ikmanප්රවෘත්ති සහ සමාලෝචන

මෙම ජාත්‍යන්තර තරුණ දිනයේ ikman වෙතින් විශේෂ පණිවිඩයක්

තරුණ අය කිව්වම පිරිමි ද ගැහැණු අයද කියලා භේදයක් නෑ. නිර්මාණශිලී තාරුණ්‍යයේ දායකත්වය රටක සංවර්ධන කෙරෙහි බෙහෙවින් ඉවහල් වේ.වර්තමානයේ එම හැකියාවන් ආර්ථික පුනර්ජීවයක් ඇති කිරීම සඳහා යොදා ගැනීමට අත්‍යවශ්‍යම කාල වකවානුවක් ශ්‍රී ලංකාව පසුකරමින් සිටි.ජගත් තරුණ දිනය ඒ සඳහා වැදගත් වනු ඇතැයි සිතමි.තරුණ පරම්පරාවද ඒ සඳහා කැපවිය යුතුය.වර්තමානයේ සමාජයේ බොහෝ තරුණ පිරිස් අනාගත ඉලක්කයන් පිලිබද අවධානය නොතකා එදිනෙදා සතුට වෙනුවෙන් බොහෝ දෑ සිදු කරනු දක්නට ලැබේ.එය ඔවුන්ගේ අනාගතයට එතරම් සුබදායී දෙයක් නොවනු ඇත.

අපි පාසල යන වයසේ ලොකු හීන පොඳිබැඳගෙන පාසල් ගිහින් ගුරුවරුන්ට තමන් ලොකු වුණාම වෙන්නේ කවුරුද කියා කියන බොහෝ හීන තරුණ කාලේ සැබෑ කරගන්න අපිට හැකි වන්නේ නැත්තේ ඇයි කියන දේ ගැන අපිම ගැඹුරින් සිතා බැලිය යුතුය.අපි මේ අද කතා කරන්නේ ඒ ගැඹුරු දේවල් ගැන නම් නෙමෙයි. තරුණ පිරිස තමන්ගේ ජිවිතයේ දකින සැබෑ කරගන්න ආස මූලික අවශ්‍යතා සහිත හීන කිහිපයක් ගැනයි 

තමන්ගෙම කියලා වාහනයක්

අපි හැමෝම ආසයි අපේම කියලා වාහනයක් ගන්න.එ ගන්න වාහනය එක එක්කනාට වෙනස් වුණත් සැපපහසුවට තමන්ගෙම කියලා තියෙන වාහනයක ගමනක් බිමනක් යන එක තරුණ පිරිසගේ ආසාවන් අතර ඉහළින්ම තියෙන දෙයක්.බොහෝ යෞවනයන් , වාහනයක් හිමි කර ගැනීම ස්වාධීනත්වය සහ නිදහස(independence and freedom) පිළිබඳ හැඟීමක් උද්දීපනය කරගනී. පොදු ප්‍රවාහනය භාවිතයෙන් තොරව ඔවුන්ට අවශ්‍ය ඕනෑම තැනකට යාමට එය අවශ්‍ය නිදහස ඒ හරහා ඔවුන් ළඟා කරගනී

තමන්ගෙම කියලා නිවසක්

තමන්ගේම නිවසක් තැනීමේ සිහිනය තරුණ ප්‍රජාවට විශාල ආකර්ෂණයක් ලබා දෙන්නේ එහි හිමිකාරිත්වය සහ ජයග්‍රහණය පිළිබඳ හැඟීම හේතුවෙනි. ජීවන අවකාශය පුද්ගලීකරණය කිරීම, දිගුකාලීන ආයෝජනයක් කිරීම සහ ස්ථාවරත්වය සහතික කිරීම ප්‍රධාන සාධක වේ. අභිරුචිකරණය, පෞද්ගලිකත්වය සහ අනාගත පවුල් සඳහා මුල් පිහිටුවීමේ හැකියාව ද මෙම අභිලාෂය සඳහා දායක වේ. නිවාස හිමිකම ආරක්ෂාව, අයිති සහ සමාජ අනන්‍යතාවය පිළිබඳ හැඟීමක් මූර්තිමත් කරයි, එය ඔවුන්ගේ ජීවන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත් කරයි.

