ඉලෙක්ට්‍රොනික්ස්

කැමරාවක් සමග ඔබට ඇරම්භ කල හැකි ව්‍යාපාර

මිනිසුන්ගේ පරිකල්පනයෙන් ඔවුන්ගේ ආදායම සීමා කර ඇති බව බොහෝ මිනිසුන් අවබෝධ කර ගනු නොලැබේ. ශක්‍යතාවන් සීමා විරහිතය, පිටත ව්‍යාපාර අවස්ථාවයන් බොහොමක් සොයා ගැනිමට තිබේන අතර ඉන් එකක් වනුයේ කැමරාවක් සම`ග ආරම්භ කිරිමයි. කැමරාව මගින් ඔබට පුළුල් පරාසය විහිදුණු ව්‍යාපාරික අවස්ථාවන් සඳහා වු ප‍්‍රවේශ මාර්ගයන් සකසා දෙන අතර ඔබ ජිවත් වන සමාජයටද යම් සේවයක් කිරිමේ අවස්ථාවක් මෙමගින් උදා වේ. තවද කැමරාවක් මගින් ඔබට වෙබ් අඩවිය මගින් ව්‍යාපාරයක් ඇරඹිමට ඉඩකඩ සලසන අතර එමගින් ඔබේ ප‍්‍රාදේශියව සිටින පාරිභෝගිකයන්ට වඩා වැඩි ප‍්‍රමාණයක් ලබා ගැනීමට උපකාර වෙයි. කැමරාවක් මගින් පමණක් ආරම්භ කළ හැකි ව්‍යාපාර කිහිපයක් පහත දැක්වේ.

1. කැමරා විමර්ෂණ බ්ලොග් අඩවි
ත්‍බාහෝ අධුනික කැමර ශිල්පින් තමන්ගේ පවතින කැමරාව උසස් තත්වයකට පත් කර ගැනීමට උවමනාවක් තිබුණද එය සිදු කර ගන්නේ කෙසේදැයි ඔවුන් නොදනියි. කැමරාවන් පිළිබඳ ගුණදොස් විමසීමේ බ්ලොග් අඩවියක් ආරම්භ කිරිම මගින් ඔවුන් සතුව ඇති මාදිලියේ වු සුවිශේෂි ලක්ෂණයන් සහ ඒ හා ගැලපෙන කාච වර්ග මොනවාදැයි කියා තොරතුරු ලබා දිය හැකිය. ආයතනයන් විසින් අළුත් කැමරාවන් හඳුන්වාදීම පිළිබඳ අවධානයෙන් සිටිමෙන් ඔබට ඡුායාරූපකරණ ලෝකයේ සිදුවන නවතම සංවර්ධණයන් පිළිබඳ හිමිපෙත්තෙහිම ඔබට රැුඳිසිටිය හැකිය. මෙලෙස දැණුමෙන් පොහොසත්ව සිටියදී ඔබට එම වටිනාකමකින් යුතු සම්පත් මිලක් ගෙවිමට කැමති ඡුායාරූප ශිල්පීන් අතර බෙදා දිය හැකිය. එය අලෙවි ප‍්‍රවර්ධක ක‍්‍රමවේදයක් මගින් හෝ විද්්‍යුත් පොතක් ආකාරයෙන්ද සිදු කළ හැකිය.

2. මංගල ඡුායාරූපකරණය
මසකට සිදුවන මංගල්‍යන් ප‍්‍රමාණන් අනුව මංගලඡුායාරූපකරණ සේවාව මගින් ඔබේ ආදායම වැඩි කරගැනිමටද හැකිවනු ඇත. පළමුව ඔබ පාරිභෝගිකයන් කිහිප දෙනෙකු සොයා ඔවුන්ගෙන් හොඳ විමංසනයක් ලබා ගත් විට ඔබට විශාල මට්ටමේ මංගල ඡුායාරූපකරණයන් වෙත යොමු විය හැකිය. ඔබ වෙනුවෙන් හොඳ කිර්තියක් ගොඩ නගා ගන්න සහ ඒ සඳහා ඔබට දක්ෂතාවය ඇති බව ලොවට පෙන්වන්න. විකිණිමට ඇති කැමරාවන් පිළිබඳ අවධානයෙන් සිටින්න. එහෙත් එම ෘීඛඍ කැමරාව මංගල ඡුායාරූපකරණය සඳහා සෑහේන එකක් නොවේ නම් හොඳම ක‍්‍රමය වනුයේ විවිධ කාච සම`ග එක් කැමරාවක් තබා ගැනිමය, එමගින් ඔබට මොනයම් වු නිමේෂයක් ඔබට නිසි පරිදි ඡුායාරූප ගත කර ගත හැකිය.

