ඉලෙක්ට්‍රොනික්ස්

ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස ටැබ්ලට් පරිගණක තෝරාගන්නේ කෙසේද?

වේගයෙන් ඉදිරියට යමින් පවතින තාක්ෂණයත් සමග නිතර ගැටෙන්නට සිදුවන අපට ටැබ්ලට් පරිගණකයක වටිනාකම කියා නිම කර නොහැකි තරම්. අපි හැමෝටම මුහුණ දෙන්න වෙන ගැටළුවක් තමයි මේ ටැබ්ලට් පරිගණක විශේෂ අතුරින් අපට වඩාත් ගැලපෙන ටැබ්ලට් එකක් තෝරාගන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්න යන්නේ මේ ගැටළුවට පිළිතුරක්.

ටැබ්ලට් පරිගණකයක අවශ්‍යතාව වඩාත් දැනෙන්නේ නිතර ගමන් බිමන් වල යෙදෙන අයට. එයට හේතුව ලැප්ටොප් පරිගණක එහා මෙහා රැගෙන යාම තරමක් දුෂ්කර වීම. ටැබ්ලට් පරිගණක විවිධ ප්‍රමාණවලින් තෝරා ගැනීමට තිබෙනවා. ඔබට රැගෙන යාමට පහසු ටැබ්ලෙට් එකක් මේ අතුරින් තෝරාගැනීම වැදගත්.

ඔබ ටැබ්ලට් පරිගණකය භාවිතා කරන්නේ කුමන කාර්යයක් සඳහා ද?

ඔබගේ ටැබ්ලට් පරිගණකය භාවිතයෙන් ඔබ සිදු කරන කාර්යයන් අනුව ඔබට තෝරා ගැනීම සිදු කිරීම වඩාත් පහසුයි. ඔබ ටැබ්ලට් පරිගණකයක් භාවිතා කරන ශිෂ්‍යයෙක් නම්, ඔබට එය වඩාත් අවශ්‍ය වන්නේ ඔබගේ එදිනෙදා සටහන් තැබීමටත්, අවශ්‍ය විටක voice recording එකක් කිරීමටත්, Google හෝ YouTube වෙත යොමු වී ඔබගේ අධ්‍යයනයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමටත් විය හැකියි.

මෙවැනි අවස්ථාවකදී ඔබට අඩු විශේෂාංග ප්‍රමාණයක් සහිත සාමාන්‍ය ටැබ්ලට් එකක් ප්‍රමාණවත්. Huawei, Samsung, Greentel වැනි විවිධ සන්නාම වලින් ඔබට රු. 20000ක පමණ මුදලක සිට මෙවැනි ටැබ්ලට් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. මීට අමතරව ඔබට වැඩි මුදලක් වෙන් කල හැකි නම් Apple iPad, Samsung galaxy tab වැනි stylus සහ වැඩි විශේෂාංග සමගින් වෙළඳපොලට එන ටැබ්ල්ට් එකක් මිල දී ගත හැකියි.

ටැබ්ලට් පරිගණක දැන් designers අතර ඉතාම ජනප්‍රියයි. Stylus භාවිතා කර ඉතා සූක්ෂ්ම සහ සුමට ලෙස චිත්‍ර ඇඳීම, පාට කිරීම, හැඩ ගැන්වීම වැනි විවිධ කාර්යයන් ටැබ්ලට් ඔස්සේ සිදු කල හැකියි. මේ සඳහා හොඳ display එකක් සහ stylus භාවිතා කිරීමේ හැකියාවක් සහිත, වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් ටැබ්ලට් එකක් තෝරා ගත යුතුයි. වර්තමානයේ Apple iPad Pro සහ Apple iPad Air ටැබ්ලට් මේ සඳහා වඩාත් ප්‍රචලිතයි.

මීට අමතරව ඔබගේ ව්‍යාපාරික කටයුතු සහ විශේෂිත app භාවිතය සඳහා ඔබට ඒ සඳහා උචිත ටැබ්ලට් එකක් තෝරා ගැනීමට පුළුවන්.

මිලදී ගැනීමට පෙර පරීක්ෂා කල යුත්තේ මොනවාද?

