ඉලෙක්ට්‍රොනික්ස්

මයික්‍රෝවේව් උදුනක් ඔබට සුදුසුද?

මයික්‍රෝවේව් උදුන වැඩ කරන්නේ කෙසේද?

ඉක්මණින් ආහාර වර්ග පිස ගැනිමට හෝ රත්කර ගැනීමට භාවිතා කරන මු`ඵතැන්ටගයි උපකරණයකි මයික්‍රෝවේව් උදුන. අද කාළයේ බොහෝ නිවාස වල මෙම උපකරණය භාවිතා පිණිස තිබේ. මයික්‍රෝවේව් උදුන විකිරණ කතරංග මගින් ක‍්‍රියා කරන උපකරණයකි. මයික්‍රෝවේව් උදුනේ මෙම තරංග මගින් ආහාර ද්‍රව්‍යන්ගේ ඇති ජල අණු වලට පහර දීම සිදු කරනු ලබයි. ආහාර ද්‍රව්‍යන්ගේ ඇති මෙම ජල අණු එවිට වටේට චලනය වීම සහ එක උඩ එක පැනීම ආරම්භ වේ. මෙවිට එම අණු අතර ඝර්ෂණය ඇරඹී එම ඝර්ෂණ මාර්ගයේ ආහාර ද්‍රව්‍ය රත් වීම සිදු කරයි. මේ ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය පිසිම හෝ රත්වීම සිදුවේ. සම්ප‍්‍රදායික උදුනකට වඩා වේගවත්ව මයික්‍රෝවේව උදුනෙන් ආහාර පිස ගැනීමේ හැකියාව ඇත. නිදර්ශණයක් වශයෙන්, සාමන්‍ය උදුනක අංශක 350 උෂ්ණත්වයකින් අල ගඩියක් බේක් කර ගැනීමට පැයක පමණ කාළයක් ගත වුවද, මයික්‍රෝවේව් උදුනකට ගත වන්නේ විනාඩි 5ක කාළයකි.

මයික්‍රෝවේව් උදුන භාවිතාවේදී පිළිපැදිය යුතු මුලික කොන්දේසි
මයික්‍රෝවේව් උදුන භාවිතාවේදී පහත දැක්වෙන කොන්දේසි පිළිපැදීමට හොඳින් සැළකිලිමත් විය යුතුය.