අවවාදයයි, කෙසේවෙතත් ඔබ මංගල ඡුායාරූපකරණයන් දෙසට නැඹුරු වීමට ප‍්‍රථම ඒ සඳහා ඔබට හැකියාව ඇති බව තේරුම් ගන්න. මක්නිසාද එම දිනය ඉතා සුවිශේෂි දිනයකි, ඡුායාරූපයන් අවුල් තත්වයකට පත් වුවහොත් එමගින් ඡුායාරූප ශිල්පියෙකු වශයෙන් ඔබේ කිර්ති නාමයට කැළලක් ඇති වේ. මෙහි මිල ඉතා ඉහළ වන අතර එමනිසාම මිනිසුන් උසස් තත්වයක් එමගින් බලාපොරොත්තු වේ.

3. භූ දර්ශණ ඡුායාරූපකරණය
භූ දර්ශණ ඡුායාරූපකරණය මංගල ඡුායාරුපකරණයට වඩා බෙහෙවින් ලෙහෙසි වේ. ඔබ සෑහිමකට් පත් විය හැකි තරමේ ඡුායාරූප ශිල්පියෙකු නම් ඔබට වෙබ් අඩවිය හරහා හොඳ කිර්ති නාමයක් ලබා ගත හැකි අතර අන්තර් ජාලය හරහා ඡුායාරූප විකිණිම මගින් යම් මුදලක්ද උපයා ගත හැකි වේ. මංගල ඡුායාරූපකරණයට වඩා අඩු පීඩනයකින් වැඩ කළ හැකි මෙම අංශය, ඔබේ හැකියාවන් වැඞ් දියුණු කර ගැනිමට සහ විවිධ විලාසිතාවන් අත්හදා බැලීමට අවශ්‍ය කාළයක් ලබා දෙයි. හොඳ සංයුක්ත කැමරාවක් සොය ගැනීම ඔබට මේ සඳහා උදව් වන අතර අනවශ්‍ය සියලූම උපාංග ඔසවාගෙන යාමට වඩා යම් කුඩා ප‍්‍රමාණික උපකරණයක් තිබිම වඩා පහසු වේ. එමනිසා කාර්යය සිදු කිරිමට වඩා සුදුසු නියම සංයුක්ත කැමරාවක් අවශ්‍ය අංශ සම`ග සොයා ගන්න.

කැමරාවක් මිලදී ගැනීම
ඔබේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය කරන කැමරාවක් මිලදී ගැනීම සඳහා විවිධ මාර්ග තිබේ. ඔබ ඡුායාරූපකරණය පිළිබඳ නිපුණයෙක් නොවේ නම් හොඳම ක‍්‍රියාව පංති වලට සහාභාගි විමය. බොහෝ පාසල් වලදී ඔබට ඡුායාරූපකරණ පංති සොයා ගැනීමට පිළිවන් වන අතරම සමාජ ශාලාවන් වලදීද ඔබට එවන් පංති සොයා ගැනීමට පුළුවන. ඔබ ජිවත්වන පරිසරයේ එවැනි ස්ථානයක් සොයා ගැනීම අපහසු නම් අන්තරි ජාලය මගින් ඔබේ ඡුායාරූප විචාරකයන් වෙත ඉදිරිපත් කරන්න. ඔවුන් විසින් දෙන ලද ගුණදොස් මගින් ඔබේ කාර්යය වැඩි දියුණු කර ගැනිමට උත්සහා කරන්න. මේ සියල්ලට පසු ඔබේ කියා කැමරාවක් නොමැති නම් කැමරාවක් මිලදී ගැනීම පිළිබඳ උනන්දු වන්න.

