විනෝදාංශ සහ ක්‍රිඩා

පළමු වර පෞරාණික භාණ්ඩ මිලදී ගැනීම සඳහා මාර්ගඋපදේශණ

පළමු වර පෞරාණික භාණ්ඩ මිලදී ගැනීම සඳහා මාර්ගඋපදේශණ.

පෞරාණික භාණ්ඩ මිලදී ගැනිම විනෝදාංශයට වඩා එහා ගිය දෙයකි. එය අමතර මුදලක් උපයා ගැනීමටද හොඳ මාර්ගයකි. ඔබ ඇත්තටම වාසනාවන්ත නම්, යම් දිනක ඔබේ දෛවයට ඉතා වටිනා වස්තූවක් සොයා ගතහොත් විකිණිමට හැකිය. 

ඔබට පෞරාණික භාණ්ඩ වලින් මුදලක් ඉපයීමට අවශ්‍ය නොමැති නම් හෝ ඔබට කිසිවක් විකිණිමට අදහසක් නොමැති නම්, ලූහුබැඳ යාම ත‍්‍රාසය සැපයීමේ විනෝදාස්වාදයකි. කඩ සාප්පු වල සහ වැඩ බිම් වල ඔබට පැය ගණන් කාළය මිඩංගු කල හැක. ඔබට අවශ්‍ය සුවිශේෂි දේය හමු වු විට ඒ සියල්ලන්ගේම වටිනාකම ඇති බව වැටහෙනු ඇත. 

පටන් ගැන්මේ දී ඔබ පෞරාණික භාණ්ඩ සමග එය තරමක අවුල් සහගත විය හැක. පෞරාණික තත්වයට පත් කරන්නේ කුමක්ද? කෙසේද ඔබ දැන ගන්නේ එහි සත්‍යවත් බව? එහි තත්වය පිළිබඳ ඔබ විනිශ්චය කරන්නේ කෙසේද?ඔබ කෙසේද දැන ගන්නේ ඔබ සුවිශේෂි දෙයක් සොයාගත් බව? 

ඔබට දැන ගැනීමට අවශ්‍යව ඇති දේ පිළිබඳ ඉගෙන ගැනීමට අත්දැකීම් තමයි නියම විදිහ. කෙසේ වෙතත්, මෙන්න හොඩුවාවන් කිහිපයක් ඔබට පෞරාණික භාණ්ඩ සොයා ගැනීම සඳහා, ඉතිං ඔබට වෘත්තියෙවිදියකු සේ කටයුතු කල හැක.

පරික්ෂණ පවත්වන්න
තවත් දේවල් ඉගෙන ගනිමි ඔබේ පෞරාණික භාණ්ඩ එකතු කිරිමේ චාරිකාව ආරම්භ කරන්න සහ පෞරාණික භාණ්ඩ බවට පත් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව, ඒ වගේම වෙළඳපලේ ඇති පෞරාණික භාණ්ඩ වල වටිනාකම නිර්ණය කරන්නේ කෙසේද යන්න පිළිබඳවද දැන ගන්න.

මුලින්ම දැන ගන්න පෞරාණික භාණ්ඩ යනු අවුරුදු සියයකට වඩා පැරණි භාණ්ඩ බව.   ඕනෑම පෞරාණික භාණ්ඩ අලෙවි සැලක පෞරාණික භාණ්ඩ සම`ග අනෙකුත් එකතු කරන දේවල්ද මිශ‍්‍ර වී තිබිය හැක. අවුරුදු 20 පමණ පැරණි භාණ්ඩ වුවද පැරණි යැයි සිතිය හැක. නමුදු ඒවා පෞරාණික භාණ්ඩ නොවේ. විශාල වටිනාකමක් නූතන එකතු කල හැකි දේවල් සඳහා ද සිතා බැලීමට පු`ඵවන, නමුදු ඒවාද පෞරාණික භාණ්ඩ නොවේ.  

