සුරතල් සතුන් සහ සතුන්

නිවසේ ආරක්ෂාව සඳහා වු අනර්ඝ සුනඛ වර්ගයන්

ශ‍්‍රි ලංකාව තුල නොවැදගත් අපරාධයන් සහ අහඹු ලෙස සිදු වන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් සඳහා වන අභියෝගයන් ගණුදෙණු කිරිමේ එයටම අවේණික වු ක‍්‍රමවේදයන් පවතියි. මුර බල්ලෙක් තබා ගැනිම ඔබේ නිවස ආරක්ෂා කර ගැනිම සඳහා හොඳ ආයෝජනයක් වනු නොඅනුමානය. ඔබට නිවිසැනසිල්ලේ නිවැරදි මුර බල්ලෙකු මිලදී ගැනිම පිණිස සොයා ගැනිමට පිළිවන. මුර බල්ලෙකු මගින් ඔබේ නිවසේ ආරක්ෂාව මෙන්ම ඔබේ පවුලේ අයට සිදුවන ආක‍්‍රමණයන් සහ දරුණු අපරාධයන්ගෙන් ආරක්ෂාව සලසා දෙයි. නිසි ලෙස ඔවුන්ව පුරුදු කළ විට ඔබට නිසි ආරක්ෂාවත් ආදරයත් ලැබේනු ඇත. නිවාස ආරක්ෂාව සඳහා යොදා ගත හැකි හොඳම සුනඛ වර්ගයන් පිළිබඳ පහත දැක්වෙයි.

Chow Chow
Chow Chow බොහෝ විට හඳුනාගනුයේ ඔහුට සිංහයෙකුගේ මෙන් ඇති කේශර ලෝමයන් වලින් සහ පසුපස සෘජු පාද වලිනි. කොට තරබාරු සුනඛයෙකු වන මොහුට නිල් පැහැති දිවක් සහ ඝණ රෝම සහිත වැස්මක් ඇත. ක්‍යදඅ ක්‍යදඅ බලූ පැටවුන් පහසුවෙන් පවුලට හුරු කළ හැකි අතර එමගින් එහු කදිම මුරබල්ලෙකු ලෙස ක‍්‍රියා කරයි. මොවුන් වැඩිපුර සුරතල් බල්ලන් ලෙස පෙන්නුම් කළද මෙම වර්ගයේ එකම අභිප‍්‍රාය දැඩි සහ සීතල දේශගුණයක වුවද ගොඩනැගිලි මුරකිරිමය. මෙම වර්ගයේ සුනඛයින් ප‍්‍රමුඛ සහ භෞමික වන අතර බොහෝ විට ඔහුගේ අයිතිකරු සම`ග දැඩි සබඳතාවක් ඇති කර ගනියි. මෙම සුනඛයින් වඩා ගැලපෙනුයේ සන්සුන් සහ විශ්වාසි අයිතිකරුවන්ට වන අතර හසුරවන්නන් හට සතා පිරිසුදුව සහ විනය පිළිබඳ නීතින් ඉදිරිපත් කළ හැකිය. ක්‍යදඅ ක්‍යදඅ ඉතා හොඳ මුර බල්ලෙකු ලෙස හැඳුන්වන එක් හේතුවක් නම ඔවුන් තනි-ආරම්භකයන් විමය. ඔවුන් ක්ෂණිකවම ඔවුන්ගේ ප‍්‍රදේශිය පිළිබඳ බලය ලබාගෙන බලෙන් ඇතුලූ වෙන්නන් වහ නැවැත්වීමට කටයුතු කරයි.

Tibetan Mastiff
ඔබ විසින් නිවසේ ආරක්ෂාව සඳහා සොයනුයේ විශාල සුනඛයෙකු නම් Tibetan Mastiff හොඳ තේරීමක් වනු ඇත. මෙම වර්ගයේ සුනඛයින් හට ඔබේ නිවසට සිදු වන ඕනෑම අපරාධයක් ක්ෂණිකවම බාධා පැණවිමේ හැකියාව ඇත. මොවුනට දිගු ශරිරයක් සහ පළල් හකු වලින් යුක්ත වේ. මවිල් ඝණත්වයෙන් යුතු සහ බෙල්ල දක්වා ඝණව පිහිටා ඇති මුත් හිසේ ප‍්‍රදේශයේ කෙටි මවුල් පවතියි. Tibetan Mastiff බලූ පැටවකු වශයෙන් දිනය පුරාම ක‍්‍රිඩා කිරිමට කැමැත්තක් දක්වන නමුදු මෙම හැසීරිම අවුරුදු ගණනක් ගතවිමේදී ක‍්‍රමයෙන් හීන වී යයි. මෙම වර්ගය සෑදී ඇත්තේ වෘකයින්ගෙන් සහ වෙනත් කඳුකරයේ සිටින විලෝපියන්ගෙන් තම වර්ගයා ආරක්ෂා කරනු පිණිස වන අතර මොවුන් බිය නොමැති ප‍්‍රහාරක සුනඛයින් වේ. මොවුන් සඳහා සුරක්ෂිත ස්ථානයක් වෙන් කර තැබිම හොඳ පිළිවෙතකි. මොවුන් පිටත සිටියදි බිරීමට සහ ගෙරවීමට හුරුව සිටියි. එය ඔවුන්ගේ භූමි බාගය නම් කිරිමේ සහජ ක‍්‍රියාව වන අතර සහ ආරක්ෂාව සඳහා සුපරික්ෂාකාරි වි සිටිමේ පිළිවෙතකි. මෙම වර්ගය සඳහා ස්ථිර අයිතිකරුවෙකු සිටිය යුතු වන අතර ඔහු සුනඛයා කෙරෙහි ප‍්‍රමුඛතාවය දෙමින් ප‍්‍රචණ්ඩව නොමැතිව සන්සුන්ව සහ ගර්විත හැසිරිම් සහිත පුද්ගලයෙකු විය යුතුය.

