ඉලෙක්ට්‍රොනික්ස්

ඔබට ගැළපෙන ස්මාර්ට් ජංගම දුරකථනය කුමක්ද?

කවුරුත් කැමති අතේ ඇති මුදලට ගැලපෙන දැනට වෙළඳපොලේ තිබෙන හොඳම ජංගම දුරකථනය මිළදී ගැනීමටයි. ඒ අතරින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත Samsung, LG, HTC හා Huawei ජංගම දුරකථන කා අතරත් මේ වන විට ජනප්‍රියයි. ඒවගේම වින්ඩෝස් මොබයිල් මෙහෙයුම් පද්ධතිය අඩංගු Microsoft ජංගම දුරකථනත් දැන් බොහෝ දෙනෙක් අතර දැකගන්න පුළුවන්. මීට ප්‍රධාන හේතුව Nokia දුරකථන ගැන ලාංකිකයන් අතර ඇති විශ්වාසයයි.

වෙළඳපොලේ බොහෝ ස්මාර්ට්ෆෝන් මාදිලි තිබීමත් ඒවායෙහි ඇති පහසුකම් ඉතා සමාන වීමත් නිසා දැන් ස්මාර්ට්ෆෝන් එකක් මිළදී ගැනීම තරමක් අසීරු කාර්යයක් වී තිබේ. සරළව ගත් විට රු.15,000ක් වටිනා දුරකථනයකින් හා රු.85,000ක් වටිනා දුරකථනයකින් ප්‍රධාන කාර්යයන් සියල්ල කරගත හැකිවේ. නමුත් ඒවායෙහි ගුණාත්මක භාවයෙන් පමණක් යම් යම් වෙනස්කම් දැකිය හැක. උදාහරණයක් වශයෙන් රු.15,000 ස්මාර්ට්ෆෝන් එකෙහි මෙගා පික්සල් 5ක කැමරාවෙන් ලබාගන්නා ඡායාරූපය හා රු.85,000ක් වටිනා ස්මාර්ට්ෆෝන් එකෙහි ඇති මෙගා පික්සල් 16ක කැමරාවෙන් ගන්නා ඡායාරූපය අතර වෙනසක් ඇත්තේ ගුණාත්මක භාවයෙන් පමණකි. මෙම ලිපියෙන් ඔබට ගැලපෙන හොඳම ස්මාර්ට්ෆෝන් එක තෝරාගැනීමට යම්කිසි දැනුමක් ලැබේයැයි අප බලාපොරොත්තු වෙමු.

Best Smartphones between Rs. 15,000 – 20,000

රු.15,000ත් – 20,000ත් අතර ඇති හොඳම ස්මාර්ට්ෆෝන්

පළමු ලිපියෙන් අප ඉහත වටිනාකම අතර ඇති හොඳම ස්මාර්ට්ෆෝන් කීපයක් ඔබට හඳුන්වා දෙන අතර මෙම මාදිලි සියල්ලේම ප්‍රධාන පහසුකම් බොහෝ දුරට සමාන වන අතර සමහරක් අංග කීපයක පමණක් සුළු වෙනස්කම් දැකගත හැකිවේ.

1.Samsung Galaxy Core Prime Duos duo
මිළ: රු.15,500ත් 20,200 අතර
මෙහෙයුම් පද්ධතිය: Android v4.4.4 (KitKat)
විකිණීමට ඇති දුරකථන: Click here

මුල් වරට ස්මාර්ට්ෆෝන් එකක් මිළදී ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට ගැලපෙන දුරකථන මාදිලියක් ලෙස Samsung Galaxy Core Prime Duos හඳුන්වා දිය හැකියි. අඟල් 4.5ක capacitive touchscreen ඩිස්ප්ලේ එකක් සහ 1.2GHz Quad Core ප්‍රොසෙසර් එකකින් බලගැන්වුනු මෙම ස්මාර්ට්ෆෝන් එකෙහි 1GB රැම් එකක් සහ මෙගාපික්සල් 5ක ප්‍රධාන කැමරාවකින් සමන්විතයි. සුපුරුදු පරිදි ඇමතුම් ලබාගැනීමට, SMS යැවීමට, WhatsApp සහ Viber පණිවිඩ යැවීමට මෙන්ම ඇති තරම් Facebook යන්නත් සිම් කාඩ්පත් දෙකක් එකවර භාවිතා කිරීමටත් මෙම ස්මාර්ට්ෆෝන් එක හොඳම තේරීමක්.

2.HTC Desire 326G Dual

desire226g
මිළ: රු.16,500ත් 17,500 අතර
මෙහෙයුම් පද්ධතිය: Android v4.4.2 (KitKat)
විකිණීමට ඇති දුරකථන: Click Here

මෙම HTC ස්මාර්ට්ෆෝන් එක පහසුකම් අතින් Samsung Galaxy Core Prime Duos එකට බෙහෝ ලෙසින් සමාන වුවත් මෙගා පික්සල් 8ක් ඇති ප්‍රධාන කැමරාවෙන් පමණක් මෙය වෙනස් වෙයි. මෙම මාදිලියත් මුල් වරට ස්මාර්ට් දුරකථනයක් භාවිතා කරන්නෙකුට වඩාත් ගැලපෙන අතර සියළුම මූලික කාර්යයන් පහසුවෙන් කරගැනීමට මෙය භාවිතා කලහැක. කා අතරත් HTC ජංගම දුරකථන ජනප්‍රියව පවතින්නේ ඒවායේ සිත්ගන්නා සුළු හැඩය හා අනෙකුත් නිෂ්පාදන වලට වඩා වෙනස්ම වූ සුවිශේෂී මාදිලි රාශියක් තිබීම හේතුවෙනි.