ඔබගේ මීලග පියවර විය යුත්තේ හොඳ මාර්ගෝපදේශ පොතක් ගැනිමය. ලක්ෂණ සහිත ප‍්‍රචලිත පෞරාණික භාණ්ඩ ගැන ඔබගේ දැණුම හා පුරුද්ද ඇති කර ගැනීමට භාවිතා කල හැකිය. කෙසේ වෙතත්, ඔබට අවශ්‍ය නම් ඔබගේ නාභිගත කිරිම සීමා කිරිම සඳහා  සහ ඔබට එකතු කිරිමට අවශ්‍ය කුමක්ද කියා ඔබ දන්නවා නම් ඒ සඳහා ඇති මාර්ගෝපදේශ පොතක් මිලදී ගෙන ඔබගේ කාළය ඉතිරි කර ගත හැක. උදාහරණයක් වශයෙන්, 18 වන සියවසේ ගෘහ භාණ්ඩ සහ බඳුන් ගැන ඔබ උනන්දුවක් දක්වනවා නම්, විශේෂයෙන්ම ඔබේ අධ්‍යන කටයුතු ඒ සඳහාම ඔබට නාභිගත කල හැක. නිර්දේශය සඳහා මාර්ගෝපදේශ පොතද හොඳ තැනකි .

තනිවම සොයා යන්න
ලූහුඩු දැන්විම් වෙබ් අඩවි වලින් සහ වෙන්දේසී සඳහා ඇති වෙබි අඩවි වලින් ඔබට පෞරාණික භාණ්ඩ සොයා ගැනිමට හැකි යැයි සිතමු. තොරතුරු ලබා දෙන්නන් මත ඔබට විශ්වාසය තබන්නට සිදු වෙනවා. කිසිදු ප‍්‍රතිපත්තියක් නොමැති විකූණුම්කරුවන් විසින් භාණ්ඩය පිළිබඳ වරදවා විස්තර කිරිම හෝ සම්පුර්ණයෙන්ම එය පිළිබඳ වැරදි තොරතුරු ලබා දීමට පු`ඵවන. වෙබ් අඩවි ලැයිස්තු වල ඇති භාණ්ඩ වල පෙනුම පවතින තත්වයට වඩා හොඳින් පෙන්නම් කරන ආකාරය දැක්විය හැකි හෝ නියම භාණ්ඩය සේම ඇති ව්‍යාජ භාණ්ඩ දැක්වීමට පුඵවන.

ඔබ ගෙවනා මිලට ගන්නා පෞරාණික භාණ්ඩයේ යථා තත්වය පිළිබඳ අවබෝධයක් ගැනීම සඳහා පුදගලයෙකුගෙන් මිල දී ගන්න. එවිට ඔබට භාණ්ඩය මු`ඵමණින්ම පිරිස්සා කර බැලිය හැකි වේ. එම ගණුදෙණුව සත්‍ය එකක්දැයිමි විපරම් කරන්න. අන්තර්ලේඛණ, ලේබලයන්, විශේෂ උපක‍්‍රම, සුවිශේෂි කැටයම් වැනි දෑ පිරික්සන්න. එහි බර තුලනය කිරිම, භාණ්ඩයේ ප‍්‍රමාණය සහ ව්‍යාජ ලේඛණ පිළිබඳ සොයා බැලීමට ඔබ විසින් සමත් විය යුතුය. බොහෝ විට පිංතූර මගින් මෙහෙයවන ලද භාණ්ඩයන් හී තත්වය පිළිබඳවද අදහසක් ගැනීමට ද ඔබ සමත් විය යුතුය.

තැනැත්තෙකුගෙන් පෞරාණික භාණ්ඩ මිලිදී ගැනීම ඔබට ගණුදෙණුකරු සමග හොඳ සබඳතාවක් ගොඩ නගා ගැනීමටද ඉඩ කඩ සපයනවා. ඔබ ගන්නා භාණ්ඩ පිළිබඳව විශ්වාසය පමණක් සහතික කිරිම අපහසු වුවද පුද්ගලික විශේෂ භාණ්ඩ ගණුදෙණු ගැන අ`ඵත් භාණ්ඩ පිළිබඳ ඇතුලාන්ත හෝඩුවාවන්ද දැන ගැනිමේ හැකියාව ඇති වේ. 