  • ලෝහමය භාජන උදුන සඳහා භාවිතාවෙන් වැළකි සිටින්න. මයික්‍රෝවේවි තරංග ලෝහමය ද්‍රව්‍ය තුලින් ගමන් කිරිමේ හැකියාවක් නැත. එවගේම රිදි සහිත ලෝහමය භාජනද මේ සඳහා නුසුදුසු වේ. කෙසේ වෙතත්, ලෝහමය රාක්ක සහිත බඳුන් උදුන සඳහා ආරක්ෂාකාරි වේ. 
  • ආහාර වසා තබන ඇලූමිනියම් ආවරණ කිසිවිටෙක උදුන තුලට ඇතුල් කල යුතු නොවේ. එය විසින් වහා ගිණි ඇති කිරිමට පු`ඵවන. 
  • බොහෝ ජලය අවශ්‍ය වන කෑම වට්ටෝරු මයික්‍රෝවේව උදුනේ පිසිම නොකළ යුතුය. නිදසුනක් ලෙෂ පැස්ටා ගත හැකිය. මෙවැනි ආහාර වර්ග ලිපේ තබා පිස ගත හැකිය. ජලය හෝ වැඩි වන තරමට පිසිමට යන කාළයද වැඩි වේ. 
  • සෑම විටම පිසිමට ඇති කෑම බඳුන් වසා මයික්‍රෝවේව් උදුන තුට දමන්න. වසා ඇති විට ඉක්මණින් ආහාර පිසෙන අතර උදුනේ බිත් වල කෑම විසි සීමද වැළකෙයි. මෙම කවර වර්ගයන් මයික්‍රෝවේවි උදුන් සඳහා සුදුසු බඳුන් සම`ග ඔබට වෙළඳ පලින් මිලදී ගත හැකිය. ඔබ ආහාර වසා තැබීමේදී කුඩා විවරයක් විවෘතව තබන්න. මෙමගින් ඔබ විසින් කවරය විවෘත කිරිමේදී හුමාලය මගින් පිළිස්සීම මග හරවා ගත හැකිය. 
  • තාපය සමමිතිකව බෙදා යෑම සඳහා ඔබ විසින් බොහෝ විට සෙලවීම හා රවුමට කැරකවීම සිදු කළ යුතුය. බොහෝ මයික්‍රෝවේවි උදුන් වල මෙම කැරකවීමේ ආදාරකයක් පවතියි. 
  • ඛුඩා ප‍්‍රමාණයේ ආහාර වර්ග විශාල ප‍්‍රමාණයේ ආහාර වර්ගයන්ට වඩා ඉක්මණිනි පිසිම සිදු වේ. එබැවින් ආහාර වර්ග කුඩා කැබලි වලට කැපිම හොඳ අදහසක් වෙයි. 
  •  ත්‍පාතු ඉවත් කිරිම සඳහා ඔබ විසින් ගැරුප්පුවක් භාවිතා කළ යුතු වනවා. අග, සොසේජස්, හොට් ඩොග්ස් වැනි ආහාර පිසිමට පෙර ලෙලි ඉවත් කිරිම සිදු කළ යුතු වන අතර නැතහොත් එය උදුන තු පිපිරිම හේතුවෙන් ඔබට මු`ඵ උදුනම පිරිසිදු කිරිමට සිදු වනු ඇත. 
  • කෑම ද්‍රව්‍යන් හි අයිස් ඉවත් වීම සෙමෙන් සුදු වන අතර ඒ සඳහා ඔබට defrost power setting භාවිතා කල හැකිය. 30% සිට 40% දක්වා මෙම ක‍්‍රියාකාරිත්වය උපරිමයෙන් ක‍්‍රියා කරයි. අයිස් ඩවත් කිරිමේදී ආහාර ද්‍රව්‍යන් හැරවීම සහ කැරකවිම සිදු කළ යුතුය.
  • උදුනෙන් ආහාර පිටතට ගැනීමට පෙර එය තවත් මද වේලාවක් උදුන තුලම තබන්න. එය උෂ්ණත්වය පහව යෑම සිදු කරනු ඇත. මෙය “standing time,” ලෙස හඳුන්වන අතර ඇත්ත වශයෙන්ම මෙය කෑම පිසිමේ ම කාළයයි. 
  • මයික්‍රෝවේව් උදුනේ කෑම පිසිම සඳහා ඔබ යොදා ගන්න බඳුන් සෘජුකෝණාස‍්‍රකාර හැඩයකින් නොව වාත්තාකාර හැඩයකින් යුක්ත විය යුතුය.
  • මයිකෝවේව් උදුන සඳහා ඔබ භාවිතා කරන ඕනෑම බඳුනක් ක්ෂද්‍ර තරංගයන් සඳහා සුදුසු ඒවා පමණක් තෝරා ගන්න.

නවීන ආහාර වර්ග මයික්‍රෝවේව් උදුන් සඳහා අවකාශය සලසා ඇත. 

