විනෝදාංශ සහ ක්‍රිඩා

ඔබට වාදනය කිරිමට හැකි විවිධ වර්ගයන්ගේ ගිටාර් ගැන මාර්ගෝපදේශයක්

ලෝකයේ පවතින ජනප‍්‍රියත පුඵල් ලෙස වාදනය කිරිමේ හැකියාව ඇති සංගිත උපකරණයකි ගිටාරය. එකම අවස්ථාවක මෙමගින් වොඞ්ස් (chords),හාර්මනීස් (harmonies)  සහ තාල (melody) වැයීමට ඔබට අවස්ථාව උදාකරදෙයි. ගිටාරය අතේ ගෙන යාහැකි අතර මිල දී ගැනීමටද පහසුය සහ ලෙහෙසිය. අපි ගිටාර් පිළිබඳව අවබෝධයක් ලබා ගනිමු.

ගිටාරයන්ගේ ඉතිහාසය

ගිටාර් ආරම්භයව සිදු වුයේ කොතැනින්ද? 12 වැනි සියවසට පෙර සිටම යුරෝපය පුරාම ගිටාරය වර්ධනය වෙමින් හා වාදනය කරමින් තිබුණු අතර ඉන්පසු ඇමරිකාවේද දක්නට පු`ඵවන. මීට අවුරුදු 3300ක් පමණ පැරණි ප‍්‍රාග් හිටයිටියෙකුගේ කැටයමක ගිටාරය සමාන භාණ්ඩයක් වාදනය කිරමින් සිටිනවා දක්නය පු`ඵවන. ලෝකයේ පවතින ජනප‍්‍රියතම හා පු`ඵල් ලෙස වාදනය කිරිමේ හැකියාව ඇති සංගිත උපකරණයකි ගිටාරය. එය දෙවැනි වන්නේ පියානෝවට පමණකි.

විවිධ වර්ගයන්ගේ සංගීත ආරයන් වැයීමට කැමැති අයවලූන් ගිටාරය භාවිතා කරන අතර මෙමගින් country, rock, folk, traditional melodies, blues, සහ වෙනත් සංගීත රටාවන් වාදනය කළ හැකිය. ගිටාරය ශබ්ධයෙන් හෝ සෙමෙන් මෙන්ම මෘදු ලෙස හෝ රඵ ලෙස වාදනය කළ හැක. නවකයෙකුට පැයක් ඇතුලදී යම් ප‍්‍රමාණයක් chords ඉගෙන ගත හැකි අතර ප‍්‍රවීණයෙක් ලෙස වාදනය කිරිමට නම් ඔබ සෑම විටක අභ්‍යාසයේ යෙදිය යුතු අතර සහ ප‍්‍රවීණතාව අවශ්‍යවනවා. 

electric  සහ acoustic ලෙස මුලික වර්ගයන් දෙකකට ගිටාර් බෙදිය හැකිය. නමුදු මෙම මුලික වර්ගයන් දෙක තුලද විවිධාකාර ප‍්‍රභේදයන් ඇත. පළමුව අප acoustic (non-electric)  ගිටාරයන් පිළිබඳ සොයා බලමු. 

Acoustic ගිටාර් 

පැරණිම ගිටාරයක් ලෙස බොහෝ අය හඳුන්වන්නේ acoustic ගිටාර් වර්ගයන්ය. මෙකි ගිටාරයන් තනා ඇත්තේ කුහර සහිත ලී කඳවල් වලින් වන අතර නයිලොන් තත් හයකින් සමන්විත වේ. ඇගිලි වලින් ඇඳීමෙන් හඩ නැගෙන අතර පැතලි මහත ඉහළ කොටස නිසා වාදකයන් හට ස්වරයන් වාදනය කිරිමේ හැකියාව ලැබී ඇත. මෙය පටන් ගැන්මට වඩා පහසුම ගිටාර් වර්ගයද වන අතර ලෝකය පුරාම වැඩි වශයෙන් වාදනයේ යෙදෙන ගිටාර් වර්ගද වේ.
තවත් පැරණි වර්ගයේ ගිටාරයක් වනුයේ ෆෙලෙමින්කෝ(flamenco)ගිටාරය සම්ප‍්‍රදායික ස්පාඥය සංගිත වැයීමට භාවිතා කර තිබේ. එය ඉතා සරළ නිමාවකින් යුතු වන අතර සයිප‍්‍රස් බදකින් සහ ඉහළ ස්පුරුව සමන්විත වේ. වයලීන් මෙන් කුඤ්ඤ කරකවන සංගීත භාණ්ඩ සාම්ප‍්‍රදායිකවම යොදා ගනුයේ තත්ය හෙවත් සිහින් කම්බි වර්ගයන්ය.

