ඉලෙක්ට්‍රොනික්ස්

ජංගම දුරකථන විමර්ෂණය – බ්ලැක්බෙරි පාස්පොර්ට්

බ්ලැක්බෙරි පාස්පොර්ට් යනු බ්ලැක්බෙරි ආයතනය මගින් වර්ධනය කරනු ලැබු ස්මාර්ජංගම දුරකථනයයි. ඉලෙක්ට්‍රෝනික කර්මාන්තයේදී මෙය ප්හැබ්ලට් (phablet) ලෙස හඳුන්වනු ලබනුයේ ටැබ්ලට් එකක සහ ස්මාර්ට් ජංගම දුරකථනයක ඇති ලක්ෂණයන්ගේ සුවිශේෂි බැඳිම නිසාමය. පාස්පොර්ට් දුරකථනය එහි අත්‍යන්ත සහ ක්ෂණිකව හඳුනාගැනිමේ හැකියාව එනම් එහි වු සුවිශේෂි අ`ගල් 4.5 හතරැුස් හැඩය නිසාමය. අනෙකුත් බ්ලැක්බෙරි මාදිලියන් සම`ග සසදා බැලීමේදී මෙහි ඇති සුවිශේෂිත්වය නම් ටච් පැඩයත් සම`ගම එකට වැඩ කළ හැකි භෞතික යතුරු පුවරුවක් තිබිමය.

පාස්පොර්ට් දුරකථනය හැඩයෙන් හතරැුස් වන නිසා කිසිදු අපහසුවකින් තොරව දිර්ඝ කාළයක් එක දිගට ටයිප් කිරිමේ ක‍්‍රියාවලියේ නිරත විය හැකිය. තවද එහි බර අවුන්ස 6.9 විමද එක් හේතුවක් වේ. මුළු දිනය පුරාම එහෙ මෙහෙ ගෙනයාමේදී ඔබ විසින් සැහැල්ලූ දුරකථනයක් ගැන සිතයි නම් මෙය කදිමට ගැලපෙන විකල්පයක් වේ. එය බරින් සැහැල්ලූ වවුද හොඳ නිමාවකින් සහ ශක්තිමත් කමින් යුතු නිමාවක් තිබේන අතර වැටිමකදී කැඩි යාම පවා ම`ගහැර ඇත. BlackBerry Storm, BlackBerry Curve හෝ BlackBerry Pearl වැනි බ්ලැක්බෙරි ජංගම දුරකථනයක් යම් අවස්ථාවක ඔබ සතුව තිබෙන්නට ඇත. මෙම කලින් මාදිලියන්ගෙන එකක් හෝ ඔබ විසින් අත්විඳ ඇත්නම් ඔබ විසින් අනිවාර්යෙන්ම පාස්පොර්ට් මාදිලය උත්සහා කර බැලිය යුතු වේ. ඔබ එයට බොහෝ ඇලූම් කරාවි.

මෙහි තිරයේ 1,440 x 1,440 පික්සෙල් රෙසලූෂණයක් තිබේන අතර මෙහි අ`ගලක් පික්සෙල් ඝණත්වය පික්සෙල් 453කි. ස්මාර්ට්ජංගම දුරකථන පිළිබඳ සොයා බැලීමේදී මෙහි තිරය ඉතා අනර්ඝය. කෙසේ වෙතත් මෙහි පවතින ලක්ෂණයන්ගෙන් මිනිසුන්ගේ වඩා සිත් ඇඳ ගැනීමට යොමු වන්නේ මෙහි ඇති පුළුල් තිරයයි. මෙම හේතුවෙන් වැඩි ප‍්‍රමාණයක් පෙන්නුම් කිරිමේ හැකියාව පවතිනි අතර තනි පේලියක අකුරු 60 පමණ දැක්විමේ හැකියාව ඇත. ඔබ අන්තර් ජාලයේ වැඩි වේලාවක් ගදී සිටින කෙනෙකු නම් පාස්පොර්ට් මාදිලිය ඔබට කදිමට ගැලපෙන්නෙකි. බොහෝ ස්මාර්ට් ජංගම දුරකථනයන්ට වඩා විශාලත්වයකින් යුත් තිරයක් ඇති නිසාවෙන් විවිධ වර්ගයන්ගේ වෙබ් අඩවීන් ඉතා පහසුවෙන් කියවීමට හා දැක බලා ගැනිමේ හැකියාන මෙමගින් තිබේ. ඔබේ ඇසට විඩා ගෙන දෙමින් කුඩා අකුරු කියවිම තවදුරටත් ඔබට කරදරයක් නොවනු ඇත. මෙම තිරය මගින් එක් වර විශාල අක්ෂරයන් ප‍්‍රමාණයකට ඉඩ කඩ වෙන් කරවා දෙන නිසාවෙන් කියවිම පහසු කාර්යක් බවට පත් කරයි. තවද ඔබට කියවීම සඳහා වෙබ් අඩවිය සුම් කර බැලිය යුතුද නොවේ.

