කාර් සහ වාහන

පළමු වරට කාර් රථයක් මිලදී ගැනීම

අවුරුද්දක් හෝ මාස ගණනක් වේවා ඔබ විසින් ඔබේ සියලූ අතිරේක මුදල් ඉතිරි කරමිනි සිටියි. අවස්ථාව ලද සැණින් ඔබ විසින් ශ‍්‍රි ලංකාව පුරා විසිරි පැතිරි ඇති විකිණිමට ඇති සියලූ වාහාන සොයමනි ඔබේම වාහනයක්පිළිබඳ සිහින දකිමින් සිටිනවා විය හැකිය. අවසානයේදී කාළම එළඹි ඇති අතර මිලදී ගැනිමේ ක‍්‍රියා පටිපාටිය විසින් සම්පුර්ණයෙන්ම ඔබව යටපත් කර ගැනිමේ හැකියාව පවතියි.

ඔබගේ මිල පිළිබඳව තහවුරු කිරිමක් කර ගන්න
ඹුදල් ඉතිරි කරන අතරතුර ඔබට සුවිශේෂි මිලක් පිළිබඳ අදහසක් ඔබේ හිතේ තිබිමට පිළිවන නැතහොත් එය මිල සොයා ගැනිමේ පිළිවෙළක් ඔබේ හිතේ තිබිමට පිළිවන. ඔබ විසින් විකිණිමට ඇති කාර් රථයක් හෝ අමතර උපාංග ගැන සොයා බැලීමේදී මිලක් නියම කිරිම තීරණාත්මක සාධකයක් වනුයේ ඔබ විසින් සෙවිය යුතු යථාර්තීය අගය පිළිබඳ වැටහීමක් ඔබට තිබිය යුතු නිසාය. නවීන කාර් රථයක් පිළිබඳව තනිව හිතා බලද්දී එයට ගෙවිය යුතු මුලීක ගෙවිම පිළිබඳවද ඔබේ අවධානය යොමු කළ යුතු වන අතර පාවිච්චි කරන ලද වාහනයක් මිලදී ගැනිම සඳහා උනන්දුවක සිටින පිරිස් විසින් කොපමන මිලක් ගෙවිය හැකිද සහ සමස්ථයක් වශයෙන් ඔවුන්ට දැරිය හැකි මිල පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.

ව්‍යාපාරික විකුණුම්කරුවන් සහ පෞද්ගලික විකිණුම්කරුවන්
පුද්ගලික වශයෙන් කාර් රථයක් මිලදී ගැනිමේදී ඔවුන් විසින් තිරණය කළ යුතු කරුණක් වනුයේ ව්‍යාපාරික විකුණුම්කරුවකු හෝ පෞද්ගලික විකුණුම්කරුවකු හරහා ගණුදෙණුව සිදු කරනවාද යන්නය. ව්‍යාපාරික විකුණුම්කරුවන්ගේ අත්දැකීම් බහුලත්වය නිසාම මිලදී ගැනිමේදී ඔබට තිරණය කර ගත නොහැකි මුල්‍ය හෝ ලිසිං පහසුකම් සඳහා උපකාර ලබා ගැනිම පහසුය. තවදුරටත්, ඔබට මුලීක ගෙවිමක් සිදු කර අනතුරුව මාසික පදනමකින් ගෙවිම් සිදු කිරිම පැවරිය හැකි ගිවිසුමකටද එළඹිය හැකිය. පෞද්ගලික ගැණුම්කරුවෙකුගෙන මිලදී ගැනිමේ අත්දැකීම මීට සපුරා වෙනස් වන අතර ඔබට දහසකුත් උපක‍්‍රම යොදා ගැනීමට සිදුවනු ඇත.