තත් දොළහකින් සමන්විත ගිටාර් වැඩි වශයෙන් භාවිතා කරන්නේ ජනප‍්‍රිය සංගීත වර්ගයන් වන රොක් ඇන්ඞ් රෝල් සහ ගැමි සංගීතයන් උදේසාය. තත් හයක් ඇති ගිටාර් වලට වඩා තත් දොළහක් ඇති ගිටාර් භාවිතාවය වැඩි අතර මෙම තත් සුසර කරනුයේ ස්වර සප්තකයට අනුවය. මෙම වර්ගයේ ගිටාරයන් වාදනය කිරිම තරමක් අපහසු අතර මෙහි තත් සුසර කිරිම හැකියාව ඇති අයෙකුට පමණක් සිදු කළ හැකි වේ. තත් දොළහකින් සමන්විත මෙම ගිටාරයacoustic   හෝ electric විය හැකිය. ඉහළ කොටස පැතිලි ස්වරූපයෙන් ඇති ගිටාර් ශ‍්‍රස්තී‍්‍රය ගිටාර් කොටසය අයත් වන අතර ලෝහ තත් (කම්බි) භාවිතා කරන නමුත් එය ශ‍්‍රස්තය ගිටාර වඩා විශාල වේ.

ලෝහ තත් විසින් ශක්තිමත්, සුපැහැදිලි සහ ශබ්ධාකාර හඩක් නිපදවනු ලැබේ. මෙම ලෝහ තත් විශේෂය folk, country, bluegrass, pop, blues and jazz සංගීතයන් සඳහා යොදා ගනු ලැබේ. මෙහිදි බෙමෝ වටි වාදනය සිදු කරනුයේ පැතලි පෙත්තකින් (pick) වන අතර අගිලි වලින් හෝ අගිලි තුඩු වලින් වලින්ද වාදනය කරනු ලැබේ. 

Dobro ගිටාරය ද ඉහළ කොටස පැතැලිව ඇති ගිටාරයන්ට සමාන වනමුත් එහි කඳ ප‍්‍රදේශය ලෝහයෙන්, පිත්තල වලින් හෝ ලීයෙන් තනා තිබිය හැක. විද්‍යුතනය කිරිමකින් තොරව අනුනාද වීමට හා විශාල හඩ නැංවීමක් සිදුවන ආකාරයෙන් මෙය තනා ඇති අතර වර්ථමානයේ පවතින ශබ්දවාහිනි යන්ත‍්‍ර මගින් විශාල ශබ්දය ඇති කිරිම මගින් මෙකී ගිටාරයේ අවශතාවය සපුරාලනු ලබනවා. 

Electric  ගිටාර් 

Electric  ගිටාර් විශාල වශයෙන් භාවිතා කරනු ලබන්නේ  jazz, blues, R & B, and rock and roll යන සංගිතයන් සඳහාය. මෙම ගිටාර් සඳහා ඝණ, අර්ධ ඝණ හෝ කුහර සිහිත කඳක් තිබිය හැකිය. ඉලෙකට්‍රෝනික ශබ්ධවාහිනයක් මගින් බලගැන්විමක් සිදු නොවන විටක ඝණ කඳක් සහිත ගිටාරයන් ශබ්දය කුඩා වේ. අර්ධ කුහර සහිත electric ගිටාර් ද කුහර සහිත සහ acoustic electric  ගිටාර් වර්ගද ඇත. වෙන් වෙන් වශයෙන් මෙම ගිටාර් භාවිතා කරනුයේ යම් විශේෂ වු සංගිතයන් සඳහා ය. Electric  ගිටාරයන් රොක් සංගීතඥයින් භාවිතා කරන අතර කුහර කඳ සහිත ගිටාර් වර්ගයන් ජෑස් සංගීතඥයින් විසින් බොහෝ විට භාවිතා කරනු ලබයි. එය “unplugged” හෝ electrified ලෙසද භාවිතා කළ හැකිය.

රොක් ඇන්ඞ් රොල් සංගී කණ්ඩායම් electric   ගිටාරය සහbass ගිටාරයන් භාවිතා කරයි. තම ප‍්‍රියතම සංගීත කණ්ඩායම් වාදනය කරනුයේ electric   ගිටාර් නිසා බොහෝ තරුණ පිරිස් හට අවශ්‍ය ඇත්තේ electric  ගිටාරය වාදනය කිරිමටය. 