Cane Corso Italiano
Cane Corso Italiano ශක්ති සම්පන්නභාවය සහ ක්ෂණයකින් ප‍්‍රමුඛතාවය ගැනිම පෙන්නුම් කරයි. මිල අධික බලූ පැටවුන් අතර මෙම වර්ගය ප‍්‍රධාන වේ. Cane Corso Italiano බලූ පැටවකු ලෙස ඉතා හුරුබුහුටි අන්දමට පෙනනුනද මොවුන් ඉතා ඉක්මණින් වර්ධනයවි බිහිසුන් සහ ආරක්ෂාකාරි මුර බල්ලෙකු සේ හැඩ ගැසෙයි. කෙටි නමුදු ඝණ ලොම් තිබුණද ඒවා හැලීමක් සිදු නොවේ. මෙම ලොම් විවිධ වර්ණයන්ගෙන් යුතු වන අතර එය කළු සහ අළු නිල් අතර පැහැයක් ගනියි. ක්‍්බැ ක්‍දරිද ෂඒකස්බද තියුණු ඇස් ඇති කඩිසර සුනඛයෙකු වේ. ප‍්‍රධාන අයිතිකරුගේ හෝ හසුරුවන්නාගේ වචනාර්ථ විධානයට හා හස්ත සංඥා වලට හොඳින් ප‍්‍රතිචාර දක්වයි. කෙසේ වෙතත් මෙම සුනඛයින් මුල් අවධියේදීම පුහුණු කරවීම් සිදු කළ යුතු අතර නැතහොත් පසු වන විට ඔබට මෙම සුනඛයාගේ ජිවිතය සම්බන්ධ හැසිරීම පිළිබඳ ගැටළු මතු වීමට ඉඩ ඇත. නිසි ආකාරයෙන් පුරුදු පුහණු කිරිම තුලින් ඔබට ආරක්ෂාව පමණක නොව ආදරය සහ සෙනෙහසද ඔබේ මුළු පවුලටම නොඅඩුව මෙම සුනඛයාගෙන් ලැබේනු ඇත. මොවුන් ඉතා පහසුවෙන් ගෙතුල සිට පිටතට සංක‍්‍රමණය කළ හැකි අතර හෝ පිටත දිගු වේලා තබා තැබිමට හැකිය. ඉතා අවම ශාරීරික දුබලතාවයන් පවතින අතර වැඩි ධාරාගැනීමේ ශක්තියක් පවතියි.

German Shepherd
German Shepherd වර්ගයේ සුනඛයින් නිවසේ ආරක්ෂාව සඳහා කදිමට ගැලපෙන නමුදු ශ‍්‍රි ලංකාව තුලදී මිලදී ගැනීමට සොයා ගැනීම තරමක් අසීරු ක‍්‍රියාවකි. මොවුන් අතශය හැකියාවන්ගෙන් හෙබි මුර බල්ලන් වන අතර වේගය සහ ශක්තිය සමාන පවතියි. German Shepherd වර්ගයේ සුනඛයින්ට දිගු හොම්බක් ඇති අතර දැඩි සපාකෑමක් සිදු කළ හැකිය. මොවුන්ගේ බාහුව දිගු වන නමුදු මාංශපේශීන් මගින් රැුළි නැගී ඇති අතර එමගින් සුනඛයා හට පැන පැන යාමේ වැඩි අවකාශයක් ලබාදෙයි. මොවුන් කිසිදු වංචාවකට හසු නොවන වර්ගයේ සුනඛ කොටසකි. කීකරුකමට සහ ආරක්ෂික උපක‍්‍රමයන් සඳහා මොවුන් දක්ෂ සහ පුරුදු කිරිම පහසුවේ. German Shepherd සුනඛයින් විසින් ඔබ හට ආරක්ෂිත මනෝභාවයක් ලබා දෙන අතර ඔවුන් ඒ සඳහා එන තර්ජනය හමුවේ නිතර බිරිම සිදුකරයි. බලූ පැටවා කාළයේ පටන්ම ඔබේ පවුලේ සමාජයට හුරු කිරිම මගින් ඔබට පක්ෂපාතී ආරක්ෂිත සුනඛයෙකු ලැබේ.

