ikman

රැකියාවක සීමාවෙන් ඔබ්බට විහිදෙන Ikman.lk ජීවිතය

අපේ සාර්ථකත්වයේ රහස මෙයයි!

Ikman.lk ලංකාවට ඇවිත් දැන් අවුරුදු 7 ක්! ඩිජිටල් වෙළඳපොළ විප්ලවයේ පෙරමුණ ගනිමින් අපි මේ වෙනකොට රටේ කවුරුත් හඳුනන නාමයක් බවට පත්වෙලා තියනවා. 

මේ දියුණුවේ රහස මොකක්ද? සරලයි. ඒ අපි සමාගමක් විදිහට ක්‍රියාත්මක වෙන විදිහ… 

පහළින් තියෙන්නේ අපි වැඩකරන ආකාරය ගැන පුංචි සටහන් කීපයක්…

1. සමාගමේ ‘සංස්කෘතිය’ 

Ikman කණ්ඩායමේ නිර්මාණය වෙලා තියෙන්නේ විවිධාකාරයේ පසුබිම් වලින් පැමිණි පුද්ගලයන්ගෙන්. ඔවුන් විවිධාකාරයේ ජාති ආගම් වලට අයත් පිරිසක්. ඒ වගේම අපි ඉතාම විවෘතයි. කාර්ය මණ්ඩලයට පැහැදිලි නිදහසක් සමග, විශ්වාසයෙන් යුතුව වැඩකිරීමට හැකි පසුබිමක් තිබෙනවා. අලුතෙන් කණ්ඩායමට එකතු වෙන කෙනෙකුට වුණත් නුහුරු නුපුරුදු බවක් නොදැනී ඉක්මනින්ම කණ්ඩායමේම කොටසක් බවට පත්වෙන්නට පුළුවන්. 

2. විනෝදාස්වාදය 

කණ්ඩායමේ සාමාජිකයන් සතුටින් තබන්නටත්, ඔවුන් තවතවත් දිරිමත් කරන්නටත් අපි වසර පුරාම විවිධාකාරයේ විනෝදාත්මක වැඩසටහන් සංවිධානය කරනවා. මේ වැඩසටහන් අතරට ටැලන්ට් ෂෝ, විනෝද සවාරි, ප්‍රිය සාද, වාර්ෂික ක්‍රිකට් තරග වගේ බොහොමයක් දේවල් ඇතුළත්. 

සාමාන්‍යයෙන් අද දවසේ රැකියාව සහ පුද්ගලික ජීවිතය අතර සමබරතාව නැතිවීම ගැන බොහෝ දෙනෙක් කතාවෙනවා ඇහෙනවා. ඒත් අපට ඒ ගැටලු අදාළ වෙන්නේ නැහැ. ikman.lk කියන්නේ විනෝදයෙන් රැකියාව කරන්න පුළුවන් තැනක්. එතකොට සමබරතාව සම්බන්ධ ගැටලුවක් හෝ ආතතියක් මතුවන්නේ නැහැ. ඒක තමයි අපි හිතන විදිහට වැදගත්ම දේ. 

3. ඉහළම පන්තියේ පුහුණුවක් 

වෘත්තීය ජීවිතයේදී වගේම පුද්ගලික ජීවිතයේදීත් තමන්ගේ උපරිමය ළඟා කරගන්න සාමාජිකයන්ට අත්වැලක් වෙන්න ikman.lk හැමවිටම කටයුතු කරනවා. රැකියාව තුළ පුහුණුව, උපදේශන සේවා සහ වෘත්තීය කටයුතු දියුණු කරගැනීම සඳහා සහයෝගය ලබාදීම වගේ බොහෝ දේවල් ක්‍රියාත්මක කරන්නේ ඒ වෙනුවෙනුයි.  

ikman.lk තුළදී අනාගත දියුණුවට හැමවිටම ප්‍රමුඛත්වයක් ලැබෙනවා. අපේ සාමාජිකයන්ට විශිෂ්ට වෘත්තිකයන් වන්නට හැකි සෑම අයුරකින්ම උපකාරී වීම අපේ ඉලක්කයයි. මේ පසුබිම තුළ අත්වැල් බැඳගෙන අපි ikman.lk ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරගන්නට කටයුතු කරනවා. 

4. ප්‍රජා සත්කාර 

සමාජයේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමටත් අප විශාල අවධානයක් යොමුකර තිබෙනවා. ඒ වෙනුවෙන් අප නිතර ප්‍රජා සත්කාරයන් ක්‍රියාවට නංවනවා. 

2018 සහ 2019 වසර වලදී ikman.lk ප්‍රධාන කාර්යාලය මගින්  ජාතික රුධිර පාරවිලයන සේවාව හෙවත් ලේ බැංකුව සමග එක්වී ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කළා. මේ වැඩසටහන් වලට අවස්ථා දෙකේදීම 100 කට අධික පිරිසක් සහභාගී වුණා. මේ අතරින් බහුතරයක් ikman.lk සාමාජික සාමාජිකාවන්. 

අපගේ ගමන්මග සහ ලැබූ ජයග්‍රහණ ගැන අපට ආඩම්බර වන්නට පුළුවන්. 

ikman.lk තුළ ජීවිතය යනු රැකියාවෙන් ඔබ්බට විහිදෙන දෙයක්! ඉදිරියේදීත් මෙලෙස එකට එක්වී තවතවත් ඉදිරියට යාමට අප බලාපොරොත්තු වෙනවා. 

මේ දේවල් නිසා ඔබටත් අපත් සමග එක්වන්නට ආශාවක් ඇතිවුණාද?

එහෙනම් ඉක්මනටම 0114853853 අංකයට කතා කරන්න. සමහර විට ඔබටත් අවස්ථාවක් ලැබෙන්නට පුළුවන්! 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close