දේපළ

ගෘහ අලංකරණ නිර්මාණවේදය – ප‍්‍රියජනක නිවසක් සකසා ගන්නේ කෙසේද

ඔබ දැනට ශ‍්‍රි ලංකාවේ වාසය කරන හෝ නැතහොත් ශ‍්‍රි ලංකාව තුල පදිංචි විමට තිරණය කර ඇත්නම් ප‍්‍රිය ජනක නිවසක් සකසා ගන්නේ කෙසේද යන්න ගෘහ අලංකරණ නිර්මාණ ශිල්ප හෝඩුවාවන්, උපක‍්‍රම සහ තාක්ෂණික ක‍්‍රවේදයන් මගින් ඔබේ මනසේ ඇති ඕනෑම වාතාවරණයක් සකසා ගැනිමට පුළුවන. ඔබ ශ‍්‍රි ලංකාව තුල ඔබගේම දේපලක් සඳහා ආයෝජනය කර හෝ නිවසක් කුළියට ගෙන ඇත්නම්, නිවහන ප‍්‍රියජනක තැනක් සේ ඔබට දැනෙන ආකාරයෙන් සහ ඕනෑම වේලාවක මනහර ආකාරයෙන් පැවැත්මක් තබා ගැනිමට උත්සුකවන්න.

නිවාස විලාසිතාවන් පිළිබඳ විමර්ශණය කරන්න
ඔබ දැනට ජිවත් වන නිවස මෙන්ම ශ‍්‍රි ලංකාව තුල ඇති විවිධ වර්ගයේ නිවාසයන් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. විවිධ වර්ගයන්ගේ නිවාස විලාසිතාවන් සහ සැකසීමේ සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන් සහ ගෘහ භාණ්ඩ පිළිබඳ ගැඹුරු දැණුමැතිභාවයකින් යුක්තව සිටිමෙන් ඔබේ තැනට ගැලපෙන නිවැරදි ගෘහ භාණ්ඩ සහ සැරසිමේ ක‍්‍රමයන් පිළිබඳ අදහසක් ගැනිමට උපකාරී වේ.

නිවැරදි ගෘහ භාණ්ඩ තෝරා ගන්න
නිවැරදි නිදන කාමර ගෘහ භාණ්ඩ, අලංකාර ක‍්‍රමයන් සහ කෑම කාමර කට්ටල පිළිබඳව ඔබ සිතේහි විශේෂ විලාසිතා අදහසක් ඇති නම් තේරීම අභියෝගාත්මක ක‍්‍රියාවලියක් විය හැකිය, විශේෂයෙන්ම ඔබ පැරණි භාණ්ඩ සඳහා හෝ විශේෂ වර්ගයක ලී සඳහා ඔබ කැමති වි ඇති විටක. ශ‍්‍රි ලංකාව තුලදී ගෘහ භාණ්ඩ ප‍්‍රදේශිය විකුණුම්කරුවන් මගින් සොයා ගැනිම එතරම් අපහසු නොවුවද ඔබගේ අවශ්‍යතාවය අනුව සොයා ගැනීම් සීමාසිහිත විය හැකිය. ඔබෙ නිවසට ගැලපෙන ගෘහ භාණ්ඩ මිලදී ගැනීම දැන් ඔබ නිවසේ සිටම හෝ ඔබ සිටින ඕනෑම තැනක සිට අන්තර්ජාලය හරහාද සිදු කළ හැකිය.

අන්තර්ජාලය මගින් ගෘහ භාණ්ඩ මිලදී ගැනීමේදී නමගිය ආයතන මගින් විමර්ශණය කර සොයා බලා ආරක්ෂාකාරි වෙබ් අඩවි වලින් පමණක් මිලදී ගැනිම සිදු කළ යුතුය. ඔබ සතුව ඇති ගෘහ භාණ්ඩ ශ‍්‍රි ලංකාවට එවිමේදී ඒ සඳහා අධික මිලක් වැයවන අතර ඔබේ සිතැ`ගි පරිදි තෝරා ගත් ආයතනය ඒසඳහා පදනම් වන අතර මිලදී ගැනීමට පෙර ඔබ විසින් වෙළඳපල නිරික්ෂණය කළ යුත්තේ මේ සඳහා වේ.

අළුතින් තීන්ත ආලේප කර නව මුහුණුවරක් දෙන්න
ඔබ ජිවත්වන දේපළ හෝ නිවස අලූත්වැඩියා කිරිම මගින් ජිවිතයට වෙනස් වාතාවරණයක් සැකසිමේ මාර්ගයක් උදාවේ. එමගින් ඔබේ නිවස මනහරක් තැනක් බවට ක්ෂණයෙන් පත් කර ගැනිමේ හැකියාවද පවතියි. මුළු නිවසටම අලූතින් තීන්ත ආලේප කිරිම මගින් ඔබේ නිවහනට වෙනස්ම පෙනුමක් ගෙන ඒමේ හැකියාව පවතියි. ලා පැහැති වර්ණ, මධ්‍යස්ථ දුඹුරු වර්ණයන්, බේජ් වර්ණය සහ සුදු පාටට හුරු වර්ණයන් භාවිතාවෙන් නිවස තුල වැඩි ඉඩකඩත් දැක්විය හැකි වේ.
වෙත් කාමරයන් සඳහා පැහැපත් වර්ණයන් භාවිතා කිරිම මගින් ඔබේ නිවසේ ප‍්‍රියතාවය වර්ධනය කර ගැනිමේ තවත් මාර්ගයක් වේ.