3.Microsoft Lumia 535
lumia
මිළ: රු.13,990ත් 18,000 අතර
මෙහෙයුම් පද්ධතිය: Windows Mobile 8.1
විකිණීමට ඇති දුරකථන: Click Here

වින්ඩෝස් මොබයිල් මෙහෙයුම් පද්ධතිය අඩංගු මෙම ස්මාර්ට් දුරකථනය අඟල් 5ක තිරයකින් හා 1.2GHz Quad Core ප්‍රොසෙසර් එකකින් බලගැන්වී ඇති අතර 1GB RAM මතක ධාරිතාවයක් හා මෙගා පික්සල් 5ක ප්‍රධාන හා ඉදිරිපස කැමරා ද්විත්වයක් මෙම මාදිලියට අඩංගු වේ. එමෙන්ම සිම්පත් දෙකක් භාවිතා කිරීමටත් හැකි මෙම ස්මාර්ට්ෆෝන් එක සෙල්ෆි ගැනීමට හා සමාජ මාධ්‍යජාලා බහුලව භාවිතා කරන අයට ඉතාමත් ගැලපෙන මාදිලියක් ලෙස හඳුන්වා දිය හැකියි. ඔබ දැනට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක් භාවිතා නොකරන්නෙක් නම් හෝ එයට අකමැති අයෙක් නම් ලුමියා 535 දුරකථනය ඉතාමත් හොඳ විසඳුමක්.

4.Sony Xperia E3 Dual
e3

මිළ: රු.15,400ත් 17,900 අතර
මෙහෙයුම් පද්ධතිය: Android v4.4.2 (KitKat)
විකිණීමට ඇති දුරකථන: Click Here

ඉහත හඳුන්වා දුන් Samsung හා HTC දුරකථන මාදිලි දෙකට වඩාත් සමාන මාදිලියක් ලෙස Sony Xperia E3 Dual ස්මාර්ට්ෆෝන් එක හඳුන්වා දිය හැකියි.
සිම්පත් දෙකක් භාවිතය, අඟල් 4.5ක තිරය, 1.2GHz Quad Core ප්‍රොසෙසරය,1GB රැම් හා මෙගා පික්සල් 5ක කැමරාව සමාන කම් කීපයකි. නමුත් මෙම මාදිලියේ මතක ධාරිතාව 4GB වන අතර අනෙකුත් මාදිලි දෙකෙහි 8GBක ධාරිතාවයක් සතුවේ. එහෙත් මෙහි බැටරි ධාරිතාවය අනෙකුත් මාදිලි දෙකට සාපේක්ෂව වැඩි අගයක් ගනී.

5.LG Leon Y50
leon
මිළ: රු.15,500ත් 20,000 අතර
මෙහෙයුම් පද්ධතිය: Android v5.0.1 (Lollipop)
විකිණීමට ඇති දුරකථන: Click Here

මෙම LG ස්මාර්ට් දුරකථනයත් ඉහත හඳුන්වා දුන් මාදිලි වලට බොහෝ සමානකම් දක්වන අතර මෙගාපික්සල් 8ක් වන ප්‍රධාන කැමරාවෙන් හා නවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වන ලොලිපොප් අඩංගු වීමෙන් පමණක් මෙය වෙනස්කම් දක්වයි. එමෙන්ම LG Leon Y50 ස්මාර්ට් දුරකථනයේ හැඩය අනෙකුත් මාදිලීන්ට සාපේක්ෂව ඉතාමත් ආකර්ෂණීය වේ.

6.HTC Desire 526G Dual
htc
මිළ: රු.18,000ත් 19,000 අතර
මෙහෙයුම් පද්ධතිය: Android v4.4.2 (KitKat)
විකිණීමට ඇති දුරකථන: Click Here

මෙම HTC ස්මාර්ට්ෆෝන් මාදිලියේ හා ඉහතින් විස්තර කර ඇති HTC මාදිලියේ බොහොමයක් ප්‍රධානතම පහසුකම් සමාන වන අතර තිරයේ ප්‍රමාණයෙන් හා ප්‍රොසෙසර් එකෙහි වේගයෙන් පමණක් වෙනස්වේ. මෙම මාදිලියේ අඟල් 4.7ක තිරයක් හා 1.3GHz Quad Core වේගයක් සහිත ප්‍රොසෙසරයක් අඩංගු වන අතර 326G මාදිලියට වඩා මදක් සුවිශේෂී වේ.
මීළඟ ලිපියෙන් රු.20,000ත් 25,000ත් අතර වෙළඳපොලේ ඇති ස්මාර්ට්ෆෝන් පිළිබඳ ඔබට හඳුන්වා දීමට බලාපොරොත්තු වන අතර මෙම ලිපියේ සඳහන් කර ඇති දුරකථන මාදිලි ඔබ දැනටමත් භාවිතා කරයි නම් හෝ ඔබ කැමති වෙනත් මාදිලි ඇත්නම් පහතින් සඳහන් කරන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close