වැදගත් ගණුදෙණුකරුවකු සොයා ගන්න
මක්නිසාදයත් ව්‍යාජ පෞරාණික භාණ්ඩ විකුණන විකුණුම්කරුවන් ඕනෑ තරම් ඔබට හමුවිය හැක. ගණුදෙණුව සිදු කිරිම සඳහා ඔබ විසින් වැදගත් ගණුදෙණුකරුවෙකු සොයා ගැනීම අත්‍යාවශ්‍යය. ඔබ විකිණිමට ඇති පෞරාණික භාණ්ඩ සොයා බලද්දී ඔබට අවශ්‍ය පෞරාණික භාණ්ඩ ගැන පමණක්ම නොව ගණුදෙණුකරුවා ගැනද විපරම් කරන්න. නිර්දේශ සඳහා පෞරාණික භාණ්ඩ මිල දී ගෙන අත්දැකීම් ඇති මිතුරෙකු ගෙන් තොරතුරු විමසන්න. ඔබ පෞරාණික භාණ්ඩ මිලදී ගන්නා කිසිවෙකු නොහඳුනන්නේනම්, වෙබ් අඩවි හරහා වැදගත් ගණුදෙණුකරුවන් සොයා බලන්න.

වෙබ් අඩවි පරික්ෂා කිරිමේදී පාරිභෝගිකයන්ගේ විමර්ෂණය කිරිම් සහ ව්‍යාපාරයට එරෙහිව ඇති චෝදනා සඳහා ඇති රජයේ ආයතන සහ වෙනත් පාරිභොගික ආරක්ෂනය සලසන ආයතනද ඇතුලත් විය යුතුය. ඔබට කිසිදු චෝදනාවක් හමුනොවුනහොත් එය හොඳ සංඥවකි. කෙසේ වෙතත් ඔබ වැදගත් ගණුදෙණුකරුවෙකු සමඟ ගණුදෙණු සිදු කිරිම සඳහා ඔබ විසින් හොඳ විමර්ශණ කිහිපයක් සොයා ගත යුතුය. යම් වංක ගණුදෙණූවන් සඳහා කිසිදු චෝදනාවන් නොතිබිය හැකිය, ඒ ඔවුන් නියමිත ලෙස ව්‍යාපාරය ලියාපදිංචි නොකර ඇති නිසාවෙනි. කෙසේ වෙතත්, රවටන ලද හා අසන්තෝෂයෙන් සිටින පාරිභෝගිකයන්ගෙන් සෘණාත්මක විවේචන ඔවුන් බලාපොරොත්තු වනවා විය හැක. 

ඔබට ගණුදෙණුකරු පිළිබඳව කිසිදු විවේචනයක් හෝ තොරතුරක් ලැබි නැති නම් එයින් ඉවත්ව යන්න. මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ වෙනුවට කිසිදු වැදගම්මකට නැති භාණ්ඩ වෙනුවෙන් ඔබ විසින් මහන්සියෙන් උපයා ගත් මුදල් නාස්ති කිරිම අපරාධයකි.

එක් එක් භාණ්ඩය බැගින් සෝදිසි කිරිමට කාළය ගන්න
ඔබ පෞරාණික භාණ්ඩ මිල දී ගැනීමේදී ඔබ විසින් ගණුදෙණූව සිදු කිරිමට පෙර කාළය ගනිමින් එකින් එක සෝදිසි කර බැලිය යුතුය. ඔබ වෙළඳ සැල් වෙත යෑමේදී අන්ර්ඝ මාර්ගෝපදේශණ පොතක් ලග තබා ගැනීම හොඳ දෙයකි, එවිට ඔබට එකී භාණ්ඩයේ සුවිශේෂි ලක්ණෂ බලා අවබෝධයක් ලබා ගැත හැක. කෙසේ වෙතත් ඔබට මාර්ගෝපදේශයක් නොමැති විටකදී, ඔබට සම්පුර්ණ විශ්ලේෂණයක් ඔබ විසින්ම සිදු කළ හැක.