උපක‍්‍රමයන් සහ කූටෝපක‍්‍රමයන් දැන සිටින්න
පාවිච්චි කරන ලද වාහාන විකිණිමේ ව්‍යාපාරයට ඔබ ඇතුල් වීමට පෙර ඔබව වංචා කර මුදල් ලබා ගන්නා උපක‍්‍රමයන් පිළිබඳව ඔබ දැඩි අවධානයකින් සිටිය යුතු වෙනවා. පෞද්ගලික විකුණුම්කරුවන් විසින් වංක ලෙස වාහන දැන්වීම් පළ කර ඔබගේ මුදල් ලබා ගෙන නමුදු වාහනය භාර නොදීමේ අවධානම් කොතෙකුත් ඇත. නිදසුනක් වශයෙන් ඔවුන් විසින් වාහනය ඉතා හොඳ තත්වයේ තිබේන බව හා යම් අමතර කොටස් යෙදීය යුතු යැයි පවසයි. ඔබ විසින් මෙවැනි උපක‍්‍රම වලට හා බොරු වලට නොරැුවටි සිටිය යුතු අතර එමගින් ඔබගේ මුදල් වංචනිකව සුරා ගැනිමේන් ගැලවී සිටිය හැකිය.

සම්භාවනීය මාර්ගයන් සොයා බලන්න
පාවිච්චි කරන ලද වාහනයක් මිලදී ගැනිමට යාමේදී සමහර පිරිස් භාවිතා කරනුයේ අසම්පුර්ණ ක‍්‍රියාවලීන්ය. කාර් රථ සඳහා වෙබ් අඩවීන් මගින් සොයා බැලීමේදී ඔබ විසින් ඒ සඳහා ආරක්ෂාකාරී සහ සුරක්ෂිත ගණුදෙණුවක් ලබා දෙන නම ගිය සහ සමභාවනීය වෙබ් අඩවින් තෝරා ගැනීම වැදගත් වේ. මේ සඳහා ඔබට ඔබේ පවුලේ අයෙකුගෙන් හෝ මිතුරෙකුගෙන් නිර්දේශ කිරිම් සහායක් අවශ්‍ය වනු ඇත. පාවිච්කර ලද වාහන සොයා බැලීම සඳහා අන්තර්ජාලය භාවිතා කිරිමට නොකැමති පිරිස් හට කිරිමට ඇත්තේ නගරයේ සිටින ඔබේ ඥාතියෙකු හෝ ඔබට විශ්වාස කළ හැකි අයෙකු විසින් වාහනයක් විකුණනවාදැයි සොයා බැලීමය. මතක තබා ගන්න, මිශ‍්‍ර ව්‍යාපාර හා සබඳතාවයන් එහිම වු සෘණාත්මක ප‍්‍රතිවිපාක පවතින බව.

නිවැරදි මිල දැන සිටින්න
පාවිච්චි කරන ලද වාහන විකිණිමේදී ඔබගේ මුදල් වංචනික ලෙස ගැනිමට සමහර මිනිසුන් උත්සහා කරන බව ඔබ විසින් උගනියි. ඔවුන් විසින් එය බොරු දැන්වීම් පළ කිරිම මගින් ද වාහනයේ මිල ඉතා ඉහළ නැංවීම මගින්ද එය සිදු කරනු ලැබේ. ඔබ දැන්වීම් විමසා බලද්දී ලැයිස්තු ගත කර ඇති වාහානයේ තත්වය අනුව එහි නිවැරදි මිල කොපමණදැයි ඔබට අදහසක් තිබිය යුතුය. ඔබට වටිනා වු වාහනය විකුණුම්කරුට තීන්දු කිරිමට ඉඩ නොදිය යුතු අතර ඔබ විසින් මිලදී ගැනිමට පෙර ඒ පිළිබඳව සැළකිලිමත් වන්න.

යෝජනාවන් පළමුව ඉදිරිපත් කරන්න
මිල කතිකා කර ගත නොහැකි වාහන බැලිමට යාම ඔබගේ කාළය නාස්ති කිරිමක් වන අතර වාහනයක් මිලදී ගැනීමේ ක‍්‍රියාවලියේදී ඔබව තරමක් පසුපසට තල්ලූ කිරිමක්ද සිදු වේ. අපි හිතමු ඔබ කැමති වාහනක් ඔබ සොයා ගත්තද එහි මිල ඔබට සරිලන පරිදි නැතැයි කියා, මිල කතිකා කර ගැනීම අසම්භාවය ලෙස දුරකථනය හරහා හෝ වෙබ්අඩවිය හරහා සිදු වේ නම් ඔබ විසින් ඔහුගෙන් හෝ ඇයගෙන් අවම තරමින් මිල කතිකා කර හැකිද යන්න දැන ගත යුතුය. කිසිදු මිලක් වාහනයේ නිවැරදිව තත්වය දකිනා තුරු සහතික නොවන්න.