ඔබේ ස්මාර් ජංගම දුරකථනය මගින් ඡුායාරූප, විඩියෝ නැරඹිම සිදු කරයි නම් පාස්පොර්ට් මාදිලිය මෙම කාර්යන් කිසිදු අපහසුතාවයකින් තොරව සිදු කරයි. අතිශ්‍ය සුපැහැදිලිව සහ පැහැදිලි ආලෝකයෙන් ඔබේ ඡුායාරුපයන් හා විඩියෝ මෙම තිරය මගින් ඔබ වෙත ගෙන එයි. විවිධ කෝණයන්ගෙන් ජංගම දුරකථනය ඇල්ලිමේදි තිරයේ වර්ණය වෙනස්විම පිළිබඳ තවදුරටත් ඔබ වදවිය යුතු නොවේ. ඔබේ පිංතූරයේ පෙනුම හොඳ මදිනම් ඔබ කළ යුත්තේ වර්ණ සැකසිය හැකි කොටසට ගොස් එහි කොටස් වෙනස් කර බැලීමය. ඔබ ඇතුලතක හෝ පිටත සිට නැරඹුවද IPS LCD sතිරය මගින් ඔබට පැහැදිලි දසුන් ගෙන ඒමක් සිදු කරයි. බොහෝ ස්මාර්ට් ජංගම දුරකථනයන්ගේ මෙන් මෙහිද කෙළිනම වැටෙන හිරු එළිය මගින් තිරය දැකිම අපහසු වීම ඔබ විසින් සැළකිල්ලට ගත යුතු වේ.
ආයතන මගින් බ්ලැක්බෙරි හඳුන්වා දුන් දා පටන්ම එහි යතුරු පුවරුව විශේෂ ලක්ෂණයක් ලෙස පෙන්නුම් කරයි. නමුදු පාස්පොර්ට් හි ඔබ මෙතෙක් භාවිතා කළ යතුරු පුවරුව යම් වෙනස්කම් වලට භාජනය කර ඇත. පෙර මාදිලියන් වල ඇති යතුරු පුවරුවන් වල යතුරු පේළි හතරකින් සමන්විත විය. නමුදු පාස්පොර්ට් මාදිළියේ ඇත්තේ පේළි තුනක් පමණි. මෙය භෞතික හා වර්චුවල් යතුරු පුවරු එකට එකතු කිරිමේ ප‍්‍රථිපලයකි. සන්දර්භ – සංවේදී යතුරු තිරයේ පහළින් වන්නට පිහිටා ඇත.

පාස්පොර්ට් මාදිලිය බල ගැන්වෙන ක‍්‍රියාකාරී පද්ධතිය වනුයේ බ්ලැක්බෙරි OS 10.3. මගිනි. භාවිතා කරනන්නන්ට ඇනොරොයිඞ් සඳහා නිපදවා ඇති ඇප්ස් මේ සඳහාද භාවිතා කළ හැකිය. ඇමසන් ඇප්ස්ටොර් කලින්ම පාස්පොර්ට් දුරකථනයේ අඩංගු කර පැමිණෙයි. එමනිසා ඔබට සිදු කළ යුත්තේ ඇප්ස්ටොර් මගින් ඔබට අවශ්‍ය කරන විවිධ ඇප්ස් බාගත කර ගැනිම පමණකි. අනිවාර්යෙන්ම බ්ලැක්බෙරි සංඛ්‍යාත්මක ලක්ෂණයක් වන BBM ලක්ෂණයද මෙහි අඩංගු වේ. ඔබේ මිතුරන් හෝ පවුලේ කෙනෙකු ඇනරෙයිඞ්, සධී හෝ වින්ඩෝස් දුරකථන භාවිතා කරයි නම් ඔවුන්ට ඔබව BBM හරහා සම්බන්ධ කර ගත හැකිය.

