දේපළ

ඔබේ දේපළ විකිණිම සඳහා සුදානම් කරන්න.

ඔබේ දේපළ විකිණිම සඳහා සුදානම් කරන්න.

උදාසීනව ක‍්‍රියාකරන දේපළ වෙළඳාම් කේෂත‍්‍රයෙහි හොඳ යමක් සඳහා ’විකිණිමට ඇත’ යනුවෙන් සංකේත පුවරුවක් පමණක් යොදා හරියන්නේ නැත. බොහෝ විට සුරක්ෂිත හොඳ ගණුදෙණුවක් සඳහා දේපළ හිමිකරු විසින් අතිරේක පියවරවල් කිහිපයක් ගැනීමට අවශ්‍යවේ. නමුත් ඔබේ නිවස, ව්‍යපාරික ගොඩනැගිල්ල, හිස් ඉඩම ඔබ විකිණිමට සිතා සිටිනාවා නම් එහිදි ඔබ විසින් සිතා බැලිය යුතු කරුණු කිහිපයක් වේ.  ඒ කරුණු කිහිපය අතුරින් ඔබේ දේපළ වෙළඳපලට නිකුත් කිරිමට ප‍්‍රථම නිසියාකාරව සුදානම් කරන්නේ කෙසේද යන්න පිළීබඳ දැන ගත යුතුවේ. ගැණුම්කරුවන්ගේ සිත ඇඳ ගැන්මට හොඳ ප‍්‍රථම දැක්මක් පමණක්ම නොසෑහේයි. නමුත් එය ඔබ සිතන මිලට හා නිසි වටිනාකමකට විකිණිමට ඔබට ඇති ඉඩ ප‍්‍රස්ථාව වැඩි කරනු ලබනවා.  දේපළ වෙළඳාම්කරුවෙකුට හැකියාව තිබේනවා ඔබ ඉල්ලන මිල සම්බන්ධව උපකාර කිරිමට. නමුදු ඔබේ දේපලෙහි ආකර්ෂණය මත මිනිසුන් තව දුරටත් ඒ පිළිබඳව අධයනයක යොමු වනු ඇත.  පළමු දින 30 ඇතුලත දේපළ පිළිබඳ සැලකිල්ල යොමු වීමට ඉඩ ඇති අතර ඔබ ලැයිස්තු ගත කිරිමට පෙර සියලූ දේ පිළිවෙළකට සුදානම් කර තිබිය යුතුය.  හිතන්න ඔබ සතු දේපළ ඔබ විසින් මිලදි ගත් දිනය. එය අද පවතින වාතාවරණය පිළිබඳව ඔබට නැවත ආශාවක් ඇති වනවාද? එසේ නොමැතිනම් ඔබේ ගැණුම්කරුවන් පෙළඹවීම සඳහා සිදු කළ හැකි අදහස් කිහිපයක් මෙන්න. 