ඔබත් සමග තවත් අයෙකු රැගෙන යන්න
උවසානයේ, ශ‍්‍රි ලංකාව තුල විකිණිමට ඇති වාහන අතුරින් ඔබ කැමති වාහනය තීරණය කිරිමට ඔබ විසින් එය පෞද්ගලිකවම බැලීමට යා යුතු වේ. අන්තර්ජාලය හරහා ඔබට කිසිවෙකු මුණ ගැසිය නොහැකි අතර එසේ පෞද්ගලිකව මුණ ගැසීමට යාමේදී තවත් අයෙකු කැටුව යාම උද්ගත වන තත්වය සමනය කර ගැනිමට උපකාරී වනු ඇත. අමුත්තෙකුගේ නිවසට යාමට වඩා පොදු තැනක හමුවීම ඥාණාන්විත ක‍්‍රියාවකි. ඉදිරියේදී කුමක් සිදුවේදැයි ඔබ නොදන්නා අතර නිකරුණේ කරදරයක පැටලීමට වඩා එයින් වැළකි සිටිම ඉතා හොඳය.

වාහනය පිරික්සුමට ලක් කරන්න
කාර්මිකයෙකු හෝ පාවිච්චි කරන ලද වාහන පිළිබඳ හොඳ දැණුමක් ඇති ඔබගේ පවුලේ ඥාතියෙකු හෝ මිතුරෙකු සිටියි නම් ඔබ ඔහු සම`ග යෑම වඩා යෝග්‍ය වේ. පළ කරන ලද වාර්ථාවන් වාහනයේ ඇතිදැයි සහතික කර ගැනිම අත්‍යාවශය කරුණකි. එමෙන්ම පරික්ෂණ වටයක් ධාවන කිරිමට අවසර ගැනිමෙන් වාහනයේ තත්වය පිළිබඳ ඔබට මනා වැටහීක් ගැනීමට හැකි වනු ඇත. මතක තබා ගන්න පෞද්ගලික විකුණුම්කරුවන් ඒ සඳහා එතරම් කමැත්තක් නොදක්වනු ඇත.

නිතිමය භාවය දැන සිටින්න

කොපමණ පුර්වෝපායන් ප‍්‍රමාණයක් වාහනයක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් අත්හදා බැලූවද කම් නැත මක්නිසාද ඕනෑම දෙයක් සිදුවීමේ ඉඩකඩ ඕනෑතරම් ඇති නිසා. මිලදී ගැනිම අවසන් කිරිමට ප‍්‍රථම ඔබ විසින් දේශිය නිතිමය භාවය දැනසිටින බව තහවුරු කරගන්න සහ වාහනය යමක් සිදුවුවහොත් සුදුස රැුකවරණයකින් යුතු බව සොයා බලන්න. යමෙකුට ඔබ සමග යා නොහැකි වු විටක වාහන කාර්මික ශිල්පියෙකු වෙත රැුගෙන යාම සහ වාහනය ඔබ සතු වු විටක එලෙස දෝෂ නොමැතිව තිබිම සඳහා නියම අදහසක් වේ.

ඔබ කෙසේ වාහනයක් මිලදී ගන්නෙදැයි කාරියක් නැත, විශේෂයෙන්ම පාවිච්චි කරන ලද වාහනයක්, ඔබ විසින් යෝග්‍ය ක‍්‍රියාපටිපාටියක් අනුගමනය කරන බවට වග බලා ගැනීමෙන් දෙපාර්ශවයටම දිර්ඝ කාළිනව හා කෙටි කාළිනව වාසි අත්කර ගත හැකි වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close