත.



ඒ වගේම දැන් ‘My account’ option එක හරහා දුරකථන අංක අයින් කිරීමේ සහ අලුතින් එකතු කිරීමේ පහසුකමද ඇත. එමගින්, එකම නම්බර් එකකින් ගිණුම් කීපයක් තිබීමේ ගැටලුවද විසදා ගැනීමට හැකි වනු ඇත.

OTP කියන්නෙ මොකද්ද? OTP භාවිතා කිරීමේ වාසි

OTP හෝ One Time Password යනු ඔබට එක් වරක් පමණක් භාවිතා කළ හැකි විශේෂ මුරපදයකි. එය ඉලක්කම් 4-6 දිග වන අතර නිශ්චිත වෙලාවක් තුළ භාවිතා කළ යුතුය. 

OTP එකක් භාවිතා කර ලොග් වීමේ ප්‍රතිලාභ කිහිපයක්:

● OTP යනු මුල් user හඳුනාගැනීමේ විශේෂ ක්‍රමයකි
● සෑම විටම ලොග් වීමට password එකක් මතක තබා ගැනීමට අවශ්‍ය නොවේ
● ඔබ OTP භාවිතා කරන්නේ නම් වෙනත් කිසිවෙකුට ඔබගේ ගිණුමට ඇතුළු විය නොහැක
● OTP යනු නොමිලේ ලබා දෙන සේවාවකි, ගෙවීමක් කිරීමට අවශ්‍ය නොවේ

කෙටියෙන්

ඔබගේ පෞද්ගලික තොරතුරුවලට වෙනත් අය අනවසරයෙන් පිවිසීම ඔබ බොහෝ විට කණගාටුවට පත්වන කරුණක් විය යුතුය. දැන් ඔබට ikman හරහා ඉතාමත් ආරක්‍ෂිතව ඔබට වඩාත් පහසු e-shopping අත්දැකීමක් ලබා ගත හැක. ikman usersලට දැන් mobile phone එකක් හෝ computer එකක් භාවිතයෙන් පහසුවෙන් සහ ආරක්ෂිතව මිලදී ගැනීම් සහ විකිණීම් කටයුතු සිදුකල හැකි ය. ඔබට මේ සම්බන්ධයෙන් තවත් විස්තර දැනගන්නට ඇත්නම්, ඔබට අපගේ පාරිභෝගික සහය , [email protected]  යන email එක හරහා ලබාගත හැක. නැතහොත් අපගේ Hotline අංකය 0112 350 350 අමතන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close