පදිංචිය සඳහා සුදුසු දේපළ

  • කිරිම ඇති වැඩ ලැයිස්තුවේන් ඔබේ නිවස පෞද්ගලිකව පෙන්නුම් කිරිම ඉවත් කර ගන්න. වෙත් විදිහකින් පවසන්නේ නම්, ඔබේ අභිරුචිය අනෙකකුය අතෘප්තියක් විය හැක. දිප්තිමත් පැහැයෙන් යුත් පාට හැමෝගෙම තේරීමක් නොවිය හැක, ඉතිං ඔබේ මු`ඵතැන්ගෙයි බිත්ති වල ඇති තද රතු පැහැති වර්ණය සාමන්‍ය පාටටක හැරවීමට ඔබට සිදුවේ. පෞද්ගලිකත්වය අවම කිරිමේ තවත් මර්ගයක් වන්නේ ඔබේ පවුලේ ඡුායාරූප ඉවත් කිරිමය. ඔබේ පවුලට එය වටිනාකමක් එක් කලද අනෙකුකට එය භාධාවක් විය හැක. ඒ ඡුායාරූප වෙනුවට මිනිසුන් සිටින දර්ශණයන් සහිත රූප සුදුස වේ. එමගින් ගැණුම්කරුවන්ට ඔබේ නිවස ඔවුන්ගේ මෙන් සිතන්න ඉඩක් ලබා දෙයි.  
  • මුඵතැන්ගේ කවුන්ටරය යනු මු`ඵතැන්ගේ උපකරණ සහ අනෙකුත් අනංමනං වැනි සියලු දෑ දැමිය හැකි ස්ථානයකි. කවුන්ටය පිරිසිදු කර අපිරිසිදු පි`ගන් කොප්ප සෝදා නිසියාකාරව තැබීමට වග බලා ගන්න. අපිළිවෙළ විසින් ඔබේ කවුන්ටරයේ ඉඩ පිළිබඳ ගැට`ඵ මතු කර දක්වයි. 
  • අහිතකර පුසුඹ ගැණුම්කරුවන් නැවත හැරවිය හැකිය. ඔබ නිවසේම ජිවත් වන හෙයින් ඔබට කිසිදු වෙනස් සුවඳක් නොදැනෙනු ඇත. ඔබ දුම්පානය කරනවා නම් හෝ සතුන් ඇති කරනවා නම් නිවසේ බිත්ති අ`ඵතින් තිත්න ගල්වා තබන්න, එයින් ගන්ධය පහකිරිමට උදව් වනු ඇත. ඔබේ කාර්පට් පිරිසිදු කර තබන්න. මේ සියල්ල ඔබට ගන්ධයෙන් පහකර නැවුම් වාතාවරණයක් සහ හොඳ පෙනුමක් ගෙන දෙයි. 
  • පිරි ඇති කාමර මගින් ගබඩා කිරිමට ඉඩක් නොමැති බව වැනි වැරදි අදහසක් මතුකරයි. වේලාව ඔබට අනවශ්‍ය දේ විකූණු දැමීම සඳහා මේ නියම වේලාවයි. 
  • නිවසේ භාහිර පෙනුම මෙන්ම ඇතුලත පෙනුමද ඉතාම වැදගත් වේ. බලන්නාගේ පළමු දැක්ම වන්නේ සීමාවේ පෙනුමයි. වල් වැදී තැන් තැන් වල දමා ඇති කුණු සහිත පෙනුමෙන් ගැණුම්කරුවන් හරවා යැවීමට සමත් වෙනු ඇත. ඔබ නිවස ඇතුලත සේම පිටතද හොඳින් රැුකබලා ගන්නා බව ඔබ විසින් මිනිසුන්ට පෙන්විය යුතුය. සරළ උපායකින්, මල් ගස් සහ පැල නිසි ගානට කප්පාදු කර තැබිමෙන් ඔබට වෙනස් පෙනුමක් ලබා ගත හැකිවේ. 

ව්‍යාපාරික දේපළ ඉවසීමේන් සහ වෙහෙස මහන්සියෙන් ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කාළයක් ගතවේ. ඔබ එයින් වින්ඳනය ලබද්දී එය විකුනන්නේ කොහේද යන්න පිළිබඳ ඔබට ගැට`ඵවක් පැන නැගිය හැක.  ඔබේ ආයෝජනයන් පාඩු නොලබා සහ ඔබේ දේපළ සඳහා ඔබ විසින් ආකර්ෂණය කර ගනු ලබන්නේ නියමකාර ගැණුම්කරුවන් බවත් ඔබ සහතික කර ගත යුතුය. 