  • මයික්‍රෝවේව් පොප් කොන්ස් වෙළඳ සැල් වල විකිණිමට ඇත. පොප් කොන් කඩදාසි බැගයක බහා ඇති අතර විනාඩි කිහිපයක් තුලදී එය පිස ගැනිමට හැකිය.
  • එළවලූ වර්ග ක්ෂද්‍ර තරංගයන්ට සුදුසු බෑග් වල අසුරා ඇත.
  • සීත වු රාත‍්‍රි ආහාරය සාමාන්‍ය උදුනක හෝ මයික්‍රෝවේව් උදුනක පිස ගැනීමට හැකිය.
  • වාතය ඉවතට නොයන සේ සීල් කර තැබිය හැකි බෑග් වර්ගද වෙළඳ සැල් හී විකිණිමට තිබේ. හාතවාරියා, ගෝවා, කැරට්, මල් ගෝවා, ඉරිගු වර්ග, බෝංචි, අල සහ නිවිති වැනි එළවළු වර්ගයන් පහසුවෙන් පිස ගැනීමේ හැකියාව ඇත. මෙම බෑග් වලින් කූණිස්සෝ, මාළු, කුකුළු මස් හෝ හොට් ඩොග් වැනි වර්ගද පිස ගැනීමට පුළුවන. මෙම හුමාලයෙන් පිසිය හැකි බෑග් වලින් ආහාර පසිි ගනිද්දී ඔබ විසින් බැග් වල කෑම අසුරා සහ බෑග් හොඳන් පදම් කර බෑගය ස්ථිර ලෙස සීල් කල යුතුවේ. එළවළු පිස ගැනීමේදී එක් මේස හැන්දක වතුර ප‍්‍රමාණයක් බෑගය තුලට ඇතුල් කිරිමෙන් ඔබට ඉතා හොඳින් එළවළු පිස ගැනීමට හැකි වේ. 

මයික්‍රෝවේව් උදුන් ආරක්ෂාකාරි ද?

විකිරණශීලි නිශ්අයණිකරණ වර්ණාවලි අවම මට්ටමකින් මයික්‍රෝවේව් උදුන් ක‍්‍රියාකරයි. එමනිසා මයික්‍රෝවේව් අයන් ආරක්ෂාකාරී වේ. කෙසේ වෙතත් මයික්‍රෝවේව් උදුන ක‍්‍රියා කරන විටදී අඩියක පමණ දුරකින් සිටගෙන සිටිම වඩා හොඳය. එම දුර සංඛා්‍යාත තරංග වලින් මිනිස් පටකවලට සිදුවන බලපෑම අවම කිරිමට සෑහේ. පිළිකා රෝග හා සැබඳි චරිත වාර්ථා වී ඇත. බොහෝ මිනිසුන් මයික්‍රෝවේව් උදුන් මුලව ඇති විද්්‍යුත් චුම්බක රෙඩියෝ තරංග ශක්තීන් පිළිබඳ සැළකිලිමත්ය. විකිරණ විමෝචකය එක්ස් කිරණ හෝ ගැමා විකිරණ වලට වඩා දුර්වල හෙයින් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු නොවේ. මයික්‍රෝවේව් හි ඇති නිකරණ සහ අනෙක් වර්ගයන්ගේ විකිරිණ වල සැළකිය යුතු වෙනස්කමක් තිබේ. මයික්‍රෝවේව් විකිරණ උදුනෙන් පිටතට රැුදි තබේන්නේ නැත. වෙනත් වචනයක් කියතහොත්, ඔබ මයක්‍රෝවේව් උදුන ක‍්‍රියා විරහිත කල පසු විකිරණ පහව යයි. තවද මයික්‍රෝවේව් උදුනේ දොර හෝ සරනේරු පලූදු වි ඇත්නම් විකිරණ එළියට කාන්දුවිමක් සිදු වෙයි, නමුදු එයින්ද මිනිසාට කිසිදු බලපෑමක් සිදු නොවේ. සියලූම මයික්‍රෝවේව් උදුන් වල විකිරණ එළියට කාන්දු වුවත් මිනිසාට කිසිදු අහිතකර ප‍්‍රථිඵලයක් ගෙන එන්නේ නැත, ඒ මයික්‍රෝවේව් උදුන් රජයේ රෙගුලාසි වලට අනුකූලව තනා ඇති නිසාය.