ගිටාරයක් තෝරා ගැනීම

සියලූම ගිටාර් electric හෝ acoustic ගිටාර් වේවා වාදනය කරන්නේ එකම අයුරිකිනි. එහි ඇල්ලීමට ඇති පුවරුව සෑම ගිටාරයකම එක හා සමාන වේ. ලෝහමය තත් වාදනය අමාරු වන අතර එහිදි ඇ`ගිලි තුඩු වලට දුෂ්කර බවක් ගෙන එයි. දිනපතා වාදනය කිරිමේදි ඇ`ගිලි තුඩු දැඩි වීමටක් සිදුවේ.

බොහෝවිට අධුනිකයින් නයිලෝන් තත් ඇති ගිටාර් තෝරා ගනුයේ එය ඇ`ගිලි තුඩු වලට හිත කර වන බැවිනි.
ඔබේ අතට සරිලන ගිටාරයක් තෝරා ගැනිමට සැළකිලිමත් වන්න. නැවතත්, ඕනෑම හැඩයක සහ ප‍්‍රමාණයක ගිටාර් පවතින අතර පරිහරනය කිරිමටද පහසුය.

ගිටාරයක් මිලදී ගැනීම

ඔබ ගිටාරයක් මිලදී ගැනීමට සිතයි නම්, ඔබේ මිතුරෙකු සතුව ඇති ගිටාරයකින් පුරුදු පුහුණු විම ඔබට විශාල ආයෝජනයක් විය හැක. නවතම හා පාවිච්චි කරන ලද ගිටාර් බොහෝ සංගීත උපකරණ වෙළඳ සැල් වල විකිණිමට තිබේ. ගිටාර් ගැන අවබෝධයක් ඇති අයෙකු සම`ග ඔබ සංගීත වෙළඳ සැළ වෙත යන්න.

මෙහිදි විශාල විලාසිතාවන්ගේ සහ විවිධ මිල පරාසයන්ගේ ගිටාර් පවතින අතර අවබෝධයක් ඇති මිතුරෙකුගේ උපදෙස් පරිදි ඔබට මිලදී ගැනීම සිදු කිරිමට හැකි නම් එය ඔබට වාසිදායක වනු ඇත. එහි පෙනුමට ඔබ කැමති බව ගැන සැළකිලිමත් වන්න සහ සැළකිය යුතු සිහිරීම්, දැඩි කොන් හෝ පලූදු නොමැති බවට පරික්ෂකාරි වන්න. එමෙන්ම එහි සෘජු ඉහළ කොටසක් සහ එය අතට පහසුක් ඇති කරන බවට සැළකිලිමත් වන්න.

සැළකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පහත පරිදි වේ.

  • යෝග්‍ය මිලක්. විකුණුම්කරුවන් විසින් ඔබට මිල අධික ගිටාර් විකිණිමට උත්සහා කරනු ඇත, නමුදු ඔබ මිල පිළිබඳව දැඩි සැළකිල්ලක සිටිමට වග බලා ගන්න. 
  • අනගි ශිල්ප කෞෂල්‍යයක්. නැවතත්, දැඩි කොන් සහ පලූදු ගැන සැළකිලිමත්වන්න. 
  • පහසු වාදන කිරිමේ හැකියාව. ර්‍ණ්ජඑසදබ” (තත් හා බෝඩය අතර ඇති දුර* ඉතා හොඳ වීම මගින් ගිටාරය වාදනය අපහසු වන අතර එය ඔබේ ඇ`ගිලි වලට වේදනාවද ගෙන එයි. 
  • ශබ්දය. ගිටාරය මානා ධ්වනියකින් හෙබි විය යුතුය. ආරක්ෂාකාරී වන්න ගිටාරයේ හඩ අමිහිරි සහ බාල වර්ගයේ නම්. 
  • වර්ගය. ඉතා ජනප‍්‍රිය මොඩලයන් හා වර්ගයන් පිළිබඳ සොයා දැන ගැනීම ඉතා පහසුය. පුංචි කාළයක විශ්ලේෂණයක් මගින් අවුරුදු ගණනක තෘප්තිකරත්වයක සංගීත භාණිඩය කෙරෙහි ඔබට ඇති කරවයි. වැඩි තෘප්තිකරත්වය විසින් ඔබව සංගීත භාණ්ඩය වෙත ඇඳ බැඳ තබනා අතර එමගින් අවුරුදු ගණනාවක්ම ඔබට වාදනය කිරිමේ සතුට භුක්ති විදිය හැකිය.