  • ලියකියවිලි පිළිවලට ඇති බව සහතික කර ගන්න. ගොඩනැගිල්ලේහි මහල් නිවාස සහ කුළී නිවැසියන් සිටි නම් ඔවුන්ගේ ලියකියවිලි සහ පවතිව බදු මුදල් පිළිබඳ වාර්ථා පිළිවළින් තිබිය යුතුය. මීළ`ග ගැණුම්කරුට ලොකු අවුලක් හරහා තොරතුරු සොයා ගැනීමට  වඩා අමතර වාසියක් ගෙන දෙයි. 
  • ගොඩනැගිල්ල පිළිබඳ වාර්ථා වර්ථමාන දිනය දක්වා නිසියාකාරව තිබිය යුතුය. ගැනුම්කරු සඳහා ඔබේ දේපළ සුපරික්ෂාකාර්ත්ව පිළිබඳත්, විදුලි බිල්පත් හා ඊට සමාන පරික්ෂණ වර්ථමාන දිනය දක්වා තබා ගැනීමෙන් පසුව සිදුවන කරදර අවම කර ගත හැකිවේ. 
  • ලැයිස්ති ගත කිරිමට පෙර ඉහල තත්වයක තබා ගැනීම විශේෂයෙන්ම මහල් නිවාස පිළිබඳ අවධානය යොමුකරන්න. වැසිකිළි, කුඩා කාරාමයන් සහ විදුලි සැපයුම් වැනි දෑ පිළිබඳ ගැනුම්කරුවන් විශේෂ අවධානය යොමු කරනු ඇත. ඉහළ තත්වයකින් තබා ගැනීම අමතර වියදම් සහ ඔබේ ශුද්ධ ලාභය අඩු කිරිම වළකාලයි. ඉහළ තත්වයකින් තිබිම විසින් වැඩි කුළියක් ජනනය කරනු ලබන අතර අ`ඵත් ගැණුම්කරුවන් සඳහා වැඩි ආදාමයක් ලබා දීමට සමත් වේ. 
  • ඔබගේ දේපළ විකිණිමේදී කාර්ය මණ්ඩල අත්‍යාවශය කාර්‍ය භාරයක් සිදුකරයි. කුළි භාරකරුවෙක්, අයකැමියෙක්, ගිණුම්කරුවෙක්, නඩත්තු සේවා තැනැත්තෙක් හෝ මෙහෙකරුවෙක් ඔබේ දේපළ සඳහා ඇතිනම් නව ගැණුම්කරු විසින් ඔවුන්ගේ කාර්ය සාධනය මත ඔවුන් දිගටම සේවාවේ තබා ගන්නවාද නැතහොත් අ`ඵත් සේවකයන් බඳවා ගන්නාවද යන්න තිරණය කරයි. 

ඉඩම් මෙහිදි ඔබ විසින් අපිළිවෙළ, ගන්ධය, තීන්ත ගෑම හෝ කාර්පට් පිරිසිදු කිරිම වැනි දෑ ගැන කරදර විය යුතු නැත. වෙළඳපල සඳහා හිස් බිම් කැබැල්ලක් සැකසීමේදී ඔබ විසින් අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් වේ. 

  • කුණු කන්දල්, වල් පැලෑටි සමන්විත කැළැ සිහිත ඉඩම සුද්ධ කර තැබිමට වග බලා ගන්න. බිම්කඩ පිරිසිදුව තබා ගැනිමේන් තම නිවස හෝ ව්‍යාපාරික ස්ථානය සඳහා ගැණුම්කරුවන් හට සුදුස බව අගවන්න.
  • ඉඩම අපිරිසිදු නම් අවශ්‍ය බිම් කඩ පඳුරු ඉවත් කර ප‍්‍රසන්න ආකාරයට තබන්න. 