මයික්‍රෝවේව් උදුන් පිරිසිදු කළ හැකි පහසු මග
විශාල කෝප්පයකට හෝ බඳුනකට වතුර දමා එයට දෙහි යුෂ එක් කර රත් කිරිම අරඹන්න. විනාඩි පහක් පමණ මෙලෙෂ රත් කිරිමෙන් අනතුරුව උදුනේ ඇතුලත පිස දමන්න.

මයික්‍රෝවේව් උදුනේ පිස ගත යුතු නොවන ආහාර වර්ග

  • ටින් කල ආහාර වර්ග පිසිම හෝ රත් කිරිමෙන් වළකින්න. ආහාර එළියට ගෙන මයික්‍රෝවේව් උදුන සඳහා සුදුසු භාජනයක බහා තබන්න. 
  • කුකුළු ගණයේ ආහාර පිස ගැනීමෙන් වළකින්න. එහිදි ආහාරයේ මැද ඉහළ උෂ්ණත්වයෙන් පිසෙද්දී අනෙකුත් ප‍්‍රදේශයන් අධක ලෙස පිසීම සිදු වෙයි. 
  • මයික්‍රෝවේව් එන තුල ගැඹුරු තෙලේ බැදීම් සිදු නොකළ යුතුය අතර ඒ සඳහා ලිප භාවිතා කරන්න. 
  • ඔබ දරුවන්ගේ ආහාර හෝ බෝතල් මයික්‍රෝවේව් ආධාරයෙන් රත් කර ගැනීම සිදු කරයි නම් එය අවධානයෙන් සිදු කරන්න. මයික්‍රෝවේව් උදුනෙන් බෝතලය එළියට ගත් පසු හොඳින් සොලවන්න, මද වේලාවක් තබන්න, පසුව උෂ්ණත්වය පිරික්සා බලන්න. ළමා ආහාර සඳහා එය හොඳින් කලතා තරමක වේලාවක් තබා ඉන්පසු උෂ්ණත්වය පිරික්සන්න. 
  • ඹයික්‍රෝවේව් උදුන තුලට වියළි රෙදි කැබලි දැමීමට තැත් කිරිමෙන් වළකින්න. එහිදි ප‍්‍රථිපලය විය හැක්කේ ගිණි ගැනිමයි. 

සැළකිල්ලට භාජනය කළ යුතු මයික්‍රෝවේව් උදුන් වර්ග

වෙළඳ පලේදී ඔබට වෙනස් මයික්‍රෙවේව් වර්ග හයක් හමුවේ. එම වෙනස් වර්ග හය නම් counter top, over-the-stove, built in, convection, combination, and commercial වේ. මිල අඩුම  counter top මයික්‍රෙවේව් උපකරණය වන අතර එහි ඉහළ කවුළුවේ ඉඩ පවතියි. over-the-stove,වර්ගය මිල අධික උපකරණය වන අතර ඒ සඳහා විදිමත් විද්්‍යුත් බලයක් සැපයිය යුතුය. පොදු වර්ගයේ මයික්‍රෝවේව් උදුන් පිසිම සඳහා නියමිත මයික්‍රෝවේව් මෙන් විකල්ප ලබා දෙන අතර හෝ සංවාහන මොඩලයට මාරු වේ. පොදු වර්ගයේ මයික්‍රෝවේව් උදුන් පස් වතාවක් වේගයෙන් පිසිම සිදු කරයි. commercial වර්ගයේ උදුන් ශක්තිමත්ව නිම කර ඇති අතර එය වෙළඳ ව්‍යාපාර සඳහා නිර්මාණය කර ඇත. එය මිලෙන්ද අධිකය. වෙබ් අඩවි හරා සෙවිමේදී විවිධ වර්ගයන්ගේ මයික්‍රෝවේව් උදුන් ඔබට ikman.lk  හරහා සොයා ගැනිමට හැකි වේ. Panasonic, SANSUNG, Kenwood, Daewoo, LG, GALANZ, and Sanyo වර්ගයන්ද ඇතුලත්ව ය. 

 

 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close