Rottweiler
වඩා දරුණු සහ මුර බල්ලෙකු ලෙස හඳුනාගෙන ඇති සුවිශේෂි වර්ගයක් වනුයේ Rottweiler සුනඛ වර්ගයයි. මොවුන් සඳහා විශේෂයෙන් දෙයක් කිරිමට ඔබට අවශ්‍ය නොවේ. මෙම විශාල සුනඛයාගේ එක් ගෙරවීමකින් ආක‍්‍රමිණිකයා වහා අනෙක් පස හැරී දිව යයි. Rottweiler සුනඛයින් කොට නමුදු ශක්තිමත්, විශාල හිසක් සහ පැතිරුණු ඔවුන්ගේ කළු ලෝම කෙටි සහ ඝණ වන අතර රතු සහ මලපැහැයෙන් යුතු පැල්ලම් උද්දීපනය වී පෙනේ. Rottweiler සුනඛ වර්ගයන් අතර තරමක් විශාලත්වයෙන් යුතු සමහර වර්ගයන් සිටියි, නමුදු මෙම සත්වයා කිලෝග‍්‍රෑම් 59 වඩා බර නොවෙයි. මෙම සත්වයා පවුලේ උදවිය සහ මිතුරන් සම`ග ඉතා හීලෑ ලෙස ක‍්‍රියා කරන අතර විශේෂයෙන්ම බලූ පැටවා අවදියේ සිට සමාජ ගත කොට සෑදීම මගින් කීකරු බල්ලෙකු ලෙස වර්ධනය කර ගත හැකිවේ. අයිතිකරු හෝ හසුරුවන්නා විසින් පුහුණු කිරිම් සහ විධානයන් සඳහා කීකරුව ප‍්‍රතිචාර දැක්වීමක් සිදු කරයි. මෙම සුනඛයාගේ විශාලත්වයට ඔබ තැති ගත යුතු නොවේ.
ඔවුන් විසින් විශ්වාසනීය හික්මීමක් සහ රැුකබලා ගැනීම හෝ Rottweiler සුනඛයින් පවුලෙන් වැඩිපුර ප‍්‍රමුඛස්ථානයක් බලාපොරොත්තු වේ. මොවනු අතීශය හැ`ගිම් දනවන වර්ගයක් වන අතර අපරාධකරුවන්ට හෝ අමුත්තන් සඳහා ස්භාවික තත්වයේ සිට අරමුණ දක්වා වෙනස්වන සුළු ගතියකි පෙන්නුම් කරයි. තර්ජනයක් පිළිබඳ යන්තම් හො ඉවක් ඇති වුවහොත් Rottweiler සුනඛයින් බිරීම සහ සපා කෑම සිදු කරයි.

විවිධ හේතූන් මත මිනිසුන් සුනඛයින් ඇති කරයි. නිවසේ ආරක්ෂාව සඳහා සුනඛයෙක් තබා ගැනිම ප‍්‍රවේසම් සහගත සැළසුමක් සහ පුහුණුවක් අවශ්‍ය කරයි. ඔබගේ ජිවන විලාසයටත් ඔබේ නිවසට අවශ්‍ය කරන ආරක්ෂාකාරි ක‍්‍රමවේදයන් මතත් ඔබ නිවැරදි සුනඛ වර්ගය තෝරා ගත යුතු වනවා. Chow Chow සහ German Shepherd වැනි සමහර සුනඛ ව්ගයන් එළිමහනේ තැබිමට වඩා යෝග්‍ය වේ. Cane Corso Italiano සහ Rottweiler වැනි අනෙක් වර්ගයන් යම් කාළයක් නිවසේ රැුදී සිටිමටත්, වැඩි අවධානයක් සහ සෙනෙහසක් අයිතිකරුගෙන බලාපොරොත්තුවේ. මුර බල්ලන් ඔවුන්ගේ ක‍්‍රියාව නිසියාකාරව සිදු කරන අතරම ඔබ විසින් බල්ලාව රැුක බලා ගැනිම සෑම විටකම සිදු කළ යුතුය. හොඳ සබඳතාවයකින් අයිතිකරුට මෙන්ම සුනඛයා හටද එකවරම වාසි ගෙන එයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close