උදාසීන ලේ පැහැති තැඹිලි පාට, මුහුදු වර්ණයෙන් යුත් නිල් පාට හෝ කහ පැහැය වැනි පැහැපත් වර්ණයන් ලා පැහැති බිත්ති සම`ග උද්දීපනය වන සේ මිශ‍්‍රණය කිරිම මගින් ඔබේ නිවස ප‍්‍රිය උපද්දවන සහ හිතකර වාතාවරණයක් සකසන්නට සමත් වේ. වර්ණ ගැන්වීම මගින් ඔබේ නිවස සුවදායි නවාතැනක් බවට පත් කර ගැනිමේ ක‍්‍රමවේයක් වන අතර ඔබගේ පෞරෂත්වය මතු කර දැක්විමටද උපකාරි වෙනු ඇත.

පැරණි ගෘහ භාණ්ඩ සහ වෙනත් අලංකාරයන් සඳහා වෙළඳපල සැරි සරා බලන්න
ඔබගේ විදිහට සහ ප‍්‍රිය උපදවන ආකාරයට ඔබේ නිවහන සකසා ගැනිම සඳහා ඔබ විසින් පැරණි ගෘහ භාණ්ඩ සහ අනෙකුත් අලංකාරික උපාංග ඇති වෙළඳ සැල් වෙත යෑම පිළීබඳව අවධානය යොමු කරන්න. පැරණි ගෘහ භාණ්ඩ සඳහා වෙළඳ සැල් වෙත යෑම මගින් ඔබට අළුත් ලාම්පු, අඳුම් ආයිත්ම් හෝ කාමරයක කොණක තබා අලංකාරණය කළ හැකි පැළෑටිද සොයා ගැනිමේ හැකියාව ඇත. ඔබ කැමති ඕනෑම පැරණි වර්ගයේ හෝ නිවීන මාදිලියේ ගෘහ භාණ්ඩ ඕනෑතරම් පැරණි භාණ්ඩ විකිණිමට ඇති වෙළඳ සැල් සොයා ගැනිමට හැකි අතර අන්තර් ජාලය මගින්ද ඔබට ඒ පහසුකම පවතියි.

ස්වභාවික ආලෝකය හැකි තරම් ඔබේ කාමර සඳහා ඇතුල්වීමට ඉඩ තබන්න
සමස්ථයක් වශයෙන් නිවසේ ප‍්‍රියතාව වර්ධනය කර ගැනිමේ තවත් එක් ආකාරයක් නම් හැකි සෑම ආකාරයෙන්ම නිවස තුලට ස්වභාවික ආලෝකය ඇතුලත් විමට ඉඩ සැළසීමයි. ඔබ සතුව විශාල ජනේල පවති නම් හෝ සැම විටකම ජනේලයන් කවරයන්ගේ වසා ඇත්නම් එවා ඇර ආලෝකයට ඇතුලට ඒමට ඉඩ සලස්වන්න, එමගින් ඔබේ නිවසේ ඔබට දැක්වෙනවාට වඩා වැඩි ඉඩ කඩක් එමගින් ඩස්මතු කර පෙන්වනු ඇත.

ඉහළ මහළයේ ඇති කාමර සඳහා හිරු එළිය ලබා ගැනිම ගැන ඔබ සතුව අමතර මුදල් ඇති නම් සැළකිලිමත් වීම යෝග්‍ය වේ. ස්වභාවික ආලෝකය ලබා ගැනිමට නියම ආකාරය අහසින් එන ආලෝකය ලබා ගැනිමයි, රාත‍්‍රි කාළයට එම ආලෝකය අඩු කළ හැකි වන පරිදි සකසා ගැනිමෙන් ඔබේ නිවසට මනා දිප්තියක් එමගින් ඇති කරනු ලබයි.

පරිසර හිතකාමි උපකරණයන් සඳහා ආයෝජනය කරන්න
ඔබ විසින් පරිසර හිතකාමි උපකරණයන් සඳහා ආයෝජනය කිරිම මගින් ඔබේ නිවසේ ප‍්‍රියතාවය වැඩි කර ගන්නාවා පමණක් නොව එමගින් ඔබ විසින් බල ශක්තියද ඉතිර කර ගැනිමට සමත් වේ. එමගින් ඔබ නිවසේ විදුලිය සහ ගෑස් මිල අඩුකර ගැනිමට හැකි වනු ඇත. පරිසර හිතකාමි උපකරණ මුළුතැන්ගේ ශිතකරණ සහ උඳුන් වල සිට පි`ගන් සේදීමේ වේලීමේ යන්ත‍්‍ර යන පරාසයකින් සමන්විත වේ.