වේදිකා ගත කිරිම විකිණිමට සැලසුම් කරන ඔබගේ දේපළ සඳහා එක් අවසාන යෝජනාව නම් කලාත්මක ලෙස වේදිකා ගත කිරිම හෙවත් වෘත්තිය ලෙස විකිණිමට සුදානම් කිරිමය. ’වේදිකා ගත කිරිම’ යන ප‍්‍රවර්ගය අ`ඵත් අදහස් නොවේ, නමුදු මෙමගින් දේපළ වෙළඳාම්කරුවන් අතුරින් ඔබේ නිවස සඳහා වැඩි ඉල්ලූමක් සැදීය හැක. ඇත්ත වශයෙන්ම ඔවුන් එය නිර්දේශ කරනු ඇත. සැරසිල්ලක් ලෙස නොව නිෂ්පාදනයක් සේ ඒ පිළිබඳව සිතන්න.  වේදිකා ගත කිරිම සමානා්‍යයෙන් යොදා ගන්නේ පදිංචිය සඳහා යෝග්‍ය නිවාස සඳහාය. නමුත් එය ව්‍යාපාරික දේපළ සඳහාද භාවිතා කළ හැකිය. වේදිකා ගත කිරිම වියදම් සහිත දෙයක් විය යුතු නැත. විකුණුම්කරු වශයෙන් ඔබට කළ හැකි සමහර දේවල් තිබේ. වෘත්තිය මට්ටමේ සුදානම් කරන්න සඳහා සමහරු කැමැත්තක් දක්වයි. ඔබගේ පෞද්ගලික ධනය එහි හොඳ මාවත තෝරාගැනීම තිරණය කරනු ලැබේ.  වෘත්තිය මට්ටමේ සුදානම් කිරිම හෙවත් වේදිකා ගත කිරිමට ඔබට වැය කිරිමට හැකි මිල ඔබේ දේපළ සඳහා ඇති ඉල්ලූම් මිල උදව්වක් සපයයි. ඔබ මේ විකල්පය තෝරා ගන්නවාද. වෘත්තිය මට්ටමේ සුදානම් කරන්න විසින් නොමිලේ ඇස්තුමෙන්තුවක් ඉදිරිපත් කරනු ලැබේ. සරළව හෝ ඔප් නැගූ සැරසිලි යෙදීම යන සාධකය වටිනාකමට (මිලට* ඇතුලත් වේ. නීම තිරණය කරනු ලැබේ.  මතක තබා ගත යුතු වැදගත් හෝඩුවාවක් නම් ඔබ වෙළඳපලේදී අනෙක් දේපළ සම`ග තර`ග වඳින බවය. ඔබට හොඳ මිලක් අවශ නම්, ඔබේ සරළ හැකියාව සහ පළමු හැ`ගීම සාදන්න. විශ්වාසයක් තබාගන්න, මතයක් සහිත නරඹන්නන් පළමු තප්පර 30 තුල ඔබේ දේපළ දැකීම පිළිබඳව. ඔබට අවශ්‍ය ඔබේ දේපළ උසස්ව හා ආකර්ෂණීයත්වයට පත් කර ගැනීමටයි. ගැණුම්කරුවන්ට සුදුසු වන පරිදි වේදිකා ගත කිරිම විසින් සැපපහසුව, උනන්දුවක් සහිත බව සහ වාතාවරණය  සහිත නිමවුමක් ගෙන එ්මට උපකාරි වේ.  

නිවසක්, ව්‍යාපාරික ගොඩනැගිල්ලක් හෝ හිස් ඉඩමක් වැනි ශ‍්‍රි ලංකාව තුල  ඕනැම වර්ගයේ දේපළක් වෙළඳපළ සඳහා සුදානම් කිරිමට යම් කාළයක් සහ උනන්දුවක් අවශ්‍ය වේ. ගැණුම්කරුවන් විසින් බලන ලද දේපළ වල ඇති ධනාත්මක සහ සෘණාත්මක හැ`ගීම් මතකයේ රඳවාගෙන සිටියි. සිඳුරු සිහිත කරාමයන් හෝ අත්හරින ලද මිදුල ඔබ විසින් නැවත ගැණුම්කරුට මතක කර දිය යුතු නොවේ.  මෙමගින් ගැණුම්කරුවන්ගේ සියලූ වැඩ, අලූත්වැඩියා කිරිමට අවශ්‍ය දේ පිළිබඳවත් සහ සිදු කල යුතු අමතර වියදම් ගැනද අමතක කර දමනු ඇත. විකිණිමට ඇති දේපළ කිහිපයක් විසින් ඔවුනට මතක තබා ගැනිමට හොඳ දේවල් සපයයි. එනයින් ඔවුන් විසින් නැවත යෝජනාවක් සම`ග ඔබ වෙත එමට ඉඩ තිබිමට පු`ඵවන. 

homebuying.about.com

yahoo.com

haddenproperties.com

Apartments for sale in ColomboApartments for sale in Matara
Apartments for sale in GampahaApartments for sale in Kandy
Apartments for sale in GalleApartments for sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close