නිවසක් හදලා විතරක් නෙමෙයි ඒ නිවසට ආදාළ ගෘහභාණ්ඩ වගෙම සැපපහසුවට ඉන්න පුලුවන් අනෙකුත් සියලු දේවල් අඩුවකින් තොරව ලබාගන්නත් තරුණයින් විදිහට හැකියාව තියෙන්න ඕනේ.අලුත් විවාහ වුණ තරුණ පිරිස් මේ දේවල් ගැන වඩා ප්‍රමුඛ අවධානය දියයුතුමයි.

තරුණයින් විදිහට සම්පුර්ණ නිමාවක් සහිත මහල් නිවාසයක් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් සිටිනවා නම් මහල් නිවාසයක් මිලදී ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු ගැනත් නිසි අවබෝධයක් තිබිය යුතුය.

තමන්ටම කියලා සුඛෝපභෝගී ජංගම දුරකතනයක්

Apple උපාංගයක් වැනි සුඛෝපබෝගී දුරකථනයක් තමන් සතු කරගැනීමේ  දැඩි ආසාවක් ඇත. තරුණ ප්‍රජාවට එහි උසස් තාක්‍ෂණයේ සම්මිශ්‍රණය, stylish design එක සහ සමාජ තත්ත්වය හේතුවෙන් දැඩි ආකර්ෂණයක් ඇත. මෙම දුරකථන තත්ත්‍ව සංකේත ලෙස ක්‍රියා කරන අතර ක්‍රියාකාරීත්වය සහ සෞන්දර්යය යන දෙකම අගය කරන අයව ඇද ගන්නා නවීනතම නවෝත්පාදනයන් නියෝජනය කරයි. ශක්තිමත් සන්නාම ප්‍රතිරූපය, සම වයසේ මිතුරන්ගේ බලපෑම සහ උසස් පරිශීලක අත්දැකීමක් සඳහා ඇති ආශාව එවැනි උපකරණයක් හිමිකර ගැනීමේ තරුණයන්ගේ හීනයට දායක වේ.

මේ සියල්ලට අමතරව තමන්ගේ හැකියාවන් වැඩිකරගන්න අත්දැකීම් ලබාගන්න තරුණ කාලේ තමන්ට හරියන රැකියාවක් පවා සොයාගත යුතුයි. අධ්‍යාපනයෙන් පසු වැඩබිමට පිවිසීමත් සමඟ ඒ තුළින් එකාවන්ව වැඩකරන විදිහ, නිර්මාණශිලී හැකියා දියුණු කර ගන්න පුලුවන් වගෙම නායකත්ව කුසලතා පවා වැඩිදියුණු කරගන්න පුලුවන්.

නිවසක්, වාහනයක්, දුරකතයක් සහ සැපපහසුව මේ සියල්ල තමන්ටම කියලා හිමිකරගන්න නම් තරුණයින් විදිහට  නිසි අධ්‍යාපනයක් ලැබිය යුතුය.තමන්ගේ කුසලතාවයට, හැකියාවට සරිලන රැකියා සොයාගත යුතුය.

කියමනක් තියෙනවා වැඩකරන්න ඕන කාලේ නිදාගත්තොත්, නිදාගන්න ඕන කාලේ වැඩකරන්න හිතුවට පරක්කු වැඩී නිදාගන්නම තමයි වෙන්නේ කියාලා.ඒ හින්දා තරුණ කාලේ ඔබ ඔබේ දක්ෂතා හදුනාගෙන අධිෂ්ථානශිලීව ඒ දක්ෂතා ඔස්සේ ඉලක්ක ජයගන්න වැඩකළොත් තරුණ කාලේ තුළම ඒ සියලු හීන ජයගෙන ඔබ රටට ලෝකට වැඩදායී පුද්ගලයෙක් වීම කිසිවෙකුට කිසිමදිනෙක වැළක්විය නොහැකිය.

ජිවිත කාලෙම සිනහවෙන් පිරුණු සුන්දර කාලයක් කරගන්නම් තරුණ ඔබ ඉක්මනින්ම ඔබ යායුතු නිවැරදි මඟ සොයාගත යුතුමය.අවුරුදු 11ක් පුරා මිලියන ගණනකගේ මුහුණට සිනහව ගෙන්වන්න පුලුවන් වුණ අයට, තරුණ ඔබගේ හීන දිනන්න අවශ්‍ය නිසි මඟ පෙන්වීමට හැකිවේවි.එන්න දොරගුළු විවර කොට සිනහව දකින්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close