පරිසර හිතකාමී උපකරණයන් මගින් අවම ජලය ප‍්‍රමාණක් හා බල ශකත්ති ප‍්‍රමාණයකින් අවශ්‍ය මුලීක ගේ දොර වැඩකටයුතු සිදු කළ හැකිය. ඔබගේ දේපළයන් හී පරිසර හිතකාමි උපකරණයන් තබා ගැනිමේන් එම දේපළ විකිණිමේදි ලැයිස්තු ගත කිරිමේදී ඒ සඳහා ඇගයුමක් ලැබේන අතරම විශේෂයෙන්ම කොළ පැහැති පරිසර නැඹුරුතිවයක් ඇති නිසාවෙන් පරිසර හිතකාමිත්වයට වැඩි ස්ථානයක් හා වටිනාකමක් හිමි වෙයි.

නිතර පිරිසිදු කිරිම් සිදු කරන්න
ඔබ බංගලාවක හෝ මහල් නිවාසයක් කුළියට ගෙන සිිටියි නම් දිනපතා එය පිරිසිදු කිරිමෙන් ඔබට ප‍්‍රිය උපදවන ස්ථානයක් බවට නිවස පත් කර ගත හැකිවේ. අතු ගෑම්, පිස දැමීම් සහ රෙදි සේදීම් පිළිවෙලකට සිදු කිරිම මගින් ඔබට පිරිසිදු කිරිම පහසු කර ගැනිමේ හැකියාව පවතිනවා. නිතර පිරිසිදු කිරිම මගින් උත්සව අවස්ථාවකදී හෝ විශේෂ අවස්ථාවන් හිදී බැරැුරුම් ලෙස පිරිසිදු කිරිම අවශ්‍ය නොවන අතර එමගින් ඔබේ කාළයද බොහෝ සෙයින් ඉතිරි වනු ඇත.

බිත්ති සැරසිලි එකතු කරන්න
නිවසේ හෝ ඔබ සතුව ඇති වෙළඳ දේපළයන් හි වාතාවරණය හෝ වටපිටාව බිත්ති සැරසිලි එකතු කර ගැනිමෙන් සම්පුර්ණයෙන්ම වෙනස් කිරිමට හැකියාව ඇත. අත්කම් බිත්ති ඔරලෝසු සහ රාක්ක වල සිට සිතුවම් දක්වාද ඕනැම විලාසිතාවකට හෝ තේමාවකට අදාල මුද්‍රිත හෝ කලා කෘතින්ද බිත්ති සැරසිලි ලෙස ඔබට අවශ්‍ය ඕනෑම කාමරයකට හෝ ස්ථානයකට යොදා ගැනිමේ හැකියාව පවතිනවා. තවද ඒ සඳහා ඔබට ඔබගේම කාලා කෘතීන් හෝ ඔබ දැන හඳුනන අයෙකුගේ ඒවා එකතු කිරිමට හැකි අතර එමෙන්ම බිත්ති සැරසිලි සේ ඔබගේ යතුරු සහ බිල්පත් රැුදවුමක්ද යොදා ගැනිමට පිළිවන. නියම වශයෙන් ඔබේ නිවස ප‍්‍රියජනක සහ සතුට රැුඳි ස්ථානයක් ලෙස නිර්මාණය කිරිම ඔබේ විලාසිතාවට, සහජ දක්ෂතායට සහ ඔබගේ පෞරෂත්වයට අනුකුලව සිදු කල විටකදී එමගින් ඔබේ වින්දනය විදහාපානු ලබයි.

නිදන කාමර ගෘහ උපකරණ, පැරණි ගෘහ භාණ්ඩ සහ ගෘහ උපකරණ යොදා ගනිමින් අභ්‍යන්තර නිර්මාණ ශිල්පය මගින් ඔබගේ නිවස ප‍්‍රියජනක ස්ථානයක් සේ සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳ අදහස මගින් ඔබේ කාළය මෙන්ම මුදල් ද ඉතිරි කර ගනිමින් ඔබේ සිහිනමය නිවස යථාර්තයක් බවට පත් කර ගැනිමේ හැකියාව පවතිනවා. ඔබේ නිවස ප‍්‍රියජනක සහ මනෝහර ස්ථානයක් මෙන්ම ඔබේ දේපළ සිත් ගන්නා ස්ථානයක් බවට පත් කර ගැනිමෙන් යම් දිනක ඔබ විසින් ඔබේ දේපළ හෝ නිවස නිකිණිමට අදහස් කරයි නම් එමගින් ඒ සඳහා වැඩි වටිනාකමක්ද එක් කරනු ලැබෙයි.

Houses for sale in ColomboHouses for sale in Matara
Houses for sale in GampahaHouses for sale in Kandy
Houses for sale in GalleHouses for sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close