විනෝදාංශ සහ ක්‍රිඩා

ඔබට හරියන නිවැරදි Cricket Bat එක තෝරගන්න උපදෙස් 4ක්

ලංකාවේ බොහෝදෙනා අතර අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි cricket කියලා කියන්නේ.Cricket උණුසුම වැඩිකාලයක් මේ ගෙවීගෙන යන්නේ ඉස්සරහට ICC Cricket World Cup, එක Asian Cup බලන්න පුලුවන් වගෙම මේ දවස් වල ලංකාවේ අපිට Lanka Premier League එමෙත් නැතිනම් LPL තරඟ උණුසුම බලන්න පුලුවන් කාලයක් තමයි මේ. Cricket  කියලා කියන්නේ වයස් භේදයකින් තොරව හැමෝම වගේ ආස කරන sport එකක්.පාසල් මට්ටමේ ඉද්න බොහෝ අය cricket සෙල්ලම් කරන්න උනන්දු වෙනවා අපිට බලාගන්න පුලුවන්. 

Cricket සෙල්ලම් කරන්න අවශ්‍යම දෙයක් තමයි පිත්ත එහෙමත් නැත්නම් cricket bat එක. අපි cricket bat එකක් මිලදී ගද්දී හෝ match එකක් අතරතුර ground එකට ඔබ යනවිට එම ස්ථානයේ තියෙන ඕනම cricket bat එකක් අරගෙන ඔබ සෙල්ලම් කරන්න ගියොත් සමහර විට ඉක්මණින් දැවී යාමට පවා ලක්වෙන්න පුලුවන්.ikman blog තුළින් අපි ඔබට කියන්නේ නිවැරදිව ඔබට හරියන cricket bat එක තෝරගන්න උපදෙස් කිහිපයක් ගැනයි.

Cricket bat එක නිවැරදි ප්‍රමාණයට තේරීම

Cricket bat විවිධ ප්‍රමාණ වලින් මිලදී ගන්න පුලුවන්.ප්‍රමාණයෙන් විශාල cricket bat එකක් තමන්ට හොඳයි කියලා සාමාන්‍යයෙන් පාසල් යන වයසේ අයට හිතෙන්න පුලුවන්.ඔබ කුඩා ක්‍රීඩකයෙක් නම් විශාල cricket bat එකක් ඔබට හැසිරවීමට අපහසු වනු ඇත.Cricket bat එක ප්‍රමාණයේ ප්‍රධාන දෙය නම් ඔබේ උස සමඟ ගැලපීමයි.ඔබට ගැලපෙන ප්‍රමාණයේ cricket bat එක පහත වගුවෙන් සොයාගන්න.

Bat Size  Approx Age Height of Batsman
1 4-5 To 4’3”
2 6-7 4’3” – 4’5”
3 8 4’5” – 4’9”
4 9-11 4’9” – 4’11”
5 10-12 4’11” – 5’2”
6 11-13 5’2” – 5’6”
Harrow 12-14 5’6” – 5’9”
Full SH 15+ 5’9” – 6’2”
Full LH 15+ Over 6’2”

අපි මේ විදිහට හිතමු.ඔබේ උස 5’3 – 5’5 දක්වා පුද්ගලයෙක් 6වන ප්‍රමාණයේ cricket bat එකක් තෝරාගත යුතු අතර උස 6′ වැඩිනම් LH ප්‍රමාණයේ cricket bat එකක් මිළදී ගත යුතු වනවා.

Ball Type එක හරියට තෝරගන්න

විවිධ පන්දු වර්ග භාවිත කරමින් ක්‍රීඩා කරන්න පුලුවන්.Tennis, rubber හෝ leather ආදී විවිධ වර්ග තියෙන නිසා ඔබ භාවිත කරන පන්දු වර්ගය අනුව cricket bat එක තෝරා ගැනීම කළ යුතුය.ටෙනිස් බෝල සැහැල්ලුයි.Tennis ball සමඟ ක්‍රීඩා කරන අයට එය ඉතා සැහැල්ලු පන්දුවක් බැවින් ඔබට ඉතා බරින් වැඩි හෝ ඝන cricket bat අවශ්‍ය නොවේ.

Leather ball ඊට හාත්පසින්ම වෙනස්ය.ශක්තිමත් සහ බරින් යුක්ත cricket bat ඒ සඳහා සුදුසු වේ.පන්දුව මත එකම බලය යෙදීමට ඝන සහ ශක්තිමත් cricket bat අවශ්‍ය වේ.

ක්‍රිකට් පිත්තේ (cricket bat) බර 

දිග, පිත්තේ බරට අමතරව එය ඔබේ ක්‍රීඩාවට විශාල බලපෑමක් ඇති කළ හැකි තීරණාත්මක සාධකයකි. බරින් වැඩි cricket bat වඩා කල් පවතින ඒවා වන අතර පන්දුවට වැඩි බලපෑමක් කළ හැකිය. කෙසේවෙතත්,වැඩිවන බර සමහර ක්‍රීඩකයින්ට හැසිරවීමට අපහසු විය හැක.මෙය cricket bat එක මත ඔබේ පාලනය අඩු කළ හැකිය, නැතහොත් ඇත්ත වශයෙන්ම පන්දුවට පහර දීමට තරම් වේගයෙන් දෝලනය වීමට ඔබට නොහැකි වනු ඇත.සැහැල්ලු cricket bat හැසිරවීමට පහසුය, අඩු ශක්තියක් අවශ්‍ය වන අතර ඔබට වේගවත් පහරවල් වලට යා හැකිය.

පිතිකරණ විලාසය මත ක්‍රිකට් පිත්ත තෝර ගන්න (Bat based on batting style)

Cricket bat එකක් තෝරා ගැනීමේදී batting style එකද සැලකිල්ලට ගත යුතු කරුණකි.Drivers,Front-foot batters,Hook shots/cuts,ආදී විවිධ වු පිතිකරණ විලාසයන් ප්‍රගුණ කරන සහ ක්‍රීඩකයන් නිවැරදි  cricket bat එක තෝරා ගැනීම සිදුකළ යුතුය.තරඟයක් අතරතුර නිවැරදි ස්ථානගත කිරීම් වලට ඔබ ‌තෝරාගනු ලබන cricket bat බෙහෙවින් ඉවහල් වේ. ඒ නිසා පාසල් වයසේ සිටම ඔබ විවිධ වු පිතිකරණ ශෛලීන් අත්හදා බලමින් ඒවා ප්‍රගුණ කරමින් ඉදිරියට යනවා නම් ආනිවාර්යෙන් ඒ කරුණු ගැනත් සැලකිලිමත්ව නිවැරදි ක්‍රිකට් පිත්ත ‌මිලදී ගන්න.

මේ කරුණු ගැන සැලකිලිමත් වෙන ගමන් ඔබ ඔබට අවශ්‍ය ගුණාත්මක cricket ක්‍රීඩාවට ආදාළ අනෙකුත් උපාංග පවා තෝරා ගැනීමට/ මිලදී ගැනීමට නිසි වෙළඳපලක් සොයාගත යුතුය.Cricket පමණක් නොව සෑම ක්‍රීඩාවකටම,වින‌ෝදාංශයට හෝ විවේකී වේලාවට මානසික නිදහස වෙනුවෙන් ඔබට යමක් මිලදී ගැනීමට අවශ්‍ය නම් නොපමාව ikman වෙත පිවිසෙන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close