ඔබ විසින් ටැබ්ලට් පරිගණකයක් මිලදී ගැනීමට ප්‍රථමයෙන් සෑම විටම එහි තත්ත්වය පරීක්ෂා කල යුතුයි. පාවිච්චි කරන ලද ටැබ්ලට් එකක් නම් එහි display එක, battery health තත්ත්වය වැනි කරුණු පිළිබඳව වඩාත් සූක්ෂ්ම ලෙස පරීක්ෂා කල යුතුයි. අලුතින් මිලදී ගන්නා ටැබ්ලට් එකක් නම් එහි වගකීම් සහතිකය හෙවත් warranty එක කොතරම් කලක් වලංගු වේද යන්න අසා දැනගන්න. Serial Number පරීක්ෂා කරන්න. ටැබ්ලට් පරිගණයකය ඔබ අතට ගෙන එය හරියාකාරව ක්‍රියා කරන්නේද යන්න පරීක්ෂා කරන්න.

ikmanහි පළ කර ඇති දන්වීම් හරහා ඔබ ටැබ්ලට් පරිගණකයක් මිලදී ගන්නේ නම්, ගෙවීම් කිරීමට පෙර ගනුදෙනුකරු හමු වී ටැබ්ලට් පරිගණකය හොඳින් පරීක්ෂා කරන්න. එයින් පසු මුදල් ගෙවීම සිදු කල හැකියි. වඩාත් විශ්වාසදායී ගනුදෙනුකරුවන් හරහා බොහෝවිට doosrstep delivery ඔස්සේ ඔබට නිවසටම මෙම ටැබ්ලට් පරිගණකය ගෙන්වා ගැනීමට පුළුවන්. ඒ පිළිබඳව ද සැලකිලිමත් වන්න.

ikman ඔස්සේ ටැබ්ලට් පරිගණකයක් සෙවීමේ වාසිය කුමක්ද? ඔබට වඩා වැඩි පරාසයක ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් මෙන්ම විවිධ මිල ගණන් ඔස්සේ විවිධ මාදිලි වල ටැබ්ලට් පරිගණක සොයා ගැනීමට පහසු වීමයි. මීට අමතරව විවිධ filters භාවිතයෙන් ඔබ ප්‍රදෙශයේ සහ ඔබට සරිලන මුදලට ටැබ්ලට් එකක් සොයා ගැනීම ඉතා පහසුයි.

ඔබට අවශ්‍ය ඕනෑම ටැබ්ලට් පරිගණකයක් මෙන්ම ඒවාට අවශ්‍ය උපාංග සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග පහසුවෙන් සොයා ගැනීමට අදම ikman වෙත පිවිසෙන්න.

FAQs:

ටැබ්ලට් පරිගණක සහ ලැප්ටොප් පරිගණක අතර වෙනස කුමක්ද?

ටැබ්ලට් පරිගණක සඳහා keyboard එකක් නොමැති අතර ප්‍රමාණයෙන් මදක් කුඩා වේ. එහා මෙහා ගෙන යාම වඩාත් පහසුයි.

ලැප්ටොප් පරිගණක වලින් කල හැකි සියලු දෑ ටැබ්ලට් පරිගණක මගින් සිදු කල හැකිද?

ඇතැම් high-end ටැබ්ලට් පරිගණක මගින් ලැප්ටොප් වලට සමාන විශේෂාංග රැසක් ලබා දෙන නමුත් සාමාන්‍ය ටැබ්ලට් පරිගණකයකින් ඒ සියල්ල කල නොහැක.

ටැබ්ලට් පරිගණකයක් මිලදී ගැනීමට අවම වශයෙන් කොතරම් මුදලක් වැය වේද?

භාවිතා කරන ලද ටැබ්ලට් පරිගණකයක් සාමාන්‍යයෙන් රු. 15000 සිට ද, අලුත් ටැබ්ලට පරිගණකයක් රු. 20000 පමණ සිට ද මිලදී ගත හැකිය.

ටැබ්ලට් පරිගණක මගින් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ සේවා ලබා ගත හැකිද?

ඇතැම් ටැබ්ලට් පරිගණක සඳහා sim පතක් ඇතුල් කල හැකි අතර එමගින් ඇමතුම් සහ කෙටි පණිවිඩ සේවා ලබා ගත හැකිය.

ටැබ්ලට් පරිගණකයක් මිලදී ගැනීමේ වාසි මොනවාද?

ටැබ්ලට් පරිගණක එහා මෙහා රැගෙන යාම සහ භාවිතය පහසු වේ.දුරකථනයට වඩා පුළුල් තිරයක් ඇති බැවින් කාර්යයන් කර ගැනීමට වඩාත් වේ. ඇතැම් ටැබ්ලට් පරිගණක භාවිතයෙන් නිර්මාණයන් සහ චිත්‍ර ඇඳීම් වැනි ක්‍රියා වඩාත් සූක්ෂ්ම ලෙස සිදු කල හැකිය.

කොළඹ ඇති පරිගණක සහ ටැබ්ලට් පරිගණකගම්පහ ඇති පරිගණක සහ ටැබ්ලට් පරිගණක
නුවර ඇති පරිගණක සහ ටැබ්ලට් පරිගණකකුරුණෑගල ඇති පරිගණක සහ ටැබ්ලට් පරිගණක
කළුතර ඇති පරිගණක සහ ටැබ්ලට් පරිගණකරත්නපුර ඇති පරිගණක සහ ටැබ්ලට් පරිගණක
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close