DSLR සහ ක්ෂණික යොමුවකින් ඡුායාරූපය ගැනිමේ කැමරාවන්
ඔබ මිලදී ගැනිමට යාමේදී වර්ග දෙකක කැමරාවන් තෝරා ගැනිම සඳහා වේ. එනම් DSLR සහ ක්ෂණික යොමුවකින් ඡුායාරූපය ගැනිමේ කැමරාවන්ය. ක්ෂණික යොමුවකින් ඡුායාරූපය ගැනිමේ කැමරාවන් බොෝ සුලබ සහ මිල අඩු කැමරාවන් වේ. එම කැමරා භාවිතා කිරිම සඳහා ඡුායාරූපකරණය පිළිබඳ එතරම් දැණුමක් අවශ්‍ය නොවන අතර කැමරා තාක්ෂණය පිළිබඳ දැණුමක්ද අත්‍යාවශ්‍ය නොවේ. කැමරාව විසින්ම වස්තුව නාභිගත කර ගනිමින් ඡුායාරූපය ගන්නා අතර එය නවකයන් සඳහා වඩා යෝග්‍ය වේ. කෙසේවෙතත් DSLR කැමරාවන්ට ක්ෂණික යොමුවකින් ඡුායාරූපය ගැනිමේ කැමරාවන්ට වඩා හොඳ තත්වයේ ඡුායාරූප ලබා දිය හැකිය. නමුදු එහි අනික් පැත්ත නම් මිලය. DSLR කැමරාවක බඳ පමණක් ඇ. ඩො. 1000 ක් පමණ වන අතර ඒ සඳහා විවිධ වු කාචයන්ද මිලදී ගැනිමට සිදු වේ.
කාචයන්ද ඊට මදක් අඩු මුදලකට ගත හැකි වන අතර සොයා ගැනිමට ස්ථාන පහත පරිදි වේ.

අන්තර් ජාලය මගින්
ඡුායාරූප ශිල්පීන්ගේ වෙබ් අඩවි රාශියක් ඇති අතර එමගින් ඔවුන්ගේ පාවිච්චි කරන ලද කාචයන් වටිටම් මිලකට විකිණිම සඳහා ඔවුන් සුදානම්ව සිටියි. තවද ෂනප්බගකන වැනි ලූහුඩු දැන්වීම් වෙබ් අඩවි මගින්ද ඔබට මෙම කාචයන් සොයා ගැනිමට හැති අතර මෙමගින් ඔබට අමතර කාචයන් වැඩි අඩු මිලකට මිලදී ගැනිමට හැකියාව තිබේ. ඔබේ කාළය ගෙන අඩු මුදට ඇති කාචයන් සෙවිම අරඹන්න.

වෙළඳපලෙන්
ඔබට අන්තර් ජාලය මගින් සොයා ගැනිමට නොහැකි වුවහොත් ප‍්‍රමුඛ ඉලෙක්ට්‍රොනික් වෙළඳ සැල් කරා යාමද හොඳ කාචයන් සොයා ගැනිමේ තවත් පියවරක් වේ. කාචයේ අළුත් හෝ පැරණි භාවය සහ නියම තත්වය වෙබ් අඩවිය මගින් සොයා ගැනීම අමාරු කාර්යයක් වේ. ඔබේ එසේ සොයා ගත්තේ නම් එහි සම්පුර්ණ මිල සහ අමතර වශයෙන් නැව් ගාස්තුද ගෙවීමට ඔබට සිදු වේ. වෙළඳ සැල් මගින් එම අද්විතිය කාචයන් මිලදී ගැනීම පිළිබඳව සැළකිල්ලක් දක්වන්න.
ඔබ මිලදී ගැනීමට පෙර, ඔබේ කාළය මදක් වැය කර ඔබේ කාර්යය සඳහා කුමන කැමරාවන්ද වඩා යෝගය යන්න පිළිබඳ උපදෙස් ගැනීම පිණිස විමර්ෂණයන් කියවන්න. ඔබ DSLR කැමරාවක් මිලදී ගනී නම් විවිධ වර්ගයේ කාචයන් මිලදී ගැනිමටද සිතන්න. නිදසුනක් ලෙස මුර්ති ඡුායාරූපකරණයෙදී මෙන් නොව ඔබ භූ දර්ශණ ඡුායාරූප කරණයේ යෙදෙන විට අතිශ්‍ය වෙනස් කාචයන් භාවිතා කරයි. ඔබේ මුදල් ඉතිරි කර ගැනීමටත් ඡුායාරූපකරණ ව්‍යාපාරය ආරම්භ කිරිමටත් ඔබේ සමාරම්භක වියදම අවමව තබා ගන්න.

නිර්ණය
කැමරාවක් සම`ග ඔබට ආරම්භ කළ හැකි බහුවිද ව්‍යාපාරයන් පවතින අතර නියමාකාර ලෙස අවස්ථාව දිනා ගැනීමට ඔබට උදව් කරයි. ඔබේ මුදල් සහ වියදමට සරිලන නියම තේරීම තෝරා ගැනීමට වගබලා ගන්නා අතරම කැමරාව හොඳින් රැුකගන්න, එනයින් එය ඔබට අවරුදු ගණනක්ම සේවය කරනු ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close