බ්ලැක්බෙරි 10.3 ක‍්‍රියාකාරි පද්ධතියේ භාවිතා කිරිමට ඇති පහසුව නිසාම එය භාවිතා කරන්නන් විසින් ප‍්‍රසාංශා දක්වයි. බ්ලැක්බෙරි සෑම විටම ඊ-මේල් සහ පණිවිඩ යැවිමේදි සුවිශේෂි වෙනවා. පැති දාරය ’ඉක්මන් ක‍්‍රියාකාරිත්ව‘ ලෙස හඳුන්වනු ලබන අතර එමගින් ඉතා ඉක්මණන් පණිවිඩ සඳහා ප‍්‍රතිඋත්තර ලබා දිය හැකි වේ. මෙම ලක්ෂණය භාවිතා කරමින් ඊ-මේල් පණිවිඩ මකා දැමිමට හෝ වෙනත් ස්ථානයක ස්ථාන ගත කිරිමේ හැකියාවද පවතියි. ‘ප‍්‍රමුඛතා මධ්‍යස්ථානය’ නම් ලක්ෂණය භාවිතා කරනුයේ තීරණාත්මක ඊ-මේල් සහ පණිවිඩ සඳහාය. ඔබ විසින් සළකාබැලිය යුතු පණිවිඩ මෙම ස්ථානයට පැමිණෙන අතර එහිදි ඔබට එය විසඳා ගත හැකි වේ.

බ්ලැක්බෙරි විසින් නිෂ්පාදිත අනාකූලිත මුහුණුවර ඔබ විසින් වින්දනය කරනු ලබන කොටසයි. එමගින් මෙම උපකරණය භාවිතා කිරිම ඉතා පහසු කරවයි. එ ක් ඇ`ගිල්ලක් පහලට ගෙන ආ සැණින් ඔබට ඇප්ස් අංගනයන් සඳහා පිවිසිය හැකිය. ඇ`ගිල්ල දෙපාරක් තැබිම මගින් ජංගම දුරකථනයේ සාමාන්‍ය අංගනයන් වෙත පිවිසිය හැකිවේ. ඇ`ගිල්ල ඉහළ සිට පහළට ඇල්ලීමෙන් ඇප්ස් කුඩා කළ හැකිය. ඔබට මෙම මාදිලිය මගින් ඇප්ස් අටක් දක්වා විවෘත කිරිමේ හැකියාව ලබා දෙයි.
සහායක ක‍්‍රියාකාරීත්වයක් සතු පළමු බ්ලැක්බෙරි ජංගම දුරකථනය පාස්පොර්ට් යි. මෙය ඇපල් ජංගම දුරකතනයේ ඇති පෞද්ගලික සහයක සිරිට සමාන වේ. මෙම සහායක සිරි මෙන්ම සක‍්‍රිය වේ. සරළවම සහායක ක‍්‍රියාකරු ක‍්‍රියා කරවා කතා කරන්න. මෙය කෙටි පණිවිඩ යැවීම සඳහාත්, කාළ සටහන් සැකසීම සඳහාත්, ඊ-මේල් යැවිමටත්, කියවන විට ලිවිමට සහ අනෙකුත් ක‍්‍රියාවලීන් සඳහා භාවිතා කළ හැකිය. ඔබ ක‍්‍රිඩාවට කැමත්තෙක් නම් ඔබට සරළවම කිරිමට ඇත්තේ සහායකයාට මේ වනතුරු අදාල ක‍්‍රිඩාවේ ලකුණු සංඛාව ලබා දෙන ලෙස විදානය කිරිම පමණකි. එවිට ක‍්‍රිඩාවේ තත්වය සම`ග ඔබට ලකුණු සහ ඉදිරි කාළ සටහන්ද ලබා ගැනිමට හැකි වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close