පලූදු වු හෝ ගෙවි ගිය සලකුණු ඇතිදැයි හොඳින් බලන්න. ඉරිතැලීම්, ආලේපිත තීන්ත වල පොතු වැහිරීම්, බුරුල් හෝ වැනෙන පාද සහිත බව සහ කෑළි කැඩි හෝ නැති වී ඇති වැනි දේ පිළිබඳව අවධානය යොමු කරන්න. එය යාන්ත‍්‍රක භාණ්ඩයක් නම්, එය ක‍්‍රියාත්මක කර නිවැරදිව වැඩ කරනවාදැයි දැන ගන්න. භාණ්ඩයේ ඉතිහාසය පිළිබඳව අසා දැන ගන්න. එහි කලින් අයිතිකරු හෝ එහි සැලකිල්ලට භාජනය වන තොරතුරු වැනි දෑ.

සාක්ෂි සොයා ගන්න
බොහෝ පෞරාණික භාණ්ඩ පැමිණෙන්නේ එය සාධනය කල හැකි යම් ලේඛණ සම`ගය. මෙය එහි මුල් උප්පත්තිය ලෙස සලකයි. අවම වශයෙන් බොහෝ කොටස් මුල් නිෂ්පාදනයේ සත්‍යතාව සහතික කිරිමක් ලෙස තිබෙයි. කෙසේ වෙතත් අනෙකුත් කොටස් සුදුසුකම් ලත් තක්සේරු කරන්නෙකු විසින් භාණ්ඩයේ සත්‍යභාවය සඳහන් ලේඛණ ලෙස තිබේ.

අනෙකුත් ලේඛණයන් හී භාණ්ඩයේ ෙඓතිහාසික තොරතුරු හා එහි පෙර අයිතිකරුගේ තොරතුරුද ඇතුලත්ව තිබිය හැක.

එහි සත්‍යතාවත්, පැරණි බවත් ඔබ විසින් භාණ්ඩය ගැන සොයා ගන්නා ලද  ඕනෑම තොරතුරු මගින් ලබා දෙනු ඇත. ඔබ භාණ්ඩය විකිණීමේ දී හෝ රක්ෂණයක් ලබා ගැනීමේදී මේ ලේඛණ ඔබට වැදගත් වේ. 

පෞරාණික භාණ්ඩය එහි පුරාථන හැඩයෙන් නොපවතියි යනු එහි වටිනාකමක් නොමැති බව නොවේ. 

ඔබට නැවත එය සැකසිය හැකිද? තීන්ත ආලේප කර එය සෑදිය හැකිද? එය වාත්තු කර ඔබට නැවත සැකසිය හැකිද? ඔබට ආදේශණ කොටස මිලදී ගෙන  නැවත එය යථා ක‍්‍රියාකාරී ස්භාවයට ගත හැකිද? 

මෙවැනි බොහෝ අවස්ථාවල අමතර ආයෝජනයක් කර හෝ තරමක් ලිහිසි තෙල් යොදා නැවත් එය අ`ඵත් භාණ්ඩයක් සේ සකසා ගත හැක. වැඩි මහන්සියක් නැතිවම ඔබට ඔබේ ආයෝජනය වැඩි කර ගැනිමට හැකියාව තිබෙනවා. 

පෞරාණික භාණ්ඩ සඳහා මෙවැනි බොහෝ අංශ තිබේනවා. කෙසේ වෙතත් එහි කොටසක් ඔබේ විනෝදාංශය එතරම් සිත්ගන්නා සු`ඵ වන්නේ ඔබට ලබා ගත හැකි දේ ඔබ කිසි විටකත් නොදනින හෙයිනි. සාර්ථක නියම පෞරාණික භාණ්ඩ නිරන්තරයෙන් ඔබව අධ්‍යනයට හා නිරන්තර පරික්ෂණයට යොමු කරවයි.

මෙම හෝඩුවාවන් සමග ඔබට හරි මාර්ගයේ යෑම ඇරඹිය හැක. නමුදු ප‍්‍රවීණයෙක් වීම සඳහා ඔබ විසින් ඔබව කැපකර ඉදිරියට යන අධ්‍යනයක් තබා ගත යුතුවේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close