ඉතා හොඳ සංගිත භාණ්ඩයක් ගැනිම සඳහා ඔබ විසින් අධික මිලක් වැය කළ යුතු නොවේ. නයිලෝන් තත් සහිත acousticටාරය ඉගෙන ගැනීමට හොඳ පරිචියක් ලබා දෙන අතර නියමාකාරයෙන් රැුක බලා ගැනීම මගින් අවුරුදු ගණනක් පාවිච්චි කළ හැකිය. Electric ගිටාරය පෙනුමෙන් ප‍්‍රසන්න වුවත් ඉගෙන ගැනීමට තරමක් අපහසුය. ඉතිං electric ගිටාරය ඔබේ ඊළග මිලදී ගැනීම ලෙස තබා ගන්න. ඇරිකානු ඩොලස් 150 –200 අතර මිලකට ඔබට ඉගෙන ගැනීමට යෝග්‍ය ගිටාරයක් මිලදී ගැනිමට හැකියාවක් ඇත. 

ගිටාර් ඉගෙන ගැනීම

සියලූම ගිටාර් electric හෝ acoustic ගිටාර් වේවා වාදනය කරන්නේ එකම අයුරිකිනි. ඉහළ කෙලවරේ ඇති හැසිරීම් පදුධතියද එකම අකාරයක හැඩයක් ගනු ලබයි. බොහෝ විට ආධුනිකයන් මුලින්ම තෝරා ගනුයේ නයිලෝන් තත් ඇති ගිටාර්ය. මක්නිසද යත් එමගින් ඇ`ගිලි තුඩු වලට ගෙන එන වේදනාව අවම නිසාය. ගිටාර් වාදනය ඉගෙන ගැනීමට බොහෝ මාවත් ඇත. ඕනෑම නගරයකින් පෞද්ගලික ගුරුවරුන් සොයා ගත හැකිය, ගිටාර් වාදනයේ යෙදෙන ඔබගේ මිතුරෙකු ඔබට අධ්‍යාපනය ලබා දීමට බාලා සිටිනවා විය හැක. නමුදු වර්ථමාන ලෝකයෙ වෙබ් අඩවිය හරහා ඕනෑ තරම් chords ගැන අධ්‍යාපනය ලැබිය හැකි සහ ම`ගපෙන්වීම් ලබා ගත හැකි වෙබ් අඩවීන් බහුලව පවතියි.

මෙහිදි කාරණා දෙකක් ආධුනික ගිටාර් වාදකයින් මුලීකව දැන ගත යුතුව ඇත. පළමු කාරනය නම් ඉවසිලිවන්තභාවයයි. දෙක තුනක් ඉතාම පහසුවෙන් ඉගෙන ගත හැක, නමුදු නිපුණ සංගිතඥයෙක් වීම සඳහා බොහෝ කාළයක සහ කැපකිරිමක් අවශ්‍ය වන අතර ඉගෙන ගැනිමට කෙටි මාර්ගයන් නොපවතියි. දෙවැනි කාරණය නම් දිනපතා හෝ දිනයක් හැර දිනයක්වත් වාදනයේ යෙදෙන්න. මුලදී ඔබගේ ඇ`ගිලි වලට වේදනාවක් ගෙන ආවද කාළත් සම`ග ඔබට එය හුරුව යනු ඇත. ඔබ නියමාකාර ලෙද කාළය ගෙන අධ්‍යනයේ යෙදුනහොත් ගිටාර් වාදනය යනු මහත් තෘප්තිකර අත්දැකීමක් වනු ඇත.

ඔබගේ තෘප්තිය උදේසා හෝ සංගීත කණ්ඩායමකට එක්වීමේ අරමුණින් හෝ සංගීතය අනෙක් අය සම`ග බෙදා ගැනීමේ අදහසින් යන කුමන ආකාරයෙන් ඔබ ගිටාර් වාදනය පිළිබඳ නැඹුරුතාවක් දැක්වුවද ගිටාර් එය ඉතා අනර්ඝ තේරිමකි. එය මිලදී ගත හැකි මට්ටමේ පවතින අතර නිතර එහේ මෙහේ ගෙන යාමට හැකියවද ඇත. එමෙන්ම එය ඔබට මහත් වු තෘප්තියක් අවසන ගෙන එනු ලැබේ.

 

 

 

 

 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close